Definition of plasticity

1 : the quality or state of being plastic especially : capacity for being molded or altered
2 : the ability to retain a shape attained by pressure deformation
3 : the capacity of organisms with the same genotype to vary in developmental pattern, in phenotype, or in behavior according to varying environmental conditions
4 : the capacity for continuous alteration of the neural pathways and synapses of the living brain and nervous system in response to experience or injury.

 

”අන්තෝනියෝ ග්‍රාම්ස්චි ජීවිතය චින්තනය දේශපාලනය” නමැති පොතේ හැදින්වීම  ලියනු ලබන්නේ ජයදේව උයන්ගොඩ විසිනි. ඔහුගේ හැදින්වීම  කියවන විට අපට හැගී යන්නේ ඔහු එය  ලිවීමට ප්‍රථම පොත කියවා නැති බවයි. අප මීට පෙර ලිපියේ පෙන්වා දුන් පරිදි ලංකාවේ දේශපාලන ඉතිහාසය විකෘති කරන-intertexuality- කටයුත්තක් මගින් ඉදිරි දේශපාලන පරිවර්තනයක් සදහා මග පෙන්වනු ඇතැයි  උයන්ගොඩ වැනි විද්වතෙකු විසින් කරන ප්‍රකාශ කිරීම  තුලම එහි විරුද්ධ ඵලය කුමක්ද යන්න ගම්‍ය කරවයි. සුමිත් චාමින්ද-Black Mask- මහතා විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයට අනුව මහත්මයෙකු උවද ඔහු සමාජයට මහත්මයෙකු නොවේ. 2011 වසරේදී ජයදේව උයන්ගොඩ මෙසේ ලියයි.

“විසිවන සියවසේ මුල්භාගයේ සිටි ඉතාලි මාක්ස්වාදී චින්තකයෙකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ –White Skin-අදහසක් සංශෝධනය කරමින් කියන්නේ නම් , රාජ්‍ය ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපෘතියක් ඉදිරියට දමන දේශපාලන පක්ෂයක්, ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර කල යුත්තේ , සමාජයේ විවිධ පන්තීන් අතර තම මතවාදී සහ බුද්ධිමය නායකත්වය පිහිටුවවීමයි. එම සමාජයේ දේශපාලන විඥානය සහ අවබෝධය ඉහල මට්ටමකට ගෙන ඒමේ ක්‍රියාවකි. බොහෝ දේශපාලන පක්ෂ කරන්නාක් මෙන් සමාජය පසුපස යාමක් නොව, සමාජය සමග ඉදිරියට යෑමකි. සමාජයට ප්‍රතිසංස්කරණවාදී නායකත්වයක් දෙන දේශපාලන බලවේග, සමාජයට වඩා අඩියක් හෝ ඉදිරියෙන් සිටින්නේ නැතිව, සමාජයට බුද්ධිමය මතවාදී නායකත්වය දිය නොහැකිය.”-රාජ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද? කුමටද? කාටද?

උයන්ගොඩ මහතාට අනුව සුමිත් චාමින්ද නම් මහතා ග්‍රාම්ස්චිගේ චින්තනය සහ න්‍යාය මැනවින් ප්‍රගුණ කර ඇති තරුණ ශාස්ත්‍රඥයෙකු වන්නේ කෙසේද? ලංකාවේ ප්‍රථමවතාවට සුමිත් චාමින්ද , නිර්මාල් රංජිත් වැනි මධ්‍යම පන්තිය නියෝජනය නොකළ පුද්ගලයන්ට දේශපාලන විඥානය සහ අවබෝධය ලබා දීමට උත්සහ කල, ලංකාවේ විශාල පිරිසක් හමුවේ මතවාදී සහ බුද්ධිමය නායකත්වයක් පිහිටුවා ගත් X කණ්ඩායම  – Black Skin-දෙකඩ කර විනාශ කර දැමීමේ කුමන්ත්‍රණකරුවෙකුට- පුද්ගලික උවමනාවන්ට–  ග්‍රාම්ස්චිගේ චින්තනය සහ න්‍යාය මැනවින් ප්‍රගුණ කල හැකිද? ග්‍රාම්ස්චි ඉතාලියානු සමාජයට යමක් කල බව අප පිළිගත යුතුය. නමුත් ලංකාවේදී ග්‍රාම්ස්චි පරිවර්තනය කරන සුමිත් චාමින්දගේ සැබෑ අභිලාශය කුමක්ද යන්න උයන්ගොඩ මහතා ලිවිය  යුතුය. ග්‍රාම්ස්චිගේ න්‍යායන් තවදුරටත් වලංගුද නැතිද යන්න සදහන් කල යුතුය.  දෙයිවයේ සරදමකට මෙන් උයන්ගොඩගේ හැදින්වීම කතුවරයා පිළිබද  අතිශෝක්තියෙන් ලියන ලද විද්‍යාත්මක පසුබිමක් නොමැති සුළු ලියවිල්ලක් පමණක් වී ඇත.

