ලිසබෙත් කුබ්ලර්ගේ  On Death and Dying කෘතිය තුළ යම් කිසි කෙනෙකුට  මාරාන්තික රෝගයක් වැළදුණු විට ඊට ප්‍රතික්‍රියා  ලෙස එම රෝගියා  අනුගමනය කරන උපක්‍රම 5ක් දක්වා තිබේ. denial( එම කරුණ පිළිගැනීම සරලව  බැහැර කරයි. මෙය කිසිසේත් මට සිදුවිය නොහැකියි.) anger (තවදුරටත් එම කරුණ ප්‍රතික්ෂේප කළ නොහැකි වනවිට එය පුපුරා යයි. උදා: මේක මට සිද්ධ වෙන්නෙ කොහොමද?) , bargaining ( කෙසේ හෝ මෙය කල් දැමීමට හෝ  මෙහි හානිය අවම කිරීමට හැකි වේවි යන බලාපොරොත්තුව උදා: මට මගේ දරුවන් උපාධිදාරීන්  වනතෙක් ජීවත් උනොත් ඇති) depression ( විනාශවීමට ඇති කැමැත්ත) , libidinal disinvestment: ( ලුබ්ධි වියෝජනය – මම විනාශ වෙන්නයි යන්නේ. ඉතින් මොකටද කිසිම දෙයක් ගැන කරදර වෙන්නෙ) , acceptance ( මට ඊට විරුද්ධව අරගල කළ නොහැකියි. මමත් ඒ සඳහා නිරමාණ වී තිබෙන්නට පුළුවන්.) ඉන්පසු එලිසබෙත් කුබ්ලර් සාමාන්‍ය ජීවිතේ සිදු වන විපත්ති වලට එය ආදේශ කර ඇත. උදාහරණයක් ලෙස රැකියා අහිමිවීම, ප්‍රියයන්ගේ මරණ, දික්කසාද, මත්  කුඩු ඇබ්බැහිය. එසේම මෙය මේ අනුපිලිවෙලටම සෑම රෝගියෙකුම සිදුවිය  නොහැකි වනු ඇති අතරම මේ පියවර පහ එකම  රෝගියෙක් අත්නොවිදුනු ඇති බව සඳහන් වේ. 
සරණාගාතායින ලෙස පැමිණෙන මැදපෙරදිග සහ අප්‍රිකානු ජනතාව වෙත බටහිර යුරෝපයේ මහජන මාතයේ සහ බලධාරීන් විසින් දක්වන  ප්‍රතිචරයේ ඉහත කරුණු හා සමානකමක් තිබේද? ප්‍රතික්ෂේප කිරීමක් තිබුණු අතර දැන් එය හීන වෙමින් පවතියි. (ඒක බරපතල නොමැති නිසා ප්‍රතික්ෂේප කරමු.) තරහව( සරණාගතයින් අපේ ජීවන විලාසිතාවට තර්ජනයකි. ඔවුන් අතර සැඟවී මුස්ලිම් මුලධර්මවාදීන් පැමිණිය හැකි බැවින් කුමක් හෝ කර ඔවුන් නැවැත්විය යුතුයි. ) කේවල්කිරීමක්( සලාක ක්‍රමයක් ඇති කර ඔවුන් ඔවුන්ගේ රටවලම  කඳවුරුවල නවත්වා සහය දිය යුතුයි.) ආතතිය( අපි ඉවරයි. යුරෝපය යුරෝපා කඳවුරක්  බවට පත්ව තිබේ. නමුත් පිළිගැනීම දුර්වල තත්ත්වයක පවතියි. මේ අවස්ථාවේ දී, සරණාගතයින් සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳ  යුරෝපීයන්ගේ ස්ථාවර සැලැස්ම හෙළි  වනු ඇත.
යුද්ධය සහ බඩගින්නෙන් බේරී මුහුද තරණය කර යුරෝපයේ පිහිට පතන  දහස් ගණන් බලාපොරොත්තු රහිත උතුරු අප්‍රිකානු මිනිසුන් සමග සිදු කරන්නේ කුමක්ද?
ඒ සඳහා දැනට ප්‍රධාන පිළිතුරු දෙකක් පවතියි. වාමාංශික සහ ලිබරල්වාදී  මතධාරීන් මධ්‍යධරණී මුහුදේ දහස් ගණන් මිනිසුන් මුහුදේ ගිලීමට ඉඩදීම පිළිබඳ කෝපය පළ කරමින් සිටියි. ඔවුන්ගේ ඉල්ලීම  වන්නේ යුරෝපය මීට වඩා  පුළුල් ලෙස දේශ සීමා  විවෘත කරමින් සරණාගතයින්ගේ පැමිණීමට සහය පලකළ යුතු බවයි. නමුත් සංක්‍රමණික විරෝධීන් පවසන්නේ තමන්ගේ  ජීවන ක්‍රමයට බාධාවක් එල්ල නොවිය  යුතු බැවින්  අප්‍රිකාවට ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසින්ම විසඳා ගැනීමට අවස්ථාව දිය යුතු බවයි. 
