පසුගිය දිනෙක ස්ලොවොජ් ජිජැක් ගැන දේශණයක් යම් තක්කඩියකු විසින් කරන ලදී. මේ තක්කඩියාට ජිජැක් හමු වී ඇත්තේ ඔහුගේ තාත්තා හරහාය. ඉතිහාසය අමතක කිරීම තක්කඩි වැඩකි. ජයසිරි අලවත්ත යනු ද බබෙක් නොවේ. ලංකාවේ දේශපාලන සංවාදයට ජිජැක් පැමිණියේ x  කණ්ඩායම හරහා බව මේ මොන්ටිසෝරි බබා නොදැන සිටීමට හැකියාවක් නැත.
ගැටළුව වන්නේ මේ තක්කඩිකම ගැන නොවේ. මෙම විපරිතයා පසුගිය දිනක ආපණශාලාවක දී ස්ත‍්‍රීන් දෙදෙනෙකුගේ තට්ටම් සහ තන් මිරීකා ලිංගිකව අතවර කර ඇත. ජිජැක් ගැන දවල්ට කතා කරන මේ තක්කඩියා රාත‍්‍රියට ස්ත‍්‍රී දුෂණයට පෙළඹෙයි. වෙනත් මිනිසුන්ගේ දාර්ශනික සංවාද මැදට පැණ ඒවා හොරා කෑමෙන් නතර නොවී ස්ත‍්‍රීන්ට ද අපහාස කරයි.

harassment
 
දැන් අපට lanka Daily වෙබ් අඩවි සංස්කාරකගෙන් අසන්නට දෙයක් ඇත. මධ්‍යම පාන්තික අපරාධකරුවන්ගේ සමාජ ජීවිතයට දාර්ශනික පුසුඹුවල් ලබා දෙන ඔබලා ඔවුන් විසින් ස්ත‍්‍රීන්ට කරන අපරාධ ගැන නිහඩ වන්නේද ? අප අවධියෙන් බලා සිටින්නෙමු. දර්ශණය ප‍්‍රවෘර්තියක් වන ඔබලාට ස්ත‍්‍රී අපහරණය ප‍්‍රවෘර්තියක් නොවේද? මාලක සිල්වා මෙය කළේ නම් ඔබලා නිකම් සිටිනවාද?

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. ජුන්ඩාගේ සැප වෙනුවෙන් ‘දර්ශනවාදය’ තප්පුලෑම පිළිබඳ සිදුවීමක අත්‍යාවශ්‍ය සටහනක්…

    සාහිත්‍යවේදී පසන් කොඩිකාර සහෘදයා පසුගිය මාර්තු 25 වැනි දින බොරැල්ල කනත්ත පරිශ‍්‍රයේදී කුඩා ගිනියම් වා කවුළුවක් තුළින් ප‍්‍රබන්ධ සාහිත්‍යයේ අපූර්වත්වය සිහිගන්වමින් ඉහළ ගුවනට නික්ම ගියේය. ඉක්බිතිව අවට ඉසිලූ නිහඬ පාළු මූසල ස්වභාවය අපව වසාගනිද්දී එහි අවසානයේ රැඳි කේ.කේ. සමන් කුමාර, අජිත් කුමාරසිරි, විදර්ශන කන්නන්ගර, නිලන්ත ගමගේ, ප‍්‍රභාත් හේමන්ත, සාලිය ඉඳුරුවිතාන, ජගත් ජයසේකර ඇතුළු අප හිතවත් මිතුරි/මිතුරන් කිහිප දෙනෙකු බොරැල්ල ප‍්‍රකට අවනහලක් වෙත ගොඩ වී පසන් පිළිබඳ දන්නා සහ නොදන්නා මතකයන් ද වෙනත් දෑ පිළිබඳව ද සතුටු සාමීචියක නියැලූනේ බීර පානයක් තොල ගාමිනි. තැන තැන ඇවිද දර්ශනය සාරවිටක් කර විකුණන විපරීතයෙක් සහ ලංකාවේ සංගීතය දන්නේ තමන් පමණක් යැයි නන්දොඩවන විපරීත රොකෙක් මොහොතකින් අප වෙත කඩා වැදුනු අතර එනිසා අපගේ සතුටු සාමීචිය මොහොතකට නවතා ඔවුනට කන් දුන්නේ ඔවුන් අපගේ සමාජ-සංස්කෘතික ක‍්‍රියාකාරකම් හිදී හමුවන නිසාවෙනි.

