ද්‍රව්‍යාත්මක ඉල්ලීම් මත පදනම් වෙමින් ගොඩනැගුන දේශපාලන සංවිධාන වල අවසානය වර්තමානය තුල සනිටුවහන් වෙමින් පවතී. ලෝක දේශපාලනය  තුල එවැනි දේශපාලන සංවිධාන තව දුරටත් වලංගු නොවේ. ලෝකයේ කර්මාන්තශාලාව බදු වූ චීනයේ පාලනය හසුරුවනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂය විසිනි. නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් චීනය තුල හැර වෙනත් රටවලට නැත.

මේ නිසා එවැනි රටවල දේශපාලනය ඥානවිභාගාත්මක (epistemology)   රාමුවෙන් සත්භාවවාදය (Ontology) දක්වා විතැන් වෙමින් පවතී. මෙම තත්වය ලංකාවටද අදාලය. නමුත් ලංකාවේ සියලු දේශපාලන විචාරයන් තවමත් පසුබිම් වන්නේ ඥානවිභාගය මතය. එනම් ද්‍රව්‍යමය ඉල්ලීම් ඉටුකර දීම මගින් මිනිස් සබදතා යලි ගොඩනැගීම සදහා වම දකුණ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ විසින් තවදුරටත් උත්සහ කරමින් සිටී. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලනය එම පැරණි දේශපාලනයන්ගෙන්  වෙනස් වන්නේ එමගින් ස්පර්ශ කරනු ලබන්ගේ පුද්ගල ආත්මීයත්වය හා සම්බන්ධ ගැටළු වීම නිසාවෙනි. මෙම වෙනස සහ ඛණ්ඩනය අප විසින් නැවත නැවතත් මතු කරනු ලැබුවද ලාංකීය දේශපාලන සන්දර්භයට තවමත් එය නුහුරු දෙයක් වී තිබේ.

‘මොනවද මේ කට්ටිය කියන්නේ? මිනිස්සු කන්න බොන්න නැතිව දුක් විදිනවා, ඒ අස්සේ ආත්මයක් ගැන කතා කරනවා. මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්න දේශපාලනයට අදාළ දෙයක් නෙවෙයි. මනෝවිශ්ලේෂණය දේශපාලනයට වැදගත් දෙයක් නෙවෙයි. ආණ්ඩුව මිනිස්සුන්ට ඇති කරලා තිබෙන පීඩනය ගැන කතා කරන්නේ නැතිව, මහ පොළොවේ දේශපාලනය කරන්නේ නැතිව පිස්සු කතා කියනවා. න්‍යාය ගැන කතා කරනවාට වඩා  එලියට බැහැලා වැඩ කරන එක නේද අමාරු, කෝ ඔයාල එළියේ මොනවද කරලා තියෙන්නේ?කොටින්ම ඔයාල කරන්නේ දේශපාලනය නෙමෙයි බහුභූත වැඩ.”

මෙම සංක්‍රාන්ති සමය තුල අප වෙත  එල්ල කරනු ලබන ප්‍රධාන විවේචනයන්  වන්නේ මෙයයි. අප දේශපාලනය ආරම්භ කරන්නේ යුරෝපයේ නම් මෙවැනි විවේචන සදහා මුහුණ දීමට සිදු නොවේ. එවැනි සන්දර්භයක අපට මුහුණ දීමට සිදුවන ගැටළු මීට වඩා වෙනස්ය. නමුත් මෙවැනි විවේචන මගින් මතුකරනු ලබන සමකාලීන තත්වය පිළිබද අදහස තරමක් සංකීර්ණය. අප න්‍යායිකව කොතරම් ශක්තිමත් වුවද පවතින තත්වය වෙනස් කිරීම හෝ දේශපාලනයේ ඛණ්ඩනය වීම ලාංකීය පොලොව මත සනිටුවහන් කිරීම පහසු කටයුත්තක් නොවේ.