කිනම් විසඳුම වඩා ගැලපේද? ස්ටාලින්ට අනුව නම් ඔවුන් දෙගොල්ලන්ගේම විසඳුම්වලින් වැඩක් නැත. දේශසීමා විවෘත කිරීම සඳහා උපදෙස් දෙන්නන් වඩාත්ම  කපටියන් වේ. මෙසේ විවෘත කිරීම  හේතුවෙන් යුරෝපය තුළ  ක්ෂණික ජනතා කැරැල්ලක් ඇවිලවීමට ඇති හැකියාව නිසා  ඔවුන් එය සිදු නොවන බව හොඳින් දැන  සිටියි. ඔවුන් අපවිත්‍ර ලෝකය තුළ සුපිරිසිඳු ආත්මයේ භූමිකාව  රඟ දක්වමින් සිටින්නේ රහසින් එයට සම්බන්ධ වෙමිනි. 
සංක්‍රමණික විරෝධින්ද , එය හොඳින් දැන සිටින වාමාංශිකයන්ටද  අනුව අප්‍රිකානුවන් සමාජය වෙනස් කිරීමේදී සාර්ථක නොවනු ඇත. මන්දයත් උතුරු ඇමරිකානුවන් සහ බටහිර යුරෝපීයයන් එය වළකාලීමට  බලාසිටින බැවිනි. ලිබියාව අවුල් ජාලයක් වෙත ඇද දැමුවේ යුරෝපා මැදිහත්වීම විසිනි. ඇමරිකාව ඉරාකයට ප්‍රහාර  කිරීම හේතුවෙන් isis වර්ධනය අවශ්‍ය වීමට පසුබිම සැකසුනේය. මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය අතර දැනටත් ඇවිල යමින් පවතින සිවිල් යුද්ධය හුදු ජනවර්ග අතර පවතින අර්බුද හේතුවෙන් ඇති වූවක් නොවේ. එය ප්‍රංශය සහ චීනය එහි පවතින තෙල් සම්පත පාලනය කිරීමට තරඟයේ ප්‍රතිපලයකි. 
අද දවසේ පැහැදිලිව මෙම අපරාධකාරී බව පෙනෙන තැනක් වන්නේ කොංගෝව අප්‍රිකාවේ කළු හදවත බවට පත්ව තිබීම හේතුවෙනි. 2001 වසරේදී කොංගෝවේ නීතිවිරෝධී ආකාරයෙන් සිදු වූ ස්වබාවික සම්පත් මංකොල්ලය සම්බන්ධ එකසත් ජාතීන්ගේ සංවිධානය මගින් පැවැත්වූ සමීක්ෂණයකට  අනුව හෙලිවුවේ ඇති වූ අභ්‍යන්තර ගැටුම් ඛනිජ සම්පත් වෙත පිවිසීමට, පාලනයට සහ  වෙළදාමට අවස්ථාව ලබාගැනීම සඳහා ඇති  කරන ලද ඒවා  බවයි. කොංගෝවේ තිබෙන ප්‍රධානම ඛනිජ සම්පත්  05 වන්නේ  කොල්ටන්, දියමන්ති, තඹ, කොබල්ට්, සහ රත්තරන් වේ. ජනවාර්ගික අරගලයන්හි  ව්‍යාජය යටින් ගෝලීය ධනවාදයේ ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගත හැකිය. ඇමරිකා එක්සත් ජනපදයට අනුව කොංගෝවක්  ඉතිරිව නැත. එය කුඩා කොටස්වලට කැඩී ගිය  විවිධ කුඩා හමුදා නායකයන් යටතේ පාලනය වන භුමි ප්‍රදේශයක්  බවට පත්ව තිබේ. මෙම සෑම  හමුදා නායකයෙක්ටම විදේශීය සමාගම් සමග හෝ පතල් අශ්‍රිතව  සිදුවන සුරාකෑම  සමග ව්‍යාපාරික සම්බන්ධයක් පවත්වයි. මෙහි තිබෙන උත්ප්‍රාසය වන්නේ මෙම ඛනිජ බොහෝ කොට ලැප් ටොප් පරිගණක සහ ජංගම දුරකථන වැනි අධි තාක්ෂණික මෙවලම් නිපදවීමට යොදාගැනීමයි. 
