අප වැනි රටවල ශ්‍රමය තවදුරටත් සූරා කනවා හැරෙන්නට කේන්ද්‍රයේ ධනවාදයට පුළුවන් වෙලා තියෙනවද ඊට වඩා හොද අවකාශයක් කාවින්ද්‍යා ට දෙන්න. එක් වරක් යටත් විජිත සූරා කෑම, ආයිත් ගෝලීය අධ්‍යාපන සූරා කෑම. කවද්ද මේක නතර වෙන්නේ? අරක්කු විකිණීම ‘රැඩිකල්කරණය’ කිරීම දක්වා මෙය පහලට වැටිලා. එයින් කියන්නේ මිලදී ගැනීමේ හෝ පානය කිරීමේ හෝ ඒ තැන්වල සේවය කිරීමේ සමානාත්ම බව නැතිකරන්න ඕනි කියන එක නෙවෙයි. අපි කියන්නේ මෙම සමාන බව ව්‍යාජයක් කියන එක. අපි එකතු වෙන්න ඕනි එතනට.

අරක්කු විකුණන ස්ත්‍රිය අර්චනකරණය කරනවා විතරක් නෙවේ. එය නුතන ‘නිදහසේ’ රූපකයක් ලෙස පිළිගැනීමටත් ඔවුන් අපට බල කරනවා. නිදහස කියන්නේ ‘වෙළඳපල නිදහස’ නෙවේ කියලයි අපිට කාවින්ද්‍යා ට කියන්න වෙන්නේ. එය වහල් භාවයක්. නො නිදහසක් …. කාවින්ද්‍යාගේ මුලින්ම බි බි සී (BBC) එකේ ගිය චායරූපය ලක්ෂණ මිමන්සාවට ලක්කරපුවාම (semiotics) පෙනෙන ‘නිදහස් ස්ත්‍රිය’ ධනවාදයේ වසඟයක් පමණයි (seduction). හරි විදියට නම් උසස් අධ්‍යාපනයේ ඉන්න ඇය අතිරික්ත කාලය තුල පර්යේෂණ පත්‍රිකාවක් හරි නිර්ක්ෂණයක් හරි කරමින් සිටියානම් තම අධ්‍යනයට සමපාතව කොච්චර හොද ද ? නිකම් බලන්න ඔවුන්ගේ අයෙක් වෙච්ච ස්ටීවන් හෝකින්ස් ගේ උසස් අධ්‍යාපන අවධිය The Theory of Everything (2014) කියන චිත්‍රපටයේ විදහා දක්වන ආකාරය . එයා කොහෙවත් වැඩකරන්නේ නැහැ කීයක් හරි හොයාගන්න… නමුත් අපේ රටවල්වල සහ එම රටේම පහල පන්තික කොටස් වලට එහෙම කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ධනවාදයට බැහැ සත්‍ය පරස්පරතා මකා දමන්න . සම්ප්‍රදායික සිමා වලම එයත් හිරවෙනවා සහ එම හිරවීම ඇතුලෙම බඩු විකුණනවා අර සිමා ස්වභාවික කරමින් .. එක තමයි සත්‍ය ය.  උඩරට බොදු ගොවි ආත්මය තුලම හිරවෙලා අපිට මුල් ඇදුම් විකුණන්න තරම් ධනවාදය වේශ නිරුපනය කරනවා. මෙතැනදී මාක්ස් කිව්ව සියලු ද්‍රව්‍යමය දේ වාෂ්ප කරනවා වෙනුවට ඒවා තවත් ශක්තිමත් කරනවා පසු නුතන ධනවාදය . ඒ නිසයි විසි එක්වන සියවසේ අරගලය වෙනස් වන්නේ.  ධනවාදයත් මාක්ස්වාදයත් දෙකම වෙනස් කරන්න වෙනවා අරගලය තුල…. 