කුමාර් පන්නයේ නායකයෙකු අපටත් සිටියේ නම් අවි ආයුධ වලින් ප්‍රශ්නය විසදීමට ගොස් මේ වන විට සියලු දේ විනාශ කරගෙන හමාරය. නැතිනම් තවමත් ඒ සදහා අර අදිමින් සිටිනවා විය හැක. මීට අමතරව ගමින් ගම යමින් පංති පවත්වමින් මිනිස්සු සංවිධානය කිරීමටද අප උත්සහ කර ඇත. නමුත් මේ කිසිවක් පවතින තත්වය තුල සාර්ථක වන්නේ නැති බව අපට විශ්වාසය. පංති පැවැත්වීම මගින් දේශපාලනය කල හැකි නම් අප විසින් පංති පවත්වා ඇති තරමට  එම පංති වලට සහභාගී වූ සාමාජිකයන් දැන් සිටිය යුත්තේ පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේය[?]. නමුත් අවුරුදු දහයකට පහළොවකට පසුවත් අපට හමු වන්නේ පැරණි සාමාජිකයාමය. ඔහු / ඇය නිසා පක්ෂයට හෝ දේශපාලනයට සිදු වූ දෙයක් නොමැති නමුත් පක්ෂයට සම්බන්ධ වීම නිසා හොද හෝ නරක දෙයක් ඔහු / ඇය විසින් තමාට සිදුකරගෙන තිබේ. මෙතැනදී නැවතත් අපගේ මුඛ්‍ය ගැටලුව මතුකළ හැක. කිසිම දෙයක් සාර්ථක නොවන බව කියමින් දීප්ති සහ පක්ෂය විසින් දිගින් දිගටම කරමින් සිටින්නේ මොකක්ද ? ‘දේශපාලනය’ යන්න නිර්වචනය වන්නේ මෙම  ප්‍රශ්නයට පිළිතුරක් ලෙසය. දීප්තිගේ ඉතිහාසය , පක්ෂයේ ඉතිහාසය යනු ලංකාවේ දේශපාලනයේ අනාගතයයි. X යන සංඥාව මෙම දේශපාලනය නම් කිරීම සදහා තව දුරටත් වලංගු වේ. දීප්ති සහ පක්ෂය තවමත් කරමින් සිටින්නේ ලංකාව වෙනස් කිරීමට අවශ්‍ය x නමැති දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමේ පර්යේෂණයයි.

අපගේ දේශපාලනය ආගන්තුක දෙයක් වීම අහම්බයක් නොවේ. ඒ සදහා එතිහාසික හේතුවක් ඇත.  ලංකාවට පැමිණි බටහිර යටත්විජිත හිමියා යනු මව් රටේ රාජකීය පරම්පරාවට සේවය කරන්නෙක් විය. මෙම නිලධාරීන්ගේ ආශාව යනු පාලක පන්තියේ ආශාව නොවිණ. ඔවුන් ලංකාව තුල සිදු කිරීමට අවශ්‍ය කටයුතු සදහා යටත් විජිත වැසියාට වෘත්තීය පුහුණු ලබා දුන් නමුත් ආත්මීය කාරනා පිළිබද දැනුමක් ලාංකිකයාට ලබා දීමට කටයුතු කලේ නැත . මේ නිසා පාරභෞතික පිළිබද දැනුම යටත්විජිත ස්වාමියා හරහා ලාංකිකයාට ලැබෙන්නේ නැත. ඒ අනුව ලද පුහුණුවට අනුව යටත්විජිත වැසියා සියලු ප්‍රශ්න සලකනු ලබන්නේ පරිපාලන ගැටළු ලෙසය. ආත්මීය ප්‍රශ්න පිළිබද දැනුම ලංකාවට රැගෙන එනු ලබන්නේ දීප්ති  විසිනි. යටත්විජිත ස්වාමියාගෙන් පුහුණු වූ ඥානවිභාගත්මක ආකෘතියෙන් සත්භාවවාදී චින්තනයට විතැන් වීම මේ හේතුව නිසා ලාංකිකයාට ඉතා අපහසු කටයුත්තකි. මෙම තත්වය කෙනෙකුට පැහැදිලි කිරීම ඉතා අසීරු වන අතර එය  අපගේ පක්ෂයේ සාමාජිකයන්ටද තේරුම් ගැනීමට නොහැකි ප්‍රපංචයක් විය.

