ශ්‍රී ලංකාවේ යහපාලන සංස්කෘතියක් ඇති කිරීමේ නිර්ණායකයන් සැකසීම සදහා ජාතික විද්වත් සභාවක් මේ වන විට නිර්මාණය වෙමින් පවතියි. මේ සදහා පසුගියදා සමන් වික්‍රමාරච්චි මහතාගේ නමද යෝජනා වී ඇති අතර කුඩාපොල හාමුදුරැවන් වහාම මැදිහත් වී එම නම කපා දමා ඇත්තේ ඔහු ජාතික සංස්කෘතියට එරෙහිව පශ්චාත් – නූතන විචාරකයෙක් ලෙස සලකාය.
නමුත් අපට ලැබෙන මුලාශ්‍රවලට අනුව කුඩාපොල හිමියන් සමන් සමග පසමිතුරැභාවය ඇති කරගෙන ඇත්තේ වසර 2000 දී සිදු වූ සෝම හිමියන්ගේ මරණ පරීක්ෂණයට අදාළවය. එම මරණ පරීක්ෂණයට දෘෂ්ටිමය මැදිහත් කරන විට සමන් ඊට විරැද්ධ වී ඇති අතර කුඩාපොල හිමියන් ඔහු සමග වෛර බැද ඇත්තේ එම සිද්ධියට පසුවය.
අපගේ යෝජනාව වන්නේ මෙම විද්වත් සභාව මීට වඩා විවෘත එකක් විය යුතු බවයි. ඊට අර්ජුන පරාක්‍රම, කුමුදු කුසුම්කුමාර, නිර්මාල් රංජිත්, කේ.එන්.ඕ.ධර්මදාස, ජයදේව උයන්ගොඩ, දයාන් ජයතිලක, ආචාර්ය රාජන් හූල්, මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රධිකා කුමාරස්වාමි, සුමනසිරි ලියනගේ, ලියනගේ අමරකීර්ති වැනි බුද්ධිමතුන්ව ඇතුළත් කර ගත යුතුය. කුඩාපොල හිමියන්ගේ වර්ගවාදී ළිං මැඩි චින්තනයට අප මෙයින් විරෝධය පළ කරන අතර මෙම විරෝධය සමාජ සම්බන්ධයක් දක්වා පුළුල් කරමු!

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. පෙරටුගාමි පක්ෂය විදියට ඔබලා යහපලනය පිලිබද කතා කරන එක වැඩක් නැති බවයි මම හිතන්නෙ.ඔබලා කියන විදියට පක්ෂයෙ ප්‍රතිපත්ති වෙනස් නම්,අලුත් ලොවක් හදන්න අලුතෙන් සිතිය යුතු නම්.ඇයි ගියර් එක මාරු කරනේ? දීප්තිම කියන අකරයට මොනව කරත් මෙ රටට කෙලවෙනවනෙ.කල යුතු වන්නෙ අනාගතෙ එන ජ.වි.පෙ වර්ගවදි මතවාදයනට එරෙහිව ඔබෙ මතවාදයන් තරුන පරපුරට කියන එක නෙද? විශෙෂයෙන් ගැමි ජනයා තවමත් වර්ගවාදි මතයෙ ඉන්නෙ .පක්ෂය පිලිබද පැහැදිමෙන් ඉන්න කෙනෙක් හැටියට මෙහෙම අහන එක හරියි කියල හිතෙනව.

Comments are closed.