ජයසිරි අලවත්ත සහෝදරයාගේ මෙවර ‘ජිජැක් පිලිබඳ අධ්යයනය’ ලිපිය කියවීමෙන් පසු මෙම කෙටි පිළිතුරු ලිපිය ලියන්නට සිතුවෙමි.
අලවත්ත සහෝදරයාගේ ලිපියේ මෙසේ සදහන් කර ඇත: “…ජොයිස්, ලොරන්ස් , මාර්කේස්, උම්බර්තෝ එකෝ ගැන කප්පරක් ලියන සාහිත්ය ඔස්තාද්ලා ඩෙරිඩා,ලැකාන්, ජිජැක්, අල්තුසර්, ආදී විශ්ලේෂී චින්තකයන් ලාංකික සන්දර්භයක්තුල සමාජ ගතකිරීමට පුරෝගාමී වූ, ඒ සඳහා විචාරපොත් ලියා ඇති දීප්ති ගැන වචනයක්වත් තම ලිපිවල සඳහන් නොකිරීමට ඉතාම දැනුවත්ව සුපරික්ෂාකාරී වේ.”
මගේ පළමු ප්රශ්නය වන්නේ මේ දීප්ති ලියන ලද පොත්, ලිපි සහ දීප්තිගේ දේශණ සහ සංවාද වල හඬපට වල ලැයිස්තුවක් පෙරටුගාමී පක්ෂයේ නිල වෙබ් අඩවිය වශයෙන් සැලකිය හැකි 3මාන වෙබ් අඩවියෙවත් පලකරලා තිබෙනවද?
මම ජිජැක් සහ ලකාන් ගේ නියායන් ගැන එකවිට දැනගත්තේ ජිජැක් විසින් ලියනලද “How to Read Lacan” කියන පොතෙන්. ඉන්පසු නොයෙකුත් වෙබ් අඩෙවිවල තිබු ලිපි සහ ජිජැක් ගේ You Tube හඬපට ඔස්සේ වැඩිදුරටත් පුළුවන් තරමින් මේ න්යායන් ඉගෙනගත්නමුත් මේ න්යායන් පැහැදිලිව දැනගැනීමටත් ඒ තුලින් ශ්රී ලංකාවේ දේශපාලනය තුල ලිබරල් ධනවාදයේ භූමිකාව පමණක් නොව ෆැන්ටසිය යන සාධකය ඔස්සේ ලාංකීය ජන්දදායකයා විවිධ දෘෂ්ටිවාදයන් සමග ගැටගැසෙන සැටිත් , ‘විනෝදය’ (joisance), සහ ‘ආශාවේ හේතුව’ (object cause of desire) යන සාධක මත ලාංකීය දේශපාලන, ඇකඩමික චරිත සහ ‘මහජනයා’ හැසිරෙන හැටි පවා දැනගැනීමට මට තරමක් දුරට හෝ පුළුවන් වුනේ දීප්තිගේ ලිපි, දේශණ සහ සම්මුක සාකච්චා තුලින් සහ ත්රිමාන වෙබ් අඩවියේ අනෙකුත් අයගේ (උපුටා ගත ලිපියක හැරෙන්නට වෙන කිසිම ලිපියක් ලිව්වේ කවුද කියල පළකරන්නේ කලාතුරකින් නිසා ඒවා බොහොමයක් කාගේද කියල දන්නේ නැහැ). නමුත් මේවා හොයාගන්න, ත්රිමාන වෙබ් අඩවියේ පවා එතෙරක් මෙතෙරක් නැතිව කරක් ගහන්න මට සිදු වුනා.
එනිසා කණගාටුවෙන් වුවත් මට කියන්න තියෙන්නේ ඔය කියන ඔස්තාද්ලා විතරක් නොවේ පෙරටුගාමී පක්ශයේ ප්රචාරක අංශය පවා දීප්තිගේ ලිපි, පොත් සහ දේශණ වලට අවශ්ය තැන ලබාදීමේ වගකීම පැහැරහැර ඇති බවයි.
අනිත් අතට කවුද මේ ‘ඔස්තාද්ලා’? ඒ අය පොරවල්ද ? ඇයි ඒ අය දීප්තිව මගඇරිය කියල දීප්තිගේ මොකවත් අඩුවක් එහෙම වෙනවද? දීප්ති කියන්නේ මේ ‘ඔස්තාද්ලා’ගෙන් නිර්වචනයක් ඉල්ලන සිම්ප්ටෝමයක්ද (symptom)?
අලවත්ත සහෝදරයා කියනවා “ආයතනගත ඇකඩමියාව දීප්තිට දක්වන ගෞරවනීය පිළිගැනීම වත්…” කියල. මේක මට නම් ලොකු බලාපොරොත්තු කඩවීමක්. මට හිතෙනවා ඒ අය දීප්ති පිළිගත්තා කියන්නේ මට දීප්තිව අත්හරින්න කාලේ ඇවිත්ද කියල. ඇයි මම එහෙම කියන්නේ? මගේ පෞද්ගලික අත්දැකීමේ හැටියට ලංකාවේ ‘ඇකඩමියාව’ කියන්නේ (98% ක් පමණ)තමන්ගේ පහළ මධ්යමපාන්තික පවුල් පසුබිම නිසා ඇතිවූ හීනමානය උඩුදිවිම නිසා මොළේ කුරුවල් වුන, දීප්ති වගේ ඇකඩමියාවට පිටින් පැමිණි කෙනෙක් තමන්ට වඩා ඉහළින් යයිදැයි පැරනොඉයාවෙන් (Paranoia) පෙළෙන, ගෝත්රවාදී පිරිසක්. ඔවුන්ගේ එකම අපේක්ෂාව, දීප්තිම මෙවන් කට්ටියක් ගැන එක ලිපියක (3මාන) කියල තිබුනපරිදි, “බුර්ෂුවා පන්තියේ බුද්ධිමතුන්” වීම.
මෙවැනි අය “දීප්තිව ගෞරවනීයව පිළිගත්තා” කියන්නේ දීප්තිට යමක් එකතුවීමක් නොව දීප්තිගෙන් යමක් අඩුවීමක් විදිහටයි මටනම් පෙනෙන්නේ.

