ඔබට දීප්තිව වැටහෙන බව කීමට ඉතා උන්නදුවක් ඇති බවට සැකයක් නැත. ඔබ දැනටමත් ඔහුව අභිබවනය කොට ඉතාම දියුණු තැනක සිටගෙන ඇත. නමුත් ගැටලුව වන්නේ වසර කිහිපයකට පසු ඔබ ඔහුට පිටපසින් සිටින බව ඔබටම වැටහී යාමයි. සීතල යුද්ධයට පසු හෝ දෙවන ලෝක යුද්ධයට පසු ධනවාදය ඉක්මවා යන න්‍යායක් සහ ප්‍රායෝගිකත්වයක් ඉදිරිපත් කිරීමට බොහෝදෙනා තැත් කරන ලදී. බොහෝදෙනාගේ අපේක්ෂාව වූයේ ධනවාදය පෙරළා දැමීමය. නමුත් අපි හිතනවාට වඩා ධනවාදය විප්ලවකාරීය. මන්ද යත් සමාජ අනන්‍යතාවයන් යනු වාස්තවිකත්වයේ ප්‍රතිඵලයක් නොව සත්භාවයේ ප්‍රතිඵලයක් නිසාය. උදාහරණයක් හැටියට පන්ති අරගලය දැන් සිදුවන්නේ පන්තීන් අතර නොව ස්ත්‍රියක් බදාගත් පිරිමියකු සහ හයිබ්‍රිඩ් වාහනයක් බදා ගත් පිරිමියකු අතරය. දැන් තවදුරටත් ධනවාදය යනුවෙන් සමාජ ක්‍රමයක් නැත. එහි වර්ධනය අවසාන වී ඇත. දැන් ඇත්තේ පුද්ගලික ප්‍රාග්ධනයේ අවධියයි. විප්ලවවාදී නායකයන් විසින් පුහුණූ කරන ලද විප්ලවවාදී කාඩර්වරැ ස්ත්‍රියකගේ තනය දුටු විට දිව එළියට පැනීම විප්ලවවාදී නායකයන්ගේ ඥාණයට හසු වන්නේ නැත.ඥාණනය සහ කතිකාව අතර වෙනසක් ඇත. අද බොහෝදෙනා දේශපාලනයට ඇතුල් වන්නේ හෝ පිටවන්නේ කතිකාව තුළිනි. ඥාණනය ගැන අවබෝධයක් නැති පුහුණූ කරැවන්ට තන් සෙල්ලම ගැන අවබෝධයක් නැත. සිදුවිය හැක්කේ ස්ත්‍රීන්ගේ මෙම ආත්ම මූලික ක්‍රිඩාවට සාප කිරීම පමණි. මෙතැනින් පසු  සිදු වන දේශපාලනික ක්‍රියාව වටහා ගැනීමට දීප්තිවාදය ඔබට වැදගත් විය හැක. දැන් ඔබ දෙවන වරටත් පහත ලිපිය කියවන්න.

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2015/02/Deepthi_Paradox-of-the-Forced-Choice1-copy.pdf” width=”690″ height=”500″]

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිව්වා උනුත් එකයි මුනුත් එකයි, රාජපක්ෂ විතරක් නමේ මෛත්‍රිත් එකයි. කතා කල යුත්තේ පන්ති අරගලය ගැන හා විප්ලවය ගැන විතරයි කියල. ඕනේ සිස්ටම් වෙනසක් කියල. හැබැයි අනිත් අය කිව්වා අඩුම ගානේ අපට ටිකක් හරි නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ සිස්ටම් වෙනසකට කලින් කියල. දැන් අනිත් අයට ප්‍රජතන්ත්‍රවාදය යන්තන් තියෙනවා ටිකක්. කුමාර්ට තවම නැහැ. සංචාරකයෙක් නිසා එතන නීතියක් කැඩෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කුමාර් සහෝදරයට අයිතිවාසිකම් දෙනු කියල උද්ඝෝෂණ කලා. පස්සේ කවුද ඇහුව එතකොට පන්ති අරගලය කෙරෙනවද කියල. දැන් ඒගොල්ල අනිත් අයටත් (පිටුවහළේ ඉන්න ) අයිතිවාසිකම් දෙනු කියල කුමාර් ගේ නම අංක 3ට විතර දාල කියනව කුමාර් සහෝදරයට දේශපාලනය කිරීමට අයිතිය දෙනු කියල. පන්ති අරගලය සිස්ටම් වෙනස පස්සේ පුළුවන්නේ. ඒ පාඨයන් ඕනේ වුනේ චන්දෙට විතරයි.
    දැන් දීප්ති ගැන අවබෝධ කරගත්තම ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සහෝදරවරුන්ට පන්ති අරගල ඉක්මන් කරගන්න පුලුවන්ද? දීප්ති (හා x කණ්ඩායම කලින්) පහුගිය දශකය පුරා ලියපු දේවල් කියව බැලුවොත් ඕන කෙනෙකුට තේරෙනවා දීප්ති කොච්චර වැඩ කරල තියෙනවද වාමන්ශිකයන්ට යමක් කියල දෙන්න කියල . ඒක ප්‍රයෝජනයට ගත්ත අයත් ඉන්නවා. නැති අයත් ඉන්නවා. අවශ්‍ය වෙන්නේ දීප්ති ලියන දෙය තේරුම් ගැනීමද? දිප්තිව තේරුම් ගැනීමද?
    පන්ති අරගලයට හරි සිස්ටම් වෙනසක් කරන්න ඉගෙන ගන්න හරි දීප්තිගේ ලිපි කියවන්න අවශ්‍යයි.දේශනා අහන්න අවශ්‍යයි. (ඒවා දිප්තිගෙන් මන් ඉස්සෙල්ලම දැනගත්තේ කියල පිලි අරන් කුක නොවීමත් අවශ්‍යයි) දීප්ති කියන පුද්ගලය තේරුම් ගැනීම අවශ්‍ය නැහැ. හරියට ලංකාවේ පන්ති අරගලයට කුමාර් ගුණරත්නම් කියන්නේ අනිවාර්ය හා ප්‍රමාණවත් සාධකයක් නොවන නිසා.
    ගං කබරයා යන යෙදීම ගැන දීප්ති පමණක් නොව තවත් බොහෝ අය විරුද්ධ වුහ.(a fact)

  2. දීප්ත ගැන දීප්තම ලියල දීප්තම කොමෙන්ටුවක් දා ගැනීම හරි මරු නේද​?

  3. යකෝ මම දීප්ති වුනේ කොහොමද? හඳ දිහාට ඇඟිල්ල දික් කරන පෙරටුගාමී සමාජවාදී මල්ලියෙක්ද කොහෙද?

Comments are closed.