[dropcap color=”red”]ති[/dropcap]ලගංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පසුගිය වාරයේ තරඟවැද පරාජයට පත්වී රෝදපුටුවෙන් ගමන් කරන මට්ටමට වැටුනත් ඔහු මෙවරත් එම තනතුර සඳහා තරඟයට වැදුනේ තමන් දක්ෂයන් අතර අති දක්ෂයෙකු බව ඔහු විශ්වාස කරන බැවිනි. තමන් හැර වෙනත් කිසිවෙකු එම තනතුරට සුදුසු නැති බව පෙන්වන්නට ඔහු ජාත්‍යන්තර ක්‍රිකටි ආයතනයෙන් ලිපියක් පවා ඉදිරිපත් කළා. නමුත් ඔහු හිටි හැටියේ මහින්ද රාජපක්ෂගේ ගල් කඩන ක්‍රෂර් යන්ත්‍රයට වැටුනා. සුලු මොහොතකින් එහෙට මෙහෙට ඇඹරී තිලංග අතුරුදන් වූවා. දැන් තිලංග කෝ? ඔහුට මොකද වුනේ?

සමහරු කියන්නේ තිලංග මේ තනතුර සඳහා මේ තරම් මහන්සි වන්නේ එයින් ලැබෙන ුඅධික මුදල් ප්‍රමාණය නිසා බවයි. අනෙක් අතට ඔහුට ලැබෙන තත්ත්වය නිසා බවයි. නමුත් ඇත්තටම මේ මොහොතේ අමුතුවෙන් තිලංගට ලබා ගන්නට ඇති බලයක් සහ ධනයක් නෑ. එහෙනම් ඇයි තිලංග මේ තරම් මේ තනතුර සඳහා මහන්සි වන්නේ? ඒක තමයි හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්ණය ඇත්තටම තිලංගට ඇති ප්‍රශ්ණයත් මෙයමයි. එනම් ඔහු දන්නේත් නෑ ඔහුගේ ආශාව මොකක්ද කියලා. ඒක ඔහුටමත් රහසක්. ඊජිප්තුවේ ඇති විශාල පිරමීඩ නිර්මාණය මගින් ඊජිප්තු වැසියන් බලාපොරොත්තු රහස සොයන්නට ගොඩක් අය මහන්සි ගත්තා. ඒත් ඒකට කිසිවෙකුටත් පිළිතුරක් ලැබුනේ නෑ. මේ සම්බන්ධයෙන් හේගල් අපූරු පැහැදිලි කිරීමක් කළා.

ඊජීප්තු වාසින්ගේ රහස ලෝකයටම රහසක් වන්නාසේම එය ඊජිප්තුවාසීන්ට ද රහසකි. මේ නිසා තිලංගගේ රහස අපිට වගේම තිලංගටත් රහසක්.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. තිලංග ආසයිලු පාලක මණ්ඩලේ බෝඩ් එකේ නම කොටාගන්න.

Comments are closed.