ජනප්‍රිය බුද්ධිමතාගේ දැනුම ක්‍රියාකාරී වන ආකාරය ගැන අපි විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ මන්ද? අනවශ්‍ය කරදරවලින් ගැලවීම සඳහා අපි ජනප්‍රිය බුද්ධිමතෙකුගේ අදහස් NR නම් අන්වර්ථ නාමය යටතේ පළ කර, එම අදහස් විශ්ලේෂණය කරමු.

පහත පළ වන්නේ NR විසින් ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ පිළිබඳව දක්වා ඇති (එහි 25 වන සංවත්සරය වෙනුවෙන්) අදහස් කිහිපයකි.

”නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දැන් රඟපෑම සඳහා භූමිකාවක් තිබේද? මගේ ඒ සිතුවිල්ල පදනම් වන්නේ වසර විසිපහකට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ වූ අවස්ථාවේ එය ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ රඟ දැක්වූ භූමිකාවට සාපේක්ෂවයි. ජවිපෙ කැරැුල්ල මර්දනය කිරීමෙන් පසු දක්නට ලැබුණු නිශ්චිත දේශපාලන වාතාවරණය තුළ එකල එය සුවිශේෂ භූමිකාවක් රඟදැක්වූයේය. ඒ, එවකට වර්ධනය වී තිබූ අතිශයින්ම අධිකාරිවාදී දේශපාලන වාතාවරණයට ප‍්‍රතිපක්ෂව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් මුල් කරගෙන ජන මතයක් ගොඩනැංවීමයි. 1990 – 94 යුගය තුළ ගොඩනැගුණු විසම්මුතික ජනමතය සංවිධානය කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.

94 ට පසු මෙම තත්ත්වය වෙනස් වූ අතර ඊට අනුකූලව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද පරිණාමය විය. දිගු කතාවක් කෙටියෙන් කියන්නේ නම් ජනප්‍රිය මහජන ව්‍යාපාරයක් අවසානයේ බටහිරින් යැපෙන NGO සංවිධානයක් බවට විකරණය විය. (විකෘතිය?)…. මට ප‍්‍රශ්නය තිබෙන්නේ වර්තමාන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය භූමිකාව රඟදක්වන්නේ (ශේක්ස්පියරියානු අර්ථයෙන්) කුමන පිටපතකට අනුව කුමන අධ්‍යක්ෂවරයකු යටතේ, කුමන පේ‍්‍රක්ෂාගාරයක් සඳහා ද යන්නයි.” – උපුටා ගැනීම අවසන් –

