Acid Love

 

අන්තිමට මත්පැන් සහ ස්ත්‍රී නිදහස කතිකාව හරහාම ස්වර්ණා මල්ලවාරච්චි පවා අධිකරණයට යාමට පෙළඹී ඇත. ධනවාදයේ සිමාව තුලම ඔවුන්ට අන් කවරදාවත් නොතිබූ කථිකා අවකාශයක් විවර වී ඇත.. බොහෝ විට ධනවාදය පවත්නා සම්ප්‍රදායික සිමාවන් සමග අනුගත වන අතර (චීනය – ඉන්දියාව) සම්ප්‍රදායික අගතීන් වෙනස් කරනවා වෙනුවට ඒවා තව තවත් ශක්තිමත් කරයි. මෛත්‍රිපාල මහතා මගින් සිදුවන්නේ මෙයයි. නමුත් සත්‍යය නිදහස යනු Leaving Las Vegas (1995) චිත්‍රපටයේ මෙන් මත්පැන් බි මිය යාම නම් එය නිදහසක් ලෙස ගත හැකිද? එම චිත්‍රපටයේ සිදුවන්නේ නාගරික විගලිතභාවයෙන් මිදීම සඳහා මත්පැන් පානය කිරීමයි. එය ඩොලර්ස් ඕ රියෝඩන් (Dolores O Riordan) ගේ පැවැත්මේ ප්‍රශ්නයට සමානය.”

ඔවුන් ධනවාදයේ ශුන්‍යතාවයට මුහුණ දෙන්නේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය හරහාය (කාවින්ධ්‍යා මත්පැන් විකුන්නනේ ඔවුන්ටය). මෙම විගලිත බව තුල අපත් එසේ විය යුතුද? නැත්නම් විගලිතභාවයට මුහුණ දීම සඳහා නිර්මාණශීලි අවකාශයක් (alternative spatiality)සකස් කර ගැනීමද? ඉගෙනීමට යන තරුණයෙකුට හෝ තරුණියකට මත්පැන් විකුණනවා වෙනුවට අධ්‍යාපනය නිර්මාණශීලි කර ගැනීමට අවස්ථාවක් අතිරික්ත ප්‍රාග්ධනය ඔස්සේ දීම නුතන ශිෂ්ටාචාරයේ වගකීම නොවේද? පවත්නා අසමානතාවය තුල එතැනදී අවශ්‍ය වන්නේ නව පිතෘත්වයක් නොවේද?

ඩොලර්ස් ඔබ මියගොස් ඇත… තවත් අය එම මියයාමේ නිදහස ඉල්ලා පෝලිම් වල ඇත (සමානව මියැදීමේ නිදහස). සමහරු එම නිදහස ඉල්ලා නඩු මගට බැස ඇත. සම්ප්‍රදායික පියා ඔවුන් විසින් අභියෝගයට ලක් කර ඇත. ධනවාදයේ මරණය අබියස මා සිතන හැටියට තවමත් සම්ප්‍රදායික පියාගේ භූමිකාව අදාලය (මෙය පරස්පර ප්‍රකාශයක් විය හැක). මෙම මරණිය යුගයේ ගැහැණියක් ලෙස මවක් ලෙස එම ‘සමානාත්ම නිදහස’ ස්ත්‍රිය විසින් ම ප්‍රතික්ෂේප කර ‘නො-නිදහස’ ඒ වෙනුවට ඉල්ලීම වඩාත් රැඩිකල් නොවිය හැකිද? එම ‘නො-නිදහස’ වඩාත් පරමාදර්ශී නිදහසක් නොවිය හැකිද (Un-freedom as true freedom)? දිනපතා මියයන නිල් චිත්‍රපට නිලියන්, සදාචාරය, මියගිය පියා, ධනවාදය, ආදරය සහ නිදහස පිළිබද අප සංවාද කරමු. කාවින්ධ්‍යා එන්න මල් පිපීදැයි බලන්න….!

Mahesh

////////////

WELL THE MEN COME IN THESE PLACES
AND THE MEN ARE ALL THE SAME
YOU DON`T LOOK AT THEIR FACES
AND YOU DON`T ASK THEIR NAMES
YOU DON`T THINK OF THEM AS HUMAN
YOU DON`T THINK OF THEM AT ALL
YOU KEEP YOUR MIND ON THE MONEY
KEEPING YOUR EYES ON THE WALL

I`M YOUR PRIVATE DANCER
A DANCER FOR MONEY
I`LL DO WHAT YOU WANT ME TO DO
I`M YOUR PRIVATE DANCER
A DANCER FOR MONEY
AND ANY OLD MUSIC WILL DO

I WANT TO MAKE A MILLION DOLLARS
I WANT TO LIVE OUT BY THE SEA
HAVE A HUSBAND AND SOME CHILDREN
YEAH I GUESS I WANT A FAMILY
ALL THE MEN COME IN THESE PLACES
AND THE MEN ARE ALL THE SAME
YOU DON`T LOOK AT THEIR FACES
AND YOU DON`T ASK THEIR NAMES

Attachments area

ඔබේ අදහස කියන්න...