මෙම සමකයේ සිටින අධි තාක්ෂණික සමාගම් ඉවත් කිරීම  සහ සම්ප්‍රදායික අදහස් හේතුවෙන් ඇවිල යන ජනවාර්ගික අර්බුදය අවසන්  කල යුතුය. අපිට සත්‍යවශයෙන්ම අප්‍රිකානුවන්ට උදව් කිරීමට සහ එහි සිට පැමිණෙන සරණාගතයින් නැවත්වීමට අවශ්‍ය නම් මෙය පළමුව ඇරඹිය යුතුය. එසේම මෙහිදී සැළකිල්ලට ගතයුතු පළමු දෙය වන්නේ සරණාගතයින් වැඩියෙන්ම පැමිණ සිටින්නේ අසමත් රටවලින් බවයි. උදාහරණ ලෙස සිරියාව, ලෙබනනය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, කොන්ගෝව දැක්විය හැකිය. මෙම රජ්‍යන්වල බිඳී විසිරී යාම හුදෙක්ම දේශීය සංසිද්ධි නිසා සිදුවූ දේවල් නොවන අතර ජාත්‍යන්තර ආර්ථික සහ දේශපාලනික කරුණු අනුව සිදුවූ දේ වේ. මෙවැනි සමහර සිද්ධි සඳහා උදාහරණ ලෙස ලිබියාව සහ ඉරාකයේ සිදු වූ සිදුවීම් බටහිර මැදිහත්වීමේ  ඍජු ප්‍රතිපලයන් දැක්විය හැක. අසාර්ථක රාජ්‍ය වූ කලී අනපේක්ෂිත සිදුවූ අභාග්‍යන්  නොවන අතර බලවත් රාජ්‍යන් සිය ආර්ථික යටත්විජිතවාදය පැතිරීමේ ප්‍රතිපලයන් වේ. මිට අමතරව අවධානයට ගත යුතු දෙයක් වන්නේ අසාර්ථක රජයන්හි මුල බිජ නිර්මාණය වුවේ පලවන ලෝක යුද්ධයෙන් අනතුරුව එංගලන්තය සහ  ප්‍රංශය එකතුව නිර්මාණය කළ අත්තනෝමතික දේශ සිමා ඇති කිරීම හරහා කෘතීම රජයන් බිහි කිරීම නිසා බවයි. සිරියාව සහ ඉරාකය තුල සුන්නිවරුන් එක්සේසත් කර බලන විට, යටත් විජිත ස්වාමිවරුන් විසින් කෑලිවලට කඩා දැමූ දෙය අවසානයේ isis එකට එකතු කර තිබේ.  
HUNGARY-EUROPE-SERBIA-EU-MIGRANTS
මැදපෙරදිග කලාපයේ එතරම් පොහොසත් නොවන රටවල් වන තුර්කිය, ඊජිප්තුව, සහ ඉරාකය වැනි රටවල් එම කලාපයේ ධනවත් රටවල්වලට වඩා සරණාගතයින් වෙත සිය දොරටු විවෘත කර තිබේ. යුරෝපයට වඩා අර්බුදය පවතින රටවල්වලට සමීප සහ සමාන සංස්කෘති සහිත රටවල් වන සෞදි අරාබිය සහ එමිරේට් රාජ්‍ය වෙත සරණාගතයින් බාරගෙන  නොමැත. සෞදි අරාබිය සෝමාලියාවේ සිට පැමිණි මුස්ලිම් සරණාගතයින්  පිටමන් කර තිබේ. සෞදි අරාබිය විදේශිකයන්  නුරුස්සන මුලධර්මවාදී ආගමික රාජ්‍යක්  වීම මීට හේතුවද? ඔව්.  නමුත් සිහියට  ගත යුතු අනික් කරුණ  වන්නේ  මේ සෞදි අරබියම ආර්ථිකමය වශයෙන් සම්පුර්නයෙන්ම බටහිර සමග සම්බන්ධ  වී ඇති බවයි.  ආරථික කරුණු අනුව බලන කල සෞදි අරාබිය සහ එමිරේට්ස් රාජ්‍ය බටහිර ධනයට වඩා  ඔවුන්ගේ තෙල් අදායම මත රඳවා පවතිනු  පෙනේද? ජාත්‍යන්තර ප්‍රජාව සෞදි අරබිය සහ කුවේට් සහ කටාර් වැනි රාජ්‍යන්වලට  වැඩිපුර සරණාගතයින් බාරගන්න ලෙස බල කළ යුතුය. අනිත් අතින් අසාද් විරෝධී කැරළි කරුවන්ට සහය දීම හේතුවෙන් සිරියාව තුළ පවතින තත්ත්වයට සෞදි අරාබිය විශාල වශයෙන් වගකිව යුතුය. 
