සල්මන් රෂ්ඩි 1979දී සිදු වූ නිකරගුවානු විප්ලවය ගැන රචනාවක් ලියමින් එය රෑපකයකට නැගුවේ මෙසේය. ‘තිමිංගලයාගේ වියරැ සිනහව’ ඔහු ඉන් අදහස් කළේ ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යය ඉදිරිපිට නිකරගුවා විප්ලවයේ අනාගතය අදුරැ බවය. ඔහුගේ උපකල්පනය සත්‍ය කරමින් නිකරගුවානු විප්ලවයේ හර පද්ධතිය 80 දශකය තුළ එක්සත් ජනපදය විනාශ කළේය.

 පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය. නමුත් ඔහු විසින් ආවේශ කරන ලද සමාජ බලවේග තවමත් මිය ගොස් නැත. නාට්‍යයේ පළමු අදියර දැන් අවසන්ය. එහි ජයග්‍රාහකයා රනිල් වික්‍රමසිංහය. ඔහු විසින් පත් කරන ලද කැබිනට් මණ්ඩලයෙන් බහුතරයක් රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයන්ය. ඔහු තමන්ගේ කැබිනට් ඇමතිවරැන් පාලනය කිරීම සදහා මොනිටර්ලාද පත් කර ඇත. ඔහු ප්‍රතිපත්තිවලට මුල් තැන දී හර පද්ධතිය දෙවැනි කොට ඇත. ඒ නිසා ඔහුගේ පක්ෂයේ කිසිම කෙනෙකුට ‘ජනප්‍රිය’ වැඩ කිරීමට අවසර නැත. අවශ්‍ය අයට  මෝඩ ජනප්‍රිය වැඩ කළ හැක.  තව මාසයක් පමණ යනතුරැ ඔවුන් තම තනතුරෙන් විනෝද වනවා හැර අන්යමක් කිරීමට ඉඩ නැත.
ඡන්ද ප්‍රතිඵලයට පසු ජාතිකවාදීන් ඉතා නිවැරදි ලෙස එක පියවරක් පසුපසට ගෙන ඇත. ඒ අනාගතයේදී පියවර දෙකක් ඉදිරියට තැබීමටය. තව මාස දෙකක් යනතුරැ ප්‍රධාන දේශපාලන සටන් පාඨ වනු ඇත්තේ දූෂණය,භීෂණය,මර්දනයට එරෙහි සටනයි. මෙම සටන හරහා ඉත්තන් වර්ග 3ක් ක්‍රීඩා කරනු පෙනෙයි.
1. ජනතා විමුක්ති පෙරමුණ
2.රාජ්‍ය බලය සහිත ජාතික හෙළ උරැමයේ චම්පික – රතන පාර්ශ්වය (ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ඇතුළත්ව)
3.මහින්ද රාජපක්ෂ සහ විමල්, නලින්, අමරසේකර පාර්ශ්වය. (හෙළ උරැමයෙන් මහින්දට ගිය අය)
ඉහත ඉත්තන් වර්ග 3නටඅවශ්‍ය වන්නේ දූෂණය, භීෂණය,යහපාලනය වැනි විෂය ක්ෂේත්‍රයකට එක්සත් ජාතික පක්ෂය කොටු කිරීමටය. එසේ කරන ගමන් මේ වන විට අරලියගහ මන්දිරයට ඇතුල් වී ඇති යූඇන්පී හොරැන් ගැනද ඔවුන් හොද අවබෝධයක සිටියි. නමුත් මේ මොහොතේදී ඔවුන් ඒ ගැන කතා කරන්නේ නැත.
තත්ත්වය මෙසේම ඉදිරියට ගියහොත් ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන විට ඡන්දයේ ප්‍රධාන සටන් පාඨය මෙසේ වෙනස් වනු ඇත. ‘රට බේරා ගමු’ ‘ජාතිය නින්දෙන් අවධි කරමු.’ ‘ඉන්දීය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය නිසා විනාශ වී ගිය මහින්ද වෙනුවට හොරකම් නොකරන, චණ්ඩියෙක් නොවන ජාතියේ යහපාලකයෙක් පත් කර ගමු. එවිට  රනිල් වික්‍රමසිංහ පරක්කු වී හමාරය. රනිල් දේශපාලනය ‘පරිපාලනය’ බවට උෘනනය කරන විට චම්පික දේශපාලනය ‘දෘෂ්ටිවාදය’ බවට පරිවර්තනය කරයි. අප වහාම කළ යුත්තේ කුමක්ද?මේ වනතුරැ ලංකාවේ වාමාංශික චින්තනය යනු පහළ මැද පාන්තිකයන්ගේ අවිඥාණික විශ්වාසයන්ය. මෙම අවිඥාණක විශ්වාසයන් විනාශ කිරීම සදහා ෆ්‍රෙයිඩ්ගේ චින්තනය යොදා ගමු.
ජාතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැගීම අප වහාම පටන් ගත යුතුය. ඒ සදහා කැමති සියලුදෙනා එකට එකතු විය යුතුය.
ඒ සදහා අපට කවුරැවත් ඉහළින් උදව් කරන්නේ නැත. තනිවම හෝ සටන් අපි පටන් ගමු.
ඉදිරි පියවර පසුවට…

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. අපි පටන් අරගෙන ඉන්නේ භූමියේ, බුකියේ, බ්ලොග් වල හැම තැනම. එකතු වෙන්න තමා තියෙන්නේ.

  2. Lot of Sri Lankan people said victory of MY3 would be crucial moment of Sri Lanaka.No it is not This would be crucial moment of Sri lankan future.
    good luck Sri Lanka Vanguard Party.

  3. හොද දෙයක් පටන් ගන්න. පෙරටුගාමී පක්ෂය විදිහට දීප්ති නායකයා විදහට ශ්‍රී ලාංකීය වාමාංශික දේශපාලනය ආරම්භ කරන්න .ඔයාලට ඒ සදහා මෙතෙක් කල් ඒ වෙනුවෙන් අවංකව මහන්සි වුනු හැම දෙනාගේම ආත්මීය ශක්තිය, සහයෝගය පළමුව ලැබෙනවා .
    නමුත් මට ප්‍රශ්නෙකට තියෙන්නේ පෙරටුගාමී නම Mr.කුමාර් ගේ පක්ෂේ විසින් ජනප්‍රිය කරල පටලවල නිසා ඔයාලට නැවත මේ පටලැවිල්ල ලිහන්න වෙනම මහන්සියක් වෙන්න වෙන එක. ඒකට ඔයාල මොකද කරන්නේ?

Comments are closed.