[dropcap color=”purple”]ක[/dropcap]සුන් කල්හාර විසින් පසුගිය දිනෙක බොදු බල සේනාවේ කටයුත්තකට අදාලව සංගීතය සපයා තිබුනි. ඒ ගැන අප ඔහුව විවේචනය නොකරන්නේ කසුන් අපේ මිත්‍රයෙකු වන නිසා දැයි වාමාංශිකයන් කිහිපදෙනෙකු අපෙන් අසනු ලැබීය.

අපේ උත්තරය පහත පරිදි ගොනු කරමු.

බීතෝවන්ගේ 9th Symphony ය යොදා ගත් දේශපාලන ව්‍යාපාර පහත දැක්වේ.

01-   ස්ටැලින්වාදය

02-   ෆැසිස්ට්වාදය

03-   Shinning path පාත් ගර්ල්ලා සංවිධානය

04-   තුර්කියේ අටාටුක් ගේ ජාතික ව්‍යාපාරය

05-   යුරෝපා සංගමය (EU)

06-   චීන කොමියුනිස්ට් පක්ෂය

ආත්මය යනු සාරාර්ථයෙන් එළියට පනින කොස් ඇටයකි. එය සිතීමයි. එය ක්‍රියාවයි.

කසුන් කල්හාර අපගේ ව්‍යාපාරයට අදාල ‘STOA’ වීඩියෝවට සංගීතය සපයන ලදි. එය අපට ඔහු කළ දේශපාලනික උදව්වකි. ඊට අමතරව අපගේ ඉල්ලීම පිට ICTA ආයතනය සදහා ඉතාම සුන්දර සමාජයීය ගීතයක් ද නිර්මාණය කරන ලදි. එය ඔහු අපට කළ ආර්ථිකමය උපකාරයකි. දැන් ඔහු බොදු බල සේනාවේ තේමා ගීතය ද නිර්මාණය කර ඇත. ඔවුන් ද ඔහුගේ මිතුරන්ය.

දෙමළ ගැටළුව ගැන අප සහ බොදු බලය අතර ඇත්තේ කිසිදු විසදිය නොහැකි පසමිතුරුභාවයකි. නමුත් ඔවුන්ට අනුවත් ප්‍රභාකරන් වීරයෙකි. මේ වීරයාව අප දෙගොල්ලන් සමරන්නේ ආකෘති දෙකකිනි. දෙමළ ජනයාට ජාතික විමුක්තිය දීම සදහා දරණ අපගේ වෑයම කවදා හෝ අනාගතයේ දී ජයගනු ඇත. බොදු බලය පරාජය වනු ඇත.

කසුන් කල්හාර යනු අපගේ පක්ෂ සාමාජිකයෙකු නොවේ. ඔහු අපේ මිතුරෙකි. ඔහු අපේ දේශපාලනය සමග එකග වනවාද නැද්ද යන්න අප නොව ඔහු තීරණය කළ යුතු කරුණකි.

ඔහු පැහැදිලිවම අපේ දේශපාලනය මත පදනම්ව සංගීතය තෝරා ගත්තේ නැත. අපේ දේශපාලනය මත පදනම් වෙමින් සංගීතය තෝරා ගත් ඕනෑම අයෙකුට අනාගතයේ දී අප සමග එකතු වන්නට පුළුවන.

[media url=”https://www.youtube.com/watch?v=vauo4o-ExoY” width=”600″ height=”400″]

 

 

ඔබේ අදහස කියන්න...