වාමාංශික දේශපාලන ව්‍යාපෘතියක සැබෑ අභිලාෂය වන්නේ ප්‍රබුද්ධත්වයේ ව්‍යාපෘතියක් හරහා පුද්ගලයා බුද්ධිමත් ජීවියෙකු බවට පත් කිරීමයි. ආගම, කලාව, දර්ශනය යන මුලික විෂය ක්ෂත්‍රයන් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව හැදෑරීම මගින් අප උත්සහ කරන්නේ බුද්ධිමය පාදඩයෙකු වීමට නොව අනාගත දියුණු සමාජයකට අවශ්‍ය දියුණු පුරවැසියෙකු බවට පත්වීමයි. දිනෙන් දින පිරිහමින් පවතින සමාජය දෘෂ්ටිවාදයන් විසින් වෙළාගන්නා විට මනුෂ්‍යත්වයේ උත්තරීතර බව රැකගැනීම සදහා බලාපොරොත්තුවක් ඇති ඉතා සුළු පිරිස අප පමණි.

අප අතර විවිධ මතවාද , අදහස් පැවතියද, ඒවා අතර ගැටුම් පැවතියද, ඒ සියලු දේ සත්‍ය මත පදනම් විය යුතුය. මානව විද්‍යාවක් ලෙස දේශපාලනය විද්‍යාත්මකව හැදෑරීය යුතුය. එනම් අපගේ හැදෑරීම් සාර්වත්‍රික විය යුතුය. එකම න්‍යාය  තැනින් තැනට  වෙනස් වන්නේ නම් එය විද්‍යාත්මක නියමයක් නොවේ. එසේම එවැනි වෙනස් කම් සදහා විවිධ පුද්ගලවාදයන් බලපානු ලබයි නම් අප එය දේශපාලනය පාදඩකරණය කිරීමක් ලෙස හදුනාගන්නෙමු. අද වඩා අධිනිශ්චය වන සම්ප්‍රදාය වන්නේ මෙකී පාදඩ සංස්කෘතිය සහ එවැනි පුද්ගලයන්ය. එය කොයිතරම් දුරට අපගේ නිදහසට, අපගේ අනාගත පරපුරේ නිදහසට පිළලයක්ද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්ය. මේ මොහොතේ  අත්දකින සමාජ පරිහානියට, බුද්ධිමය සම්ප්‍රදායකට උරුමකම් කියන දේශපාලන පක්ෂයක් වශයෙන් අප  රැඩිකල් ලෙස මැදිහත් විය යුතුය. ඒ සදහා අප වටා සිටින, ලංකික සමාජය වෙනස් කිරීම සදහා සැබෑ උවමනාවක්, ඇති සියලු දෙනා අරගල කල යුතුය. දේශපාලනයේ ගැටලුව ඇත්තේ වස්තුව තුල නොව ආත්මය තුල බවට තව දුරටත් සනාථ කල යුතු නැත. තක්කඩි පන්නා දැමීම සදහා අවියක් ලෙස විද්‍යාව යොදා ගත යුතුය. එය අප සියලු දෙනාගේම පෞද්ගලික මැදිහත්වීම් වලින් තොර උත්තරීතර අවියකි. අපගේ චින්තනය සාර්වත්‍රිකයන් මත පදනම් විය යුතුය.

