[dropcap color=”black”]ස්[/dropcap]ටාලින් පාලන යුගයේ දී රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීමක් පැවැත්වුණි. ස්ටාලින් ගේ ප්‍රධාන දේශනය අවසාන වූවාට පසු පක්ෂ සහෝදරයෙකු නැගිට දිගට හරහට ස්ටාලින්ව විවේචනය කරමින් යන අතරතුර තවත් සහෝදරයෙකු ඔහුට බාධා කොට මෙසේ කීවේය. ඔබට පිස්සුද? ඔබ දන්නේ නැද්ද ස්ටාලින් සහෝදරයා විවේචනය නොකළ යුතු බව! ස්ටාලින්වාදී කතිකාවට අනුව පක්ෂයේ කිසිවකුට ස්ටාලින්ව විවේචනය කිරීම තහනම්ය. නමුත් එය ප්‍රසිද්ධියේ කිසිවකුත් හෙළි කරන්නේ නැත. එබැවින් ස්ටාලින් විවේචනය කළ ඉහත පක්ෂ සහෝදරයා අතුරුදන් වීමට නියමිතය. නමුත් විවේචනය කළ පළමු පුද්ගලයාටත් කලින් ඔබට පිස්සුද? කියා ඇසූ සහෝදරයා අතුරුදහන් වීමට නියමිතය.

ලංකාවේ දේශපාලනයට මේ මොහොතේ පැවතිය හැකි ආකෘති දෙක ච්ත්‍රපටි දෙකක දර්ශන දෙකකින් ආදර්ශනය කරන්න පුළුවන් .

01-සංජීව පුෂ්පකුමාර ගේ ඉගිල්ලෙන මාළු ච්ත්‍රපටියේ අවසානයේ ගමන් කරන බස් රථයක දර්ශණයක් තියෙනවා. එම දර්ශණය පසුව ඡේදනය වෙනවා ගමන් කරන බස් රථයක ඇතුලතට. මොහොතකට පස්සේ අපට පෙන්වනවා රියදුරු අසුන. එතැන කවුරුවත් නැහැ.

02-ධර්මසේන පතිරාජගේ  බඹරු ඇවිත් ච්ත්‍රපටියේ අවසාන දර්ශණයේ ගමන් කරන බස් රථයක ඇතුල පෙන්වනව. ඒ තුළ විමල් කුමාරද කොස්තා ගැඹුරු දේශපාලන දර්ශනයක් ඉදිරිය බලාගෙන කියවනවා. එක මොහොතකට පසු ඔහු බස් රථයේ  පිටු පසට හැරෙනවා. ඔහු හැර වෙන කවුරුවත් බස් රථය තුළ නැහැ.

ඔබේ අදහස කියන්න...