පොල් වෝකර්; විපරිත ඛේදවාචකයක්!

සමකාලීන සමාජ විශ්ලේෂණය පැරණි වාමාංශිකයන්ට වටහා ගැනීමට අපහසු ඇයි?

දෛනික ජීවිතයේ අපට හමුවන අති බහුතරයන් මිනිසුන් උත්සහ කරන්නේ අනෙකාගේ ආශාවේ සහ විනෝදයේ චමත්කාර වස්තූන් වීමටය. මේ නිසා සිදු වී ඇත්තේ පොදු අවතාශයට අදාල කතිකාවේ යටින් ඇති නීති විරෝධී උල්ලංඝණයට අදාල ෆැන්ටසීන්ට අප දක්වන අනුරාගික භක්තිය නීතිගත සමාජයේ තහවුරු වීමයි. අපි උදාහරණයකට යමු.

නියුරෝසිකයෙකු (තමන් ආශා කරන දෙය යටපත් කරන්නා-එය රහස් තැනකට තල්ලු කරන්නා)සිහිනෙක් ප්‍රාර්ථනා කරන දේවල් විපරිතයෙකු (pervert )ප්‍රසිද්ධියේ රග දැක්වයි. සාමාන්‍ය මිනිසුන් නීතිය නිසා ප්‍රසිද්ධියේ කිරීමට මැළිවන විවිධ ක්‍රියාකාරකම් ඔවුන්ගේ ෆැන්ටසි ලෝකයට තල්ලු වන්නේ ඒවා ප්‍රසිද්ධි‍යේ කිරීම තහනම් නිසාය. උදාහරණ වශයෙන් ගතහොත් මහපාරේ අපට හිතුමතයේ වාහනයක් වේගයෙන් ධාවනය කළ නොහැක. නැතහොත් අප කැමති කැමති ආකාරයට අපගේ සතුරන්ව ඝාතනය කළ නොහැක. පොදු භාවිතයට යොදා තිබෙන අරමුදල් අපට සිතෙන විදිහට හොරකම් කළ නොහැක. Fast and Furious නම් සිනමා මාලාවේ මේ සියළු දේවල් සිදුවෙයි. මේ නිසා එය ජනප්‍රිය වෙයි. එයට හේතුව වන්නේ එම චිත්‍රපට විසින් විපරිත ආකාරයට දවසේ ජීවිතය තුළ අප විසින් ෆැන්ටසිකරණය දේවල් ඇත්තටම කරනවා පෙන්වන නිසාය. තහනම් නිසා අප අවිඥාණට තල්ලු කරන ක්‍රියාවන් මෙම චිත්‍රපටියේ කතා නායකයන් ප්‍රසිද්ධියේ ගැටළුවකින් තොරව කර දමයි. සරලව කිවහොත් පවුල සහ නීතිය නිසා අපට කළ නොහැකි දේවල් අපගේ සිනමා වීරයන් අප වෙනුවෙන් ඉෂ්ට කරයි. එබැවින් ඔවුන් අමතන්නේ අපගේ ෆැන්ටසි ලෝකයටයි. ඔවුන්ට අප කැමති,ඔවුන් හොද නිසා නොව නරක නිසාය.

නීතිය බිදීමට අපට නොහැකි නිසා අප වෙනුවෙන් යමෙකු නීතිය බිදියි නම් එවන් චරිත සමග අප පහසුවෙන් අනන්‍ය වන්නේ ඉහත සාධකය නිසාය. අපගේ අතිශය රහසිගත විපරිත ෆැන්ටසීන් විපරිතයා විසින් විවෘත සමාජ අවකාශය තුළ කරන අකාරය ප්‍රබන්ධමය ආකාරයට යම් චිත්‍රපටියක් මගින් ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට බැදෙන මිනිසුන් සංඛ්‍යන මිලියන ගණනකි. හොලිවුඩ් සිනමාව මෙම මාතෘකාව පසුපස පන්නන්නේ මේ නිසාය. මෙම ච්ත්‍රපට ජනප්‍රිය වන්නේද මේ නිසාය.

විපරිතයා සෑම විටම තමාව අනෙකාට විනෝදය සපයන උපකරණයක් බවට ඌණනය කරන නිසා විපරිතයාගේ පැවැත්ම යථාර්ථය සහ ෆැන්ටසිය අතර රේඛාව බොද කරයි. (විපරිතයෙකු ඇසුර කරන්නෙකුට කලක් ගත වන විට යථාරථය සහ ෆැන්ටසිය වෙන්කර ගැනීමට නොහැකි වෙයි. ) මේ නිසා විපරිතයා අනෙකාගේ ෆැන්ටසි වස්තුව වීමට වඩා දෙයක් නොදනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විපරිතයා යථාර්ථය ලෙස ෆැන්ටසිය අත් විදින අතර ජීවිතය ගෙවී යන්නේ අනෙකාගේ ෆැන්ටසිය තුළ පමණි. මේ තමයි පෝල් වෝකර් නම් ජනප්‍රිය නළුවාට අදාලව අපට ගොඩනැගිය හැකි න්‍යාය. ඔහු සැමදාම ජීවත් වුයේ අපගේ සිහින ලෝකයේ වස්තූවක් ලෙසින්ය. ඔහු කිසිදිනෙක යථාර්ථය අත්විද නැත. ඔහු ජීවිතය කියා වරදවා වටහාගෙන හිටියේ ෆැන්ටසියයි. මිනිසුන් ගේ ෆැන්ටසි ලෝකවල මිස සැබෑ ලෝකය තුළ ඔහුට පැවැත්මක් තිබුනේ නැත. ශ්‍රීපති සූරියආරච්චි මෙන්ම ඔහුද පශ්චාත්-නූතන ධනවාදී වෙළෙද පොළේ ක්ෂිතමය ගොදුරකි. විනෝද වන්න! යන සුපිරි අහමේ නියෝගය හැර වෙනත් දෙයක් ඔහු දැන සිටියේ ද නැත. පෝල් වෝකර් මිය ගියේ නැත. මන්ද යත් ඔහු කිසිදා ජීවත් වූයේ නැති නිසාය.

-මහේශ් හපුගොඩගේ ලිපියක් පාදක කර ගන්නා ලදි-

Paul-Walkermaxresdefault3-640x360a1dd01c16ffba328440f6a7067007771 fast-and-furious-6-casts Paul-Walker-Accidente-2 Paul-Walker-in-Car-Race Paul-Walker-Wallpaper-paul-walker-25717354-1024-768 porsche-carrera-gt-accidente-Paul-Walker Starring-Fast-and-Furious-6-Movie-Wallpaper

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. mama UK wala aurudu 3 k jeewath wenne oya wage moda manasika minissuth ekka aurudu 27k jeewath wela. umbalage thiyena irisiyawa kiyana eka umbala amuth wachana walin umbalage lingika belaheenathwaya eliyata ena widiyata kuwa. niyamai. Irisiya karanna epa wahe.irisiyawa wapuranna epa. thopilatamai owa kerakenne. umba jeewitheta film ekak balala nedda. hema film ekema okai wenne. kalakarayanta minissu adare kare ada eeye newei. ai umbata mewa me hadissiye kiyanna hithune. umba dannawada meka kuwahama umba vergin kenek kiyala one ekekta therun ganna puluwan.

Comments are closed.