සමකාලීන ජනප්‍රිය දේශපාලන සංස්කෘතිය තුල ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂ තමන්ගේ බලය රැකගැනීම සදහා ගැසිය යුතු game එක කුමක්ද යන්න හොදින්ම දනී. මතුපිටින් මේ ක්‍රීඩාව දෙස බලන පුද්ගලයන් කියන්නේ දේශපාලකයා ජනතාව රවටමින් ජන්දය ලබාගෙන විවිධ දුෂණ, වංචා මගින් මුදල් උපයා ගන්නා බවයි. බැලු බැල්මට මෙය සත්‍යක් වුවත් දක්ෂිණාංශික දේශපාලයකයාගේ පැත්තෙන් බලන විට ඔහු ක්‍රියා  කරන්නේ පවතින සමාජ සන්දර්භයට වඩාත් ගැලපෙන ආකාරයටය. පොදු සාරධර්ම වලට අනුව ජ. වි.පෙ වැනි පක්ෂයක් යනු දුෂණයෙන් සහ වංචාවෙන් තොර පක්ෂයකි. ජනතාවද ඔවුන් ගැන හොදින්ම දනී. නමුත් මෙකී ජනතාව ජ. වි.පෙ ට ජන්දය නොදෙන්නේ ඇයි ? මීට හේතුව ජ. වි.පෙ පවා නොදනී. ලාංකීය දේශපාලන ඉතිහාසයේ  ප්‍රථම වතාවට මේ සදහා පිළිතුර අද අප ලබා දෙන්නෙමු.

අද දවසේ ගෝලීය දේශපාලනය විශ්ලේෂණය කිරීමේදී පුද්ගලයෙකු හෝ පක්ෂයක් රටක පාලන බලය ලබා ගැනීම තීරණය කරනු ලබන්නේ දෘෂ්ටිවාදය (Ideology) මගින් බව නිගමනය කල හැක.  දෘෂ්ටිවාදය යනු කුමක්ද?. මේ වචනය වාමාංශිකයන් මෙන්ම දක්ෂිණාංශිකයන් විසින් ද නිතරම මතුරනු ලබයි. නමුත් එම සංකල්පයේ තේරුම සහ භාවිතාව  කුමක්දැයි ඔවුන් හරිහැටි නොදනී. එහි මුල්කාලීන අර්ථයට  වුයේ    අප  බාහිර සමාජය තේරුම් ගැනීමට යාමේදී දෘෂ්ටිවාදය මගින් එම යතාර්ථය විකෘති කරන බවයි. උදාහරණයකට  ජ. වි.පෙ වැනි පක්ෂයක වැඩපිළිවෙල ජනතාව අතරට නොයන්නේ දක්ෂිණාංශික දේශපාලඥයන් ඔවුන්ගේ ඔලුව අවුල් කරන නිසා බව එම පක්ෂයේ විශ්වාසයයි. බොරු පොරොන්දු දී ජනතාව දක්ෂිණාංශිකයන් විසින්  රවටනු ලබයි.. ජ. වි.පෙ වැනි පක්ෂයක් තවමත් සිටින්නේ මෙම ස්ථාවරයේය. නමුත් තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් වී ඇත. ඒ අනුව දෘෂ්ටිවාදය යනු තවදුරටත් අපව මුලා කරනු ලබන ප්‍රපංචයක් නොව පවතින සමාජ යතාර්ථය සමග අප සම්බන්ධ කරනු ලබන්නේ  දෘෂ්ටිවාදය මැදිහත් වීම මගිනි.ඒ හැර වෙනත් විකල්පයක් නොපවතී . පවතින නීරස කටුක සමාජ යතාර්ථය  කෙලින්ම සම්මුඛ වීම යනු යථ (Real) හමු වීමයි. මන්ද මේ කටුක යතාර්ථය සංකේතකරණය කරගැනීම සදහා භාෂාවක් නැත. නමුත් දෘෂ්ටිවාදය විසින් මේ සදහා පිළිතුරක් ලබා දෙයි. එක පැත්තකින් එය පුද්ගලයාට ෆැන්ටසියක් ගොඩනගා ගැනීමට උදවු කරයි.