මෙම තත්වය අප උදාහරණ ඇසුරෙන් තවදුරටත් විග්‍රහ කර ගනිමු. සුමිත් චාමින්ද ලෙනින්වාදය ගැන දිගින් දිගටම කතා කරයි. නමුත් සුමිත්ගේ සැබෑ ආත්මය යනු වෙනත් එකකි. සුමිත් ගැහැනියක් දැක්ක ගමන් ඇයට රාත්‍රී කෑමකට ආරාධනා කරයි. Me Too ව්‍යාපාරය වැනි ව්‍යාපාරයක් ලංකාවේ තිබුණි නම් සුමිත්ගෙන් සිදුවූ ලිංගික අතවර ගැන ගැහැනුන් කතා කරනු ඇත. කංචුකා ධර්මසේන වැනි කාන්තාවකට අවශ්‍ය නම් එවැනි ව්‍යාපාරයක් ආරම්භ කර මෙවැනි බුද්ධිමතුන්ගේ අශ්ශීල ආශාවන් සමාජයට හෙළිකළ හැක. රෝමන් පොලන්ස්කි යනු දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ඔහු ඔහුගේම අශ්ශීල ජීවිතය චිත්‍රපටයට නගයි. Vogue සගරාවට ජයාරූප ගැනීමට පැමිණෙන අවුරුදු 14 ක තරුණියක් සමග පොලන්ස්කි ගුද රමණයේ යෙදෙයි. ඔහු මේ ගැන කතා නොකලද පසු කාලීනව මෙය හෙළිදරවු වේ. මෙම සිද්ධියට මුහුණ පෑ තරුණිය පසුව පවසන්නේ මට ලොකු දෙයක් වුනේ නැති බවයි.තමන් ජීවත් වූ කාලයේ පිරිමින්ගේ හැටි ඒ වගේ තමයි , නමුත් රෝමන් තදියම් වුණා යැයි ඇය පවසයි. Me Too වැනි ව්‍යාපාරයක සිටින  වින්දිතයන්  නිසා සමාජ ක්‍රමය දෙදරා නොයන අතර එය ප්‍රතිනිෂ්පාදනය වෙයි. නමුත් රෝමන් විනෝද වූ තැන හෙළි කරන තරුණියගේ කතාව නිසා සමාජ ක්‍රමය දෙදරා යයි. සුමිත් ගැන ගැහැණියෙක් මෙසේ ප්‍රකාශ කරනු ඇතැයි උපකල්පනය කරමු. ‘සුමිත් මට කීවා  එයා කමිසය උස්සන්නම් , බුරියට කෙල ගහලා ලෙව කන්න කියලා’. මෙවැනි ප්‍රකාශයක් නිසා සමාජයේ ලුබ්ධිමය ආයෝජනය බිද වැටෙයි. මෙවැනි ප්‍රකාශයකින් පසු සුමිත්ට තවදුරටත්  නිර්මාල් වැනි අහිංසක මිනිසුන්ගේ දේශපාලනය කඩාකප්පල් කිරීම වැනි වැඩ වලට ගොස් දේශන පැවැත්වීමට හැකි වන්නේ නැත. 

