[dropcap color=”red”]භා[/dropcap]නු ප්‍රසන්න පෙරේරා නම් වේෂ නිරූපණ ශිල්පියා ගේ හදිසි අභාවය පිළිබදව අප පල කළ ශෝක පණිවිඩයට පිළිතුරක් ලෙස ඉහත ප්‍රශ්ණය වර නගා ඇත්තේ අපට කොමෙන්ට් එවන පාඨකයෙකු විසිනි.

පාඨකයාට අනුව ඕනෑම මාක්ස්වාදියෙක් භෞතිකවාදියෙකු විය යුතුය. එවැන්නෙකු තම රහස්‍ය ජීවිතය තුළවත් විඥාණවාදියෙක් විය නොහැක. මෙම ප්‍රශ්ණයට අදාලව ‘හේගල් දේශණ මාලාව ’ මගින්, ආගම නම් දේශණය තුළ අප පිළිතුරු දී ඇත. නමුත් ගැටළුව තවමත් විසදී නැත. මේ වනාහි ඉහත ගැටළුව අරබයා පිළිතුරු දීමට අප දරණ තවත් උත්සාහයකි.

භානු ප්‍රසන්න පිළිබදව ධනංජය කරුණාරත්න විසින් ලියන ලද අතීතාවර්ජනයට තවත් එකතු කිරීමක් මෙම ලිපිය මගින් සිදු කරනු ලබයි.

බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ කලාත්මක නිෂ්පාදනයන්ට හේතු-ප්‍රත්‍ය වන්නේ සමාජ-යථාර්ථයයි. නමුත් මෙම රචනාව එහි විලෝමය සත්‍ය බව ප්‍රකාශ කරයි. ලංකාවේ දකුණු ප්‍රෙද්ශයේ ජීවත් වන සිංහල මැදපාන්තිකයා ගේ අශ්ලීල විපරිත ෆැන්ටසීන් තම තමන් ගේ පවුල සහ එහි ඉතිහාසය තුළ මර්ධනය වෙමින් පවතින නිසා තටු ලබන්නේ අන්‍ය ප්‍රෙද්ශ තුළය. ඒවා නම් කලාව සහ යුද්ධයයි. කලාව සහ යුද්ධය යනු සිංහල මැදපාන්තිකයා ගේ අශ්ලීල ෆැන්ටසීන්ට ජීවය ලැබෙන හිස් තිරයන්නය. (screens ) කලාකරුවන් සහ මාධවේදීන් යනු තම අශ්ලීල පුද්ගලික ෆැන්ටසීන් තම අනෙකා වන ස්ත්‍රිය සහ දෙමළා වෙතට රගදැක්වීම සදහා ප්‍රක්ශේපණය කරන හිස් තිරයයි.

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2013/07/%E0%B6%B7%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-.pdf” width=”600″ height=”600″]

ඔබේ අදහස කියන්න...