නව වහල් බාවය
මේ රටවල් තුළ දක්නට ලැබෙන අනිකුත් පොදු ලක්ෂණය වන්නේ නව වහල් බාවයක් ඇති වීමයි. ධනවාදය එය ආරථික ක්‍රමයක් හඳුන්වා දෙනවිට එය තවදුරටත් පුද්ගල නිදහසේ  (වෙළෙඳ හුවමාරු කොන්දේසියක් ලෙස) කොටසක් ලෙස වහල් සේවය ජනනය කරන ලදී.  වහල්බාවය  මාධ්‍ය කාලීන යුගය  අවසානයේ අවලංගු වූ නමුත් , එය මුල් නූතනත්වයේ  සිට ඇමරිකානු සිවිල් යුද්ධය දක්වා  යටත් විජිත පුපුරා දැමිණි. ගෝලීය ධනවාදයේ නව අවධිය තුළ වහල් බවයේ නව අවධියකද ඇතිවනු දැකිය හැකිය. එය තවදුරටත් වහල් පුද්ගලයන් සෘජු නීතිමය තත්ත්වයකට යටත් නොකළද නව රූපාකාරයන් රාශියක් අත්පත් කර ගන්නා ලදී. සෞදිය,  එමිරේට්ස සහ කටාර් රාජ්‍යන්වල සේවය කරන දහස් සංඛ්‍යාත සංක්‍රමණික කම්කරුවන්ගේ මුලීක මිනිස් අයිතිවාසිකම් සහ නිදහස අහිමිව ඇත. ආසියානු කම්හල්වල වෙසෙන කම්කරුවන් මුළුමනින්ම පාලනය කරනු ලබන්නේ රැඳවුම් කඳවුරු පාලනය කරන ආකාරයටයි. බොහෝ මධ්‍යම අප්‍රිකානු රටවල්  ආශ්‍රිතව කෙරෙන ස්භාවික සම්පත් මන්කොල්ලයේදී බලහත්කාරී ලෙස සේවයේ යොදවගැනීම් බහුලව දැකිය හැක. අපිට වැඩිදුර බැලීමට අවශ්‍ය නැත.  2013 වර්ෂයේ Prato නම් ඉතාලි නගරයේ තිබූ කර්මාන්ත පුරයක තිබූ චීන රෙදි සමාගමක කාර්ඩ්බෝර්ඩ් වලින් නිර්මාණය කරන ලද නිදන මැදිරි අතර ඇතිවු ගිනි ගැනීමකින් අවම වශයෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිටක්ෂයට පත්විය. මෙම නගරය තුළ දහස් ගණනක් චීන වැසියන් නීති විරෝධී ලෙස ජීවත්වෙන බව පැවසෙන අතර ඔවුන් පැය 16ට අධික ප්‍රමාණයක් වැඩ කරමින් ලාබදායි  රෙදි නිෂ්පාදනය සඳහා යොදාගන්නා  බව හෙළිවී ඇත. 
අපි නව වහල් බවයේ ශාක්ෂි හොයමින් ෂැන්හයි අගනුවරට හෝ චීනය , ඩුබායි කටාර් විවේචනය කරමින් යා යුතු නැත. අපේ නිවෙස් තුලම ඔවුන් වාසය කරයි. අපි බොහෝවිට එය නොදකිනවා මෙන්ම නොදුටුව සේ ඉන්නවා වෙන්නටද පුළුවනි. (වර්ණබේදවාදය, මෙය  වහල් බාවයේ  විවිධ  අංග එකතුවීමෙන් හදිසියේ සිදුවූ ඛේදජනක හදිසි අනතුරක් නොව ගෝලීය ධනවධයේ සිදුවූ ව්‍යුහාත්මක අවශ්‍යතාවයකි. )
නමුත් සරණාගතයින්  යුරෝපයට ඇතුල් වීම යනු දේශීය ශ්‍රම වියදමට සාපේක්ෂව ලාබ ශ්‍රමය සහිත කම්කරුවන් ගලා ඒම  පමණක් නොවේ. සංක්‍රමණික විරෝධී පක්ෂ සමග එකතුවෙමින් මෙම තර්ජනයට ප්‍රතික්‍රියා දක්වන්නේ කවුරුන්ද?  බොහෝ සරණාගතයන්ට අනුව මෙය ඔවුන්ගේ සිහිනය සැබෑවිමකි. 
