ලංකා පදනම් ආයතනයේ දීර්ඝ කාලයක් තිස්සේ ඩිජිටල් ඇකඩමිය හරහා සෘජු ලෙසම අපට විරැද්ධ දේශපාලනයක් සුදත් මහදිවුල්වැව මහතා කරගෙන ගියේය. ලංකාවේ සිනමාවට කිසිදු සම්බන්ධයක් නැති කල්‍යානන්ද පෙරේරා, ප්‍රදීප් ජයරත්න, ආචාර්ය ප්‍රභා මනුරත්න වැනි මහත්ම මහත්මීන් කැදවා දේශණ පැවැත්වූයේ කුමන අරමුණක් සදහාද? එපමණක් නොව ඇකඩමිය තුළ ‘දර්ශනය’ විෂය ඉගැන්වීම සදහා ඒකාධිකාරයක් ද පවත්වාගෙන ගියේය. මේ සියල්ල කරනු ලැබුවේ අප  විසින් දශක දෙකක් පුරා කරන ලද දේශපාලන වැඩ කටයුතු  ජෝක් කිරීමටය. දැන් එම වැඩය නතර කර සියලුදෙනාට ඉඩ දෙන සංස්කෘතියක් බිහි කිරීම තව බලධාරීන්ගේ කටයුත්තකි. තවදුරටත් අතීතය පුනරාවර්තනය වන්නේ නම් අප ඊට මැදිහත්වීමට කිසිදු බියක් ඇති කරගන්නේ නැත.

ඔබේ අදහස කියන්න...