ජාතිවාදය යනු එක් දෘෂ්ටිවාදයකි. එමගින් පුද්ගලයාට තමාගේ සියලු ප්‍රශ්න දෙමළා සහ  මුසල්මානුවා යන බාහිර සතුරෙකු නිසා ඇතිවන බවට ප්‍රක්ෂේපනය කරමින්  ජීවත් විය හැක. ඒ අනුව දෙමළා සහ මුසල්මානුවා පන්නා දමන ඕනෑම දේශපාලඥයෙකු පුද්ගලයා විසින් දකිනු ලබන්නේ තමාගේ වැදගත්ම ප්‍රශ්නයක් විසදීමට ඉදිරිපත් වන්නෙකු ලෙසය. මීලගට පරිභෝජනවාදය යනු තවත්   දෘෂ්ටිවාදයකි. එහිදී  ජීවිතයේ ඇති සියලු ගැටළු සදහා හේතු වන්නේ පාරිභෝගික භාණ්ඩ වඩ වඩා මිලදී ගැනීමට නොහැකි වීම බව පුද්ගලයා සිතයි. මේ නිසා ඔහු/ඇය දිවා රෑ නොබලා මුදල් ඉපයීමට මහන්සි වෙයි. මෙසේ හෙම්බත් වන පුද්ගලයා වෙනුවෙන්  පන්සල විසින් තවත් දෘෂ්ටිවාදයක් ගොඩනගයි. ඒ අනුව තමන් උපයන මුදලින් පන්සලට ගඩොල් සිමෙන්ති පුජා කිරීම මගින්   සියලු කෙලෙසුන් නසා අවසානයේ නිවන් සුව ලබා ගත හැකිය. අප දෘෂ්ටිවාදයට අනුව ක්‍රියා කරන්නේ අවිඥානිකවය. සවිඥානික කතා බහ තුල පුද්ගලයා ඉතාම බුද්ධිමත්ය. එතැනදී ඔහුව කිසි කෙනෙකුට රැවටිය නොහැක. නමුත් ඔහු/ඇය අවසානයේ ක්‍රියා කර ඇත්තේ අඥාණයෙකු මෙන් දෘෂ්ටිවාදයට අනුවය. මේ නිසා කවුරු හෝ අපි දෘෂ්ටිවාදයට අහු වෙන්නේ නැහැ , අපි ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ කියනවානම් ඔවුන් යනු දෘෂ්ටිවාදයට වඩාත්ම යටත් වූ පිරිසයි.

මීලගට අපට ඇතිවන ගැටලුව වන්නේ දෘෂ්ටිවාදය පිළිබද කරනු ලබන මේ පැහැදිලි කිරීමද දෘෂ්ටිවාදයක් නොවේද යන්නයි. අප පක්ෂය විසින් තේරුම් ගත නොහැකි සමාජයක් තේරුම් කිරීම සදහා  දෘෂ්ටිවාදයන් ගොඩනගනවාද? නැත. දේශපාලනයේදී සහ සමාජ විශ්ලේෂණයේදී අවිඥානය සහ ”පුද්ගල ආත්මය” විචාරය නොකරන ඕනෑම අදහසක් දෘෂ්ටිවාදයකි. ක්‍රමය දෙදරා යන්නේ ඊට ජීවය සපයන පුද්ගල ආත්මය දෙදරා යන විටදී පමණි. ඒ සදහා පුද්ගලයාට  විනෝදය  වෙනුවට යථ මුණගැසීමට සැලැස්විය යුතුය. මේ දක්වා අපගේ හෙජමොනික අරගලය දියත් වුයේ එම අරමුණ වෙනුවෙනි. අනාගතයේ දෘෂ්ටිවාදයෙන් ගැලවෙන ආත්මයන් නව සංකේත ලෝකයක පිහිටුවීම සදහා පක්ෂය – රාජ්‍ය නම් සාර්වත්‍රිකය බවට පත් විය යුතුය.