මෙම සරණාගතයින් යුද්ධය නිසා පමණක් තම ගම්බිම් අතහැර මෙසේ යුරෝපය වෙත  නොඑන  අතර ඔවුන්ට වෙනමම සිහිනයක් ඇත. දකුණු ඉතාලියානු ප්‍රදේශ වෙත පැමිණි සරණාගතයින් එය තහවුරු කරයි. ඔවුන්ට එහි විසිමට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ස්කැන්ඩිවේනියානු රටවල වෙත යාමටයි. ඊට අමතරව ප්‍රංශයේ ජීවිතය සම්බන්ධයෙන් නොසතුටු වන කලයිස්  අවට කඳවුරු බැඳ සිටින සරණාගතයින්ගේ  ප්‍රාර්ථනාව වන්නේද  ජීවිතය අවධානමක  දමාගෙන හෝ බ්‍රිතාන්‍ය  වෙත සංක්‍රමණය වීමටයි. ඒවගේම බෝල්කන් රටවල තුළ සිටින දහස් සංඛ්‍යාත සරණාගත ජනතාවට අවශ්‍ය වන්නේ අඩුම වශයෙන් ජර්මනියට යාමටයි. ඔවුන්ට  මේ පිළිබඳ පවතින අදහස වන්නේ එම සිහිනය ඔවුන්ගේ අයිතියක් බවයි. මේ නිසාම යුරෝපිය බලවතුන්ගෙන් කෑම සහ ඖෂධ පමණක් නොව තමන්ට අවශ්‍ය තැනට යාමට ප්‍රවාහන පහසුකම් සපයන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි. 
මෙම ඉටු කළ  නොහැකි ඉල්ලීම්හි ගුප්ත මනෝරාජික බවක් අන්තර්ගත වී තිබේ. ඔවුන්ගේ සිහිනය ලඟා කරවීම යුරෝපීයයන්ගේ වගකීමක් නම් එය බොහෝ යුරෝපියයන්ට ළඟාවිය නොහැකි සිහිනයක් බවද මතක තබාගත යුතුය. කොපමණ ප්‍රමාණයක් දකුණු සහ නැගෙනහිර යුරෝපීයන් නෝර්වේ ජීවත් වීමට අකමැත්තෙන් සිටීද? යම් කෙනෙකුට මෙම  මනොරාජ්‍යයේ විරුද්ධාභාශයක් දැකිය හැක.  නිවැරදි ලෙසම ජනතාව තමන් තුලම දුප්පත් කම, පීඩාව, සහ භයානකකම  දකින විට සහ  කිසියම් කෙනෙක් අවම ආරක්ෂාවක් සහ සුබ සාධනයක්  බලාපොරොත්තු වීමේදී අනිවාර්ය ලෙස මනොරාජ්‍ය පුපුරා යයි.  සරණාගතයින් ඉගෙන ගන්නා  අප්‍රසන්නම පාඩම වන්නේ නොර්වේ තුළ පවා නොර්වේ නොතිබෙන බව අවබෝධ කර ගැනීමයි. ඔවුන්ට ඔවුන්ගේ සිහිනවලට වාරණයක්  දමා  ගැනීමට සිදුවෙනු ඇත. යථාර්තය වෙත ඔවුන් හඹා යාම වෙනුවට ඔවුන් යථාර්තය වෙනස් කිරීමට අවධානය යොමුකළ යුතුය. 
වමේ තහංචිය
වමේ තහංචි අතරින් ප්‍රධාන එකක් මෙහිදී බිඳ දැමීමට සිදුවෙනු ඇත. කෙනෙකුගේ ජීවන භාවිතාව ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ජාතිවාදී සහ ෆැසිස්ට් ප්‍රබේදයට අයත් වනු ඇත. අපි මෙම සංකල්පය ප්‍රතික්ෂේප නොකරන්නේ නම් අපි සියලු ආකාරයෙන් සංක්‍රමණික විරෝධී කැරැල්ලක් වෙත මාර්ගය විවෘත කරනු  ඇත. ( ඩෙන්මාර්කය  තුළ පවා සංක්‍රමණික විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පරදා  ප්‍රථම වරයා එරට තුළ ප්‍රභලම පක්ෂය බවට පත්විය) සාමාන්‍ය  මිනිසුන්ගේ  ජීවිතයට එල්ලවන තර්ජන   පිළිබඳ කතා කිරීම වමට සිදු කළ හැක. බර්නි සැන්ඩර්ස්  ඒ  සඳහා ජීවමාන සාක්ෂියකි. අපගේ වර්ගවාදී ජීවිතයට පවතින සැබෑ තර්ජනය වන්නේ විදේශිකයන් නොව ගෝලීය ධනවාදයේ ගතික ස්බාවයයි. ඇමරිකාව තුළ පමණක් පසුගිය දශක ගණනාවක් තුල ආරථික වෙනස්කම හේතුවෙන් පමණක් සිදුවූ විනාශයට වැඩි විනාශයක් සංක්‍රමණිකය නිසා සිදුවීමට නියමිතය. 
මෙයට වම සහ ලිබරල් වාදීන් දක්වන ප්‍රතිචාරය සදාචාරයේ පිපිරීමක් වනු ඇත. අපි අපේ ජීවන ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා ඕනෑම නිහඬ සහතිකයක් ලබදෙනවිට  අපි දැනටමත් අපේ ස්ථානය බේරාගෙන අවසන් වේ. 
