කැනඩාවේ ටොරොන්ටෝ නගරාධිපතිවරයා වන රොබ් ෆොඩ් මිතුරන් පිරිසක් සමග කෙකේන් පානය කර අශිලාචාර අයුරින් හැසිරෙන ආකාරය රහසිගතව අයෙකු වීඩියෝකර මේ වන විටත් එය අන්තර්ජාලලයට මුදාහැර ඇත. මේ නිසා කැනඩාවේ දැඩි කතා බහක් මේ සම්බන්ධයෙන් ඇතිව තිබෙනව.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වනනගරාධිපතිරයා පවසන්නේ තමන් යනු නගර වැසැයන්ගේ පාලකයා වන බව සැබෑ නමුදු තමන් යනු මේ ජනතාවගේම කොනෙකු වන බවයි. මේ නිසා මේ හේතුවෙන් තමන්ට තනතුරනේ ඉල්ලා අස්වන්නට හේතුවක් නැතැයි පවසන ඔහු කියන්නේ ජනතාව හැසැරෙන අකාරයට තමන්ට ද හැසැරෙන්නට අවස්ථාව තිබිය යුතු බවත් තමන් පත් වූයේ ජනතාවාගේ ඡන්දයෙන් වන නිසා ජනතාව තමන්ට විරුද්ධ නැතිතම් සහ ජනතාවා හැසැරෙන අකාරයට තමන් හැසීරීම වරදක් වන්නේ කෙසේද යන්නයි.

මෙතෙක් සිවිල් බලතල සහිත වගකිව යුතු තනතුරක් වූ නගරාධිපතිධූරය යනු සාමාන්‍ය ජනතාවගේම නියෝජිතයෙකු පත්වන තනතුරක් පමණක් බවට ඔහු විසින් පත් කළා. ලංකාවේ ගොඩක් අය මෝඩ ජනතාව නුසුදුස්සන්ව තෝරාපත් කර ගන්නවා යැයි පැවසුවත් ඇත්තටම ජනතා නියෝජිතයන් කියන්නේ ජනතාවගේම කොටසක් බව ඔහු විසින් ඔප්පු කළා. ඒ නිසා අපේ රටේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය සපුරා ඇති කැනඩාවේ පවා ජනතා නියෝජිතයන් යනු ජනතාවම බව අපට තහවුරු වෙනවා.

පහත විඩියෝව නරඹා ඔබත් ජනතා නියෝජිතයකුගේ හැසීම අධ්‍යනය කරන්න. ලංකාවේ අයට වඩා කැනඩාවේ අයගේ ඇති වෙනස කුමක්ද කියා තීරණය කිරීම පාඨකයා සතු වගකීමකි.

මේ පුද්ගලයාගේ ඇති අනෙක් සුවිශේෂිතාවය වන්නේ මොහු දෙමළ ඊලාම් අරගලයට සහයෝගය දක්වන අයෙකු වීමත් සමලිංගික සේවයණයට දැඩිව විරුද්ධ වන අයෙකු වීමත්ය. මේ නිසා ටොරොන්ටෝ ප්‍රාන්තයේ බහුතර දෙමළ ඡන්ද මොහුට හිමිවන අතර සමලිගික විරෝධය නිසා සාම්ප්‍රදායික කැනඩා ජනතාවගේ ඡන්දයත් මොහුට හිමි වනවා. එවැනි ද්ත්ව සුවරූපයක් ඇති අයෙකු කොකේන් පානය කර කුණුහුරප කියා බැන වැදීම නිසා ඔහුට සිය තනතුර අහිමි නොවන බව පැහැදිලිය. ලංකාවේ මේ වගේ ජනතා නියෝජිතයන් සිටිනවාද කියා අප දන්නේ නැත.

 

http://www.bbc.co.uk/news/world-us-canada-24857477

ඔබේ අදහස කියන්න...