matardor-

එතකොට මේ කියන ‘ඔස්තාද්ලා’? නැවතත් මගේ පෞද්ගලික අත්දැකීමේ හැටියට මේ අයගේ (නැවතත් 98% ක් පමණ)රෝගලක්ෂණය (symptom එක)තමයි දීප්ති ගේ නම ඇසූ පමණින් මේ අයට දැනෙනෙවා ඒ අය ඉන්නේ නිර්වස්ත්රව කියල වගේ හැගීමක්. ඒ කියන්නේ දීප්ති මේ අයට ක්ෂිතිමය සම්මුඛ වීමක් ( a ‘traumatic encounter’). ඉතින් මේ අය “දීප්ති සමග දුරස්තභාවයක් තියාගෙන ඉන්නවා”, “දීප්තිව මගහරිනවා”, “දීප්ති කියල කෙනෙක් අපිනම් දන්නේ නැහැ” වගේ හැසිරෙනවානම් ඒක අරුමයක්ද?
මම මෙවර පත්තරේ සිහිනය අතිරේඛයේම තව තැනක දැක්කා තවත් ලිපියක පුෂ්පජිත් සහෝදරයා ලියපු “ජලයෙන් යටවූ ලින්ච් ගේ ලෝකය” පොත ‘මග හැරියවුන්’ ගැන තරමක් සැරෙන් ලියල තිබුණා.
මට මෙහෙම ප්රශ්නයක් එනවා: එතකොට දීප්ති, පුෂ්පජිත් පොත් ලියන්නේ මේ කියන කට්ටියගේ අවධානය, ප්රසන් ශාව, යහපත් විචාරය බලාපොරොත්තුවෙන්ද? ඒ අයගේ දැක්මට (gaze) යොමුවීම ( “මේ අහවලුන් මගේ පොත කියවීමෙන් මා ගැන මෙහෙම කියාවි” කියන හැඟීම ) දීප්තිගේ, පුෂ්පජිත්ගේ පොත්ලිවීමේ ඒකායන බලාපොරොත්තුවද? එකද මේ ඔයගොල්ලන් කියන්නේ? මේක දීප්තිට, පුෂ්පජිත්ට කරන බලවත් අපහාසයක් නෙවෙයිද?
හොඳයි අපි මෙහෙම හිතමු, ඔය අලවත්ත සහෝදරයා කියන ඔස්තාද්ලගෙන් සමහරකුයි, ලෝඩ්ස් සිනමා පාසලේ සහෝදර සහෝදරියන් කියන පුෂ්පජිත් සහෝදරයාගේ පොත මග හැරිය කට්ටියගෙන් සමහරෙකුයි කියනවා “ෂා දීප්ති/පුෂ්පජිත් පට්ට පොතක්ලියල /දේශනයක් කරලා/ ලිපියක් ලියල තියනවා, ඒක මේ දශකයේ ඒ සම්බන්ධව පළවුණු/කරපු හොඳම පොත/ලිපිය/දේශනය” කියල එතකොට අපිට ‘ආතල්’ද? ඒ සමගම එයාලගෙන් සමහරක් කිව්වොත් “ඒ පොත /ලිපිය/දේශනය ඇති ගතයුත්තක් නැහැ” කියල එතකොට අපිට ‘අවුල්’ද? එහෙම වෙන්නේ ඇයි?
ඒගොලන්ගේ සීල් එක වැදුනොත් විතරද යම් ප්රකාශනයක් මිනිසුන් පිළිගන්නේ? ඒක එහෙමනම් ඒක තවදුරටත් එහෙමම වියයුතුද? පළමු විප්ලවය වියුත්තේ ඒ හොර නඩය පැන්නීම නොවේද?
මම දකින හැටියට මේ අහවලා මේක මගහැරිය, අරක ගැන මොනවත් කිව්වේ නැහැ, කියල කියන එක දීප්තිව, පුෂ්පජිත්ව කිසිම වැදගැම්මකට නැති නඩයකට පාවාදීමක්. ඒ වගේම කිසිම වැදගැම්මකට නැති නඩයකට අනවශ්ය වැදගත් කමක් ලබාදීමක්.