ජර්මන් ෆැසිස්ට් චින්තකයකු වූ ෙහෙඩගර්ට අනුව දර්ශනය (Philosophy) සහ චින්තනය (Thinking) අතර පැහැදිලි වෙනසක් ඇත. දර්ශනය වගවිභාග කරන්නේ සත්තාව (Being) නම් සත්‍යයයි. ‘සත්තාව’ පිළිබඳව ගවේෂණයක් පෙරදිග කලාපයේ දක්නට නොලැබේ. පෙරදිගට ‘චින්තනය’ යන්න පමණක් හිමි වී ඇත්තේ මේ නිසාය. එබැවින් පෙරදිග කලාපය තුළ සත්තාව සහ සත්තාවන් අතර වෙනස චින්තනය තුළ විද්‍යමාන නැත. මනස යනු විද්‍යමානයන්ගේ පාරභෞතික ක්ෂේත‍්‍රයයි. බටහිර මනසකට වෙනස්ව පෙරදිග මනස (මා මෙහි දී බටහිර සහ පෙරදිග වෙන් කරන්නේ දාර්ශනිකවය. ඉන් අදහස් කරන්නේ මෙහි නිර්ණායකය අභ්‍යන්තර නිදහසට – Inner Freedom – අනුකූල වන්නක් බවය. හේගල්ට අනුව ආසියාවේ අභ්‍යන්තරිකව නිදහස් එක පුද්ගලයෙකි. ඒ රජතුමා හෝ පාලකයා හෝ සමකාලීනව ජනාධිපතිය. ඔහුට අනුව ග‍්‍රීසියේ ස්වල්ප දෙනෙක් නිදහස්ය. ඒ පාලකයා සහ වහල්හිමියන්ය. නිෂ්ටාවක් ලෙස හේගල්ට අනුව බටහිර දී සියලූ දෙනා ආකෘතිමය වශයෙන් නිදහස්ය. මේ බෙදුම්කඩනය ‘නිදහස’ සම්බන්ධයෙන් ආර්ථික වශයෙන් කෙතරම් දියුණු වුවත් වලංගුය. උදා- දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව ආර්ථික වශයෙන් දියුණුය. නමුත් එම රටවල අභ්‍යන්තර නිදහස ඇත්තේ එක පුද්ගලයකුට පමණි.) කියවන්නේ සත්තාවන් (එනම් මේ ලෝකයේ පවතින දේවල් (Exist) ගැන සිතීම) ගැන මිස ‘සත්තාව’ (Being)  ගැන නොවේ. ඒ අනුව අප මෙතැන දී ෙහෙඩගර් අනුගමනය කරන්නේ නම් පෙරදිග චින්තකයන් සිතන්නේ අනුභූතිකව පවතින දේවල් ගැන පමණි. ඔවුන් සත්තාව අමතක කර දමයි. ලංකාවේ දී දර්ශනය යනු භයානක විෂයක් නිසා මේ ‘සත්තාව’ නම් වචනයේ අදහස වතුර වීදුරුවක් සේ පැහැදිලි කළ යුතුය. සත්තාව යනු ‘මිනිස් සත්තාවයි.’ ගස, ගල, පුටුව, අහස, සීතල, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, යහපාලනය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යන මේ සියල්ල සත්තාවන් මිස සත්තාව නොවේ. ඒවාට සමාජ – විද්‍යාත්මකව, සෞන්දර්යාත්මකව, දේශපාලනිකව සහ අවසන් වශයෙන් චින්තනය තුළ පැවැත්මක් පැවතිය ද ඒවා ‘මනුෂ්‍ය’ (Human – දෘෂ්ටියක් ලෙස නොවේ) නැත මනුෂ්‍යයා මෙන් පුටුව තමා ගැනම සිතන්නේ නැත. මන්ද පුටුවට ‘සත්තාවක්’ නැති නිසාය. පුටුව විසින් පුටුව තුළ පවතින ‘පුටුමයභාවය’, එනම් වෙනස් නොවන ස්වභාවයක් පුටුව තුළ සොයන්නේ නැත. මිනිසා හුදු ආත්මයක් පමණක් නොවේ. ඔහු/ ඇය තමාව සාරයක් (Essence) දෙසට යොමු කරයි. මෙම සාරගවේෂණය පුටුවට, සාධාරණ සමාජයට, ගුවන් විදුලි සංස්ථාවට, කොළඹ විශ්වවිද්‍යාලයට අහිමිය. මේ නිසා පෙරදිග සිතන මුත් ‘දර්ශනයක්’ ඊට නැත. (LTTE යේ සත්තාව ප‍්‍රභාකරන්ය, TNA එකට සත්තාවක් නැත)

මගේ මුළු දේශපාලන දිවියම ගවේෂණය කරන්නේ දෘශ්‍යමානයට නොපෙනෙන ඉහත ‘සත්තාව’ අධ්‍යයනය කිරීම සඳහාය. ෙහෙඩගර්ගේ ‘සත්තාව’ පිළිබඳ යොමුව දාර්ශනික අංශයෙන් ගත් විට අතිශය රැඩිකල් හැරවුමකි. ඔහුගේ අදහස සරලව විදාරණය කරන්නේ නම් එය වාක්‍ය දෙකකින් පැහැදිලි කළ හැකිය.

(A) මෙය ගසක්.

(B) මෙය ගසක් ය. (මේ ‘ය’ යන්න නිශ්ශබ්දය. එය අපට ඇසෙන්නේ නැති නිපාතයකි. ඉංගී‍්‍රසි භාෂාවේ  is සඳහා තේරුමක් නැත. හැමවිටම එය අමතක වෙයි)

‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ’ සත්තාව අධ්‍යයනය කිරීම සඳහා සංයුක්ත උදාහරණයකට මම දැන් යොමු වෙමි. 90 දශකයේ මුල දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ක‍්‍රියාකාරී වන විට ඒ තුළ සහ ඒ අවට (යුක්තිය පුවත්පත) හැසිරුණු චරිත දෙකක් වූයේ (මේවා අන්වර්ථ නාම ය) ගීතා සහ DJ ය. DJ විවාහක වූ අතර ඔහු ගීතා සමඟ විකල්ප සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. සතියේ දිනවල ගීතා සමඟ ස්ත‍්‍රීවාදී නිදහස් සම්බන්ධයක් ගෙන යන DJ සති අන්තයේ නිවාඩු දින දෙකේ තම ගමේ සම්ප‍්‍රදායික පවුල් ජීවිතයක් ගත කළේය. මෙම සමාජ සම්බන්ධයේ ආකෘතිය ‘හංස විලක්’ චිත‍්‍රපටයේ ඇත. තරමක දීර්ඝ කාලයක් ගත වූ විට DJ විසින් ගීතා සමඟ තිබූ තම සම්බන්ධය අතහැර දමන අතර ඊට හේතුව වශයෙන් ඔහු අපූර්ව කතාවක් ප‍්‍රබන්ධගත කරන ලදි. ඒ සම්බන්ධය නතර කරන ලද හේතුව වශයෙන් ඔහු ඉදිරිපත් කළේ විද්‍යාත්මක මතයකි. ”මට Dr. කිව්වා ඔයා දැන් හෘද රෝගියෙක්. ඒ නිසා අඩුවෙන් ලිංගික සබඳතා පවත්වන්න.” ඒ අනුව DJ තමන් සමඟ සබඳතාවය තිබූ ගීතාගෙන් ඉවත් වූයේ වැඩිපුර Sex කළොත් හාර්ට් ඇටෑක් එකක් එන නිසාය. DJ සංසර්ග විද්‍යාවෙන් හෘද රෝග විශේෂඥයකු වූයේ එසේය. DJ ගේ ‘සත්තාව’ යනු ඉන්ද්‍රිය ගෝචරත්වයට හෝ සබුද්ධික මනසට ගෝචර නොවන මෙම ආත්මී්‍ය ස්වභාවයයි. මේ සංවිධානයේ නළු නිළියන්ගේ භූමිකාව වෙනස් වූයේ බාහිර වාස්තවික හේතු නිසා නොවේ. එහි විලෝමය ද සත්‍යය. ඔවුන් කිසිවකු නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ආයතනයට එකතු වූයේ සබුද්ධික කාරණා නිසා නොවේ. නොමිලේ බඩුවක් ගැසීමට ලැබෙන අවස්ථාවට වඩා වැඩි දෙයක් එතැන නැත. ‘බඩුව’ ගසා ඒ ආශාව තෘප්ත වූ පසු ඊට පිටුබලය දුන් බාහිර සංවිධාන ව්‍යුහය ද වැඩක් නැත. ඉන් බාහිර මිනිසුන් මේ ක‍්‍රියාවලියට ආශක්ත වෙයි.