2012 වර්ෂයේ හේගල් සම්මන්ත්‍රණ මෙහෙයවනු ලැබූ සමන් පුෂ්පකුමාර යනු  හේගල් පිළිබද ආචාර්ය  උපාධියක් පවා නිම කර ඇති බුද්ධිමතෙකි. නමුත් ඔහුට පවා හේගල්ගේ සංකල්ප පිළිබද නිසි අවබෝධයක් නොමැති බව අපට පැහැදිලි වේ. අපගේ සමාජ ජීවිතය සම්පුර්ණයෙන්ම හේතුවේ අධිපත්‍යට ග්‍රහණය කරගත නොහැකි බව මුලින්ම ප්‍රකාශ කරන්නේ කාන්ට් විසිනි. එසේම ඔහු මිනිසාගේ මනස කෘතීම බව පවසයි. කාන්ට්ට අනුව අපට ලෝකය පිළිබද තේරුම් ගත හැකි කොටසක් පවතින්නේ නොතේරෙන කොටසක් පවතින නිසාවෙනි. සමන් පිළිබදව අපට නොතේරෙන කොටසක් ඇත. සම්භාව්‍ය බුද්ධිමතෙකු ලෙස තේරුම් ගත හැකි සමන්ගේ ක්‍රියාව තීරණය වනු ලබන්නේ මෙම නොතේරෙන කොටස මගිනි. 2016 වර්ෂයේ සමන් බුද්ධාගම පිළිබද පොතක් එලි දක්වයි.[විද්‍යා විමුක්ති- ජයන්ත ජයමුති – පොත බෙදා හරින්නේ කල්‍යනන්ද සහ සමිතාය.] මහවැලි කේන්ද්‍රයේ එළිදකින මෙම පොත සදහා සමන් රුපියල් ලක්ෂයක් වියදම් කල බව දීප්තිට පවසයි. මෙවැනි ක්‍රියා සම්පුර්ණ වශයෙන් දෘෂ්ටිවාදයකි. සමන් විනෝද වනු ලබන්නේ ගුප්ත ධර්ම පිළිබද ගවේෂණය කිරීම මගිනි. මේවා හදුන්වනු ලබන්නේ ජනවිඥාණික පාරභෞතික (Folk Metaphysics) ලෙසය. අතීතයේ සිටි පිරිසිදු මිනිසෙකුගේ ඥානය සෙවීමට සමන් උත්සහ කරයි. හේගල්,  කාන්ට් ආදී බටහිර දාර්ශනිකයන් පිළිබද හැදෑරීමට සමන් උත්සහ කරන්නේ ඔවුන් සොයාගත් ගුප්ත ඥානයක් පිළිබද ෆැන්ටසියක් තුල සිටගෙනය.  හේගල් සම්මන්ත්‍රණ වලදී සමන්ගේ සහ දීප්ති කතා කරන මානයන් අරමුණු දෙකක් අදහස් කරන බව සියුම්ව හදුනාගත හැකි විය. මේ පිලිබදව පක්ෂය විසින් දීප්තිගෙන් විමසු නමුත් ඒ සදහා පිළිතුරක් අපට ලැබුනේ නැත. නමුත් දැන් ඒ සදහා පිළිතුරු අපට හමු වී ඇත. එක් පැත්තකින් සමන්ට හේගල් දේශපාලනික වශයෙන් වැදගත් වන අකාරය පිළිබද අවබෝධයක් නැත. සමන් හේගල් සම්මන්ත්‍රණ කරන්නේ දේශපාලන පක්ෂයක් සමග මිස ආරණ්‍ය සේනාසනයක වෙසෙන ස්වාමින්වහන්සේලා සමග නොවන වැටහී නැත. සමන්ගේ සහ අපගේ ප්‍රවේශයන් අහසට පොලොව මෙන් වෙනස්ය. ඔහුට අපගේ අභිලාෂයන් මොනවාද යන්න තේරුම් ගත නොහැක. සමන් ගොඩනගාගෙන ඇති ෆැන්ටසිය තරණය කිරීමට ඔහුට කිසිදාක හැකි වන්නේ නැත. මහා අනෙකා යනුවෙන් කෙනෙක් නැති බව ඔහුට ඉගැන්වීමෙන් ඵලක් නොවේ. සමන් නිසා පක්ෂයට එක් ප්‍රතිඵලයක් ඇති වී ඇත. අනාගතයේ හේගල් වැනි දාර්ශනිකයන් පිළිබද හැදෑරීම පිලිබදව ෆැන්ටසිකරණය කරගනිමින් පක්ෂය වෙත පැමිණෙන යමෙකු වේ නම් සමන් උදාහරණයට ගනිමින් ඔවුන්ට අත්විය හැකි ඉරණම පෙන්වා දීමට දැන් අපට හැකියාව ඇත.

“මහත්තයා අහක බලාගෙන යන්න එපා, පුංචි රුපියල් සියයක් දීලා ළමයා අලියා යටින් අරන් යන්න , ළමයා දුටුගැමුණු කෙනෙක් කරවාද නැද්ද කියලා මහත්තයාම තීරණය කරන්න”. මේ ඇමතුම ඔබ වෙත එන්නේ කාගෙන්ද ? මේ ඇමතුමට හැරී නොබලා යාමට නොහැකි වන්නේ මන්ද? ඒ ඔබ මහා අනෙකා පවතින බව විශ්වාස කරන නිසාය.දීප්ති කරන්නේ දේශපාලනය නෙමෙයි වෙන වෙන වැඩ නේද? ‘යන කෝදාගොඩගේ ඇමතුමට පොලා පනින්නේ සමන් පුෂ්පකුමාරය. සමන් මහා අනෙකාට භිය වුවාට අප භිය වන්නේ නැත. නින්දාවට භයේ පළා යන්නේ නම් දේශපාලනය කල නොහැක.