පුරා දශක දෙකක ඉතිහාසයක් ඇති පක්ෂයේ අධ්‍යාපන වැඩසටහනේ ප්‍රථම විෂය වන්නේ ව්‍යුහවාදයයි. එම අධ්‍යාපන වැඩසටහන දෙස ආපසු හැරී බැලීමේදී අපට පෙනී යන්නේ විවිධ යුග වල එම අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනෙකුට සොෂියර්ගේ සාධාරණ වාග් විද්‍යාව-General linguistics– මත පදනම් වෙමින් උගන්වන ලද ව්‍යුහවාදය අබමල් රේණුවක තරම්වත් වැටහී නොමැති බවයි. අඩුම තරමේ ඔවුන් General යන පදයේ තේරුමවත්  නොදනී. එසේම මුලික සංකල්ප වන සංඥාව, පරතරය, මාත්‍රාව ගැනීම, ශබ්ධය ආදිය  පිලිබදව පවා නිසි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති බව අපට පෙනී යයි. අද අප උත්සහ කරන්නේ මෙම තත්වය විධිමත් ලෙස පරීක්ෂා කර සනාථ කර පෙන්වීම සදහාය. එම ක්‍රමවේදය තේරුම් ගැනීමෙන් ඔබට ඉහත සදහන් කල බුද්ධිමය දේශපාලන සංස්කෘතියේ පාදඩයන් විසංයෝජනය කිරීමේ හැකියාව උදාකරගත හැක. එය පවතින දේශපාලන භුමියේ අරගල කිරීමේදී ඉතා වැදගත් වනු ඇත. තව දුරටත් අප විසින් දේශපාලනික වශයෙන් විරුද්ධ විය යුත්තේ සරුවා සුනිල්, දුමින්ද සිල්වා , රත්තරං වැනි පුද්ගලයන්ට නොව, මෙකී බුද්ධිමය සංස්කෘතිය අපයෝජනය කරනු ලබන සරුවා සුනිල්ටත් වඩා භයානක පුද්ගලයන්ටය.

මෑතකදී එළිදකින ලද ”අන්තෝනියෝ ග්‍රාම්ස්චි ජීවිතය චින්තනය දේශපාලනය” නමැති පොත විසංයෝජනය කරමින් මෙම බුද්ධිමය පාදඩකරණයේ තරම තේරුම් ගැනීමට අප උත්සහ කරමු. සුමිත් චාමින්ද යනු X කණ්ඩායමේ පැරණි සාමාජිකයෙකි. ඔහුගේ සමාජිකත්ව ඉතිහාසය ලංකාවේ සමාජයට ඉතුරු කරන ලද්දේ දේශපාලන සංවිධානයක් තුල කැත වැඩ කිරීම පිළිබද ඉතිහාසයක් මිස සමාජය වෙනස් කිරීම වෙනුවෙන් වූ බුද්ධිමය මැදිහත් වීමක් පිළිබද ඉතිහාසයක් නොවේ. උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ අරගල කරුවෙකු  ලෙස සමාජය තුල පෙනී සිටීමට උත්සහ කරන වර්තමාන සුමිත් චාමින්ද යනු පැරණි ඉතිහාසය නිවැරදි කරගත් සත්‍යවාදී අරගල කරුවෙකු නොවේ. ඔහු පැරණි කැත වැඩ ටිකම වර්තමාන සන්දර්භය තුල පෙරටත් වඩා හොදින් කරන තක්කඩියෙකි. මෙම තක්කඩිකම සනාථ කරමින් ඉහත සදහන්  පොත මුද්‍රණය කර තිබීමෙන් සුමිත් සහ  ”අහස” ප්‍රකාශකයන් යන දෙපාර්ශවයම යනු  බොරිස් ජොන්සන් , ඩොනල්ඩ් ට්‍රම්ප් පන්නයේ අධිපති දේශපාලන සන්දර්භයක් තුල සැබෑ අරගලකරුවන් නොව සාරුවා සුනිල්ගේ ලේ ඥාතීන් බව ඔප්පු කිරීමට සාක්ෂියක් සපයයි.