ජ.වි. පෙ වැනි පක්ෂයක් සිතන්නේ අපි හොද පක්ෂයක් වූ විට අපට ජන්දය දීමට කෙනෙක් එළියේ සිටිනා බවයි. මෙසේ ජන්දය දීමට බලාපොරොත්තුවෙන් සිටින ආත්මය යනු කවුද? යහපත් පක්ෂයකට ජන්දය දීම යනු මෙම ආත්මයේ සාරයයි. මෙවැනි ආත්මයකට උදාහරණයක් ලෙස මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ලිපිකරුවෙකු සලකමු. ඔහු / ඇය උදේ සිට හවස් වන තුරු කරන්නේ පාගා ගැනීමයි. එය නරක වැඩක් බව මෙම ලිපිකරුවා හොදින්ම දනී. නමුත් මේ වැඩේ ගැන ප්‍රසිද්ධියේ කතා නොකරයි.  ජ.වි. පෙ බලයට පත් වුවහොත් මෙම ලිපිකරුවාට සිදුවන්නේ කුමක්ද? අපි ලිපිකරුවාගෙන් දේශපාලනය ගැන ඇසුවොත් ඔහු / ඇය කියන්නේ දුෂණයෙන් වංචාවෙන් තොර ජ.වි. පෙ වැනි පක්ෂයක් බලයට පත්විය යුතු බවයි. නමුත් අවිඥානිකව ඔහු / ඇය  ජ.වි. පෙ බලයට පත් වීමට විරුද්ධය.මන්ද නීතිය සුළුවෙන් හෝ උල්ලංගනය කරමින් විනෝද වීමට ඇති අවස්ථාව  ජ.වි. පෙ  නිසා නැති වී යන බැවිනි. මේ නිසා ඔහු / ඇය දක්ෂිණාංශික පක්ෂයකට ජන්දය දෙයි. පළාත්  ජන්දයේදී උගත් බුද්ධිමත් යැයි සැලකෙන නීතිඥයන් , වෛද්‍යවරුන්, ගුරුවරුන්ට වඩා 4 වසර සමත් කසිප්පු මුදලාලි ජය ගන්නේ මේ නිසාය.  පළාතේ බොහෝ දෙනා උගතුන් නොවේ. උගතුන් පත්කළ හොත් ඔවුන් තමන්ට  නොසලකන බව සහ  තමන්ව ගණන් ගන්නේ නැති බව  බොහෝ දෙනාගේ අවිඥානික විශ්වාසයයි. වරිපනම් ගෙවන්නේ නැතිව ඉන්න එක, පාරට තාර දැමීමට ගෙනා ගල් ටිකක් ගෙදර වැඩට ගන්න එක, නීති විරෝධී වැඩ කර හසු වූ විට බේරා ගන්න එක කලින් සදහන් කල බුද්ධිමතුන්ට කල නොහැකි බව ජනතාව හොදින්ම දනී. මේ නිසා ඔවුන් ප්‍රසිද්ධියේ උගත් බුද්ධිමත් තරුණ නායකයෙන් පත් කර ගත යුතු යැයි  කියමින් පළාතේම ඉන්න නරකම වැඩ කරන හොර මැරකම් කරන කෙනා පත් කර ගනී.

