X තුළ තර්මිඩෝරය – තර්මිඩෝරය යනුවෙන් අදහස් වන්නේ කුමන සංකල්ප රාමුවක් ද? ප්‍රංශ විප්ලවය විසින් ප්‍රකාශයට පත් කෙරුණු නව දින දර්ශනයට අනුව, තර්මිඩෝරය යනු, විප්ලවය තුළ සිටි ප්‍රතිගාමී පාර්ශවයක් විසින් ප්‍රාදේශීය නීතිඥයෙකු වන රොබෙස්පියර් නායකත්වය දුන් රැඩිකල් ජැකොබින්වරුන් බලයෙන් පහ කෙරුණු මාසය යි. ප්‍රංශ විප්ලවය, වැඩවසම් තන්ත්‍රය මධ්‍යම පන්තිය ඊට ආදේශ කිරීමට එහා නොගියේ ය.

හැදින්වීම –

‘X කණ්ඩායමේ’ දේශපාලනය ගැන සමහරුන්ට කුතුහලයක් ඇත, සමහරු, ඊට ද්වේෂ කරති. විශේෂයෙන්, රජයේ සේවකයන් සහ වෘත්තිය සමිති X දේශපාලනය තමන්ට තර්ජනයක් ලෙසින් දකිති. මන්දයත්, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වැඩකරන ජනයාගෙන් 60% සූරා කෑමට ලක් කරන්නේ, මෙම වෘත්තිය සමිති කියා අප විසින් ප්‍රකාශ කිරීම නිසා ය. සමකාලීන ‘දේශපාලන-ආර්ථික’ ව්‍යුහය වෙනස් කිරීම යනු, වැඩ කරන ජනයාගෙන් 20% ක් විසින් 60% ක ජනයා ‘රාජ්‍ය ප්‍රාග්ධනය’ හරහා සූරා කන නිසා එම ව්‍යුහය වෙනස් කිරීම හැර ලංකාවට වෙන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නැත. එහි දී, පීඩක 20% ක ජනයාගේ දේශපාලන නියෝජිතයා ‘ජනතා විමුක්ති පෙරමුණ’ යි.

         ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ වලට විප්ලවීය ලෙස සමාජය වෙනස් කිරීමේ න්‍යායන් ඇත. උදාහරණයක් ලෙස, ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට’ සමාජය වෙනස් කිරීම සඳහා වාම-මූලධර්මවාදී අදහසක් ඇත. ඔවුන්ගේ පෙරටු බල ඇණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ය. නමුත්, ලංකාවේ විශ්වවිද්‍යාල 15 ම නිදන්ගත ඌණ සංවර්ධනයකට ලක් වී ඇත. එබැවින්, පෙරටුගාමීන්ට සමාජය පිළිබඳ න්‍යායක් නැත. ජල ප්‍රහාරවලට ඉලක්ක වීමෙන් ලබන ස්වපීඩාව හැර වෙනත් විනෝදයක් මෙම ශිෂ්‍ය දේශපාලනයට නැත. 

           18 වන සියවසේ සිට දේශපාලනය විසින් සකස් කර අර්ථ විග්‍රහ කරන ප්‍රපංචයක් වන්නේ, ‘සමාජය’ යි. දේශපාලනය යන සංකල්පයට ‘සමාජය’ යන අදහසට පෙර ඇත්තේ, මැකියාවෙල්ලියානු අදහසකි. ඊට අනුව, දේශපාලනය යනු, සමාජ සත්‍යය නියෝජනය නොකරන කපටි, වංචනික ක්‍රීඩාවකි. මාක්ස්වාදය ඉතිහාස වේදිකාවට පැමිණීමට පසුව, එම න්‍යාය දේශපාලනයේ කපටි සූත්තරය බිඳ දමා ඊට නැවතත් සත්‍ය නියෝජනයක් ලබා දුනි. අවාසනාවකට මෙන්, ලංකාවේ වාමාංශික පක්ෂ ද බොහෝවිට මැකියාවෙල්ලියානු වී ඇත. උදාහරණයක් ලෙස, සමන් පුෂ්පකුමාර යනු, අපගේ සංවිධානයට 2000 වසරේ දී පමණ එකතු වූවෙකි. නමුත්, ඔහුගේ ලිපිය කියවන විට දී අපට හැඟෙන්නේ, X දේශපාලනයට ඔහු පිටින් සිට ඇති බවකි. ඔහු X දේශපාලනයට සහ මට බාහිරව පැවතී ඇති ප්‍රපංචයකි. ඔහු  හෙලිකොප්ටරයක නැඟී හෝ ඩ්‍රෝන යානයක් මගින් ජංගම ඡායාරූප ලබා ගෙන, ස්වකීය සංකල්පවේදය යොදාගෙන පොදු විශ්ලේෂණයක් කරයි. සරලව කිවහොත්, ඔහුගේ මූලික දෝෂය වන්නේ, ‘X සංකල්ප රාමුව සහ X දේශපාලනය’ ඉතිහාසවේදයකට (Historicity) ලඝු කිරීමයි. X නම් වියමන, එය හට ගත්තා යැයි ඔහු උපකල්පනය කරන සමාජ-ඓතිහාසික සංදර්භයකට ඌනනය කරන අතර X සංකල්ප, X දේශපාලනය විසින් කියවන චින්තකයන්ගේ කෘති සහ දීප්ති නම් හැඟවුම්කාරකය ‘සිංහල-බෞද්ධ’ සංස්කෘතියේ රෝග ලක්ෂණයක් ලෙසින් අර්ථකතනය කරයි. සම්පූර්ණ ලිපි තුනක් පුරා සමන් විසින් කරන ‘අර්ථකතනවේදය’ කිසිවිටෙක අර්ථය ඉක්මවා යන ක්ෂේත්‍රයකට අදාළව කරුණු ඉදිරිපත් නො කරයි. ඔහුගේ විග්‍රහයට ලක් වන ඔහුගෙන් බාහිර යථාර්ථ ලෝකය තුළ නිකමටවත් ‘ඔහුම’ සිටිනා බවක් අපට මෙන්ම ඔහුට ද හැඟෙන්නේ නැත. සංකේතනය ඉක්මවා යන ‘යථ’ පිළිබඳ ඥාණ විභාගයකට ඔහු තවම අවතීර්ණ වී නැත. 