පක්ෂයේ අධ්‍යාපන වැඩසටහට සහභාගී වූ නිසා සුමිත් චාමින්දට ව්‍යුහවාදය පිළිබද අවබෝධයක් ඇති බව අපට සිතිය හැක. නමුත් එම උපකල්පනය වැරදිය. සොෂියර් භාෂාව හදුනාගනු ලබන්නේ වෙනස්කම් වල ඓයික්‍යක් ලෙසය. භාෂාව මගින් අර්ථ නිපදවන්නේ නැත. සෝෂියර්ගේ මෙම අදහස  ”අර්නෙස්ටෝ ලැක්ලෝ” තේරුම්ගෙන ඇති අතර ඔහු විසින් 20 වන සියවසේ මායාවල් තුනක් හදුනා ගනී. ඒවා නම් විමර්ශකය(referent), ප්‍රපංචය(phenomenon) සහ සංඥාව(sign) වේ. 20 වන සියවසේ දර්ශනයට අදාළ පාරභෞතික මුලයන් වන මෙම මායාවල් තුන පිළිබද ලැක්ලෝට විවේචනයක් ඇත. ඒවා මෙසේය.  විමර්ශකය යනුවෙන දෙයක් නොමැත (එසේ තිබීම අනිවාර්ය නොවේ). ප්‍රපංචය යනු මානසික අත්දැකීමකි. නමුත් මනස යනුවෙන් දෙයක් නොමැත. සංඥාව පිටුපසින් දෙය යනුවෙන් යමක් නොපවතී. ඒ අනුව ලැක්ලෝ මාක්ස්වාදය කියවන්නේ සොෂියර්ගේ මුලධර්ම මත පදනම් වෙමිනි. නමුත් ග්‍රාම්ස්චි ”මාක්ස්ව”  කියවන්නේ සොෂියර් ගැන දැනගෙන නොවේ. සුමිත් 2019 දී ග්‍රාම්ස්චි ගැන අලුත් දෙයක් ලියනවා නම් ”ග්‍රාම්ස්චිගේ සිරගෙදර සටහන්” නමැති වියමන කියවිය යුත්තේ සොෂියර්ගේ සාධාරණ වාග් විද්‍යාවට අනුවය. නමුත් සුමිත්ට මෙය හුදු පොතක් පමණි. කතෘගේ අදහස් පොතේ තිබෙන බව සිතමින් සුමිත් පොත ලියා ඇති අතර සෑම වාක්‍යක්ම ග්‍රාම්ස්චි නම් අනුභුතී උත්තර ආත්මයට යොමු කරයි.

 “ග්‍රාම්ස්චිගේ ඇතැම් න්‍යායික සංකල්ප සදහා උචිත සිංහල යෙදුම් සකසා ගැනීම මෙම කෘතිය සම්පාදනය කිරීමේදී මට මුහුණ පාන්නට සිදුවූ ප්‍රධාන අභියෝගයකි. නිදසුනක් ලෙස ‘hegemony’ යන යෙදුම ආචාර්ය නිව්ටන් ගුණසිංහ විසින් මින් පෙර පරිවර්තනය කොට තිබුනේ ‘ආධිපත්‍ය’ ලෙසයි. නමුත් ග්‍රාම්ස්චිගේ සංකල්පයේ ගැබ් වූ නායකත්වය සහ කැමැත්ත යන අරුත් ග්‍රහණය කර ගන්නට ආධිපත්‍ය යන යෙදුම ප්‍රමාණවත් නොවන බව මට හැගුණි. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මෙම සංකල්පය සදහා අලුතින් සකසා තිබු ‘නායකධිපත්‍ය’ යන පදය ඒ සදහා වඩා උචිත වුවද,දැනටමත් සිංහල න්‍යායික සංවාද තුල භාවිතා වෙමින් පවතින ‘හෙජමොනිය’ යන යෙදුම පාඨකයාට දුරස් නොවනු ඇතැයි හැගුනෙන් මම ඒ යෙදුම භාවිතා කරන්නට තීරණය කලෙමි.”

අන්තෝනියෝ ග්‍රාම්ස්චි ජීවිතය චින්තනය දේශපාලනය- පිටුව 14.

