සත්හඩ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය දරණ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති සම්බන්ධයෙන් යම් වැදගත් තොරතුරු කිහිපයක් හෙළිදරව් කිරීමට මේ හොදම මොහොත යැයි අපි සිතන්නෙමු.


බොහෝ අය සිතාගෙන සිටින්නේ ‘සත්හඩ‘ පුවත්පතේ සිටින්නේ අප පක්ෂයට සම්බන්ධ සහෝදරවරුන් බවයි. මේ වැරදි අවබෝධය මත සිටිමින් දීප්ති පෙනී සිටින පරමාදර්ශ වෙනුවෙන් පුවත්පතේ සේවය කරන අන් අය ද පෙනී සිටින බව ඔවුහු නිගමනය කරති. මේ සියලු දෙනාට අප මතක් කර දෙන්නේ සත්හඩ යනු දීප්ති රැකියාව කරන ආයතනය පමණක් බවය. නමුත් අවශ්‍ය නම් දැනට පවතින තත්ත්වයට වඩා පස් හය ගුණයක වේගයෙන් අපගේ පක්ෂයේ මතවාදයන් මෙම ආයතනය හරහා අපට සමාජගත කිරීමට හැකි නමුත් අපට එසේ කිරීමට අවශ්‍ය නැත. අපට ඇගිල්ල දිගු කරන අය මුලින්ම දැනගත යුත්තේ ‘සත්හඩ‘ පුවත්පතේ අප පක්ෂයේ කිසිදු සාමාජිකයකු සේවය නොකරන බවය.  ඒ නිසා එම පුවත්පතේ සේවය කරන අය සිදුකරන පුද්ගලික ක්‍රියාවන්ට දීප්තිගේ කිසිදු සම්බන්ධයක් නැති බව ද ඔවුන් දැනගත යුතුය.

අපි මේ දේවල් පවසන්නේ විවිධ පුද්ගලයන් අපෙන් දහසකුත් ප්‍රශ්න අසන බැවිණි.


ජාතික තලයේ පුවත්පතක කර්තෘ ධූරයක් දරණ එකම සහ ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වාමාංශික නායකයා වන්නේ දීප්ති වන නමුත් ඔහුට ජීවිතය රැක ගැනීමට පත්තර කන්තෝරුවක රැකියාවක් කිරීමට සිදු වූයේ මන්දැයි යන කාරණය බොහෝ දෙනෙකු අමතක කරයි. සමහරු පවසන්නේ ඔහු රුපියල් කෝටි 20 ක මුදලක් රැගෙන යූ.එන්.පී. ප්‍රොජෙක්ට් එකක් සත්හඩ පුවත්පත හරහා ඉෂ්ඨ කරමින් සිටින බවයි. තවත් සමහරු පවසන්නේ රුවන් ෆර්ඩිනෑන්ඩ්ස් සිය මිතුරා වන බැවින් ඔහුට උදව්වක් ලෙස දීප්ති මේ කර්තෘ ධූරය දරමින් සිටින බවයි. යථාර්ථයෙන් පරිබාහිරව මේ ආකාරයෙන් සිතට නැගෙන සිතුවිළි වලින් බොහෝ දෙනෙකු විවිධ හේතු ගණනාවක් දීප්ති සත්හඩේ ප්‍රධාන කර්තෘ ධූරය දැරීම සම්බන්ධයෙන් දක්වා සිටියි.
එසේ නම් දීප්තිට සත්හඩේ රැකියාවක් කිරීමට සිදු වූයේ ඇයි ? ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අප සියලු දෙනා වගකීම බාරගත යුතුය. ලංකාව තුළ වඩාත් තීරණාත්මකම සන්ධිස්ථානයක සිටින දියුණුතම අදහස් වලින් සන්නද්ධ ගැටලුවක් දෙස පැති ගණනාවකින් බැලීමට හැකි අප පක්ෂය ඇයි දීප්තිව රැකගැනීමට අසමත් වී තිබෙන්නේ ?  


වසර 20 ක පමණ කාලයක් මුලුල්ලේ දීප්ති විසින් රකිනු ලබන පරමාදර්ශයන් හේතුවෙන් පක්ෂයෙන් පිටත බාහිර සමාජයේ යම් යම් කොටස් සමග පවත්වන සබදතා නිසා අන් කවරෙකුටත් වඩා ඔහුව සමාජය ඉදිරියේ අපවාදයට ලක්වන අතර ඊට සෘජුව වගකිව යුත්තේ ද අප පක්ෂයයි. එසේ සිදු වී ඇත්තේ පක්ෂය විසින් සිදුකළ යුතුව ඇති කාර්යයන් පක්ෂ නායකයාට සිදු කිරීමට වීම හේතුවෙනි. පක්ෂ නායකයා යනු සමාජය වෙනස් කිරීමේ මූලික අනු සාදන්නාය. ඒ සදහා ඔහුව වෙනමම තලයක තබා පක්ෂය විසින් අවශ්‍ය පහසුකම් සළසා දිය යුතුය. එයින් අදහස් වන්නේ පක්ෂ නායකයා සමාජයෙන් හුදෙකලා කොට තැබීම නොවේ. මේ වකවානුව යනු දීප්තිට සමාජය සංවිධානය කිරීමට පහසුකම් සළසා දිය යුතුම කාලයයි. නමුත් අපි සිදු කරමින් සිටින්නේ කුමක්ද ?  


මධ්‍යම පන්තිය යනු කුමක්දැයි සහ එහි හැසිරීම කුමක්දැයි යන්න තේරුම් ගැනීමට නිර්ධනයින්ට අවශ්‍ය දැනුම දීප්ති සම්පාදනය කළේ බොහෝ කලකට ඉහතදීය. මෙම දැනුම ගණිකා සේවයේ යොදවන නිර්ධනයින් එදත් සිටියේය. අදත් සිටින්නේය. නමුත් පක්ෂයක් ලෙස අපි එම දැනුම රැකගැනීමට දැනගත යුතුය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඕකට කියන්නේ වාමාංශික ඇමිබා ප්‍රශ්නය කියල.

  2. දීප්තිට අවලාද ගහන එක සහ එම කට්ටිය ගැන එතරම් වැඩිය කරදර විය යුතු නැහැ කියලි මටනම් හිතෙන්නේ. දීප්ති ඔබේ වෙබ් අඩවියේම යම් තැනක කියල තිබුණා “අද සමාජය සංවිදානය වෙන්නේ අර්ථ වටා නෙවෙයි විනෝදය වටා” කියල( මට මතක හැටියට Virtigo ගැන සාකච්චාවේදී). ඔය දීප්තිට අවලාද ගහන අයත් ඕක කරන්නේ අර්ථයකටම නෙවෙයි එක ඒ අයගේ විනෝදෙ. ඒ අයට අර්ථ සැපයීම නිෂ්පල ක්‍රියාවක් අපි ඒ අයට දෙන්න ඕනේ ඒ අය සොයන විනෝදය. ඒ කියන්නේ මෙන්න මේ වගේ: ඒ අය කියනකොට “දීප්තිට UNP එකෙන් කොටි 20 දීල කියල, අපි කියනවා “නැහැ කොටි 40ක් දීල ඒක UNP එක හරහා දීල තියෙන්නේ CIA එහෙමනැත්නම් RAW එක” කියල. බලන්න මේ වගේ දේවල් ටික දවසක් කිව්වොත් මට හොදටම විශ්වාසයි මුන් ඔක්කොම දීප්ති පස්සේ එන්න පටන්ගන්නවා.

Comments are closed.