Materialism is not the direct assertion of my inclusion in objective reality (such an assertion presupposes that my position of enunciation is that of an external observer who can grasp the whole of reality); rather, it resides in the reflexive twist by means of which I myself am included in the picture constituted by me—it is this reflexive short circuit, this necessary redoubling of myself as standing both outside and inside my picture, that bears witness to my “material existence.” Materialism means that the reality I see is never “whole”—not because a large part of it eludes me, but because it contains a stain, a blind spot, which indicates my inclusion in it.

          ඔහු ඉතා කටුක ඇත්තක් ප්‍රකාශ කර ඇත. X එකෙන් ණයට ගත් න්‍යායන් හැර ඉන් සිදු කළ බාහිර දේශපාලන වැඩවලට සමන් සහභාගී නොවූ බව ඔහුගේ දීර්ඝ ලිපිය තුළින් පැහැදිලි වෙයි. ඔහුට අනුව, න්‍යාය සහ ප්‍රායෝගික වැඩ යනු, හොඳ/ නරක මෙන් දෙකට පැලී ගිය ලෝකයකි. තමන් හේගල් පිළිබඳ ඇකඩමික සහ ප්‍රාමාණික උගතෙකු ලෙස බාහිරට පෙන්වන මුත්, ඔහුට අනුව ‘ලෝකය’ ඇතුළත සහ බාහිර ලෙස දෙකට බෙදා මෙම බාහිරත්වයට ‘ප්‍රායෝගික වැඩ’ බාර කර ඇත. තමන් තමන් ගැන මොනවා සිතුවත්, තමන් ලියන භාෂාව හරහා ඔහුගේ කේන්ද්‍රය බාහිරට විසරණය වෙයි. ඔහු තමන්ගේ පණ්ඩිත බව පෙන්වීමට තම අවසාන ලිපිය අගට ජිජැක්ගේ Less Than Nothing කෘතිය යොදා ගෙන ඇත.

x.

        ජිජැක් විසින් ‘සතුරා’ නම් සංකල්පය කියවන්නේ පහත ආකාරයට ය. 

In philosophical terms, Hegel’s point here concerns the primacy of “self, contradiction” over the external obstacle (or enemy). We are not nite and self-inconsistent because our activity is always thwarted by external obstacles; we are thwarted by external obstacles because we are finite and inconsistent. In other words, what the subject engaged in a struggle perceives as the enemy, the external obstacle he has to overcome, is the materialization of the subject’s immanent inconsistency: the struggling subject needs the figure of the enemy to sustain the illusion of his own consistency, his very identity hinges on his oppos­ing the enemy, so much so that his (eventual) victory amounts to his own defeat or disintegration. As Hegel likes to pelt it, fighting the external enemy, one (unknowingly) flights one’s own essence.

LESS THAN NOTHING –

HEGEL AND THE SHADOW OF DIALECTICAL MATERIALISM-Page 200.

