[dropcap color=”red”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාධරයෙකු වන සුමතිපාල මානවඩු සහෝදරයා හදිසියේ අප අතරින් සමුගත්තේය. මතවාදීව මොන ගැටළු තිබුනත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් ඔහු කළ කැප කිරීමට අප විප්ලවීය ආචාරය පුද කරන්නෙමු.

ඔහුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විමල් කැටපේ ආරච්චිට සහ අජිත් කුමාර සහෝදරයාට මළ ගෙදර දී ජ.වි.පෙ සමාජිකයන් විසින් පහර දී ඇත.

අප ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී දේශපාලනය සමග සියයට සියයක්ම විරුද්ධය. ප්‍රසිද්ධියේ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින විමල් වීරවංශ සහ පාඨලී චම්පිකට වඩා ජනතා විමුක්ති පෙරමුණ අති භායානක ජාතිවාදීන් වශයෙන් අපි පිළිගන්නෙමු. මන්ද යත් ජ.වි.පෙ ජාතිවාදය අවිඥාණක අගතියකින් මෙහෙයෙවන නිසාය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුව ජාතිවාදයෙන් මිදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිසා අපි ජාතිවාදය සම්බන්ධ දේශපාලනයේ දී ඔවුන් සමග සියයට සියයක් එකගය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් දෙදෙනෙකුට පහර දීම ගැන අප කල්පනා කරන්නේ කෙසේද? එම පහර දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපට ස්ථාවරයන් තුනක් ඇත

01 මෙහිදී විමල් කැටපෙආරච්චි සහ අජිත් කුමාර යන පුද්ගල චරිත දෙකට මේ ආකාරයෙන් පහර දීම සම්බන්ධයෙන් අප අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකාවේ දේශපාලන අරගලයේ කොටස්කරුවන් ලෙස සිය දායතක්වය ලබා දෙන බැවිනි.

02 ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් විමල්ට සහ අජිත්ට පහර දෙන විට එය ඔවුන් කරන්නේ හොද මිනිසුන් වීමට නොව නිදහස් මිනිසුන් වීමටය. නිදහස් මිනිසා යනු පවතින දේශපාලන සදාචාරය අත් හිටුවන්නාය. එනම් දේශපාලනය යනු සදාචාරය අත් හිටුවීමයි.

03 දේශපාලනයෙන් පසමිතුරුභාවය ඉවත් කළ විට ඉතිරි වන්නේ ඉවරයක් නොවන සම්භාෂක අනෙකෙකි. අප කළ යුත්තේ දේශපාලනයට පසමිතරුභාවය සහ අඥය හදුන්වාදීමයි. එය කළ හැක්කේ පද්ධතිය බිහිකර ඇති හිංසාව නම් තුවාලය හිසාවෙන්ම සුව කිරීමෙනි. පාවා දීම සහ විමතික අදහස් පළකිරීම යනු වැඩ දෙකකි. පාවා දෙන්නන්නට අප පහර දිය යුතුය. ධනේෂ්වර රාජ්‍යය ඊනියා ත්‍රස්තවාදීන්ව දේශපාලනයෙන් ඉවත් කරන පරිදිම අපද සදාචාරයට බිය නොවී පාවා දෙන්නන්ව දේශපාලනයෙන් ඉවත් කළ යුතුය. උදාහරණයක් වශයෙන් මධ්‍යම පාංතික ප්‍රතිගාමීන් වශයෙන් අපව හදුන්වා පියසීලී ගේ මළ ගෙදරින් අපව පන්වා දැමූ සමානතා පක්ෂයේ සහෝදරවරුන් ගේ එම ක්‍රියාව අපට අනුව දේශපාලනිකය. මන්ද යත් එමගින් ඔවුන් දේශපාලනයට පසමිතුරු භාවය හදුන්වා දෙන බැවිනි. මෙහි අනෙත් අන්තය වන දක්ෂිණාංශික ෆැසිස්ට්වාදීන් වන බොදු බල සේනාව විසින් රිෂාඩ් බදූර්දීන්ව ජාතිවාදීව විවේචනය කිරීමද දේශපාලනයට පසමිතුරුභාවය හදුන්වාදීමකි. දේශපාලනයෙන් පසමිතුරුභාවය ඉවත් කරන්නේ මාසික වැටුපකින් නඩත්තු වන මධ්‍යම පංතික ලිබරල්වාදී බුද්ධිමතුන්ය.

එබැවින් අප සිටින්නේ දේශපාලනයේ වාමාංශික පසමිතුරුභාවය පැත්තේය. එහි උරුමයට අනුව විමල්ලාට අජිත්ලාට ඔහොම නොව රෝහල් ගත වන්නටම පහර දිය යුතුය. අප කණගාටු වන්නේ අපව පාවාදුන් අයට එලෙස පහර දීමට නොහැකිවීම ගැනය. දක්ෂිණාංශිකයන් සමාජයෙන් ත්‍රස්තවාදීන් ඉවත් කිරීමට උත්සහ දරණ පදිරිම අරගලකරුවන්ව නොව පාවා දෙන්නන්ව සමාජ අරගලයෙන් ඉවත් කළ යුතුය. ඒ අයට සංස්කෘතික අරගලය තුල පැවතීමට ඉඩ දිය යුතුය.

???????????

ඔබේ අදහස කියන්න...