Mahesh Hapugoda

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Liberal idea on Left and it’s ideology

ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් මේ ගැන සිය “දාස භාවයට යන පාර” පොතේ මෙසේ පැහැදිලි කර ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයන් අධ්‍යාපනයෙන් ඉහළ මට්ටමකට එද්දී සහ බුද්ධිමත් බැවින් වැඩි වෙද්දී, ඔවුන් අතර ඇති දැක්ම සහ රසය ඉතාමත් විවිධ ලෙසින් බෙදී යයි. යම් අගයක් ගැන ඔවුන් අතර එකඟත්වයකට පැමිණීම ඉතා අඩුවෙන් සිද්ධ වේ. එසේම, ඒකාකාරතාවයෙන් සහ එක හා සමාන වූ දැක්මෙන් යුතු අය සොයන්නට නම් අපිට සදාචාර සහ බුද්ධිමත් බැවින් අඩු, ප්‍රාථමික “පොදු” ආශයන් සහ රසයන් ඇති අය දිහා බලන්නට සිද්ධ වේ.

මින් කියැවෙන්නේ බහුතරයක් ජනතාව අතර අඩු සදාචාර මට්ටමක් ඇතැයි කියා නොවේ.

එයින් කියැවෙන්නේ, අගයක් දිහා එකම විදියකින් බලන විශාලතම පිරිස යනු අඩු ප්‍රමිති මට්ටමක් අගයන පිරිස බවයි. “සාමූහිකයේ” ඉන්නේ අඩුවෙන්ම ඔරිජිනල් අදහස් ඇති, අඩුවෙන්ම ස්වාධීනත්වයක් සොයන අයයි. ඔවුන් සිය පරමාදර්ශය වෙනුවෙන් තම සංඛ්‍යාවේ බර පැටවීම කරති.

නමුත්, සරල සහ ප්‍රාථමික ආශයන් වලින් යුතු එක හා සමාන දැක්මෙන් යුතු වූවන් පමණකින් සොර දෙටුවන්ගේ වැඩ බිමක් හැදෙන්නේ නැත.

තමන්ගේය කියා දැඩි අවබෝධයක් නැති අයට, මහා හයියෙන් හා නිතර ඇහෙන වාග්මාලා වලින් හැදී ඇති අගැයුමක් විමර්ශනයෙන් තොරව පිළිගන්වා, අනතුරුව ඒ පිරිසත් ඊට එකතු කරගත යුතුවේ. අසම්පූර්ණ ලෙසින් වර්ධනය වූ සහ පැහැදිලි නැති අදහස් සහිත වූවන් ඉතා පහසුවෙන් ආවේග අවුස්සා නම්මා ගත හැකියි.

අරුණි ශපීරෝ‍ වෙතින්  උපුටා දැක්වීමකී.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ පමණින් ඇයගේ ආර්ථික ප්‍රශ්න විසදේවී ද? එම පර්යේෂණ පත්‍රිකා කෙතරම් දුරට සාර්ථක වේ ද? පිලිගත් conference එකකට හෝ journal යකට එය යොමු කළ හැකි වේ ද යන්න අවිනිශ්චිත නොවේ ද?
    තව ද ආර්ථික ගැටළු හමුවේ ගැහැණිය කෙතරම් දායක වනවා ද යන්න අප විමසා බැලිය යුතු නොවේ ද? පාරේ වැඩ කරන, ගල් පොලේ වැඩ කරන පිරිමින් හා සම සමව වැඩ කරන ගැහැණුන් කොතරම් සිටී ද? ආර්ථිකය හමුවේ ගැහැණිය යකඩ ගැහැණියක් බවට පත් නොවන්නේ ද? ඇයගේ ප්‍රශ්න හමුවේ ඇය ශක්තිමත් ගැහැණියක් බවට පත් කරයි.
    තරුණියක් සමාජ සාලාවක වැඩ කරමින් වියදම් සොයා ගනිමින් ඇයගේ නීති උපාධිය සම්පුර්ණ කළ බවට සමාජ මාධ්‍ය තුල කතාබහට ලක් වුවා. ඒවගේම බොහෝ විශ්වවිද්‍යාල සිසුන් උපකාරක පන්ති පැවැත්වීම, super market වල වැඩකිරීම තුලින් ඔවුනගේ වියදමට මුදල් සොයා ගනී. විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන්ට ඔවුනගේ උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යයන නිවාඩු සමඟ ශිෂ්‍යත්ව හිමි වූව ද ඔවුන් ද වියදම් සොයා ගැනීමට තවත් රැකියාවක් කරන අවස්ථා බහුලයි. ඒ ඔවුන්ට ආර්ථික දුෂ්කරතා ඇති නිසා යැයි අප සිතමු. නමුත් උසස් අධ්‍යාපනය නිමා වී අධ්‍යනාංශ තුළ සේවය යෙදෙමින් පර්යේෂණ පත්‍රිකා ඉදරිපත් කරනවා වෙනුවට තවත් රැකියාවක් හෝ ඒ හා සමාන ආර්ථික ලාභ ලබන ව්‍යපාර කරයි. එය අප කෙසේ විග්‍රහ කරන්නේ ද? එසේ නම් අප කෙසේ කාවින්ධ්‍යාට පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කිව හැකි ද?
    මින් මිනිසාගේ අසීමිත ආශාවන් ‘කොච්චර තිබ්බත් මදී’ යන මින් අපට පසක් නොවේ ද?