        සමන්ගේ හේගල් කියවීම තුළ ‘සතුරා’ යනුවෙන් අදහස් වන සංකල්පයට ‘බාහිර යථාර්ථයක්’ ඇති බව හැඟවෙයි. උදාහරණයක් ලෙස, ඔහු මා විසින් ඉදිරිපත් කරන දර්ශනය, මනෝවිශ්ලේෂණය, දේශපාලනයට අදාළ සංකල්ප උපුටා දක්වන්නේ නැත. නමුත්, මගේ ‘කියවීම්’ හරහා ඔහු මම ඔහුගේ බාහිර බාධාවක් ලෙසින් සලකයි. උදාහරණයක් ලෙස, මා විසින් ලංකාවට ඉදිරිපත් කළ ‘හිස්ටීරියාව’ නම් සංකල්පය ඔහු අනුදත් සිංහල සංස්කෘතියට ඌණනය කරයි. මිනිසුන්ට මානසික රෝග තිබේ යැයි කියා මා ඔවුනට අපහාස කරන වගක් හඟවයි. එමගින්, සමන් පුෂ්පකුමාර ‘හරිම හොඳ ළමයෙක්’ බව පෙන්වයි. සමන් ‘හිස්ටීරියාව’ පිළිබඳ අධ්‍යයනය තම නිවසෙන්ම පටන් ගත්තා නම් හොඳ ය.

        ‘සිග්මන් ෆ්‍රොයිඩ්’ විසින් වියානා නගරයේ දී තමන් වෙතට ආ ස්ත්‍රීන්ට තිබෙන ‘මානසික රෝග’ අවිඥාණක බව පහදා දෙන ලදී. එය, හිතුවක්කාර ය. ඒ සඳහා, එකල වියානාවේ බහුතර බුර්ෂුවා සමාජය ඔහුට ගරහන ලදී. ෆ්‍රොයිඩ් වනාහි, ‘නියුරෝසියාව’ යනු, ගර්භාෂයට එනම් ජීව විද්‍යාවට සම්බන්ධ රෝගයක් නොව අවිඥාණයට සම්බන්ධ රෝගයක් බව නම් කරන ලදී. මෙය, නියුරෝසියාව පිළිබඳ ප්‍රථම හැඟවුම්කාරකය යි. ලංකාවේ දී, ‘හිස්ටීරියාව’ බෝවන මානසික රෝගයක් ලෙසින් සොයා ගත්තේ මා ය. ‘හිස්ටීරියාව’ නම් හැඟවුම්කාරකයේ ලංකාවේ අයිතිකරුවා මම ය. ඒ සඳහා, මා හට එල්ල වන සංස්කෘතික අගතීන් ඉදිරිපිට මම නිහඬ නොවෙමි. X Ray නම් හැඟවුම්කාරකය සතු වූයේ, මාරි කියුරිට ය. ‘ප්‍රාග්ධනය’ නම් හැඟවුම්කාරකය සතු සංකේතිය අයිතිකරුවා වූයේ, කාල් මාක්ස් ය. අපි, සමන් පුෂ්පකුමාර වැනි සරලමතිකයෙකු මනෝවිශ්ලේෂණය ගැන මූලික න්‍යායන්වත් නොදැන කරන පණ්ඩිතමානී බහුබූත විවේචන ඉවතට දමමු. ඩාරියන් ලීඩර් සිට ස්ලාවෝජ් ජිජැක් දක්වා විශ්ලේෂකයන් ඕනෑ තරම් තම විශ්ලේශිතයාව නම් කර ඇත. ‘Ticklish Subject’ කෘතිය තුළ මිචෙල් ෆූකෝ නම් දාර්ශනිකයාගේ දාර්ශනික පද්ධතිය විපරිත බව ඔහු පෙන්වයි.

මෙතැන දී, ගැටලුව බිහි වන්නේ, ආත්මය නොහොත් Subject සහ පුද්ගලයා නොහොත් Individual පටලවා ගැනීම මගිනි. Split Subject යනු, සංකේත ලෝකය තුළ සංකේත නීති රීති අනුගමනය කොට, විනෝදය සංවිධානය කර ගන්නා විට අවිඥාණය නම් දැනුම උපයෝගී කර ගැනීමයි.

