බුද්ධිමතුන් පිළිබඳ අගනා විවරණයක් කරණ ඉතාලි ජාතික මාක්ස්වාදියකු වන අන්තෝනියෝ ග‍්‍රාම්ස්ච් බුද්ධිමතා නම් සංකල්පය මෙලෙස විවරණය කරයි. ඔහුට අනුව සියලූ මිනිසුන් වනාහි බුද්ධිමතුන්ය. මෙයින් ඔහු අදහස් කරන්නේ හැම මිනිසෙකුටම යම්කිසි ලෝක දැක්මක් ඇති අතර ඔවුන් තමන්ගේම බුද්ධිමය ආවේගයන්ට අනුව කටයුතු කරන බවයි.

ග‍්‍රාම්ස්චීට අනුව බුද්ධිමතුන්, බුද්ධිමතුන් නොවන යන බෙදීමේ සමාජමය අර්ථයක් ඇත. එම අර්ථය තහවුරු වන්නේ සමාජයෙන් බුද්ධිමය කාර්යයක් බුද්ධිමතුන්ට නියම වී ඇත්ද යන කරුණ මතයි. ඊළඟට බුද්ධිමතුන්ට කණ්ඩායම් ලෙස හෝ හුදකලා පුද්ගලයන් ලෙස ගත් විට ඔවුන්ට සමාජ පන්තියක් තිබේද යන්න ග‍්‍රාම්ස්ච්ගේ ඊළඟ ගැටලූවයි. ඔහුට අනුව බුද්ධිමතුන් නම් සමාජ කණ්ඩායමට පන්තියක් නැත. නමුත් විවිධාකාර බුද්ධිමය පිරිස් විවිධාකාර පන්ති පදනම්වලින් බිහිවන්නේය. එම නිසා අපට බුද්ධිමතුන් නම් සමාජ කණ්ඩායම ගැන කතා කළ හැක්කේ විවිධ පන්තිවලට අයත් පිරිස් වශයෙන් පමණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 සැප්තැම්බර් කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

SAMABIMA MISSING 2016 September ISSUED by rightsnow on Scribd

ඔබේ අදහස කියන්න...