ලංකාවේ විශ්ව – විද්‍යාල පිහිට වූ දා සිට 90 දශකය දක්වා වාම – දේශපාලනය තුළ අධිනිශ්චය වූයේ කොළඹ, කැළණිය, පේරාදෙනිය, ජපුර, රැහුණ වැනි විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල මානුෂික විද්‍යාවන් හදාරන ශිෂ්‍ය පරපුරය. ලෝක මට්ටමින් 9/11 සිදුවීමට පසු ක්‍රම ක්‍රමයෙන් ක්‍රම-විරෝධී සහ වාම දේශපාලනයට එකතු වන්නේ ”භෞතික විද්‍යාව” (තාක්ෂණවේදය) හදාරණ ශිෂ්‍ය පරපුරය. ජර්මන් භාෂාව තුළ ‘විද්‍යාව’ යනුවෙන් අදහසක් නැති අතර ඒ වෙනුවට ඇත්තේ භෞතික විද්‍යාවය.
පොදුවේ දේශපාලනයටත් සුවිශේෂව වමේ දේශපාලනයටත් ‘අධ්‍යාත්මය'[spritual] හදාරණ ශිෂ්‍යයන් වෙනුවට ‘පදාර්ථය'[Matter] හදාරණ ශිෂ්‍යයන් එකතු වීම යට ඇති ප්‍රහේලිකාව කුමක්ද? ස්ත්‍රිය යනු අධ්‍යාත්මයක් ඇති මනුෂ්‍යයකු ලෙස  ඔප්පු කිරීමට වඩා මේ යුගයේදී ඇය පදාර්ථයක් මෙන් ඔප්පු කිරීම පහසුය. මේ මූලධර්මය දේශපාලනයටත් අදාළය. අද දවසේ දේශපාලනය යනු මිනිසාගේ ‘අධ්‍යාත්මික’ ක්‍රියාවක් ලෙස ඔප්පු කිරීමට වඩා එය මිනිසාගේ සැබෑවට ඇති ලාලසා [“passion for the Real “] ලෙස ඔප්පු කිරීම පහසුය. 80 දශකයේදී ඩී.එම් ආනන්ද [රහස්- පරීක්ෂක රචකයා නෙවේ] ඉදිරියට ඒම සහ අද දවසේ කුමාර් ගුණරත්නම් අධිනිශ්චය වීම අතර වෙනස එයයි. සමකාලීන දේශපාලනය රදා පවතින්නේ සංකේතීය හෝ පරිකල්පනීය අත්තිවාරම් මත නොව ‘සබෑව’ නම් පතුළක් නැති ආගාධය තුළය. කැළණිය ‘ආශාව’ පසුපස දුවන විට මොරටුව දුවන්නේ ‘හඹා යාම’ [Drive] පසුපසය. කැළණිය ප්‍රති-දේශපාලනික වීමේ පසුබිම මෙයයි. අද දවසේ වැදගත් වන්නේ ආත්මයට ඉදිරියෙන් ඇති බාධාව ජයගැනීම නොවේ. වඩා වැදගත් ආත්මයට පිටු පසින් සිට එහි අනාගතය ‘හිස- නැති- කදක්’ කරවන ‘ෆැන්ටස් වස්තුවයි’.(ස්ත්‍රී ශරීරය නොව බොකුටු කොණ්ඩය)

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. //කැළණිය ‘ආශාව’ පසුපස දුවන විට මොරටුව දුවන්නේ ‘හඹා යාම’ [Drive] පසුපසය. //-ක්ලැසික්
    භෞතික විද්‍යාව පැත්තෙන් සමාජය පරිණාමය වෙන්නේ කොහාටද එක තාර්කිකව හිතා ගන්න පහසුයි.

  2. දීප්ති ප්‍රකාශ කරල තියෙනවා ආර්ට් කරන අය දේශපාලනය කියන්නේ මොකක්ක්ද කියල අහපුවාම මොකක් හරි බොරුවක් හරි කියන්න දන්නවය නමුත් මොරටුවේ අය එහෙම අහපුවාම හරි උත්තරයක්‌ දෙන්න දන්නේ නැහැ කියල. ඉතින් දැන් ඒක වෙනස් වෙලාද (ඔයාල ඒක වෙනස් කලාද)?
    මම හිතන්නේ අධ්‍යාත්මය හදාරන අයට තියෙන්නේ පදාර්ථය (සල්ලි) හොයා ගන්නේ කොහොමද කියන ගැටලුව. ඒ අය දන්නවා හදාරපු අධ්‍යාත්මය විකුනන්න බැරි නම් කිසිම තේරුමක් නැහැ කියල. නමුත් පදාර්ථය ගැන හදාරපු අය විකුනන්නේ ඒකම නිසාත් එකට හොද මාර්කට් එකක් තියෙන නිසාත් ඒ අය නොවිකිනෙන අධයත්මයක් හොයාගෙන එනවා වෙන්න පුළුවන්,
    තමන්ගේ අඩුවක් සම්පුර්ණ කර ගන්න.

Comments are closed.