[dropcap color=”red”]අ[/dropcap]ප විසින් පළ කරන ලද වෛද්‍ය වර්ජනයට පසු යන ලිපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් විසින් අප වෙත කොමෙන්ට් විශාල ගණනක් එවා ඇත. ඒ අනුව අප විසින් එම ලිපියේ සදහන් කළ වෛද්‍ය වර්ජනය යන පුවත සාවද්‍ය බව ඔප්පු විය. පළමුව අප ඒ ගැන එම වෘත්තීය සංගමයට කණගාටුව පළ කරන්නෙමු. මින් පසු ඒ සම්බන්ධයෙන් වඩාත් සැළකිල්ලෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීමට අප අදහස් කරන්නෙමු.

සැළකිය යුතුයි-

නමුත් අප විසින් ලියන ලද වෛද්‍ය වර්ජනයට පසු යන ලිපියේ අන්තර්ගතයෙන් ගම්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන් ගේ සදාචාර ජීවිතය පිළබද විවේචනය අප එලෙම ඉදිරියට පවත්වා ගෙන යන්නෙමු. ලංකාවේ වෛද්‍යවරුන් ඖෂධ සමාගම් හා පෞද්ගලික රෝහල් සමග කටයුතු කරන ආකාරය සහ ඒවායින් ලබන ප්‍රතිලාභ අප ඉදිරිපත් කළ තර්කයට වෙනස් බව ඔප්පු කරන්නට හැකි අයෙකු ඒ සම්බන්ධයෙන් අපට කරුණු දක්වන්නේ නම් අප එම අදහසටත් ඉඩ ලබා දෙන්නට සූදානම්ය.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. ඇයි එවපු කමෙන්ට්ස් පළ කරන්නෙ නැත්තේ?

    මේ ඇත්තද?

    සීසෙක් පැහිදිළි කරන අන්දමට ලකාන් හඳුන්වා දුන් පරිකල්පනීය අවධියෙන් ගැලවී පරිණත වැඩිහිටියෙකු බවට පත් වීමට අපොහොසත් වන්නන් එසේ වීමට හේතුව වඩාත්ම අධිකාරිවාදී පියෙකු විසින් දරුවා මවගේ ලෝකයෙන් (යථ) බලහත්කාරයෙන් වෙන් කිරීමයි. ප්‍රාධිකාරවාදී පියාගේ ‘ආදරය’ දරුවාට හිමි වන්නේ පියාගේ අධිකාරයට දරුවා මුලුමනින්ම යටත් වීම මතය. මෙය ජර්මන් වික්ටෝරියානු රදළ පීතෘ භාවයේ පරමාදර්ශයයි. මෙලෙස මුළුමනින්ම යටත් වීම තුළ පමණක් ජීව විද්‍යාත්මක පියා විසින් හඳුනා ගැනීම හා ‘ආදරය’ ලබා දීම හේතුවෙන් නිදහස්ව ආදරය සහ හඳුනා ගැනීම සොයා යන නිත්‍ය හිඟයක් අඩුවක් (lack) පිළිබඳ හැඟීමකින් දරුවා නිරතුරුවම ‍ෙපළනු ලබයි. මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවන වැඩිහිටියා බලාපොරොත්තු සුන්ව වියරුවෙන් මෙන් ආදරය සොයා යාම තුළින් අවවර්තනය වූ මනෝ ව්‍යාධිමය ස්වයං උත්කෘෂ්ඨවාදී සහ ව්‍යාජ විශාලත්වයක් මවා ගත් අහංකාරෝන්මාදී චරිත ලාක්ෂණිකයන් බෙහෙවින් අනුකම්පා උපදවන ආකා‍රයෙන් ප්‍රදර්ශනය කරයි. වයසින් වැඩිහිටියෙකුව පියාගේ භාරකාරත්වයෙන් මිදුනු නමුදු මෙබඳු පුද්ගලයා තමාට කුඩා කළ බලෙන් අහිමි කළ මවගේ ආදරය සොයා යාමේදී තමාට බැල්මකින් හෝ කරුණාව දක්වන ප්‍රථම ස්ත්‍රිය වෙත දැඩිව බැ‍ඳෙන නමුත්, ඇයගේ ආදරයෙන් තෘප්තිමත් වීමට ඔහුට නොහැකිය. එනිසා තමාට ඇයගේද ආදරය අහිමි වේය යන බියෙන් ඇය වෙත ඇලී සිටින අතරම ඔහුගේ ආදරය සොයා යෑම (Fetishism) අර්චනකාමය ස්වරූපයක් ගත හැකිය. වඩා ලක්ෂණ හා හැඩරුව ඇති ස්ත්‍රීන්ගේ ඡායාරූප කෙ‍රෙහි අපගේ උදාහරණයේ දී නම් කෙසඟ සිරුරු ඇති සුදු ස්ත්‍රීන්ගේ සිරුරු දැකීමට හා ප්‍රදර්ශනය කිරීමට ඇළුම් කිරීම හා ලිංගිකත්වය ගැනත් අන් අයගේ ලිංගික ජීවිතයන්හි සවිස්තර තොරතුරු පිළිබඳව කතා කිරීමටත් ඇති අභිරුචිය සැඟවිය නො හැක. http://xfileslanka.wordpress.com/2013/12/03/panadura-banda-goes-to-london-town/#more-430

    • We have reply to all this bullshit. your unconscious master is Deepthi.
      Tell us something about zizek’s Index of traces.

  2. ත්‍රිමාණ සංස්කාරක වෙත,
    ඔබ විසින් පළකළ “වෛද්‍ය වර්ජනයට පසු” යන ලිපියෙන් ලොකුම හානිය සිදුවූයේ වෛද්‍යවරුන්ට නොව විශේෂඥ වෛද්‍ය පාදෙනිය සෙනවිරත්න මුදියන්සේලාගේ අනුරුද්ධ බණ්ඩාර පාදෙනිය මැතිතුමාටයි.දැනට රටේ කැපී පෙනෙන චරිතයක් වන එතුමාගේ චරිතය ඝාතනය කරන්නට ඔබලා දරන නින්දිත උත්සාහය හෙළාදකිනවා.වෛද්‍ය පාදෙනිය මැතිතුමා දැනට රිජ්වේ ආර්යා රෝහලේ හා මහනුවර‍ රෝහලේ වැඩ කරනවා.කොළඹ සිට මහනුවර යන්න රජයේ වියදමින් ජිප් එකක් ලැබුණට ඒකට පැට්‍රල් ගහන්නේ එතුමාගේ අතේ වියදමින්.මහනුවර ගිහින් පෞද්ගලික චැනල් සේවයෙන් උපයන හැම සතයක්ම එතුමා පුණ්‍යාධාර සඳහා පරිත්‍යාග කරනවා.වෛද්‍ය පාදෙනිය මැතිතුමාට අපහාස කරපු සැමදෙනාටම ඒවා පඩිසන් දේවි.

Comments are closed.