ජේසුස් වහන්සේ කියල තියනවා “කිසිම අනාගත වක්තෘ වරයෙක් තමන් උපන් බිමේ මිනිසුන් පිළිගන්නේ නැහැ කියල. උන්වහන්සේට එහෙම කියන්න වුනේ උන්වහන්සේ තමන් හැදුනු වැඩුන කර්පනොම් කියන ගමට ගිය වෙලාවේ සියගණන් රෝගීන් ඒවනවිට සුවකර තිබු උන්වහන්සේට එහිදී සුවකළ හැකි වුයේ කිහිපදෙනෙක් පමණයි. උන්වහන්සේ ගේ අනෙකුත් ප්රාත්යහාරයන් කිසිවක් එහිදී කළහැකි වුයේ නැහැ. මේකට හේතුව වුනේ ඒ ගමේ මිනිසුන් ජේසුස් වහන්සේ ජෝසප් කියන වඩුවාගේ පුතා, මේරි ගේ පුතා, අහවල් ඉස්කෝලේ ඉගනගත්තේ , ඔහුත් පස්සසේ වඩුවෙක් හැටියට වැඩකලා, කියමින් එතනින් එහාට උන්වහන්සේ දකින්න උත්සහකලේ නැතිනිසා (මතෙව් 13:53-58). දීප්තිගෙන් මේ රටට ලැබියුතු ප්රයෝජනය මේ දක්වා නොලැබීමට හේතුවත් මේකම නෙවෙයිද? – දැන් ‘අහවල්ලු’ කියයි මම දීප්ති ජේසුස් වහන්සේට සමාන කරලා කියල. නැහැ. මම සමාන කරන්නේ උන්වහන්සේ සහ දීප්ති මුහුණදුන් අවස්ථා, හරියට ජුදාස් ගේ පාවාදීම වගේ අවස්ථා.
එනිසා ඔබලාගේ සාමුහික වගකීම විය යුත්තේ දීප්ති (හෝ පුෂ්පජිත් හෝ මහේෂ් හෝ පෙරටුගාමී පක්ෂය වෙනත් අයෙකු හෝ) පලකරන පොත්, කරන දේශණ වලට අහවලා කිසිදෙයක් කිව්වේ නැහැ කියල මැසිවිලි නගන එක නොවෙයි (මේ අහවල්ලු බොහොමයක් මේ මජර ක්රමය තුලම, එයම උපයෝගී කරගනිමින් තමන් ගොඩයන්නේ කොහොමද කියල තිස්සදෙවේලේ කල්පනාකරමින් ඒ සඳහා ඔවුන්ම එක එකාගේ පිටකසාගනිමින් ජිවත්වන, “හැකි තරම් විනොදවන්න” යන සුපිරි අහමේ නියෝගයට වසඟවී හබයාම ජීවිතය කරගත් පිරිසක් බව ඔබලා කොහෙත්ම නොදන්නවා විය නොහැකිය), ඔබලාගේ වගකීම වන්නේ දීප්තිගේ දර්ශනය සහ එය මත පදනම්වූ අනෙකුත් ප්රකාශන, දේශණ ක්රමවත්ව සමාජගතකරන්නේ කොහොමද කියල සොයාබලන එක.
මට හිතෙන හැටියට මේ සඳහා ඉල්ලක්ක කණ්ඩායම් තෝරාගැනීමක් සහ ඒ අනුව විවිධ මට්ටමේ ලිපි සහ ප්රකාශන පළකිරීමක් අවශ්යයෙන්ම විය යුතුයි. දීප්තිගේ න්යාය ඉදිරිපත් කිරිමීදී භාවිතාවන වචන සහ සංකල්ප පැහැදිලි කරන වචනාවලියක් (Glossary) ප්රකාශයට පත්කිරීම ඉතා කාලෝචිත යයි මට හිතෙනවා.
