[dropcap color=”red”]ඉ[/dropcap]තාම මෑතකදී අනාගතයේ දී චීනය විසින් චීන ප්‍රාග්ධනය මැදි කර ගෙන බටහිර “ලෝක බැංකුවට” විකල්ප ආසියානු උපරි-ව්‍යුහ සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අදහස් කර ඇත. එමගින් ඔවුන් දැනට දකුණු ආසායාවේ දුප්පත් රටවල් ණය ගන්නා ලෝක බැංකුවට නව විකල්පයක් ඉදිරිපත් කර ඇත.

පසුගිය දිනෙක චීනය පිළිබදව සිංහල වාමාංශික සමාජයේ හණමිටි අදහසක් වූ “චීනුන් කොන්ඩය කැපූ පසු ලෝකය” යනුවෙන් රූපකයක් පොතටද අදාල කරගෙන තිබුණි. චීනය අප්‍රිකාවෙන් ස්වභාවධර්මය මිළට ගෙන එහි පරිසරය විනාශ කරන ලදි.ප්‍රාග්ධනයේ ප්‍රථම අදියර විනාශයයි. දෙවැනි පියවර ප්‍රතිනිර්මාණයයි. චීනයේ මෙම මුල්‍ය බැංකුව සදහා ප්‍රාග්ධනය සැපයීමට චීනය ඔස්ට්‍රේලියාවට සහ දකුණු කොරියාවට ද ආරාධනය කර ඇත. මේ නිසා බටහිර දේශපාලන බලවතා වන ඇමරිකාවද කණස්සල්ලට පත්ව ඇත. ඇත්තටම අනාගතයේ දී චීනය විසින් ලෝක මුල්‍ය බැංකුවක් හරහා දකුණු ආසියාවට ප්‍රාග්ධනය සැපයීමට ඉදිරිපත් වුවහොත් මෙම කළාපයේ පවතින වාමාංශික දේශපාලන සංවිධාන වලට අලුතින් සිතීමට කාලයක් උදාවනු ඇත. මන්ද යත් එවැනි අනාගත වමක් පශ්චාත්-ද්‍රව්‍යවාදී වටිනාකම් මත පදනම් විය යුතු නිසාය.

චීනුන් ගේ කොණ්ඩය කැපීමට ගිය සිංහල වාමාංශිකයන් ගැන ඔබට ඇත්තටම සිතෙන්නේ කුමක් ද?

සැළකිය යුතුයි:

මේ සම්බන්ධයෙන් සිංහල වාමාංශිකයන් විසින් අප මේ අදහස කලින් දැන සිටියා යැයි කියමින් පොර ටෝක් දුන්නාට කමක් නැත. අනාතයේ දී චීනය විසින් ලෝක ආර්ථික සහ දේශපාලනයට කරනු ලබන්නට නියමිත බලපෑම සම්බන්ධයෙන් දැනටමත් අප විසින් අධ්‍යනය කර ඇති දෑ ඇසුරින් අවශ්‍ය නම් පොත් සියයක් ලියන්නට පුලුවන. ධනවාදයට එරෙහි අරගලය තුළ ලිවීම අත්‍යාවශ්‍ය අංගයක් බව අප උගත්තේ ලෙනින් ගෙනි. සමාජය වෙනස් කරන්නට අවශ්‍ය දැනුම සම්පාදනය සදහා ලිවීම කළයුතු බව අපට පැහැදිලිය. නමුත් කඩ පිල්ල වල වැස්සට ගාල් වන පරිද්දෙන් තමන්ට ආරාධනා කරන ඕනෑම රැස්වීමක කතා පැවැත්වීමට හැකි පුද්ගලයන් ( තමන් අදාල කෘතිය කියවා නැති අවස්ථාවක ප්‍රසිද්ධියේ මම පොත නම් කියලවලා නැහැ. ඒ වුනාට මොනවා හරි කියන්න එපායැයි කියමින්) නන්දොඩවන රටක විප්ලවවාදී දේශපාලනය කිරීම යනු අති දුෂ්කර ව්‍යායාමයකි.

ඔබේ අදහස කියන්න...