මෙය අවසාන දශකයේ කතාව නොවේද? මධ්‍යස්ත කණ්ඩායම් සංක්‍රමණික විරෝධින්ගේ ජාතිවාදී අදහස් ප්‍රතික්ෂේප කරන නමුත් ඔවුන් ඒ හා සමාන සහ එම දේශපාලනයේම   වඩාත් තාර්කික අනුවාදනයක්  වන සාමාන්‍ය ජනතාවගේ “සැබෑ කාරණය  අවබෝධ කරගන්න” යන මතය සපයයි. 
නමුත් මෙම සත්‍ය තුළට ඇතුලත්  වන විට සදාචාරවාදීන් පැමිණිලි කරනු ලබන්නේ යුරෝපය සංවේදනය නැති කරගෙන ඇති බවයි. අනිකුත් අය කරදරයට පත්වීමේදී ඔවුන් දක්වන ප්‍රතිචාරය වෙනස්ය. හුදෙක් සංක්‍රමණික විරෝධී කෘරත්වයට විරුද්ධව කටයුතු කරයි. ස්ථාවරයන් දෙකේම  පෙර සිතීමක්  හෝ ප්‍රත්‍යක්ෂ  කරගැනීමක් නොමැත. ජීවිතයේ එකම මග විශ්වීය සදාචාරයෙන් බැහැර වීමයි. අපිට කොතරම් කල් දර සිටිය හැකිද යන ලිබරල් ක්‍රීඩාවට හසුවීමෙන් වැළකිය  යුතුය. ඔවුන් තම දරුවන්ව රජයේ පාසල් වලට යාම වළකන්නේ නම් අප ඉවසා සිටිය යුතුද? ඔවුන් තම දරුවන්ගේ විවාහ සංවිධානය කරන්නේ නම් ඔවුන් අතර සමලිංගිකත්වය පැතිර යන්නේ නම්. අපි ප්‍රමාණවත් තරම් ඉවසා නෑ හෝ අපි දැනටමත් ඕනෑවට වැඩ ඉවසා ඇති  බව පෙනේ. මෙම අවහිරය නැති කිරීමට ඇති එකම මග වන්නේ අනුන් කෙරෙහි දක්වන ඉවසීමෙන් සහ ගරු කිරීමෙන් ඔබ්බට පොදු අරගලයක් දක්වා මෙය රැගෙන යාමයි. 
මේ පිළිබඳ දෘෂ්ඨි කෝණය පළල් කල යුතුය. සරණාගතයින් යනු ගෝලීය ආර්ථිකයේ ප්‍රථිපලයයි. ලෝකය තුළ මිනිසුන් කෙසේවෙතත් පාරිභෝගික භාණ්ඩ නිදහසේ සංසරණය වේ. වර්නබේද වාදයේ නව මුහුණුවරක් ඇතිවෙමින් තිබේ. විදේශිකයන් පිළිබඳ බිය වනාහි ගෝලීය ධනවදයේම වරදකි. මිනිස් ඉතිහාසය තුළ සංක්‍රමණ පිළිබඳ වෘතාන්ත ඕනෑතරම් තිබියදී අද දවසේ ඒ බලපාන හේතුව වී තිබෙන්නේ යටත්විජිත වාදය පුළුල් වීමයි. ජනාවාසකරණයට පෙර දකුණු අර්ධයේ ජනතාව සාපේක්ෂව ස්වයංපෝෂිතව  සහ හුදකලාව වාසය කළහ. යටත්විජිත වෘත්තින් සහ වහල් වෙළඳාම පවතින ආකාරයේ  ජීවන ක්‍රමයක් ඔවුන්ට උරුම කර දෙන අතරම සංක්‍රමණද  ප්‍රාණවත් කරන ලදී. 