තත්ත්වය වඩාත් තාර්කික ව්‍යුහයක් තුළට අවශෝෂණය කිරීම සඳහා අපි NR විසින්ම මැදිහත් වූ සංවිධානයක් ගැන විභාග කරමු. එනම් මාදුළුවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාරය ගවේෂණය කරමු. NR ට මතක ඇත්නම් නව සහශ‍්‍රය බිහි වූ යුගයේ, එක්තරා ගැටවර යුවතියක් අපගේ සංවිධානයට පැමිණ අපට ලබා දුන් ඡුායාරූප කිහිපය සහ ඒ සමඟ ඇය ඉදිරිපත් කළ කතන්දරය සිහි කරන්න. එම කතාව NR ට හොඳට මතක තිබේ නම් (කල්‍යානන්ද මීට සාක්ෂි සපයයි) අපි ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ ඉන් වසර 15 කට පමණ පසු සාධාරණ සමාජයක් හදන්නට එම පන්සලට NR ගියේ මන්ද යන කාරණයයි. එම හේතුව කිසිදු බාහිර හේතුවක් යයි ඇසීමට (මහින්දගේ ඒකාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන රෙජීමය වැනි හේතු) තරම් අපගේ කන බොළඳ නැත. තමන් මේ ව්‍යාපාරයට බැඳෙන විට එහි මූලිකයා කවුද කියා මීට වසර 15 කට පෙර මෙම මස මුල් සති කිහිපය තුළ   රටේ තෙල් හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාරය කරමින් ජනතාව බියගැන්වීමට  ක්‍රියාකළ ඇතැම් විද්‍යුත් මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවදානය යොමුව ඇතැයි  රජයේ ආරංචි මාර්ග පවසයි. ඉන්දීය තෙල් සංස්ථාවෙන් ගෙන්වන ලද තෙල් නැව ප්‍රතික්ෂේප වීමත් සමඟ රටේ තෙල් හිඟයක් ඇතිවනු ඇති බවට ප්‍රචාරය වීමත් සමඟ රටේම ජනතාව ඉන්ධන පිරවුම් හල අසල පෝලිම් ගැසී සිටිනු දැකිය හැකිවිය. නොවැම්බර්  09 දා නැවත මෙරටට තෙල් නැවක් පැමිණෙන තෙක් දින 05ක කාලයක් මෙමෙ අර්බුදය පැවතුනි. තෙල් සංස්ථාව සතු කොළොන්නාව, සපුගස්කන්ද, හා මුතුරාජවෙල ප්‍රධාන ගබඩාවල ඇති ඉන්ධන සහ රටපුරා ඇති උප බෙදාහැරීම් මධ්‍යස්ථාන දහයේ තෙල්ද නිකුත්කරන්නට සිදුවිය. එම ඉන්ධන ද මෙරට වාහනවල පාවිච්චියට දින හතරකට සෑහෙන බව තෙල් සංස්ථා බලධාරීහු පවසා තිබුණි.  පසුව හෙළිවූ කරුණු අනුව පැවසුනේ තෙල් හිඟයක් ඇති බව මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ බිය වූ ජනතාව වැඩිපුර තෙල් ලබාගෙන ගබඩා කරගෙන ඇති  බවයි.   මෙවැනි අසත්‍ය ප්‍රචාර කරන මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමේ නීතිමය පදනමක් ඇති බව නීති විශාරදයෝද  පවසති. මේවනවිට මාධ්‍ය ආයතන සඳහා නිකුත්කරන විද්‍යුත් බලපත්‍ර නිකුත් කිරීමේ බලතල ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයට වන නමුත් සංඛ්‍යාත පිළිබඳ බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ දැනට ජනාධිපතිවරයා යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහායි. NR හොඳින් දනියි. එසේ දැන දැනම තමයි ඔහු එම ව්‍යාපාරයට එකතු වෙන්නෙ. එතැන දී ඔහු නරුමවාදී යැයි කියා අප නැවතිය යුතු නැත. අප ගැටලූව තවදුරටත් දාර්ශනිකරණය කළ යුතුය. NR සමාවට කරුණක් ලෙස මෙසේ පාපොච්චාරණය කරයි.

”මට ඇති මීට සමාන මෑතකාලීන අත්දැකීමක් වන්නේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයයි. මම ද ඒ ව්‍යාපාරයේ යම් භූමිකාවක් රඟදැක් වූ නිසා, මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වූ පසුව ව්‍යාපාරයේ භූමිකාව අවසන් බැවින් සංවිධානය විසුරුවා හැරිය යුතු යැයි මම යෝජනා කළෙමි. නමුත් කිසිවකුත් වේදිකාවෙන් බැස යාමට එකඟ නොවූහ. ඒ නිසා ඒ ‘ව්‍යාපාරය ද’ තවම පවතී.”

NR ට මාදුළුවාවේ සෝභිත කවුද කියා තොරතුරු ලැබුණේ දශකයකට පෙර කාලයකය. නමුත් ඔහු එම ව්‍යාපාරයට බැඳුණේ ඇයි? දැනට එම ව්‍යාපාරයේ සිටින අය තවමත් ඉන්නේ ඇයි? එය පන්සලට ගිය විට දැනගත හැකිය. එක පැත්තක ගෑනු ප‍්‍රශ්නය. තව පැත්තක සුඛෝපභෝගී මෝටර් රථයකි. තව තැනක මුදල් සංචිතය. මේ හේතූන් අපට දෘශ්‍යමානයට විද්‍යමාන නැත. සෝභිත හිමි කවුද කියා දැන දැනත් NR ව ඔහු කරා යොමු කළ NR ගේ සත්තාව කුමක්ද? ගැටලූව එයයි. (NR ගේ ෆැන්ටසිය)