මේ දක්වා අප සිදුකලේ  මෙතෙක් කාලයක් අප බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීම පිළිබද  දෘෂ්ටිවාදී විචාරයකි. බැසිල් රාජපක්ෂ කලේ ජාතිවාදය වැපිරීම නොව ජනතාව අතර ඇති ප්‍රතිවිරෝධතා ජාතිවාදීන්ටත් වඩා සංකීර්ණ ලෙස කළමනාකරණය කිරීමයි. දක්ෂිණාංශික දේශපාලඥයා සමකාලීන දේශපාලනයේ ජයග්‍රාහකයා වීම තක්කඩි කමක් ලෙස නොසැලකිය යුතුය. නමුත් ජ.වි. පෙ  ඇතුළු වම පවතින තත්වය පිළිබද නැවත කල්පනා කල යුතුය. පොදුවේ වමේ අසමත් වීම වෙනුවෙන්  දක්ෂිණාංශිකයාට ඇගිල්ල දිගුකල නොහැක. වමේ අසමත් වීම යනු වමේ එහිම වූ (itself)අසමත් වීමයි. ප්‍රධාන වාමාංශික පක්ෂය ලෙස ජ.වි. පෙ  ජනතාව ආරක්ෂා කිරීමට උත්සහ කරයි. ඔවුන් ජනතාවගේ පැත්තේ සිටින බව නැවත නැවතත්  ප්‍රකාශ කරයි. නමුත් ජනතාව ඔවුන්ව අමතක කර කසිප්පු මුදලාලිගේ පැත්තේ සිට ගනී.  

වම ලෙස අප එක්විය යුත්තේ ප්‍රභල දේශපාලන බලවේගයක් ගොඩනැගීම වෙනුවෙනි. ඒ දක්ෂිණාංශිකයාට පහර දීමට නොව ජනතාවට පහර දීමටයි. ජ.වි. පෙ  ට තේරෙන වෘත්තීය සමිති භාෂාවෙන් කියන්නේ නම් දැන් අප විරුද්ධ විය යුත්තේ ශ්‍රමිකයා සුරාකන හාම්පුතාට නොව හාම්පුතාට අවිඥානිකව ආශා කරනා කම්කරුවාටයි. ‘අපි හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටියා , නිර්ධන පාන්තිකයාගේ කරට අත දාගෙන සිටියා, අපි කවදාවත් හොරකම් කලේ නැහැ, ඇමතිකම් පස්සේ ගියේ නැහැ ,අපිට අවශ්‍ය වුනේ දුෂණයෙන් වංචාවෙන් තොර සාධාරණ සමාජයක් ගොඩනගන්න , අපි ජනතාවට කීවා ඒ සදහා අපට ජන්දය දෙන්න කියලා, මොකද අපි දන්නවා ජනතාවටත් අවශ්‍ය එය බව. ඉතිං ජන්දය දවස අවා, අපි ආදරය කරන නිර්ධන පාන්තිකයා උදේම නැගිටලා යනවා ජන්ද පොලට ,  ජන්ද පත්‍රිකාව අරන් සීනුව ,තමාගේ පන්තියේ සලකුණ පෙනී පෙනී ගහනවා කතිරේ , එක්කෝ අලියාට නැත්නම් පොහොට්ටුවට. මොකද මිනිහා කරන හොර වැඩ ටික කරගන්න පුළුවන් උන් හිටියොත් විතරයි. මේක තමා අපේ රටේ හැටි’ . අනුර කුමාරට මේ කතාව කියන්න බැරිද?