හෙජමොනිය යන වචනය ලංකාවට හදුන්වාදෙනු ලැබුවේ දීප්ති විසිනි. සුමිත් දීප්තිගේ නම මග හැරීම සදහා නිවුටන් ගුණසිංහ , ජයදේව උයන්ගොඩ එම පදය ගෙන ආ බව පෙන්වීමට උත්සහ කර අවසානයේ දීප්තිගේ වචනය යොදා ගන්නා බව ප්‍රකාශ කරයි. දීප්ති නොමැති නම් හෙජමොනිය නම් පදයක් නොමැති අතර ආධිපත්‍ය හෝ නායකධිපත්‍ය යන වචන වලට පැවැත්මක් හෝ ඒ වචන පිළිබද අඩුම තරමේ සිහිපත් කිරීමක්වත්  සිදුවන්නේද  නැත. දැන් අප ප්‍රශ්න කල යුත්තේ අහස ප්‍රකශකයන්වය. රටේ බුද්ධිමය ඉතිහාසය විකෘති කරන කටයුතු සදහා දායක වීම ඔබගේ ප්‍රකාශන ආයතනයේ දැක්ම(vision) වන්නේද? නැණ වඩන මිනිසුන්ට පොත් අහසක් වීමට වඩා ඔබ පදඩයන් පිරිසකගේ පොත් ප්‍රකාශනය කරමින් නැණ වඩන  තරුණයන්ගේ , දරුවන්ගේ බුද්ධිමය අවකාශය දුෂණය කරන බව අපට පෙනී යන්නකි. 

වචන වලට පාරභෞතික උප්පත්ති සෙවීම සොශියර්ගේ භාෂා විද්‍යා මුලධර්මය උල්ලංඝනය කිරීමකි. හෙජමොනිය යන වචනය වාගීශ්වරවාදයක් (Logocentricism) බවට පත් කල නොහැක. වචනයේ අර්ථය වචනයෙන්ම අවසන් නොවේ. හෙජමොනිය යන වචනය දේශපාලන සාහිත්‍යට ගෙන එනු ලබන්නේ ප්ලෙකනොව් සහ ලෙනින් විසිනි. මිනිසුන් සංවිධානය කරනු ලබන සංවිධානය (පක්ෂය) හෙජමොනිය ලෙස ලෙනින් විසින් හදුනාගැනින. ග්‍රාම්ස්චිට අනුව හෙජමොනි යන්නෙන් අදහස් කරන්නේ මිනිසුන්ගේ කැමැත්ත ලබා ගැනීම මිස එමගින්  නායකත්වය පිළිබද  අදහසක් ගම්‍ය නොකරයි.[CounterHegemony] හෙජමොන් යන  වචනය ග්‍රීකයන් විසින් යොදා ගනු ලැබුවේ කැලයේ දර ඇති තැන පෙන්වා දෙනු ලබන තැනැත්තා හැදින්වීම සදහාය. එම තැනැත්තා මගින් ගම්‍ය වන්නේ දිශානතිය පෙන්වා දෙන්නෙකු පිලිබදව මිස නායකයෙකු නොවේ. යුරෝපයේදී මිනිසුන් බලහත්කාරයෙන් දේශපාලනය කිරීම සදහා  යොදා ගැනීමට නොහැක. මේ නිසා මෙම පදය මගින් ප්‍රතිජානාත්මක අදහසක් ගෙන එනු නොලබන අතර එමගින් නිශේධනාත්මක අදහසක් ගම්‍ය කරයි. ග්‍රාම්ස්චි කතා කරන්නේ නොහැකි වීම සහ අසමත් වීම පිලිබදවය. සුමිත් තම පොත තුල මෙම එයිතිහාසික සන්දර්භය වරද්දනු ලබයි.

අපගේ විසංයෝජනයේ[පොත ගැන] පළමු කොටස අදට අප අවසන් කරන්නේ  සුමිත්ගේ පොතේ පෙරවදන කොටස පමණක් කියවමිනි. මීලග ලිපියේ සිට එහි හැදින්වීම , පිදුම, පළමු පරිච්ජේදය , දෙවන පරිච්ජේදය සහ පරිශීලන සටහන්ද විසංයෝජනය කරමින්  ඇකඩමික සාරුවා සුනිල්ලාගේ සැබෑ තත්වය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

Party Team

 

 

 

ඔබේ අදහස කියන්න...