මේ කාලයේ ලෝකයේ ප්‍රසිද්ධම භාෂා විශ්ලේෂකයා වන නොආම් චොමිස්කි සහ ස්ලාවොජ් ජිජැක් නම් දාර්ශණිකයා අතර ‘න්‍යාය’ ගැන විවාදයක් ඇති වී ඇත. චොම්ස්කිට අනුව  ‘න්‍යාය’ යනු එතරම් වැදගැම්මකට ඇති දෙයක් නොවේ. ඊට වඩා මිනිසුන්ටඅනුභුතික කාරණා වැදගත්ය. නමුත් ජිජැක්ට අනුව ‘න්‍යාය’ භාවිතා කිරීම යථාර්ථය ගවේෂණය සදහා අත්‍යාවශ්‍ය දෙයකි. ඉතිහාසය පුරාම මහද්වීපික දර්ශණය සහ විශ්ලේෂී දර්ශනය අතර පැවති තාප්පය මෙම අලුත් විවාදය තුළද දක්නට ලැබේ.

මෙම විවාදය ගැන අදහස් දක්වන ලිබරල් ජනමාධ්‍ය වලට සහ ලිබරල් බුද්ධිමතුන්ට අනුව මෙම විවාදය එකිනෙකාට මඩ ගසා ගැන්නා එකකි. මිනිසුන්ව විචාරය කිරීමේ දී ඔවුන් රාත්‍රී ජීවිතය ගැන අදහස් නොදන්වා සිටීම ඉතාම දුෂ්කර වන්නේ පොදු ජීවිතයේ දී බොහෝ දෙනා විවෘත නරුමයන් වන නිසාය. ඔවුන්ව විචාරය කිරීමට අශ්ලීල දේවල් යොදා ගැනීමට සිදුවන අතර පෙරළා අපද එවැනි අශ්ලීල දේවල් බලාපොරොත්තු විය යුතුය. මඩ ගැසීමත් මඩ කෑමත් එකම කාසියේ දෙපැත්තයි. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය චින්තකයන් දෙදෙනාට ද මඩ ගසා ගැනීමට සිදු වීම ‘මේ යුගයයි.’

ඔබේ අදහස කියන්න...