[dropcap color=”red”]ප[/dropcap]සුගිය සමයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලංකාවට එන බවට විවිධ කට කතා රාශියක් පැතිර ගිය ආකාරය අප දුටිමු. මේ සම්බන්ධයෙන් පක්ෂයේ නිළ ස්ථාවරය ප්‍රකාශ කල පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියයේ දැනට ලංකාවට පැමිණෙන්නට කුමාර් සහෝදරයා නිළ වශයෙන් තීරණයක් අරගෙන නැති බවයි. විප්ලවාදී දේශපාලනයේ නියැලෙන්නට ඇති අවකාශය ඔස්ට්‍රේලියාවේ සිටීමෙන් පටු වන්නේ නැති බවත් තමන් ගේ අරගලය ජාත්‍යන්තර විප්ලවය පදනම් කර ගත් පළල් අරගලයක් වන නිසා භූගෝලීය සාධක එයට පදනම් වන්නේ නැති බවත් කුමාර් සහෝදරයා ලංකාවට එන්නේ නම් ඒ පැමිණේන්නේ ජනතාව විසින් ඒ සම්බන්ධයෙන් කරනු ලබන දැඩ් ඉල්ලීමක ප්‍රතිපළයක් වශයෙන් පමණක් බවත් පුබුදු සහෝදරයා පැවසීය.

කෙසේ නමුත් මේ වන විට විවිධ අකාරයේ මාධ්‍ය වාර්ථා වලින් කියවෙන්නේ කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණ මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන්නට අදහස් කරගෙන සිටින බවත්, දැනට ඔහුට ලංකාවට එන්නට ඇති නීතිමය බාධාවන් ඉවත් කරන්නට ජනාධිපති ලේකම් කාර්යාලය සමග සාකච්ඡා පවත් වන බවත් නොනිල ආරංචි මාර්ග ඔස්සේ විවිධ කතා පැතිරෙන්නට පටන් ගෙන ඇත. අනෙක් අතට ඔහු ඒ ආකරයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ මගින් ප්‍රධාන පක්ෂ දෙකට වඩා වැඩි අවාසියක් ජනතා විමුක්ති පෙරමුණට අත්විය හැකි බවත් මේ නිසාම ජනතා විමුක්ති පෙරමුණත් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නට සැළසුම් කරමින් සිටින බවත් වාර්ථා වෙනවා.

කුමාර් ගුණරත්නම් යනු විප්ලවාදී භාවිතාවක් ප්‍රගුණ කළ පුද්ගයෙකු යන්න සම්බන්ධයෙන් අපට විවාදයක් නැත. නමුත් විප්ලවාදී දේශපාලන භාවිතාව තුළ කුමාර් ගේ ගමන් පථය සියුම්ව නිරීක්ෂණය කර බලන්නට අවශ්‍ය අයෙකුට අප විසින් පළ කළ කුමාර් ගේ වෙට්ටු සහ හාවුන්ගේ හච්චින් යන මෙම ලිපිය කියවන්නට පුළුවන.

මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැහැදිලිවම තමන් නියෝජනය කරනු ලබනවා යැයි විශ්වාස කරන පංතිය සහ නායකත්වය සම්බන්ධයෙන් අපට  පහත උපුටනය ගෙනහැර දක්වන්නට පුලුවන.

නායකත්වය හා පංතිය අතර පරස්පර-විරෝධය තියුණු ම අකාරයෙන් හෙළිදරව් වීමට දැවැන්ත ඓතිහාසික කම්පනයක් අවශ්‍ය වේ. දැවැන්තම ඓතිහාසික කම්පනයෝ යුද්ධ හා විප්ලව ම වෙත්. නිශ්චිතවම මෙම හේතුව නිසා ම යුද්ධයේ දී හා විප්ලවයේ දී බොහෝ විට කම්කරු පන්තිය විපිලසර වූ තත්ත්වයකට පත් වෙයි. පැරනි නාකත්වය සිය අභ්‍යන්තර දූෂිත බව හෙළිදරව් කර ඇති තත්ත්යන්හිදී පවා, පැරනි ප්‍රධාන පක්ෂයේ බිද වැටීම ප්‍රයෝනයට ගැනීමට සමත් ශක්තිමත් විප්ලවාදී කේඩරයන් ඊට කලින් කාල පරිච්ඡේදයෙන් පන්තියට උරුම වී නැත් නම් අලුත් නායකත්වයක් ක්ෂණිකවම සකසා ගැනීමට පන්තියට නුපුලුවන.

කුමාර් ගුණරත්නම් නම් විප්ලවාදී නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් අපට ඒ ගැන පුදුම නැත. මන්ද වසර 2009 දී දෙමළ විමුක්ති අරගලය මුලුන් උපුටා දමන්නටත්, ජෙනරාල් ෆොන්සේකා ජනාධිපති කරවන්නටත් දර දිය ඇදි පිරිස අතර නිහඩ භූමිකාවක් කුමාර් ගුණතර්නම් ද නිරූපණය කළ බව අපට අමතක නැත.

අප සභාග දේශපාලනයට හෝ ජාතිවාදයට තදින් විරුද්ධ බව යළි තහවුරු කරන්නට අවශ්‍ය නැත. වරකෙ ප්‍රභාකරන් පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහුගෙන් මාධ්‍යෙව්දියෙකු අසන්නේ තවමත් ඊලාම් සිහිනය හැර වෙනත් කිසිවක් නැතිද යන්නයි. එවිට ඔහු පිළිතුරු දෙන්නේ එම සිහිනය අත්හැරි දිනෙක තමන් ඔලුවට වෙඩි තබා ගෙන මිය යන බවයි. අප නොදන්නා අපගෙන් පාරාරෝපණය වූ සත්‍ය තුළ ප්‍රභාකරන් මිය ආකාරය අප තවමත් දන්‍නේ නැත. නමුත් අපගේ දේශපාලන භාවිතාව කුමක් ද යන්න ඉතිහාසයට විවෘතය. එතෙක් නිර්මාල් රංජිත් දේවසිරි මහතාට සෝභිත හාංදුරුවන් පොදු අපේක්ෂකයා වනවා යන සිහිනය දකින්නට පුළුවන. අප ඊට බාධා කරන්නේ නැත.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.