අපි නැවතත් ෙහෙඩගර් වෙතට අවධානය යොමු කරමු. අධ්‍යයනය කරල තියෙනව නම් ඔබ දන්නවා හැනා අරෙන්ඞ් කියන දාර්ශනික ස්ත‍්‍රිය සරලව ලිබරල්වාදිනියෙක් නොවන බව. ෙහෙඩගර් ජීවත් වූ යුගයට සාපේක්ෂව ක‍්‍රිස්තියානි ආගම සහ බොල්ෂෙවික්වාදය ව්‍යහාරාත්මක වශයෙන් ශුන්‍යවාදීයි. එපමණක් නොවෙයි ෙහෙඩගර්ට අනුව ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ ව්‍යාජ මිනිස් සබඳතාවල ශේෂගත වීමක්. පෞද්ගලික ජීවිතයේ අතිශය හිතුවක්කාර, නොහික්මුණු ආශාවන්ට ඉඩ නොදෙන ලිබරල්වාදයේ පොත්ත ෙහෙඩගර් සපුරා හෙළා දැක්ක. මේ අංශයේ දී හැනා අරෙන්ඞ් ස්ත‍්‍රියක්, යුදෙව්වෙක් සහ ප‍්‍රාදේශීය ජර්මන් පුරවැසියකු ලෙස ඔහුට කැමති වුණා. නමුත් ජාතිවාදය වෙනුවට හැනා අරෙන්ඞ්ට විකල්පය වුණේ ප‍්‍රජාතන්ත‍්‍රය. මොකද ඇය දැන සිටියා පෞද්ගලික ලෝකය තුළ නිදහස ප‍්‍රකාශ වීමට රාජ්‍යය ලිබරල් විය යුතුයි කියල. අරෙන්ඞ් සහ ෙහෙඩගර් අතර මිනිස් සම්බන්ධය අතිශය දුෂ්කර වූයේ දේශපාලනය පිළිබඳ මෙම ආකල්පමය වෙනස්කම නිසා. ෙහෙඩගර්ට අනුව රාජ්‍යය අධිකාරී වෙන්න වෙන්න පෞද්ගලික ලෝකයේ උණුසුම් මිත‍්‍ර සබඳතාවයන් පුෂ්පිත වෙනවා. නමුත් හැනාට අනුව මෙම සබඳතා ව්‍යාජයි. ලංකාවේ දී ‘විභවි’ ආයතනය හැනා ඇරෙන්ඞ් නිවැරදි බව සාක්ෂාත් කරනු ලැබීය. පේ‍්‍රමදාස අධිකාරවාදය තුළ පුෂ්පකරණය වූ විභවිය පේ‍්‍රමදාසගේ මරණය සමඟ අතාර්කික මරණයකට ලක් විය. අද එය මතක් කරන්නවත් කෙනෙකු නැත.

NR ගේ රචනාවේ අවසන් වැකිය මෙසේය.

”දේශපාලනයේ දී ද නළු නිළියන් තම භූමිකාව පිළිබඳ සවිඥානක නම් කොයිතරම් අපූරුද?”

මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී අපට කෙටි පිළිතුරක් සැපයිය හැකිය. දේශපාලනයේ දී මිනිසුන් තම තමන්ගේ සමාජ භූමිකාවන් ගැන සවිඥානක නොවන්නේ ඔවුන්ගේ සත්තාව ඔවුන් විසින්ම අමතක කරන නිසාය. නැතහොත් අවිඥානය අපුද්ගල නිසාය.

NR අමතක කරන තමන්ගේ සත්තාව නොහොත් තමන්ගේ ඇටය (Bone) යනු කුමක්ද? මේ සඳහා අපට ෙහෙඩගර් විසින් පවා අමතක කළ ආත්මය (Subject) යන කාරණයට අවධානය යොමු කිරීමට සිදු වෙයි. අපට මෙහි දී බාහිර ලෝකයේ පවතින උද්ඝෝෂණ, විශාල රැුලි, ලී කෙළි සෙල්ලම්, යටි උගුරෙන් කෑගැසීම්, පිකටින් යන පැරණි වාමාංශික විලාසිතාවලින් මොහොතකට ඈත් වීමට සිදු වෙයි. මන්ද අප දෘෂ්ටිවාදයට ඇතුළු වන්නේ සිතන විට (චින්තනය තුළ) නොව ක‍්‍රියා කරන විට නිසාය. මාදුළුවාවේ සෝභිත හිමි ළඟට තමන්ව යවන තමන්ටත් ආගන්තුක, නමුත් තමන් තුළම ජීවත් වන මේ අද්භූත සත්වයා කවුද? න්‍යායික පාර්යාවලෝකනය නම් මනස වෙහෙස විය යුතු තාර්කික වැඩය නවත්වා මහ පාරේ සිටින සැබෑ මිනිසා (Real Man) වෙතට තමන්ව යොමු කරන මේ අඳුරු අද්භූත ආත්මය කවුද? 21 වන සියවසේ වාමාංශික දේශපාලනයට අමතක කළ නොහැකි පුද්ගලයා ‘මේ – අද්භූත – විකාරරූපී – පුද්ගලයා’ නොවේද? අපගේ සංයුක්ත වාස්තවික දේශපාලනික ව්‍යාපාර අවුල් සහ විකාර කරවන මෙම අද්භූත සත්වයා අපට සාම්ප‍්‍රදායික ඥාන විභාගයෙන් වටහාගත හැකිද? NR වැනි පුද්ගලයන් අතීතයේ දී මෙම අධ්‍යයනය හැඳින්වූයේ පුද්ගලයාගේ යටිබඩට ගහනවා (අශ්ලීල පැත්ත) කියාය. එකල බොහෝ දෙනාගේ යටිපැත්ත අශ්ලීල නිසාම ඔහුට ඡන්ද වැටුණේය. දැන් මේ අශ්ලීල පැත්ත මුළුමහත් සමාජයම අරාජක කරවන තරම් බලවත් වී ඇත. (NR ට මනෝ විශ්ලේෂකයා ගොඩ වෙදෙකි)

