[dropcap color=”green”]අ[/dropcap]රාබි වසන්තයෙන් උද්දාමයට පත් වූ ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ඇතුලු බොහෝ පිරිසක් එකළ ප්‍රකාශ කර සිටියේ අරාබියෙන් ඇරබි විප්ලවය ලෝක මට්ටමෙන් ව්‍යප්ත වනු ඇති බවයි. බොහෝ අය මෙහිදී වඩාත් උද්දාමයට පත් වූයේ මේ විප්ලවයට මධ්‍යගත නායකත්වයක් නැති වීම නිසයි. ඒ නිසා මේ අරාබි වසන්තය සාමුහික ජනතා අරගලක ප්‍රතිඵලයක් බව හුවා දක්වන්නට විවිධ කතා ලීවෝය. අප ගල් යුගයේ ලෙනින්වාදීන් යැයි හංවඩු ගැසූ ඇතැමුන් අපට කීවේ ලෝක ව්ප්ලවය අරාබියෙන් ඇරබී ඇති බවයි. නමුත් අප මුල පටන්ම මෙය හැදින් වූයේ ගල් ගහන විප්ලවයක් වශයෙනි. නිසි නායකත්වයකින් තොර විප්ලවයක් නියම විප්ලවයක් නොවන බව අප උගත්තේ ලෙනින්ගෙනි. අපට කෝචොක් දැමූ අයට දැන් සිහිනයෙන් අවධි වන්නට කාලය පැමින තිබේ.

ඊජිප්තුවේ හමුදාව එරට පාලන බලය අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඒ අනුව ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මෝර්සි මහතා ඇතුලූ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකු මේ වනවිටත් හමුදා භාරයේ රඳවාගෙන ඇති බව සඳහන්වේ. එරට හමුදා ප‍්‍රධානී සහ ආරක්ෂක අමාත්‍ය අබ්දුල් ෆටා මහතා විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනාධිපති මන්දිරය තුළ ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සි මේ වනවිට නොමැති බවයි. එමෙන්ම ඊජිප්තුවේ පාලන කටයුතු මෙහෙයවීම තාවකාලිකව සිදුකරනු ලබන්නේ එරට අගවිනිසුරුවරයා විසින් බවද ඔහු සඳහන් කර ඇත.  පසුගිය මාස කිහිපය තුළ ඊජිප්තු ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් සහ ආණ්ඩුව  අතර දරුණු ලෙස ගැටුම් ඇවිලී තිබිණ. දැඩි නීතිරීති ලිහිල් කර ජනතාවට නිදහස ලබාදෙන ලෙස කැරළිකරුවන් ඉල්ලා සිටියේය. මේ අතර මුරුසි හිතවාදී මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන අංශ නායකයා හමුදාව විසින් රඳවාගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කළේ ය. මොහොමඩ් මුරුසි බලයෙන් පහ කළ බව සැලවීමත් සමග කයිරෝ අගනුවර ආණ්ඩු විරෝධී කැරළිකරුවන් උද්දාමයට පත්ව ප්‍රීතිඝෝෂා පවත්වන බව ද වාර්තා වේ. ඊජිප්තුවේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කර තිබේ. එහි සිවිල් පාලනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

ඊජිප්තුවේ හිටපු නායක හොස්නි මුබාරක් වැනි ඒකාධිපතියෙකු බලයෙන් පහ කරන්නට එරට ජනතාව ලේ,කදුළු,දහදිය වගුරවමින් කළ අරගල අප කිසිසේත් අවතක්සේරු නොකරන අතර එරට ජනතාවගේ විප්ලවීය ජීව ගුණය ගැන අපට ඇත්තේ පැහැදීමකි. ඉස්ලාම් සහෝදරත්වය නම් සංවිධානයක් විසින් බලය ලබා ගනු ලැබුවද බලය ලබා ගත් පසු එය නිසි ආකාරයෙන් මෙහෙය වන්නට නායකත්වයක් නොතිබූ නිසා අවසානයේ ඊජිප්තු ජනතාවට කබලෙන් ලිපට වැටීමට දැන් සිදුවනු ඇති බව ඒකාන්තය. පවතින සමාජය වඩා උසස් සමාජයක් නිර්මාණය කරන්නට විප්ලවය සිදු කරනවා විණා පවතින සමාජ ක්‍රමයට වඩා පහත් සමාජ ක්‍රමයක් ගොඩ නගන්නට විප්ලව කර වැඩක් නැත. මේ සම්බන්ධයෙන් ඇමරිකාව තවමත් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. මානව අයිතාවාසිකම් පිළිබදව ලෝකයටම දෙසන අතරේ බරපතල අකාරයෙන් මානව හිමිකම් උල්ලංඝණය කරන ඔබාමාට මෙවැනි අවස්ථාවන් වල ජාමේ බේර ගන්නවා හැර වෙන කරන්නට යමක් නැත.

අරාබි වසන්තයෙන් විප්ලවීය සුරතාන්තයට පත් වූ ලංකාවේ විප්ලවාදීන්ට දැන් අලුතින් යමක් හිතන්නට ඉතිරිව ඇත. අප මුල පටන්ම මේ සම්බන්ධයෙන් දෑරූ මතය නිවරදි නිසා කවුරු කොහොම පුරසාරම් දෙඩුවත් හදිසියේ විප්ලවය කරන්නට බැරි බව අප හොදින් අවබෝධකර ගෙන තිබේ. ඒ නිසා තව දුරටත් අපට ගල් යුගයේ ලෙනින්වාදීන් යැයි යමෙකු කියනවා නම් ඊට කමක් නැත.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ලෙනින් කියන්නෙ කොහොමත් ගල්යුගයට ටිකක් මෙහා කෙනෙක්.ලෙනින්ව අතහැරල මාක්ස්වයි ගේන්න ඕන.

Comments are closed.