        සමන් පුෂ්පකුමාරට ද ඉහත දෙබෙදුම අවබෝධ වන්නේ නැත කියා අප සිතන්නේ නැත. ඔහුත් ඇතුළුව අන්සැමදෙනාට ම ආත්මයක් සහ සංකේත පැවැත්මක් ඇති බව ඔහු දනියි. Less Than Nothing කෘතියේ eppur simouve යනුවෙන් උපමා අදහසක් පෙරවදනෙහි (4 පිටුව) ඇත. පෘථිවිය වටා සූර්යයා ගමන් කරනවා නොව සූර්යයා වටා පෘථිවිය ගමන් කරන බව ගැලීලියෝ දැන සිටියත්, ඒ අවධියේ පල්ලිය බලවත් නිසා ඒ අයට කැමති විදියට එය චලනය වූවාවේ යනුවෙන් ප්‍රකාශ කිරීම ඔහුට මැරුම් කෑමෙන් බේරීමට ඇති විකල්පය යි. මින් අදහස් වන්නේ, යථාර්ථයට මායාවන්ගෙන් තොර පැවැත්මක් නැති බවයි. සමන් සම්බන්ධයෙන් ගත් විට දී, ඔහුට ‘මානසික රෝග’ ගැන ඇති ‘විනිශ්චය’ පීටර් ස්ලෝටර්ජින් නම් දාර්ශනිකයාට අනුව විග්‍රහ කළ හැකි ය. පශ්චාත්-නූතන මිනිසා තමන්ගේ ජාම බේරා ගැනීමට ‘නරුමවාදය’ තෝරා ගනියි. එම වරණය ඔහු තෝරා ගන්නේ, මෝඩයෙකු නිසා නොව සබුද්ධික තාර්කික මිනිසෙකු නිසා ය. සිංහල-බෞද්ධ මහා අනෙකා විශ්වාස කරන ලෝකයක මිනිසුන්ට පැවැත්මවල් දෙකක් ඇති බව – විඥාණය, අවිඥාණය- බහුතරය පිළිගන්නේ නැත. මේ නිසාම, සිංහල-බෞද්ධ සංකේත ලෝකය තුළ මානසික රෝග වලට ප්‍රතිකාර ක්‍රමයක් ද නැත. ඒ ගැන කතා කිරීම පවා නින්දාවට පත් විය හැකි, අවදානම් සහගත ක්‍රියාවකි. එම නිසා, මා සම්බන්ධයෙන් සමන්ගේ චෝදනාව උභයාවේගී ය. එක පැත්තකින්, සිවිල් සමාජයේ ගරුත්වය සහ සමාජ පිළිගැනීම වෙනුවෙන් දේශපාලනය කරනවා යැයි සමන් මට චෝදනා කරයි. අනෙක් පසින්, මනෝවිශ්ලේෂණය සමාජ භාවිතාවට ගැනීම නිසා මට සමාජ පිළිගැනීමක් නැතැයි ඔප්පු කරයි. 

        සමන් තම විචාර සමස්ථය හරහා පහත සඳහන් විෂය ක්ෂේත්‍රයන් අවධාරණය කරයි.

 

  1. දර්ශනය (හේගල් කියවීම).

  2. මනෝ විශ්ලේෂණය.

  3. දයලෙක්තික තර්කය.

  4. දෘෂ්ටිවාදය විචාරය කිරීම. 

 

            පසුගිය වසර 15 ක පමණ කාලය තුළ දී, අපගේ සංවිධානය විසින් සමාජ විචාරය සඳහා ඉදිරිපත් කරන ලද න්‍යායික ආයුධ විවිධ පුද්ගලයන් තමන්ගේ අච්චුවට අවැසි ලෙස කපා ඔප මට්ටම් කර ඇත. තවත් සමහරුන්, අපගේ න්‍යායන් සහ සංකල්ප තමන්ට අවශ්‍ය ලෙස විකෘති කොට තමන් දැනට කඩේ යන දේශපාලන පක්ෂ වලට බදු කුලිය යටතේ ලබා දී ඇත. ඉහත කොට්ඨාස දෙකම කිසියම් විධිමත් දේශපාලන සංවිධානයකින් විනයගත වූවන් නොව, ‘නිදහස් මිනිසුන්’ය. මිනිසුන් රංචු ගැසෙන ඕනෑම තැනක දී, මේ අයව සුරතාන්තයට පත් වෙයි. උදාහරණයක් ලෙස, සමන් පුෂ්පකුමාර මුලින් සිටියේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ය. ඉන්පසුව, ඔහු X කණ්ඩායමේ පන්තිවලට සහභාගි වූ අතර සංවිධානයේ සමාජ ආකෘතිය වූ විවිධ සඟරා, පත්තර වලට ලිපි මගේ අධීක්ෂණය යටතේ රචනා කරන ලදී. ඉන්පසුව, ඔහු 2013 දී පමණ සිට තරු පහේ කොටවන්නෙකු වන කෝදාගොඩ හරහා නම කීමට පවා අකමැති වාම-මූලධර්මවාදීයෙකු යටතේ දේශපාලනය කරන ලදී. ඉන්පසුව, පසුගිය ඡන්ද කාලයේ අමරකීර්ති සමඟ නුවර ප්‍රදේශයේ ලාල්කාන්ත වෙනුවෙන් පත්‍රිකා බෙදන ලදී. ඒ අනුව, පුද්ගලයෙක් ලෙස ඔහු ඔහුව හතරවාරයක් පමණ යළි යළිත් සොයා ගෙන ඇත. මේ නැවතුන හතරතැනේ දී ඔහු පිළිබඳව ෆැන්ටසි කතන්දර 4 ක් ද නිම විය හැකි ය. මේ කතන්දර, ඔහුගේ ලිවීම් ය. නමුත්, මේ කතන්දර හතර පුරාම වෙනස් නොවූ ‘හිස්තැනක්’, ‘පැල්ලමක්’, ‘පිපිරීමක්’ ඇත. එයට, අපි ඔහුගේ ‘ආත්මය’ යැයි කියමු. නැතහොත්, ඔහු විනෝද වන ස්ථානය යැයි කියමු. ඒ අනුව, සමන් නම් පුද්ගලයා ඉතා යහපත්, සත්ගුණවත් විශ්වවිද්‍යාල ගුරුවරයෙකි. ඔහු තම ජීවිතය හේගල්ගේ දර්ශනය හැදෑරීම සඳහා කැප කර ඇත. ඔහුගේ අර්ථකතනවේදය යනු, ඉහත දාර්ශනික අදහස් ලෝකය වෙනස් කිරීම සඳහා යොදා ගන්නා ආකාරය විමසීමයි. මේ වනාහී, සමන් පුෂ්පකුමාර පිළිබඳව සමාජය තුළ තිබෙන සංකේත අනන්‍යතාවය යි.

