[dropcap color=”yellow”]සි[/dropcap]රස නාළිකාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ ටාසන් බාප්පා හී නිර්මාතෘවරයා ගහකින් ගහකට පනින්නට ගොස් සරම කඩා ගෙන ඇත. සමකාලීන පශ්චාත්-නූතන මාධ්‍ය තුළ ඉන්නේ මාධ්‍යකරුවන් නොව වදුරන්ය. මෙම වදුරන් බලන්නේ එක තැනක පඩියට වඩා වෙන තැනක පඩියට පනින්නේ කෙසේද? කියාය.

ඒ අනුව ශ්‍රී එෆ්.එම් නාලාකාවන් ටාසන් බාප්පාට විශාල වැඩි පඩියකට ආරාධනාවක් ලැබී ඇත. දෙවරක් නොසිතා ටාසන් බාප්පා එක ගසකින් අනෙක් ගසට පැන ඇත. එවිටම ශ්‍රී එෆ්.එම් නාලාකාවේද ප්‍රධානියා ගසකින් පැන ඇත. ඒ අනුව බාප්පා ගහෙන් පනින විට සිටි ප්‍රධානියා වෙනුනට ඊලග ගහේදී හමු වී ඇත්තේ වෙනත් ප්‍රධානියෙකි. අලුත් ප්‍රධානියා බාප්පාට අත දී නැති අතර ඒ නිසා ඔහු ගහෙන් බිමට වැටී අඩන්නට පටන් ගෙන ඇත.

දැන් ටාසන් බාප්පා දිගට හරහට හඩමින් තමන්ට වූ විපත සියලු දෙනාට ප්‍රකාශ කරයි. ටාසන් බාප්පාගේ පියා වූ මරික්කාර්ටද දැන් කරන්නට දෙයක් නැත. සමහර විට ටාසන් බාප්පා තමන් ජීවත් වන්නේ මාතලේ නොව ධනවාදය තුළ බව වටහාගෙන ඇතුවාට සැක නැත.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ටාසන් බාප්පා හොදයි…වැඩේ හොදට කලා..නමුත් ගාමින්ද සුනෙත් වගේ ගතියක් තියාගන්න සමත් වුෙන් නැහැ..

Comments are closed.