සංක්‍රමණික රැල්ල අත්විඳින්නේ යුරෝපය පමණක් නොවේ. දකුණු අප්‍රිකාව තුළ සිම්බාබ්වේ සිට පැමිණි දුප්පතුන්ගේ රැකියා සොරාගැනීම නිසා ප්‍රහාරයට ලක්වූ මිලියන ගණනවක් ජනතාව වාසය කරයි. සන්නද්ධ අරගල නිසා පමණක් නොව වංචාකාරී රාජ්‍ය, ආර්ථික අර්බුද, ස්වභාවික ව්‍යසන, මිනිස්  ක්‍රියාකාරම් නිසා ඇති වූ ව්‍යසන හේතුවෙන් මේ ආකාරයට සංක්‍රමණය වී ඇත . මෑතකදී අනාවරණය  වූ පරිදි  ජපානයේ සිදුවූ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාර කාන්දුව  සමග එක මොහොතකට ජපාන බලධාරීන් සිතා  ඇත්තේ ටෝකියෝවේ වාසය කරන සියලු ජනතාව එනම් මිලියන විස්සක ජනතාව ඉන්  ඉවත් කිරීමට සිදුවෙනු ඇති බවයි. නමුත් ඔවුන් යා යුත්තේ කොහෙද? කුමන කොන්දේසිය යටතේද? ඔවුන්ට ඉඩම් කොටසක් දිය යුතුද?  නැතිනම් ලෝකයේ තැන තැන්වල පදිංචි කල යුතුද සහරා කාන්තාරය අවට ප්‍රදේශය අධිකවියලි කලාපයක් වනවිට උතුරු සයිබිරියව වාසයට සුදුදු සහ ගොවිතැනට සුදුසු ප්‍රදේශයක් වන්නේ නම් කෙසේද? ජනගහන හුවමාරුව සංවිධානය කල යුත්තේ කෙසේද?  මේ හා සමාන දේ අතීතයේදී සිදුවූ පරිදිම සමාජ වෙනස්කම ස්වයන් සිද්ධ ආකාරයට බලහත්කාරය සහ ව්‍යසනයේද  සහයෙන්  සිදු වූ නිසා ( රෝම අධිරාජ්‍ය අවසාන කාලයේ සිදු වූ විශාල සංක්‍රමණ  සිහිකිරිමේද )අවි ආයුධ සහිත  වර්තමාන තත්ත්වය බැලීමේදී  අපේක්ෂාව විනාශකාරී වන  විට බොහෝ ජාතීන්  විශාල විනාසයක් ලඟා  කරගනු  ඇත. 
මේ නිසා ඉගෙන ගත යුතු ප්‍රධාන පාඩම වන්නේ මිනිස් වර්ගයා සංචාරක ජීවිතයකට හුරුපුරුදු විය යුතු බවයි. පරිසරය තුළ දේශීය හා ගෝලීය සිදුවන වේගවත් වෙනස්කම්  සඳහා මහා පරිමාණ සමාජ පරිවර්තනයන් අවශ්‍ය  විය හැක. ජාතික ස්වෛරී බාවය රැඩිකල් ලෙස නැවත අර්ථ දැක්විය යුතු අතර  ගෝලීය සහයෝගීතාව පිළිබඳ නව මට්ටමක් නිර්මාණය කළ යුතු වේ. ආර්ථිකයේ සිදුවන ඇති විශාල වෙනස්කම් සහ නව කාලගුණික රටාව නිසා ඇතිවන ජලය සහ බලශක්ති හිඟය සම්බන්ධව කුමක් කළ යුතුද? එවැනි වෙනස්කම් වලදී ගත යුතු ක්‍රියාමාර්ග කවරේද? මෙය සංකීර්ණ පියවර මාලාවක් හරහා විශාල ප්‍රමාණයක තහංචි බිඳ වැටෙන කාලයක් වනු ඇත. 
පළමුව යුරෝපය සරණාගතයින් සඳහා ගෞරවාන්විත පැවැත්මක සඳහා වන කැපවීම තහවුරු කල යුතුව ඇත.මෙතැනදී සම්මුතියකට පැමිණිය යුතු නැත. විශාල සංක්‍රමණ  අපේ අනාගතය වන්නේ නම් ඒ සඳහා පවති එකම විකල්පය වන්නේ ම්ලේච්චත්වය නැවත හඳුන්වා දීමයි. 