            මීට අමතරව, අප පේළි අතර වියමනක් ලෙස සමන්ව කියවනවා නම්, අපගේ දැනුමට, ඉන්ද්‍රියගෝචරත්වයට ග්‍රහණය නොවන ‘සමන්’ නම් හැඟවුම්කාරකයන් පවතියි. දේශපාලන සංවිධාන වලට ඇතුළු වන ඔහු එක්තරා මොහොතක් දක්වා ඒ තුළ තාවර වී, ලැග ගෙන සිටින අතර අදාළ සංවිධානවල බාහිර සංකල්ප පද්ධතිය සහ දේශපාලන ප්‍රකාශන සමඟ ‘යම් පරතරයක්’ (Gap) තබාගෙන ජීවත් වෙයි. මේ ‘පරතරය’ සංවිධාන වලට ගැටලුවක් නොවන්නේ, ඔහු නියමිත දිනට අවංකව තම දීමනාව ලබා දෙන නිසා ය. අදාළ සංවිධානයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන්ට සම්බන්ධ වී ඇඟ තලා ගැනීම හෝ අලුහම් බෝ කර ගැනීම, ඔහු හෙළ උරුමයේ දේශපාලනයට පසු සිදු කළේ නැත.

            දැන්, මෙතන බාහිර නිරීක්ෂකයෙකුට පුද්ගලයෙකු සහ ආත්මය ලෙසින් ප්‍රපංච දෙකක් ඇත. එක පැත්තකින්, ඉතාම සාමකාමී හදවතක් සහ බාහිර පුද්ගලයන්ට ඉරිසියා නොකරන, බාහිර සතුරන් නැති, අවංක ශාස්ත්‍රාලීය බුද්ධිමතෙකු සිටියි. අනෙක් පසින්, දේශපාලන ව්‍යාපාර දෙස නපුරු දෘෂ්ටියකින් බලන ආත්මයක් පවතියි. එතැන දී, ඔහු දේශපාලනය කරද්දී හමු වූ මිතුරන්ව, කැත නැතිව මහජනයා නම් මහා අනෙකාට පාවා දෙයි. එසේ නම්, සැබෑ පුද්ගලයා කවුද? සමන් යනු, නිහතමානී, දර්ශනශූරී විදග්ධයා ද? නැතහොත්, වියරු දැක්මක් සහිත ආත්මයක් ද? ‘කිම් කි ඩුක්ගේ’ චිත්‍රපටයක තරුණ භික්ෂුව තරුණියකට ආලය කර විවාහ වෙයි. ඇය, ඔහුව අතහැර යයි. ඉන්පසුව, ඔහු ඇයව ඝාතනය කරයි. ඔහු භික්ෂුවක් නොවී සාමාන්‍ය මිනිසෙකු වූවා නම් බොහෝ විට, එම තරුණියව ඝාතනය නොකරනු ඇත. එසේ නම්, නපුර ඇත්තේ භික්ෂුත්වය තුළම මිස ඉන් පිටත නොවේ.

            අපි ජස්ටින් පියරත්නගේ මාධ්‍ය කලාවෙන් මනෝවිශ්ලේෂණයට මාරු වන්නේ නම්, උත්තරය කුමක්ද? සමන් යනු, ඇත්තටම සාමකාමී, විදග්ධ විශ්වවිද්‍යාල ගුරුවරයෙක් නොවේ. ඔහුගේ සැබෑව වන්නේ, බාහිර සතුරෙකු මානසිකව විනාශ කරමින් කෲර සතුටක් විඳීමයි. දෘශ්‍යමාණය තුළ සිදු වන්නේ, මෙම කෲර පුද්ගලයා වාරණයට ලක් වී යථාර්ථයේ දී අපට නිහතමානී, සංවර, ශීලවන්ත ඇකඩමික බුද්ධිමතෙකු හමු වීමයි. වියමන නම් අර්ථජාලයේ පැටලෙන පෘථග්ජනයාට, එහි තුළම අභ්‍යන්තරිකව පැටලී සිටින කෲර ජීවියා නොහොත් ‘යථ’ හමු වන්නේ නැත. උදාහරණයක් ලෙස, වියමනක් ලෙස අපට හමුවන සුනිල් විජේවර්ධන තුළම සුනිලා අබේසේකරගේ කම්මුලට නිල් වෙන්නට ගැසූ කෲර මිනිසා හමු වන්නේ නැත. මෙය කියවන්නාට, මේ ලිපිය ලියන ‘මම’ අතිශය කෲර පුද්ගලයෙකු වන අතර සුනිල් යනු, ක්ෂේම භූමියක් තුළ භාවනා සාගරයක කිමිදෙන මස්කට් පර්වතයක් මෙන් විද්‍යාමාන වෙයි.