    • ඔව්. කාවින්ධ්‍යා ට අමතර අදායමක් හොයාගන්න වෙනවා කියන එක නොවේ මෙහිදී අපි සංවාදයට භාජනය කලේ . ඇයට එහෙම කරන්න වෙලා තියෙනවා තියෙන අදායම් විෂමතාවය තුල. වැඩකරන එක සහ අත්දැකීම ලබා ගන්න ඒක වරදක් නෙවේ. සහ ඇය සමාජ ශාලාවක වැඩකිරීම ලිංග භේදය සහ සුචරිතය පිළිබද ගැටලුවකට අපි ලඝු කරන්නේ නැහැ. නමුත් බලන්න අතිරික්තය ගැන. අයගේ අතිරික්ත කාලය වියදම් කරන්න වෙන්නේ වෙනත් නිර්මාණශීලි දෙයකට නොවේ කියන එක වැදගත් කරුණක් උසස් අධ්‍යාපනය තුල. ඒ වගේම තමයි සූරා කෑම කියන එක එතනදිත් වෙනවා ඉතාම ගැඹුරු අර්ථයෙන්. එහිදී අධිරාජ්‍ය වාදය අපගෙන් සූරා කන්නේ නිර්මාණශීලි වෙන්න තියෙන අපගේම අතිරික්ත කාලය. අපිව මුලින් ආර්ථික ලෙස සූරා කාල දැන් අපිව මානසික ලෙස කොල්ල කනවා. අපගේ ආශාව කොල්ල කාල ඊට පස්සේ ඒ ආශාව ඔස්සේ අපිව ආර්ථික ලෙස කොල්ල කනවා… ආශාව නිර්මාණය කරන්නෙත් ඒ ඔස්සේ අර්චන භාණ්ඩ පසුපස අපි යවල කොල්ල කන්නෙත් ඔවුන්මයි . කොහොම වුනත් පිළිතුරක් එව්වට ස්තුති…please continue the discussion.
      ජිජැක් කියන දාර්ශනිකය කියනව අද දවසේ වුවමන වෙලා තියෙන්නේ රැකියා සඳහා පුහුණු කරන අධ්‍යාපනයක් නෙවේ. වඩා දාර්ශනික අධ්‍යාපනයක් කියල. නමුත් අපේ තියෙන ආර්ථික පරාධීන බව ඇතුලේ එහෙම කරන්න බැරි වෙලා තියෙනව. අපි බහුතරයක් එහෙට යන්නෙම ශ්‍රමිකයෝ විදියට. නැත්නම් අපේ දුක, ප්‍රශ්න, වැරදුන තැන් කියන පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න…

Comments are closed.