ප්‍රශ්ණය- ඔබගේ මුල්ම මතකය කුමක් ද?

උත්තරය-මගේ අම්මා හෙලුවෙන් දැකීමයි!

ප්‍රශ්ණය- ඔබගේ ජීවිතයේ දුර්වලම ලක්ෂණය කුමක් ද?

උත්තරය-වෙනසක් නැතිව හැම එකෙකුටම රැවටෙන එක

ප්‍රශ්ණය- ඔබ අනෙකා තුළ පිළිකුල් කරන ලක්ෂණය කුමක් ද?

උත්තරය-මට අවශ්‍ය නැති වෙලාවට උදව් කරන එක

ප්‍රශ්ණය- වැඩියෙන්ම ඔබ අපහසුතාවයට පත් වන්නේ මොන වගේ අවස්ථාවක ද?

උත්තරය-ගැහැණියෙක් එක්ක නිදා ගන්න කලින් ඇය ඉදිරියේ හෙලුවෙන් ඉන්න වෙන අවස්ථාවල

ප්‍රශ්ණය- ඔබ වැඩියෙන්ම අතෘප්තියට පත් වන්නේ මොන මොහොතෙදි ද?

උත්තරය-මෝඩ මිනිස්සු සතුටින් ඉන්නව දකින කොට

ප්‍රශ්ණය- ඔබට වැරදිකාරී හැගීමක් එන්නේ මොන වෙලාවට ද?

උත්තරය-ජාතිවාදයෙන් සතුටු වන්න යැයි බල කරන විට

ප්‍රශ්ණය- ආදරය ගැන තියෙන හැගීම මොක්ක ද?

උත්තරය-පොඩ් පොඩි සතුටවල් නැත්තටම නැති කරන හදිසි තත්ත්වයක්

ප්‍රශ්ණය- ඔබ කවදාවත් කෙනෙකුට කියල තියෙනවද? මම ඔබට ආදරෙයි කියල

උත්තරය-හැමවිටම මම කාට හරි ආදරය කරන කොට මට ඒක පෙන්වන්න පුලුවන් වෙන්නේ ඉතාම ප්‍රකෝපකාරී විදිහට. ඊට අමතරව ඒකට මම  පහත් රසයක් දනවන විහිලු කිරීමකුත් කරනව.

ප්‍රශ්ණය- ඔබ කොයි තරම් ලිංගික කටයුතු වල යෙදෙනව ද?

උත්තරය-ඒක තීන්දු වෙන්නේ ඔබ ලිංගික දේ යැයි කියා අදහස් කරන දේ මතයි. ඉන් අදහස් කරන්නේ තමන් ගේ අසහකාරි එක්ක එකතු වෙලා හස්ත මෟථුනයේ යෙදෙන එක නම් මම ඒක නොකර ඉන්නව.

ප්‍රශ්ණය- ජීවිතය ඔබට ඉගැන්වූ වැදගත්ම පාඩම කුමක් ද?

උත්තරය-ජීවිතය කියන්නේ කිසිම වැදගැම්කට නැති මෝඩ තකතීරු දෙයක්. ජීවිතය ඔබට කිසිවක් උගන්වන්නේ නැහැ. ජීවිතය කියල හම්බවෙලා තියෙන්නේ බූරුවෝ රැළක් විතරයි.

 

ඔබේ අදහස කියන්න...