සුමිත් චාමින්ද මහතා විසින් තම පොත පුදනු ලබන්නේ තතියානා ෂක්ට් වෙනුවෙනි. ඔහුගේ පිදුම පිළිබද තතියානා ෂක්ට් කුමක් පවසයිද? විදේශිකයන්ට පොත් පිදීම සහ ඔවුන්ට ස්තුති කිරීමේ ගැමි මානසිකත්වය සමාජගත වන්නේ X දේශපාලනයේ පරීක්ෂණ නල වල බිහි කිරීමට උත්සහ කල දේශපාලන ජීවීන් විකලාංග සහිතව මහා පිපුරුමෙන් පසුව සමාජයට මිදී යාමේ ප්‍රතිඵලයක් වශයෙනි. විදේශිකයන්ට සරාත්මක ජීවිතයක් පවතී සහ එවැන්නෙකු වෙනුවෙන් යමක් කිරීම සමාජ පිළිගැනීමට හේතු වේ යැයි සිතීම ෆැන්ටසියක් මිස යතාර්ථයක් නොවේ. යුරෝපීය යටත්විජිත ස්වාමියා අපට පරමාදර්ශයක් වන්නේ ඔවුන් විසින් මුදාහල නිදහස් චින්තනයේ අභාෂය අපද ලබාගත් බැවිනි. නමුත් අපගේ අභිලාශය ආසියාතිකයන් ලෙස නිදහස උදාකර ගැනීමයි. එවිට යටත්විජිත ස්වාමියාගෙන්ද අප නිදහස් විය යුතුය. අපගේ නිදහස වෙනුවෙන් ඔවුන්ට ණයගැති වීම අප බලාපොරොත්තු වන නිදහසේ පුර්ව අවධියකි.  තතියානා ෂක්ට් යනු ග්‍රාම්ස්චිගේ බිරිද වන බව මතුපිටින් පෙනෙන දෙයක් වුවද ඇය ෂක්ට් පවුලේ සහෝදරියන් තිදෙනා අතුරෙන් එකෙකු පමණි. ග්‍රාම්ස්චි මුලින් පෙමින් වෙලෙන්නේ ෂක්ට් පවුලේ බාල සහෝදරිය වන ගිලීයා ෂක්ට් සමගය. නමුත් ෂක්ට් පවුලේ සහෝදරියන් තිදෙනාම සමග ග්‍රාම්ස්චිට ඇති සම්බන්ධය හේතුවෙන් ගිලීයා දැඩි මානසික අබාධයකට ගොදුරු වෙයි. ග්‍රාම්ස්චිගේ මෙම ස්ත්‍රීන් සමග පැවැත්වූ සම්බන්ධය පිළිබද ලිපියක් 1995 පෙබරවාරි මස පලවූ ප්‍රවාද සගරාවේ ..”එත් ඉතින්…ග්‍රාම්ස්චි නේ !” යන මැයෙන් තෙරේසා ද ලොරෙතිස් විසින් ලියනු ලබයි. ග්‍රාම්ස්චිගේ  චින්තනය සහ න්‍යාය මැනවින් ප්‍රගුණ කර ඇති  ශාස්ත්‍රඥයෙකු වන සුමිත් චාමින්ද මහතාට මෙම ලිපිය මග හැරීම අහම්බයක් නොවේ. මන්ද ග්‍රාම්ස්චිගෙන් ඉගෙන ගත් එකම න්‍යාය හරියටම ක්‍රියාත්මක වන්නේ සුමිත්ගේ ගැහැණු ආශිත්‍ර කලාපයේදීය. ලංකාවට Me Tooවැනි ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ මෙවැනි  ශාස්ත්‍රඥයන් ගේ සැබෑ ඥානය ඇත්තේ මොලයේද නැතිනම් ලිංගඉන්ද්‍රයේද යන්න  රටට පසක් කිරීම සදහාය.