            භාවනාව හෝ හේගල්ගේ දර්ශනය හෝ මනෝවිශ්ලේෂණය හෝ මේ කුමන මාධ්‍යයක් විසින් හෝ කරන්නේ, මේ කෲර සත්වයාව මාධ්‍ය තාක්ෂණය ඔස්සේ වාරණය කර හීලෑ සතෙක් ලෙස ඉදිරිපත් කිරීමයි. සරලව කිවහොත්, සැබවින්ම කෲර මිනිසෙකු දෛනික ජීවිතය තුළ තමන් යෝගීවරයෙකු ලෙසින් අන්‍යයන්ට සිහිනකරණය කරයි. අප, මේ යෝගීවරයාව යථාර්ථය තුළ දී පැත්ත මාරු කරගෙන කියවයි. ඒ අනුව, භාවනාව යනු, අශ්ලීල ෆැන්ටසි වාරණයට ලක් කරන ක්‍රියාවක් නොව එම අශ්ලීල ෆැන්ටසි සඳහා සාධාරණ යථාර්ථයක් බිහි කරන තාක්ෂණවේදයකි.

        අපි නැවත සමන් පුෂ්පකුමාර වෙතට එන්නේ නම් – කැටපෙආරච්චිගේ භාෂාවෙන් ණයට ගත් වචනයකින් දමා ගසමින්– ඔහු පිළිබඳ ‘ප්‍රථම මුද්‍රාව’ මුළා කරවන සුළුය. දෙවන අවස්ථාව වන විට දී, මෙම ප්‍රථම මුද්‍රාව වූ අහිංසකත්වය වාෂ්ප වී යයි. එය, ප්‍රථම මුද්‍රාව පිළිබඳ අර්ථකතනය යි. යථාර්ථයේ දී, ඔබට ඔහුව පෙනෙන්නේ, මෙසේ ය. නමුත්, කාලයක් ගත වන විට දී, ඔහුගේ නියම හැඩය ඔබට අවබෝධ වනු ඇත. නමුත්, විරුද්ධාභාසය ඇත්තේ, දෙවන කතාව තුළ ය. මන්ද, අවසානයේ ඔබට සහතික වන්නේ, ඔහුගේ ප්‍රථම මුද්‍රාව නිවැරදි බවයි. එනම්, ඔහු අහිංසකයෙකු බවයි. දේශපාලනය නිසා ඔහු බිහිසුණු පුද්ගලයෙකු වී ඇත. දේශපාලන ව්‍යාපාරවලට පැමිණ, මේ ශාන්තුවරයා තම දෑත් වල මඩ තවරාගෙන ඇත. තත්ත්වය අවාසනාවන්ත වන්නේ, මේ ක්‍රියාවන්ට ඔහුව පොළඹවා ඇත්තේ, අන්‍යයන් නිසා ය. එතන දී, ආත්මයක් ලෙස ඔහු එතැන නැත. එම ක්‍රියාවන්වල වගකීම ඔහු බාර ගන්නේ ද නැත. උදාහරණයක් ලෙස, රොහාන් හිස්ටරිකයෙකු යැයි කීවේ මා නොව, දීප්ති ය. බස්වල වීදුරුවලට ගල් ගැසුවේ මා නොව, ලාල්කාන්ත ය. ගෙදර දී වූ ජරමරයක් නිසා සුමනසිරි ලියනගේ මහතාගේ බිරිඳ ඔහුට පහර ගසමින් ගලහ හන්දියට එලෙව්ව බව දීප්තිට කීවේ සමන් නොවේ. (කල්ප රාජපක්ෂ මේ තත්ත්වය ‘දේශපාලන-ආර්ථිකය’ සමඟ පටලවා නොගන්න!)