    විපරීත රොකා යටිගිරියෙන් මෙසේ අජිත් කුමාරසිරිට මැසිවිලි නගන්නට විය. ”පිච් එකට සින්දු කියන්න ඕන නෑ කියන එක ආදර්ශයක් බවට පත් කළේ ඔයයි. ගීතදේවලා කියන්නේ ඒ පාරේ යන එවුන්. උන්ට පුළුවන් ද සින්දු කියන්න. ඔයා මේවට වග කියන්න ඕන.” විපරීත රොකා දිගින් දිගට කළ ඔක්කාර යටිගිරි බෙරිහන්දීම නිසාවෙන් ඊට අජිත් දුන් පිළිතුර කිසිවෙකුට නොඇසින. එහිදී ඔහු සමන් කුමාර, විදර්ශන කන්නන්ගර ඇතුළු අනෙක් අයගෙන් ද ”උඹලා මොනවාද ලංකාවට කරලා තියෙන්නේ” වැනි ළමා ප‍්‍රශ්න නගද්දී ඊට එරෙහි බොහෝ අදහස් විටින් විට එහි සිටි අනෙක් අයගෙන් ද නැගුන ද ඒ සියල්ල විපරීත රොකාගේ ඔක්කාර යටිගිරි බෙරිහන්දීමට යට විය. අජිත්, ගීතදේව, ශාක්‍ය, මාධව ඇතුළු තවත් බොහෝ පිරිස් (මොවුන්ගේ සංගීත භාවිතය සම්බන්ධයෙන් අපට විවේචන ඇති නමුදු) නියෝජනය කරන විකල්ප සංගීතය මාධ්‍ය නාලිකා වෙත ගොඩ වී තත්පරයෙන් තත්පරය විසුළුසහගත කරන මෙම විපරීත රොකාගේ ඔක්කාර බෙරිහන්දීම දර්ශනය සාරවිටක් කර විකුණන විපරීතයා මෙසේ අර්ථකථනය කළේය. ”මෙයා මගේ යාළුවා නිසා මම මෙයාව දන්නවා. මෙයා කෑ ගැහුවට ඇත්තටම මෙයා මෙහෙම නෑ.” විපරීත රොකා පිස්සු කෙලින විට ඔහු තුළ ‘යහපත් ලබ්බක්’ ඇතැයි සාරවිට දාර්ශනිකයා නොනවතින තෙපරබෑමක නිරත විය. පසුව ඒකා අප මිතුරියකගේ අත් වලින් අදිමින්; පියයුරු මිරිකමින් සූක්‍ෂම මෙහෙයුමක් දියත් කළේ සුපුරුදු අයුරිනි. ජුගුප්සාජනක මෙම ක‍්‍රියාවට එරෙහිව අප මිතුරිය ඉන් ඉවත්ව පසෙකට වූයේත්, ඒකාගේ ඇස් දෙක ජම්බෝල ගෙඩි දෙකක් කරන්නට තරම් අපට ඇතිවූ ආවේගය ඒ මොහොතේ ක‍්‍රියාත්මක නොකළේත් එය අප විශ්වාස කරන ප‍්‍රතිචාර දක්වන ආකාරය නොවන නිසාවෙනි; රෝහල් පොලීසි ගානේ රස්තියාදු වීමට අකමැති නිසාවෙනි. සාරවිට දාර්ශනිකයා මෙවන් ජුගුප්සාජනක ක‍්‍රියාවන් ප‍්‍රදර්ශනය කළ පළමු අවස්ථාව නොවේ. අප මිතුරන්ගේ පෙම්වතියන්ට මෙවන් ලිංගික අඩන්තේට්ටම් කරන්නට තටමන කණ්ණාඩි දාගත් වෙන්න-සිනමාකරුවෙක් ද ඇතුළු තවත් බොහෝ උන් අප සමාජයේ කරක් ගසමින් සිටින බව සිහිපත් කිරීමට කැමැත්තෙමු. විපරීතයන් දෙදෙනා සමගින් අවන්හල වෙත ආ ඔවුන්ගේ මිතුරියන් සහ බිරින්ඳෑවරියන්ට අප කියන්නේ ‘ආදරය’, ‘මිත‍්‍රත්වය’, ‘සමාජ මිනිස් සබඳතා’ පිළිබඳ පාඩම් ඒ විපරීතයන් දෙදෙනාට කියාදෙන ලෙසයි. එසේ නැතිව ”හානේ ඒ ළමයා පව් නේද?” වැනි අප මිතුරියන් පිළිබඳ ළපටි සූකිරි කතා පවසන්නේ නම් අපට කීමට ඇත්තේ ”තොපි තමයි පව් කියාය”. ගායක මෝඩයා පිළිබඳව අපට කීමට කිසිවක් නොමැති වුවද අවසාන වශයෙන් සාරවිට දාර්ශනිකයාට අප මෙසේ කියන්නෙමු.

    ”ජුන්ඩාගේ සැප වෙනුවෙන් දර්ශනවාදය තප්පුලන තමුසේ ඉදිරියේදී ගැහැණුන්ගෙන්/පිරිමින්ගෙන් ‘ගුටිකෑමට නියමිතය’. ටක්කෙටම, එය පොඩි පහේ කෑමක් නම් විය නොහැක.”

    – රුවන්ත ප‍්‍රදීප් –

  2. දැන් මේ කතාවේ අදාල දේ කලේ වන්ගිසද ජයසිරිද කියල පැහැදිලි නැහැ? ඊළඟට අපි දන්නවා ජිජැක් හඳුන්වා දුන්නේ x කණ්ඩායම බව. නමුත් වෙන අයට x හි සිට ඉවත්ව ගිය වන්ගිස වැනි අයෙකුට ජිජැක් ගැන කතා කරන්න තහනම්ද? එහිදී x කණ්ඩායම හරහා මනේ දේ ඉගෙන ගත්තා යයි සැම විටම අයෙක් මතක් කල යුතුද?

    • Yes . You must remember us. what about his sexual harassments ? –
      Sexual harassment is bullying or coercion of a sexual nature, or the unwelcome or inappropriate promise of rewards in exchange for sexual favors.

  3. I think jayasiri has said in his follow up letter he knew jijek from whoever (former x). Usually If I take reference from someone I mention that. The sexual harassment thing , are you sure Jayasiri was aware on that? Either way even though you have (I mean Deepthi et al) introduced Jijek, Lacan , Laclav etc to Sri Lanka that doe not mean you have monopoly on that. People are always grateful I am sure but in Sri Lankan context they don’t have it anyway.

Comments are closed.