ධනවාදය චීනයේ සාර්ථක වන්නේත් යුරෝපයේ සහ ඇමරිකාවේ අසාර්ථක වන්නේත් ඇයිද යන ප්‍රශ්නය සියලු දෙනා සාකච්ජා කරයි. මෙහිදී අප ධනේශ්වර සංස්කෘතිය සහ ප්‍රාග්ධනය යන්න වෙන් කර හදුනාගත යුතුය. ප්‍රාග්ධනය නිසා බිහිවන සංස්කෘතික සමාජ ක්‍රමය  ධනවාදයයි.  යුරෝපයේ ධනවාදය සාර්ථක වූ නමුත් ප්‍රාග්ධනය සම්මුච්චනය කිරීම ක්‍රමයේම ප්‍රතිවිරෝධයක් නිසා  තවදුරටත් සාර්ථක වන්නේ නැත. කාමසුඛල්ල සංස්කෘතිය වෙනුවට අල්පේජජ පුද්ගලයන් සොයා ප්‍රාග්ධනය චීනය වෙත විතැන් වේ. මේ මොහොතේ ප්‍රාග්ධනයට ධනවාදය අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ ධනවාදය මියගොස් ඇත. නමුත් ප්‍රාග්ධනය ප්‍රසාරණය වේ. ප්‍රාග්ධනය යනු මුදල් නොවේ. ප්‍රාග්ධනය යනු අප තුලම ජීවත් වන සත්වයෙකි. ප්‍රාග්ධනය යනු කුමද්ද යන්න තවමත් අප නිර්වචනය කර නැත.අද අප ඒ සදහා ප්‍රවේශ වෙමු.  ප්‍රාග්ධනය යනු කුමද්ද යන ඉතා වැදගත් ප්‍රශ්නයට අපගේ නිර්වචනය වන්නේ ‘ප්‍රාග්ධනය යනු  ඔට්ටු දමන ආත්මය’ යන්නයි.

ආත්මය යන ප්‍රපංචය දේශපාලනයට ඉතා වැදගත් වන්නේ ඉහත අර්ථකථනය නිසාවෙනි. ප්‍රාග්ධනය මුලික කරගත් සමාජයක් අපගේ මැදිහත්වීම නොවන්නට ගමන් කරනු ඇත්තේ විනාශය වෙතය. වාසනාවකට අප එවැනි විනාශයක් කරා ගමන් නොකරනු ඇත. එහි ගෞරවය හිමි විය යුත්තේ දීප්තිට ය. දීප්ති පෞද්ගලිකව එවැනි ගෞරවයක් බලාපොරොත්තු නොවුනද දීප්තිගේ සංකේතීය භූමිකාවේ  ගෞරවනීය බව රැක ගැනීම පක්ෂයේ වගකීමකි. ප්‍රාග්ධනය මත පදනම් වූ ආත්මයට නිර්මාණශීලිත්වය (creativity) මත පදනම්ව නව සංකේත ලෝකයක් කරා ගමන් කල හැකි වන්නේ ශක්තිමත් දේශපාලන පක්ෂයක් ඊට සහයෝගය ලබා දෙන්නේ නම් පමණි. x දේශපාලනය යනු ලාංකීය භුමියේ අධිනිශ්චය වන මීලග දේශපාලන ක්‍රමයයි. බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනාට අපත් සමග නුදුරේම එක් විය හැක. නමුත් එය බලාපොරොත්තු වනවාට වඩා  අසීරු දෙයකි. මේ නුදුරු අනාගතය කෙනෙකු ඔරලෝසු කාලයෙන් මනින්නේ නම් එය කොතරම් දිගු වන්නේ දැයි අපට කිව නොහැක. අපගේ කාලය ගත වන්නේ දේශපාලන සංකල්ප සහ මතවාද අධිනිශ්චය වීම සහ වියැකී යාම සමගය. දේශපාලනය ඥානවිභාගාත්මක (epistemology)   රාමුවෙන් සත්භාවවාදය (Ontology) දක්වා විතැන් වන බව ඔබට වැටහේ නම් කාලය පිළිබද මානය කුමක්ද යන්න ඔබට අවබෝධ කරගත හැකි වනු නොඅනුමානය.

Anushka Ariyarathne

 

ඔබේ අදහස කියන්න...