උදාහරණ වශයෙන් ‘ආත්මය’ (Subject), මේ ‘ආත්මය’ සහ ‘අහම’ (ego) අතර වෙනස, “ආශාවේ වස්තුව” (objet petit a ), “ස්ත්රියට සාරයක් නැත”, “ස්ත්රිය යනු පිරිමියාගේ රෝගලක්ෂණයකි” යනාදී න්යාය වටහාගැනීමට අවශ්යවන තේරුම් ගැනීමට අපහසු මූලික සංකල්ප සවිස්තරව පැහැදිලි කරන ප්රකාශනයක්.
ත්රිමාන වෙබ් අඩවියේ ලිපි විධිමත්ව වර්ගීකරණය කර යම් දෙයක් ගැන දැනුම ගොඩනැගෙන පරිදි එකින් එක කියවියහැකිවන පරිදි එදිරිපත් කරනවානම් වඩා හොඳයි කියල මට හිතෙනවා.
මේ ලිපිය අවසන් කිරීමට පෙර පුෂ්පජිත් ගේත් ලෝඩ්ස් සාමුහිකයේ සහෝදර, සහෝදරියන්ගේත් අවධානය යොමුකරන්න කැමතියි ‘The Big Short’ ච්ත්රපටිය වෙත. මේ චිත්රපටියේ පෙන්වන ‘ ප්රාග්ධනයේ/නව ලිබෙරල් ධනවාදයේ ප්රත්යස්ථතික භාවය(resilience of the capital and the neo-liberal economy), නරුමවාදිත්වය, යනාදියට අමතරව ආචාර්ය මයිකල් බරි ( Dr Michael Burry), සහ පොල් බෝම් (Paul Baum) යන චරිත දෙක මැනවින් ඇකඩමිකයා සහ දීප්ති අතර වෙනෙසට කදිම උදාහරණයක් කියල මට හිතෙනවා.
මෙහිදී අචාර්ය Burry තම විශ්ලේෂණ තුලින් අන්කවරෙකුටත් කලින්ම දැනගන්නවා අධිතක්සේරු කිරීම නිසා අමෙරිකානු නිවාස කොටස් වෙළඳපොල (American Housing Share Market) ඇදවැටීමට නියමිත බව. ඔහු මේ දැනුම ප්රයෝජනයට ගන්නවා කොටස් වෙළදපොල එසේ කඩාවැටෙනවිට එයින් උපරිම ලාබයක් තමන්ගේ මුල්ය කළමනාකරණ ආයතනට ලබාගැනීමට. පෝල්ටත් මේ ගැන ඔත්තුවක් ලැබෙන අතර ඔහුත් ඔහුට ලාභ ලැබෙන පරිදි මේ තත්වයට ප්රතිවිරුද්ධ ආයෝජනයක් කරනමුත් ඔහු එය කරන්නේ “මේ මජර ක්රමය බිඳ වැට්ටවිය යුතුයි” කියන අපේක්ෂාවෙන්.
මේ තත්වය අපගේ සන්ධර්භයට ආදේශ කලොත්, අද දවසේ ලාංකික ඇකඩමිකයා පවතින ක්රමයේ හෝ එහි දුර්වල කමේ පිහිටෙන් තමන් ගොඩයාමට නිරතුරුව උත්සහ දරමින් සිටින අතර (මෙය ඔහුගේ විනෝදය සපයන මැසිමයි), දීප්ති පවතින ක්රමය බිඳවැට්ටවිමට නොහැකිනම් අඩු තරමින් එතෙක් එහි මජර ස්වරුපය (degenerated form)වෙනස්කිරීමට තමන්ට හැකි සෑම උත්සහයක්ම ගනිමින් සිටිනවා.
ඔබලා කියන ‘අහවලුන්’ සහ ‘ඔස්තාද්ලා’ ප්රශස්ති ගී ලියන්නේ Dr Michael Burry වැන්නන්ට මිස Paul Baum වගේ අයට නෙමෙයි.

