[dropcap color=”green”]ස[/dropcap]දරුවන් ගේ ඊ නිවිස් වෙබ් අඩවියේ අර්ථකතනයට අනුව කුරුණෑගල කොල්ලන් යනු තමන් බෙදා ගත් පත වෙනත් අයට පුද කරන්නන්ය. මෙයට යමක් එකතු කළ යුතුය. වෙනත් කෙනෙකු බෙදාගත් පතක් ඒ කෙනාම අත හෝදා ගන්නට ගිය විට එම පත වෙනත් තැනකට ගෙන ගොස් කෑමට ද කුරුණෑගල කොල්ලන් දක්ෂය.

කුරුණෑගල කොල්ලන්ගේ විඥාණයට යම් ඉතිහාසයක් ඇත. ලංකාව ඉංග්‍රීසීන් පාලනය කරන ලද කාලයේ කුරුණෑගල යනු හේන් ගොවියන් ගහන ප්‍රදේශයකි. ඔවුන් බහුතරයක් නිදා ගන්නේ තම නිවසේ නොව ගසක් උඩ පැල් කොටයකය. එවිට හේන මුරකරමින් සිටින කුරුණෑගල කොල්ලන් ගේ විඥාණය තිබෙන්නේ නිවසේ සිටින ස්ත්‍රී ශරීරය හා බද්ධවය. කුරුණෑගල කොල්ලන් ගේ ෆැන්ටසිය වන්නේ (පුරුෂ කේන්ද්‍රීය) නිවසේ සිටින ස්ත්‍රිය ගේ ආශාව විසදීමටය. එවිට කුරුණෑගල කොල්ලන් ගේ විඥාණය ෆැන්ටසි වසංගතයකින් පිරීයයි. එම ෆැන්ටසි වලින් කිය වෙන්නේ ස්ත්‍රියගේ ආශාව ප්‍රහේලිකාවක් වන ආකාරයයි.

ජේ.ආර් පාලනයට පසු කොළඹට පාත් වන කුරණෑගල කොල්ලන් තම අශ්ලීල ෆැන්ටසි ප්‍රක්ෂේපණය කරන්නේ කොළඹ පහල මැද පංතික ස්ත්‍රීන් වෙතටය. තමන් ගේ පත අනුන්ට දීමත්, අනුන් බෙදාගත් පත හොරෙන් වෙන තැනකට ගොස් කෑමත් ඒ අනුව ෆැන්ටසියකි. එය අප යථාර්ථය සමග පටලවා ගත යුතු නැත.

ඩේවිඩ් ලින්ච් ගේ ‘Blue velvet’ ච්ත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඩොරති වැලන්ඩ් තමන් ගේ ආශාව කුමක් දැයි නොදනියි. එනම් ඇය හිස්ටෙරිකයෙකි. ඇයට කුරුණෑගල කොල්ලෙකු හමු වූ විට කුමක් සිදු වනු ඇත්ද? හේන් ගොව්යන් ගේ ඉතිහාසය තුළ විපරිත වී සිටින කුරුණෑගල කොල්ලා වහාම මැදිහත් වී ඩොරති ගේ ආශාව කුමක් දැයි ඇයට කියා දෙනු ඇත. එය ඇයට සහනයකි. මන්ද යත් ඩොරති ගේ ආශාවේ ව්‍යාකරණය ඇය විපරිතයා හරහා හදුනා ගන්නා නිසාය. මේ නිසා නාගරික පිරිමින් විසින් වහා හිස්ටෙරික යැයි හදුනා ගන්නා ස්ත්‍රීන් කුරුණෑගල කොල්ලන් හරහා අනන්‍යතාවයක් ලබා ගැනීම පුදුමයට කරුණක් නොවේ. කුරුණෑගල කොල්ලන් ගේ නිදි ඇදන් වල රහස් විවිධ මාධ්‍ය මගින් තව තවත් හෙලි කරන විට ආදරයේ අංශු මාත්‍රය ගැන අවබෝධයක් ඔබට ලැබෙනු ඇත.