දීප්ති සමග තරහට විද්‍යාවක් විකෘති කිරීම සහ කල්පනාකාරීව දේවල් නොකියවීමේ ප්‍රතිඵලයක් ලෙස සුමිත්ගේ පොත හුදු කවියෙකු විසින් ලියු ග්‍රාම්ස්චි පිළිබද චරිතකතාවක් පමණක් බවට පත් වෙයි. ව්‍යුහවාදය නම් විද්‍යාත්මක භාවිතාවේ ප්‍රභලත්වය අවුරුදු විස්සකට පසුවත් සනාථ වේ. භෞතික විද්‍යාව ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි වුවත් මානව විද්‍යාවන් තේරුම් ගැනීම ඉතා අපහසුය. ඒ සදහා දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු අතර සැලකිය යුතු කාලයක් වෙන් කල යුතුය. සුමිත්ගේ කෘතිය තුල කාලය මිඩංගු කරමින් බුද්ධිමය ව්‍යායාමයක් කර ඇති බව අපට පෙනෙන්නට නොතිබේ. අහස පබ්ලිකේෂන් ආයතනය රු. 500 ක් ලබාගෙන තම පාඨකයන් මුලා කර ඇත. තමාගේ සිතට නැගෙන සිතුවිලි පොතක් බවට පත් කිරීම සහ විශ්වවිද්‍යාල ගුරුවරයා යන සංකේතීය නාමය (ළමයි ඉගෙන ගැනීමට පැමිණෙන්නේ නැති වුවත්) භාවිතා කර ඒ පොත විකුණා ගැනීම ශාස්ත්‍රීය කටයුත්තක් ලෙස හැදින්වීම කොතරම් දුරට සාධාරණද?

පෙ.ස.පේ  ග්‍රාම්ස්චි පිළිබද දෘෂ්ටිවාදයක් රැගෙන තමාගේ ඉදිරි දේශපාලනය ගොඩනගා ගැනීමට උත්සහ කලමුත් එයද අවසන් වී ඇත. තමන්ට න්‍යායික සහයෝගය දක්වන සහෝදරයා තක්කඩියෙකු බව තේරුම් ගැනීමට විනෝදය පිළිබද න්‍යාය ඔවුන් විසින් වටහා ගත යුතුය. නමුත් එම වටහා ගැනීම ඔවුන්ව ස්වයං විනාශය කරා රැගෙන යයි. මේ නිසා එය  මගහැර යාම තමන්ගේ පැවැත්ම අතින් ඊට වඩා පහසුය.

විදර්ශන කන්නන්ගර  සත්‍යවාදී සටන්කරුවෙකු වන බව කියවේ. නමුත් සුමිත්ගේ පොත ගැන කිසිවක් ප්‍රකාශ නොකර නිශ්ශබ්දව සිටීම ඔහු වගබලා ගනී. ඒ මෙම සත්‍යවාදී සටන්කරුවාගේ තක්කඩිකමයි. “සුමිත් උබ X එකේ හිටියා කියලා මේ පොතේ නැහැනේ, උබට ග්‍රාම්ස්චි ගැන ඉගැන්නුවේ ගමේ අයද? මැදිරිගිරියේ ඉස්කොලේදීද? යැයි අසන්නට විදර්ශනට හැකිය. නමුත් සියලු දේ දේශපාලනිකව ප්‍රශ්න කල යුතු යැයි කියන , සියලු දෙනා සමග දේශපාලනිකව ගැටිය යුතු යැයි කියන මෙම ඊනියා සටන්කරුවා සුමිත්ගේ වැඩේදී සාමාන්‍ය පුද්ගලයෙකු වී ඇත.