දෙවනුව මේ කැපවීමේ අත්‍යවශ්‍ය ප්‍රතිපලය විය යුත්තේ යුරෝපය සංවිධානය විය යුතු අතර පැහැදිලි නීති රීති හඳුන්වා දිය යුතුය.සරණාගතයින් ගල එන රටවල්හි රජයට යුරෝපා ජාතීන්ගේ එකතුවෙන් සැදුනු පරිපාලන ජාලයක් වෙත ඇතුළු වීමට බල කල යුතුය. ( හංගේරියාව සහ ස්ලෝවැකියාව වැනි රටවල දේශීය අධිකරින්හි ක්‍රියාත්මක ම්ලිඑච්චත්වය වැලැක්වීම සඳහා) සරණාගතයින්ට ඔවුන්ගේ  ආරක්ෂාව සහතික කළ යුතු අතර යුරෝපිය බලධාරීන් විසින් ඔවුන්ට ජීවත්වීම සඳහා වෙන්  කරන ලද ප්‍රදේශ පිළිගත යුතු බව ඔවුන්ට අවබෝධ කල යුතුව ඇත. එමෙන්ම යුරෝපිය රජයන්හි  නීති සහ සම්මත්යන්ටවලට ගරු කල යුතුය. ආගම් ඉවසිය යුතු නැත, කුමන පැත්තකින් හෝ එල්ලවන ලිංගික හෝ ජනවාර්ගික අඩත්තේට්ටම් ඉවසිය යුතු නැත. තනි තනි පුද්ගලයන්ට  පොදු චාරිත්‍ර ප්‍රතික්ශේප කිරීමට  ඇති අයිතිය පිළිගත  යුතුය. යම්කිසි කාන්තාවක්  සිය මුහුණ වැසීමට තීරණය කරන්නේනම් ඇගේ තීරණයට ගරු කළ  යුතුය. නමුත් ඇය මුහුණ නොවැසීමට තීරණය කළහොත් අගේ එම නිදහස තහවුරු කල යුතුය. බටහිර යුරෝපීයයන්ගේ ජීවන ක්‍රමය තුල එවැනි  වරප්‍රසාද හිමිවෙනු ඇත. නමුත් එය යුරෝපා ආගන්තුක සත්කාරයේ ප්‍රතිපලයි. මෙවැනි නීති පැහැදිලිව සඳහන් කලයුතු සහ බලාත්මක කලයුතු අතර අවශ්‍යනම් මෙම නීති මර්ධනකාරී පියවර යටතේ බලාත්මක කලයුතුය . 
තුන්වනුව නව ආකාරයේ ජාත්‍යන්තර මැදිහත්වීම් නිර්මාණය කල යුතු වේ. නව  යටත් විජිත උගුල්වලින් තොර හමුදාමය සහ ආර්ථිකමය මැදිහත්වීම්. එකසත් ජාතීන්ගේ හමුදා ලිබියාව, සිරියාව, කොංගෝවේ සාමය ඇති කරීම සඳහා සහතිකවන්නේ නම් කුමන තත්ත්වයක් ඇතිවන්නේද?   එවැනි මැදිහත්වීම් සමීපව නවීන යටත් විජිත කරණය සමග සම්බන්ධ වන නිසා අත්‍යන්ත සුරක්ෂිතතාවය අවශ්‍ය වනු ඇත. ඉරාකයේ සිරියාවේ සහ ලිබියාවේ සිදුවීම් වැරදි ආකාරයේ මැදිහත්වීම්වල ප්‍රතිපල ඔප්පුකර පෙන්වනවා මෙන්ම මැදිහත් නොවීමද අවසන් වන්නේ ඒ හා සමාන අර්බුදයකිනි. 
හතරවැනිය වඩාත්  දුෂ්කර සහ වැදගත්ම කාර්ය වන්නේ රැඩිකල් ආර්ථික වෙනසක් ඇති කිරීමයි. සරගතයන් නිර්මාණය කරන  සමාජ තත්ත්වය නැති කල යුතුය.   සරණාගතයින් ඇතිවීමට  හේතුව වන්නේ අද පවතින ගෝලීය ධනවාදය සහ එහි සිදුවන භූගෝලීය ක්‍රීඩාවන් වේ. අපි එය රැඩිකල් වෙනසකට භාජනය   නොකළහොත ග්‍රීසියෙන් සහ වෙනත් යුරෝපිය රටවලින්ද සරණාගතයින් අප්‍රිකානු සරණාගතයින් සමග එකතු වෙනු ඇත. මේ ආකාරයට පොදු ජනයා  පොදු නියාමනයක් යටතේ සංවිධානය කිරීම කොමියුනිස්ට්වාදය ලෙස හැදින්වූවෙමු. එය හඳුන්වා දිය යුතුය. එය දීර්ඝ කාලින සහ එකම විසඳුම වනු ඇත. 
මේ සියල්ල මනොරජ්යක් වෙනුවෙන්ද? සමහරක්විට. නමුත් අපි එය නොකළහොත එය අපේ විනාශය වනු ඇත. අපි එය කල යුතු වේ.  

Slavoj Zizek: We Can’t Address the EU Refugee Crisis Without Confronting Global Capitalism

Translated by Sithara Sanjeewani

 

 

S

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේ ලිපිය ඉංග්‍රීසියෙන් තිබිල කියෙව්වා. සිංහලට පරිවර්තනය කර පල කිරීම අගය කල යුතයි.

  2. මෙම ලිපියෙන් පැහැදිලි වන ප්‍රධානතම කාරනාව වන්නේ Slavoj Zizek නම් “දාර්ශනිකයා” “දේශපාලනයේදී” කෙතරම් තකතීරුවෙකුද යන්නයි.

  3. වීරයන්ගේ නිරුවත හෙවත් ජිජැක්ගේ ‘වයිට් මෑන්ස් බර්ඩ්න්’ එක.

Comments are closed.