 

ඔබේ අදහස කියන්න...

12 COMMENTS

  1. සෑහෙන කාලයකට පස්සේ ඉතාම අර්ථවත් ලිපියක් පල කොට තිබීම පිළිබඳව මාගේ ස්තුතිය පුද කරමි. නමුත් මෙහි පොඩි අතපසු වීමක් සිදු වී ඇත යන්න මාගේ හැඟීමයි. කෑම බෙදා තබා අත සෝදා ගැනීමට යන්නේ ගම්පහ කොල්ලන් නොවේද?

  2. ගම්පහ කොල්ලන් පිළිබඳව මා විසින් අසන ලද ප්‍රශ්නයට සංස්කාරකගේ පිළිතුර ගොන් කොට නොමැත. එසේම බස්නායක නැමැත්තෙකු විසින් මෙහි පල කොට තිබූ කමෙන්ටුවද ඉවත් කොට ඇත. ඊට හේතුව කුමක්ද ?

  3. කුරුණෑගල කොල්ලන්ට කෙනෙකුගේ මූණ දිහා බලාගෙන කතා කරන්න බැරි වීමටද අදාළ හේතුව ඉහත හේන් ගොවිතැනමද ?

  4. මෙම ලිපියේ ගම්‍යමානය අපැහැදිලිය කරුණා කර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.

  5. මමත් වැඩ ඉගන ගත්තේ ඔය කුරුණෑගල අයියාගෙනුයි සුදු අක්කගෙනුයි තමයි.

  6. Sad to see 3mana deteriorationg to this degree. You are projecting your anger towards Kurunegala as you cant directly challange somebody – he should be possibly from Kurunegala this is my understanding.

  7. හේන් ගොවි තැනට අදාළ සංස්කෘතික හේතු පමණක් කුරුණෑගල කොල්ලන්ගේ හැසිරීමට හේතු වන බව දීප්ති ස්ථිරවම ප්‍රකාශ කරනෙන් කෙසේද ? කුරුණෑගල ප්‍රදේශයේ අහාර වල යම් කිසි වාජිකරනමය ගුණයන් අඩන්ගුවීම තුල කුරුණෑගල කොල්ලන්ගේ හැසිරීම වෙනස් විය නොහැකිද ? එම වාජිකරන ගුණයේ ප්‍රතිපලයක් ලෙස කුරුණෑගල කොල්ලන් වෙතින් හිස්ටීරික ස්ත්‍රීන් සුවපත් විය නොහැකිද ?

  8. අරුණගේ ප්‍රශ්න කිරීම ඉතා නිවැරදිය. කුරුනෑගල ප්‍රදේශය යනු සටන් කලාවේ නිජබිමය. අංගම් පොර පිටි පැවතියේද කුරුනෑගලය. විශේෂ ශක්තීන් වැඩවා ගත හැකි පාරම්පරික ක්‍රම එම ප්‍රදේශයේ මේ දක්වාම නොනැසී පවතී. විශේෂයෙන් ලිංගික ශක්තිය වැඩවා ගැනීමේ පාරම්පරික ක්‍රම, යෝග, ඖශද, ආහාර වර්ග පිලිබඳ දැනුමක් කුරුනෑගල ප්‍රදේශයේ ජනතාව සතුව පවතී.

  9. Deepthi is a man who has surrounded some foolish guys writing bull crap as a king without any kind of academic discipline, which is related to a university and he doesn’t have a knowledge which can be accepted.

  10. 2004 වෙනකම් දීප්ති කරපු වැඩ වල උපරිමය තමයි කුරුනෑගල ඉඳන් කොළඹ ආපු තක්කඩි ඇම්බැට්ටයෙක් පොරක් කරලා ගල්කිස්සෙන් ගෑනියෙක්ව කසාද බන්දවල ඇමෙරිකාවේ යන්න චාන්ස් එකක් අරන් දීපු එක. ඔය වගේ කීදෙනෙක් දැන් පොරවල් වෙලා ඉන්නව්වද ?

Comments are closed.