        යමෙකු තම ක්‍රියාව, යුතුකම ඉටු කරන්නේ ප්‍රතිඵල බලාගෙන නොවේ නම්, එය කාන්ටියානු සදාචාර දර්ශනය යි. ජිජැක්ට අනුව, කෞට්ස්කිට වෙනස්ව, ලෙනින් හා ට්‍රොට්ස්කි සාංදෘෂ්ටික දේශපාලකයන් ය. ඔවුන් තමන්ගේ ක්‍රියාවේ ප්‍රතිවිපාකවල වගකීම බාර ගනියි. ජිජැක්ට අනුව, තම ක්‍රියාවේ පොළව තමන්ම වන අවස්ථාවක දී ඒ සඳහා වාස්තවික මහා අනෙකෙකුගේ (ඉතිහාසය, දෙවියන්, ස්වභාවය) පිහිටක් අපට නැත. සමන් පුෂ්පකුමාර කියන්නේ, රොහාන් මානසික රෝගියෙක් ලෙස ප්‍රකාශ කිරීම ඔහු බාර නොගන්නා බවයි. එය, මා විසින් භාරගත යුතු ය. මම එය භාර ගනිමි. ඒ විද්‍යාත්මක නාමයෙන් හෝ සදාචාරයේ නාමයෙන් නොවේ. X කණ්ඩායමේ දේශපාලන කටයුතු පුළුල් කිරීමට නම්, මා එසේ කළ යුතුව තිබුණි. එය, ඒ මොහොතේ සංවිධානයේ පිරිසක් ද අනුමත කරන ලදී. මහා අනෙකාට බිය වී, මගේ විනෝදය මට සීමා වේ යැයි යන කල්පිතය මම එතැනදී බිඳ දැමුවෙමි. 95-2000 කාලය තුළ දී, X කණ්ඩායම පුළුල් වූ අතර ඒ තුළ පසුව රොහාන් ද වැඩ කරන ලදී. විජේවීරගේ වම්මුන්ට මෙය පෙනුනේ, නිදහස පිළිබඳ ගැටලුවකට වඩා ඔටුන්න පිළිබඳ ගැටලුවක් ලෙසිනි. මෙය, විපරිත සාරයක් සහිත ආත්මීය කැප කිරීමකි. මුළු ක්‍රියාවේ වගකීමෙන් ඉතිරි සියලු දෙනා නිදහස් වී ඇති අතර මට ඊට වගකියන්නට සිදු වී ඇත.

      ඩිල්ෂාන්ගේ භාෂාව මෙතැනට ණයට ගතහොත්, මෙසේ පැවසිය හැකි ය. යමෙකු යම් ක්‍රියාවකින් තමන්ව ඉවත් කර ගත් වහාම, ඔහුට/ ඇයට නිදහස සහ වගකීම පිළිබඳ අවබෝධයෙන් ද නිදහස් විය හැකි ය. මෙය, හේගල්ට අනුව ද නිවැරදි ය. නිදහස, කැමැත්ත, වගකීම දැරීමට ඔබට අවිඥාණික ආත්මයක් අවශ්‍ය ය. නමුත්, සමන් පුෂ්පකුමාර කරන්නේ, තමන් ද සහභාගි වූ ක්‍රියාවල විනෝදයෙන් සහ වගකීමෙන් නිදහස් වී, ඒ සඳහා සාපරාධී අනෙකුන් නම් කිරීමයි. එය, ජාතිවාදයේ ව්‍යාක්තම ස්වරූපය යි. “ දීප්ති නම් පුද්ගලයාට ඕන දෙයක් කරන්න. මන්ද, ඔහු සමාජ විරෝධියෙක් නිසා.”

   අපි ඊළඟට, ‘ව්‍යුහවාදය’ වෙතට එමු. මිචෙල් ෆූකෝ ‘The Order of Things’ කෘතියේ දී පවසන්නේ, නූතන ලෝකය තුළ තවදුරටත් ‘මනුෂ්‍යයා’ (Human Being) යනුවෙන් කෙනෙක් නොපවතින බවත්, සිටින්නේ ‘ආශා කරන ආත්මයක්’ (Subject of Desire) බවත් ය. මේ හේතුව නිසා, ව්‍යුහවාදය තුළ ආත්මය ඇත්තේ, ඒ තුළම මිස ඉන් පිටත නොවේ.

      සමන් පුෂ්පකුමාරගේ ව්‍යුහවාදය සහ ඒ පිළිබඳ අපගේ නිර්වචනයේ රැඩිකල් වෙනසක් ඇත. අපට අනුව, දර්ශනයේ රැඩිකල් සාරය එමගින් බහිෂ්කරණය කරයි. එම නිසා, මේ පිටතට යන සාරය අන් කිසිවක් නොව අභ්‍යන්තරයේ පැවති එළියට ගිය සාරයකි. ඇතුළේ තිබී එළියට ගිය දෙයකි. සෝෂියර්ගේ සාධාරණ වාග්විද්‍යාව පිළිබඳ අපගේ නිර්වචනය පහත පරිදි ය.

         “ What the signifiers of language signify are not real things or relationships but the concepts of things, concepts of relationships, each signifier deriving its meaning from its relationship to other signifiers within the system of relationships mapped out by language itself. The ‘objects’ of which language speaks are not ‘real objects’, external to language, but conceptual objects located entirely within language.”

 

      සමන් පුෂ්පකුමාරගේ ‘ව්‍යුහවාදය’ භාෂාවෙන් පිටත, සංකල්ප ලෝකයෙන් පිටත ‘දෙයක්’ වී ඇති වග සහතික කරයි. අපි ඔහු උපුටා දක්වමු.