Vasantha Premaratne

……………………………………………………………………………………………………

වසන්ත සහෝදරයාගේ කේන්තිය විමුක්ති අර්ථයකින් සාධාරනයි . හැබැයි අපි අපේ දේවල් ගැන ‘නෛතිකබාවය’ කාගෙන්වත් ඉල්ලන්නේ නැහැ..ඉල්ලන්න කෙනෙක් ඉන්නවා කියල හිතන්නෙත් නෑ. [No Big Other] අර කතාව කිව්වේ වෙනත් කරුණක් සාදනය කරන්න. සමස්ත අර්ථය ගැන හිතන්න . ආසියාතික ආත්මීය අර්ථයකින් ගුප්ත ලෙස අනෙකාට හිමි ගෞරවය දෙන්නේ නැති එක ගැන කියන්න ..මීට වඩා හොද උදාහරණ තියෙනවා නම් කියන්න. අපි ඒවා ඇතුළත් කරන්නම්.  ඉදිරි කාලයේදී මෙම තත්වය තහවුරැ කරන්න ආසියාතික ආත්මීය මෙලන්කොලියාව ගැන සම්භාව්‍ය උදාහරණයක් ලෙස ‘විරාගය’ සහ ‘පිටස්තරයා’ ගැන අපගේ අධ්‍යනයන් අපි සමාජගත කරන්නම්. 

Mahesh

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. Mahesh,මට ටිකක් මේ ලිපි දෙක ප්‍රෙහෙලිකාවක් වුනේ දීප්ති සහ ඔයගොල්ලන් කියනදේවල් වලට කාගේවත් අනුමත කිරීමේ සීල් බලපොරෝත්තුනොවෙන බව මෙතෙක් මගේ අවබෝධය වූ නිසා. ඒ ගැන නැවත තහවුරු කිරීම ගැන මගේ ස්තුතිය. ශ්‍රී ලාංකීය ආත්මය තුල මේ නව විප්ලවවාදී චින්තනයක් ඇතිකිරීමට ඔබ සැම ගන්නා සියලු උත්සාහයන් වලට සහ ඒ හේතුවෙන් මා මෙතෙක් ලබාගත් දැනුමට, දීප්ති ඇතුළු ඔබ සියලු දෙනාට හර්දයාංගමව ඉතාමත් ස්තුතිවන්තවෙමි.

  2. “දීප්තිගේ න්යාය ඉදිරිපත් කිරිමීදී භාවිතාවන වචන සහ සංකල්ප පැහැදිලි කරන වචනාවලියක් (Glossary) ප්රකාශයට පත්කිරීම ඉතා කාලෝචිත යයි මට හිතෙනවා”. ඉතාම වැදගත් අදහසක්.

Comments are closed.