ජනතා විමුක්ති පෙරමුණ ගොඩක් කාලයක් හිටියේ අපිව දන්නෙවත් නැති ගානට. ඒ අය අපිට කීවේ පුංචි කල්ළියක් කියලයි. මහා සම්ප්‍රදායේ දේශපාලනය තුළ ඒ අය පතාක යෝධයන් කියලා හිතන් ඉන්න ගමන් අපිව සැලකුවේ චූල සම්ප්‍රදායේ පුංචි කල්ලියක් විදිහටයි. අපි වසර ගණනාවක් අඛණ්ඩව ගොඩක් කිච වෙමින් ලංකාවේ දේශපාලන ශබ්දකෝෂය වෙනස් කරන්න උත්සහ කලා. අපේ කතිකාව ගොඩක් අය උකහා ගන්න උත්තසහ කළා. ඒ නිසාම සමහර අයට පිස්සු හැදුනා. තවත් සමහර අය අපේ දේශපාලන උරුමය අරගෙන අපිව අමතක කරලා ඉස්සරහට යන්න උත්සහ කළා. අපේ සංවිධානය වසර 2004 දෙසැමිබර් 26 වන දා අමතක නොවන සුනාමිය දවසේ දෙකට වෙන්වුණා. යන අයට යන්න කියලා අපි අඛණ්ඩව වැඩ කළා. අන්තිමට ජනතා විමුක්ති පෙරමුණටත් අපේ කතිකාව තමන්ගේ දේශපාලන අදහස් ප්‍රකාශ කරන්නට උකහා ගන්න සිද්ධ වෙලා තියෙනව. ඒ ගැන අපිට විශේෂයෙන් කියන්න දෙයක් දැනට නැහැ. පහත පළ වන්නේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා කියන කතාවක්. ඒ කතාව කියවලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණ අපෙන් ආතල් ගන්නේ කොහොමද කියලා.

බිමල් මන්ත‍්‍රීතුමා ආතල් ගන්න හැටි

 

දක්ෂ කථිකයෙක් ජනප්‍රිය මන්ත්‍රිවරයෙක් වුනු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ආතල් ගන්නවා ඇත්තේ කොහොමද?

‛‛අනෙකාගේ ආතල් නොකඩා ආතල් ගැනීම තමයි මම කරන්නේ. සමහර වෙලාවට ගොඩක් ආතල් අපිට හදලා දෙන්නේ වෙළඳ පොළෙන්. තවත් කෙනෙක් තමන්ගේ විනෝදය සඳහා මල් වවද්දී සමහරු අල්ලපු ගෙදර කෙනා මල් වවලා තියෙන නිසා මල් වවනවා. මම හිතන්නේ නියම ආතල් එක තියෙන්නේ මිනිස්සු කැමැත්තෙන් කරන දේට.’’

‛‛අද නෑකම් පවා අලෙවි වෙනවා. සතා ඇඟ ඇතුළේ ඉන්න අවුල මත තමයි හැමදේම සිද්ධ වෙන්නේ. අපි ෆන් කියලා පෙන්නුවට සිස්ටම් එක අතුලේ තියෙන්නේ අමු වදයක්. නරුමත්වය මත හදපු කර්මයක්නේ තියෙන්නේ ‛දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා’. ගොඩක් මිනිස්සු ගන්නේ මනුෂ්‍ය ආතල් නෙමෙයි.. තිරිසන් ආතල්..’’

‛‛එංගල්ස් කියන පරිදි මාක්ස්වාදයේ අවසන් අදහස තමයි තෘප්තිමත් මිනිසෙක් නිර්මාණය කරන එක. ඔහු එක තැනක කියනවා උදේ දොස්තර කෙනෙක් විදියට සේවය කරලා දවල් ඇපල් වත්තේ වැඩ කරලා හවස ෆුට්බෝල් ප්ලේ කරලා රාත්‍රියේ දඩයමට යනවා කියල. මෙය තමයි නියමම ආතල් ගැනීම.’’

බලාගෙන යනකොට බිමල් මන්ත්‍රීතුමා ආතල් ගන්න විදිය නරකම නෑ නේද..?

ඔබේ අදහස කියන්න...