   “ ව්‍යුහ ගොඩනැගීමට සහ පවතින ව්‍යුහ වෙනස් කිරීමට ආත්මයකට ඇති අතිමහත් බලය මේ ව්‍යාපාර තුළ දී නොතකා හැරිණි. මේ ව්‍යාපාර තුළ න්‍යාය සාරාර්ථයක් ලෙස හැමවිටම ශේෂගත වේ. ව්‍යුහවාදියා ගඟට බසින්නේ නැත. මේ අය අතින් සමාජයේ වෙනසක් වන්නේ නැත. යම් පුද්ගලයෙකු තම උපන් ගම නිසා ඔහුගේ චින්තනය පසුගාමී වන බව කීවොත් දයලෙක්තික නොවේ. එය, ව්‍යුහවාදී එකක් ද නොවේ. ව්‍යුහවාදය මගින් භාෂාවේ ප්‍රාදේශීයවාදය බිඳ දැමුවේ ය. මෙය, දීප්තිගේ බලු වලිග චින්තනය යි.”

 

        ව්‍යුහවාදයට අනුව, භාෂාව සාරයක් නිපදවන්නේ නැති අතර එමගින් නිපදවන්නේ ආකෘති පමණි. (හේගල්ගේ දර්ශනය සහ ජිජැක්ගේ හේගල්  කියවන ආකාරය සාකච්ඡා කරන විටදී, මේ ගැන විස්තර කරනු ලැබේ.)

        ව්‍යුහවාදය සහ ලැකාන්ගේ මනෝවිශ්ලේෂණය ඒකාබද්ධ කළ විට දී, හැඟවුම්කාරකය සහ සංඥාව පිළිබඳ නව න්‍යායක් ගොඩනැගිය හැකි ය. උදාහරණයක් ලෙස, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා තමන්ගේ කලු හම පිළිබඳව අත්දැකීමක් මෙසේ විග්‍රහ කරයි. (වඩා ප්‍රාථමික සංඥාව)

        ඔබාමා හාවඩ් කොලීජියේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන සමයේ දී, වරක් බඩුමල්ලක් මිලට ගැනීමට සුපිරි වෙළද සැලකට ගොඩ වෙයි. අවශ්‍ය කරන දේවල් රැගෙන යළිත් රථ ගාල කරා ඔබාමා ගමන් කරමින් සිටින විට දී, ඔහුට click (ක්ලික්) ශබ්දයක් ඇසේ. එවිට, ඔහුට නිරීක්ෂණය වන්නේ රථ ගාලේ වාහන නවතා ගෙන සිටින සුදු ජාතික රියදුරන් කලු ජාතිකයෙක් දුටු විට ස්වයංක්‍රීයව ඉටු කරන චාරිත්‍රයක් වන වාහනයේ ඉබි යතුරු දමා ගැනීමයි. මේ සිදුවීම අපට හඟවන්නේ කුමක් ද? ‘කලුපාට’ නම් හැඟවුම්කාරකය ඔබාමාගේ ජීවිතයේ අන් සියලු අන්තර්ගතයන්ට- මහාචාර්යවරයා, උගතා, ඩිමොක්‍රටික් පක්ෂයේ නිලධාරියෙක්- වඩා ප්‍රාථමික ය. සුදු රියදුරන්ට කලුකම පිළිබඳ අත්දැකීමට පෙර එන්නේ කලුකම නම් හැඟවුම්කාරකය යි. ව්‍යුහවාදීයෙක් යමක් විශ්ලේෂණය කරන විට දී, මානසික අත්දැකීමට වඩා මූලික තැනක් දෙන්නේ හැඟවුම්කාරකයට ය. මන්දයත්, හැඟවුම්කාරකය මනසට වඩා ප්‍රාථමික වන නිසා ය.

        එම නිසා, තමන් කොතරම් උගතෙක් වුවත් කොළඹ නගරයේ දී බල සබඳතා සහ ලිංගික වෙනස ක්ෂේත්‍රයේ දී තමන්ගේ සැබෑ ගම මින්නේරිය වූවත්, එය නුගේගොඩ යැයි කියන්නේ චින්තනය හැඟවුම්කාරකයකට බද්ධ වී ඇති නිසා ය. අනෙක් අතට, කෙනකුගේ ගම මින්නේරිය වූ විට එමගින් කොළඹ නගරයේ දී බිහිවන අශ්ලීල ෆැන්ටසි සාගරය විශාල ය. අපි දෘෂ්ටිවාදය විශ්ලේෂණය කරන්නේ නම්, මෙම ෆැන්ටසි විචාරය වීම අත්‍යාවශ්‍යය.

දෙවැනි කොටස ඉදිරියේ දී – 

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

=======================

Anushka- 0703232113

Nuwan – 0715324110.

Mihiran – 0774950204

Samabima Party.

 

ඔබේ අදහස කියන්න...