Investment Analysis

කොමියුනිස්ට්වාදය යනුවෙන් අප හඳුන්වන්නේ බහුතරයේ සමාජ ප්‍රශ්න විසඳීමට නිර්මාණය කරන වේදිකාව සතු න්‍යාය සහ ප්‍රායෝගිකත්වයේ එක්සත්භාවයයි.

            කොමියුනිස්ට්වාදය ජයග්‍රහණය කිරීමට ආකෘතියක්[Party] අවශ්‍ය බව අපට ඉගැන්වූයේ ලෙනින් ය. විප්ලවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍යය නම් වෘත්තීය විප්ලවවාදී කාඩරයක් අවශ්‍ය බව අපට කීවේද අසහය ලෙනින් ය.

    ලෙනින්ගේ සත්‍යවාදී න්‍යාය අපගේ සංවිධාන ඉතිහාසය තුළ  ක්‍රියාත්මක වූයේ කෙසේද?

        1990-1995 දක්වා අපගේ අදහස් සමාජයට රැගෙන ගියේ ‘ප්‍රවාද’ සඟරාවයි. වියදම ලක්ෂ 5 යි.

      1996-2000 දක්වා අපගේ අදහස් සමාජයට රැගෙන ගියේ ‘මාතොට’ සඟරාවයි. වියදම මිලියන 5 යි.

2001-2004 දක්වා අපගේ අදහස් සමාජයට රැගෙන ගියේ ‘London’ සඟරාවයි. වියදම ලක්ෂ 20 ක් පමණ.  මේ සඳහා බාහිරින් සම්බන්ධවූ පක්ෂ කාඩර්වරුන් 2004 වර්ෂයේදී එහි අන්තර්ගතය හෙලා දකින ලද නිසා සිදුවී ඇත්තේ ව්‍යුක්ත ප්‍රචාරණය පමණි.

      2006-2007 දක්වා අපගේ අදහස් සාමජයට රැගෙන ගියේ AK 47 අතිරේකයයි. දළ වශයෙන් මේ සඳහා මූල්‍ය සම්පත්දායකයාට වියදම් වූ මුදල රුපියල් මිලියන 100 කි. පක්ෂ කාඩර්වරයා විසින් කරන ලද්දේ වැසිකිලි වලවල් පෝෂණය කිරීම සහ දුම්පානයයි. අදාළ ප්‍රකාශනය මුල් ‘මව්බිම’ පුවත්පතයි.

2009-2013 දක්වා පෙරදිග සුළං සහ ත්‍රිමාණ සඟරාව හරහා අපගේ අදහස් ප්‍රචාරය විය. ඒ සඳහා ගිය වියදම රුපියල් මිලියන 4කි.

      රයිට්ස් නව් අයතනයට ලැබුණු මුදල් හා එමඟින් මිලදී ගත් බඩු-භාණ්ඩ සහ මිරිහානේ පොලිසිය අසල පර්චස් 04 ක ඉඩම මෙයට ඇතුළත් කර නොමැත. එමෙන්ම,  රයිට්ස් නව්  ආයතනයේ ප්‍රධානියා විසින් තම අඩක් නිමකරන ලද නිවස සම්පූර්ණ නිවසක් බවට පත්කිරීමටත්, ඔහු මිලදී ගත් වාහනයේ මිල ද මෙයට ඇතුළත් කර නොමැත. ඔහුගේම ලිඛිත සාක්ෂියට අනුව රයිට්ස් නව් යනු, ඔහුට අයිති පුද්ගලික සමාගමකි.  

         2015-2017  දක්වා අපගේ අදහස් සමාජයට සංක්‍රමණය වූයේ ”සත්හඬ” පුවත්පත හරහාය. ඒ සඳහා ගිය වියදම දළ වශයෙන් මිලියන 100 කි.

මේ අනුව සංවිධානයේ අදහස් ප්‍රචාරණය වෙනුවෙන් වැය කර ඇති මුදල[From 1996-2018] රුපියල් මිලියන දෙසීය එකොලහක් හෙවත් රුපියල් කෝටි 21.6 කි.

       මේ මුදල් වියදම් කරන ලද්දේ සංවිධානයේ අදහස් ප්‍රචාරණය කිරීමට ය. ඒවායින් කොටසක් හෝ තම අනාගත ආර්ථිකය යහපත හෝ සුරක්ෂිතතාවය වෙනුවෙන් දීප්ති ගෙදර ගෙන ගියේ නැත.

           සංවිධානයේ කාඩර්වරුන් පක්ෂ අර මුදල් වලින් කාබාසිනියා කරන ලද දළ මුදල මිලියන 80 ක් පමණ වේ.  සංවිධානයේ පොදු දේපළවලින් වැඩි කොටසක් විවිධ කාඩර්වරුන් පුද්ගලිකව අයිති කර ගෙන ඇති අතර, 2004 දී එසේ ගෙන යන ලද යම් පොදු දේපළ ප්‍රමාණයක් කල්‍යනන්ද ලඟ පවා ඇත.  

            ලෙනින්ගේ කාඩර්වරුන් පිළිබඳ අදහස ප්‍රතිශෝධනය විය යුතු දැයි අප නොදනිමු. නමුත් සංවිධානයේ අදහස් සමාජයට රැගෙන ගියේ මිනිසුන් නොව, පණ නැති කඩදාසි පමණි.[Abstract Communication] මේ පහත පළවන්නේ ‘London’ සඟරාවේ අවසාන කලාපය මඟින් මතුකළ ප්‍රශ්න වලට දීප්ති විසින් ගොනු කරන ලද පිළිතුරු ය. පිළිතුරු අපේක්ෂා කළ බහුතර අය දේශපාලනය දැන් නොකරන මුත්, පොදුවේ අනාගත පරපුරට මෙම පිළිතුරු අදාළ වනු ඇත.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download [1.43 MB]

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ලිපියට බොහොමත්ම ස්තුතියි. ඉහත සඳහන් කරනලද සඟරා වලින් කිහිපයක් හෝ මිලදීගන්න පුළුවන් විදිහක් තියනවද?

Comments are closed.