ෙහෙඩගර් ‘සත්තාවෙන්’ නතර වුවත් ලැකාන් තව අමතර දුරක් ගියේය. ඔහු කිසි දිනෙක සැක කිරීම අමතක නොකළේය. ඔහුට අනුව යථාර්ථය දෘශ්‍යමානය සහ සැබෑව යනුවෙන් දෙකට පලන ආත්මයක් ඇත. එය විනෝද වන ආත්මයකි. NR දේශපාලනය කරන්නේ ලෝකය අර්ථකථනය කිරීමටය.  ඕනෑම තැනක ඔහු සිටින්නේ ඔහුගේ ආශාව ලොප් කරනතුරුය. ඉන්පසු තමන් ඒ සිටි තැනින් ඉවත් වන ඔහු එහි වගකීම අන්‍යයන්ට බාර දෙයි. ග‍්‍රස්ථිකයකුගේ ආශාවේ තර්කනය සහිත ඔහු පටන්ගත යුත්තේ හැම්ලට්ගෙනි.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. I would appreciate your fascinating writing meanwhile make my opinion
    according to ancient Greek philosopher parmenide,
    thinking and being something that can not be separated.
    The term of Greek philosophy which indicates the activity of “noetic thinking,” overexious that thought that has the object of “intelligible thing” as opposed to ” sensitive Explanation. Within the degrees of knowledge, the noesis.
    in the thought of cartesian
    thought and being are divided into two worlds
    “cogito ergo sum i think there for i am,
    res cogitans and res extens”
    as a consequence of Cartesian detachment
    hegel succeeded to be able to go another step forward
    in Hegelian ontology reunites thought and being in a dialectical and historical process brings about absolute knowledge in other words the spirit
    http://www.filosofia.rai.it/articoli/parmenide-il-pensiero-e-lessere/3585/default.aspx

  2. නිදහසෙන් පසු කිසිම බුද්ධිමතෙක් අපොහොසත්වූ ඓතිහාසික හැරව්මක් ඔබ විසින් යොජනා කරා නමුත් එය බටහිර අර්ථයකින් ආකෘති ගත උනෙ නෑ වෙනෙ විඩියෙකින් කිව්වොත් විද්‍යාවක් උනෙ නෑ .(සංයුක්ත අදහසක්)
    එය ඔබ තුල වු ප්‍රතිවිරෝධය නොවෙ ෆික්ටිඅනු අර්ථයකින් කිව්වොත් මා නොවාන්නා හමු වි නොමැත (non io) සත්තාව වෙනුවෙටෙ සත්තාවන් හමුවිම ඒ නිසා ෆිලොසොෆි වෙනුවෙට ඔපිනියන් බිහි වේ.
    ඔබගේ අදහස “සත්‍යය“ නමුත් වියුක්තය්
    ඔබ කොතෙරම් නිර්භීත උවත් ඓතිහාසික හැරව්මක් වෙනුවෙන්
    හෙගෙල් කාන්ට් සම්බන්ඩෙයෙන් කියෙපු දේම ඔබ සම්බන්දෙයෙනුත් නිවැරදියි චින්තන ඉතිහාසය විප්ලවිය ලෙස වෙනස් කරනව නමුත් non being නොමැතිව ඔබ ඔබ තුලම වැසි පවති.ඔබ ඒ තුලටම ඇද වැටෙනව .අදහස(“සත්‍යය“) එය, එය විසින්ම දයලෙක්තිකව “ස්වයං විඥාන“ මොහොතට විවෘතව පවති.
    “ඔබ” යනුවෙන් අද්හස් කෙරෙ (philosopher) deepthi kumara gunarathna

Comments are closed.