සියලු දෙනා දේශපාලනය යැයි පවසමින් කරමින් සිටින්නේ වෙනත් දෙයකි. කහ සිවුරු පොරවා ගෙන බෞද්ධ ලේබලය ගසා ගන්නා  තක්කඩින් බෞද්ධයකුට නොගැලපෙන සියල්ල කරයි. මේ නිසා  ආගමික පුනුරුදයක් වෙනුවෙන් ක්‍රියාකරනා ආගමික නායකයන්  බිහි වන තෙක් බලා සිටීමට සිදුවී ඇත. දේශපාලනයද පත්වී ඇත්තේ මේ හා සමාන තත්වයකටය.බොහෝ දෙනා රැඩිකල්, ඇකඩමික , වාමාංශික ලේබලයට මුවා වෙමින් ඒවාට පටහැනි සියලු දේ කරමින් සිටී. අම්පිටියේ සුමන නම් භික්ෂුවගේ මෑතකාලීන හැසිරීම පිලිබදව පශ්චාත් X වාමාංශිකයන් බොහෝ දෙන්නෙක් ඉතාම කලකිරීමෙන් අදහස් දක්වා තිබිණ. එය ඔවුන්ට අනුව 2500 ක උරුමය විසින් දායාද කරන ලද මානසික රොගීයෙකුගේ ක්‍රියාවක් මෙන්ම ඇතුලේ කවුරු හිටියත් සිවුරට ගරු කරන සමාජයක සිවුරේ  බලය විනාශ වී යාමට  හේතුවක්ද  වේ. අම්පිටියේ සුමනගේ ගැටලුව සහ බුදුදහම අතර සම්බන්ධයක් නැත. මන්ද අම්පිටියේ සුමන නිවැරදි බුදුදහමට අනුව මහන දම් පිරුවේ නම්  එවැනි මානසික රෝගීන් බිහි නොවන නිසාය. නමුත් ඊට වඩා සිවුරේ බල භාවිතා කරමින් විනෝද වීම සුමනගේ ආත්මයට තෘප්තියකි. සුමිත් චාමින්දට මේ තත්වය එක සේ අදාලය.සුමිත්  සැබෑ දේශපාලන සටන්කරුවෙකු , න්‍යායචාර්යවරයෙකු වීමට තමන්ට මුල සිට ලැබූ අවස්ථාවන් යොදා ගත්තේ නම් තමන් අද සිටින මානසික රෝගී තත්වයට ඔහු ඇද වැටෙන්නේ නැත. මේ නිසා අම්පිටියේ සුමන සහ සුමිත් චාමින්ද යනු එකම ගැටලුවේ ප්‍රතිඵලයකි. මේ ගැටලුව වටහා ගැනීමට හැක්කේ විනෝදය පිළිබද අධ්‍යයනය හරහා පමණි. කහ සිවුර පොරවාගත් භික්ෂුන්ට එරෙහි වීමට පෙර තමන්ද සිවුරක් පොරවාගත්  තක්කඩියෙකු නොවේද යන්න පැරණි X සාමාජිකයන් කල්පනා කල යුතුය. ක්‍රමය විසින් ඇති කරනු ලබන ප්‍රතිඵල අප සියලු දෙනාටම පොදුය. අප ක්‍රමයේ කොටස්කරුවන් නොවන්නේ නම් අපට ස්වාධීන විය හැක. නමුත් එවැනි පිරිසක් නොසිටී. මේ නිසා අනෙකාගේ උමතු රංගනයන් වලට අනෙකාටම චෝදනා නොකර එය අපව තේරුම්ගැනීමේ විද්‍යාවක් බවට පත්කර ගත යුතුය. අලුත් සමාජයක් බිහි වන්නේ එම තේරුම්ගැනීම සමාජගත වන මොහොතේදීය.    

  

ඔබේ අදහස කියන්න...