දක්ෂිණාංශික ජනප‍්‍රියවාදය අවසානයේ ඇමරිකාවටද ගොඩ බැස්සේය. නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ලිබරල්වාදීන්ගේ පරමාදර්ශය වූ එක්සත් ජනපදය දැන් එකවරම තුන්වැනි ලෝකයේ රටක් වී ඇත. තුන්වැනි ලෝකයේ රටවල ජනාධිපතිවරුන් මහජන ජන්දයෙන් පත් වුවත් ඔවුන් මිනිසුන් තුළ අවුස්සන්නේ ජාතිවාදය, අගම්වාදය, සමලිංගික විරෝධය බවට වූ අදහසක් බටහිර ලිබරල් ඇකඩමික බුද්ධිමතාට තිබුණේය. මහින්ද රාජපක්ෂට වෙනස්ව බරක් ඔබාමා දේශපේ‍්‍රමියෙක් නොවන බව තහවුරු කරන්නට තරම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව ප‍්‍රභලවිය. තත්ත්වය දැන් වෙනස් වී ඇත. උසස් ආර්ථිකයක් උසස් ප‍්‍රජාතන්ත‍්‍රාවාදී ව්‍යූහයක් තිබෙන රටවලටද අපේ රටවලට බෝවී තිබු සියලූ අගතීන් බෝ වන්නට පටන් ගෙන ඇත. ලැජ්ජාවක් සහ බියක් නැතිව පොදුජන අවකාශය අශ්ලීල කිරීමට මහින්ද රාජපක්ෂ සේම ඩොනල්ඞ් ට‍්‍රම්ප්ද බිය වූයේ නැත. අශ්ලීල විහිළු, විරුද්ධවාදියාට පිටුපසින් පිහියෙන් ඇනීම, බොරු කීම, ප්‍රසිද්ධියේ  ලිංගික කරුණු කතා කිරීම ට‍්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය තුළ පොදු ලක්ෂණ විය.

නමුත් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කරන ලද්දේ ඉහත කී අශ්ලීල, අතාර්කික, බුද්ධි විරෝධී කැත කතා සමූහය නිසාද? නැත. ඔහුගේ ජයග‍්‍රහණය සහතික කරණ ලද්දේ ඩිමොක‍්‍රටික් පක්ෂයේම කොටසක් බර්නි සැන්ඩර්ඞ් පරාජය කිරීමට යොදන ලද බුද්ධි විරෝධී නිෂ්ක්‍රීයකරණයක් නිසාය. කෙටියෙන් කිවහොත් හිලරි ක්ලින්ටන් විසින් බර්නි සැන්ඩර්ස් පරාජය කිරීමට වෝල් වීදිය සහ වාමාංශය එකට එකතු කිරීමට උත්සාහ කරන ලදී. බොහෝ දෙනෙකු ඡන්දය දැමීමට නො ආවේ මෙම තක්කඩි දෙමුහුම් කිරීම නිසාය. ඒ අනුව ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය සහතික කරනු ලැබුවේ ලිබරල් බුද්ධිමය අඩංගුවේ නරුම වාදයයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 දෙසැම්බර් කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

#71 SAMABIMA 2016 December Missing by 3MANA on Scribd

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හොඳ ලිපි සමුහයක්. දැනුයි වෙලාව ලැබුනේ කියවන්න. ට්‍රම්ප් ගැන කතාව නම් හරි.

Comments are closed.