Anushka Ariyarathne

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. ඉහත තත්වය එක්තරා දුරකට සත්‍යයක් වන අතරේම තව දෙයක් ගැනත් අපි හිතන්න ඕනි . මේ අදහස ඉස්මතු කරන්න හිතුවේ මෙවර ඔස්කා ගිය Darkest Hour (2017) චිත්‍රපටිය බලන අතරේ. චිත්‍රපටියේ අග හරියේ මේ වගේ දෙයක් වෙනවා . ඒ තමයි චර්චිල් ට තමන්ගේ පාර්ලිමේන්තු සගයින් යෝජනා කරන හිට්ලර් සමග ‘සාමය’ සහ ‘ගිවිසුම් ගතවීම’ (peace agreement) පිළිබද අදහස ගැන කුකුසක් ඇතිවෙනවා . ඔහුට මේ ගැන අවසන් දේශපාලන – ආචාර ධාර්මික විනිශ්චයක් ගන්න බැරිවෙන කොට ඔහු කරන්නේ තමන් ගමන් කරන නිල රථයෙන් බැහැල පොලොව යට දුම්රියට (under-ground train) ගොඩවෙන එක ( චිත්‍රපටියේ 1: 39 විනාඩිය). ඒ කරලා ඔහු මිනිස්සු එක්ක කථා කරන්න ගන්නවා . මුලින් මිනිස්සු බය වුනත් පස්සේ තමාගේ සුරුට්ටුව පත්තු කරගන්න ගින්දර ටිකක් මගියෙක්ගෙන්ම ඉල්ලා ගත්තම මිනිස්සුන්ගේ බය මග ඇරෙනවා. ඊට පස්සේ ඔවුන් කතා කරනවා. චර්චිල් තමන්ගේ කුකුස ගැන ඔවුන්ට කියනවා.

    “වහල්ලු හැටියට යටත් වෙනවද නැත්නම් නිදහස් මිනිස්සු හැටියට මැරෙනවද” කියන හේගලියානු අර්ථයෙන් මිනිස්සු එක හඬින් කියනවා ‘අපි අවසානය තෙක් යුද්ධ කරමු කියල . ඒ කියන්නේ ‘අවසන් හැඟවුම’ ඔහු ගන්නේ මිනිසුන් ගෙන්. මිනිස්සු අතරට ගිහිල්ල. මම හිතනවා සමහර දේවල් වලදී ඒකත් වැදගත් කියල, විනෝද විෂය විවේචනය කරන අතරේ ම. පස්සේ ඔහු ජයග්‍රහණය කරනවා ඉතිහාසයේ නපුරු සිහිනයක්, රාක්ෂයෙක් (හිට්ලර් ), පරාජය කරලා. නුතන විෂයක් බවට චර්චිල් පත්වෙනවා මිනිසුන්ගේ අනුමත කිරීම තුලම. යුද්ධයෙන් පස්සේ එම මිනිස්සුම ඔහුව පරාජය කරනවා. මොකද ඔහුගේ කාර්යය ඉවරයි. ඒ තැන් දෙකේදීම මිනිස්සු හරි නේද? ඉතින් රාජපක්ෂ පාලනයත් නියම වෙලාවට අර ‘මෝඩ’ මිනිස්සු අයින් කලානේද? ඉතින් දැනුත් ඔවුන් කරන්න හදන්නේ නිවැරදි දෙය විය නොහැකිද? අපි චිත්‍රපටය එක්කම කතා කරමු. මේක සංවාද කරනවා නම් හොදයි නේද?
    ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේද නැත්නම් මිනිස්සුන්ගේ හදගැස්ම නොතේරෙන දේශපාලකයන් තුලද ?

    • මමත් චිත්‍රපටය බැලුව ඊයේ. මිනිස්සු කියන්නේ මොකක්ද කියන එක වාමාංශික දේශපාලනයට තවම තේරෙන්නේ නැහැ.
      /වම ලෙස අප එක්විය යුත්තේ ප්‍රභල දේශපාලන බලවේගයක් ගොඩනැගීම වෙනුවෙනි. ඒ දක්ෂිණාංශිකයාට පහර දීමට නොව ජනතාවට පහර දීමටයි. ජ.වි. පෙ ට තේරෙන වෘත්තීය සමිති භාෂාවෙන් කියන්නේ නම් දැන් අප විරුද්ධ විය යුත්තේ ශ්‍රමිකයා සුරාකන හාම්පුතාට නොව හාම්පුතාට අවිඥානිකව ආශා කරනා කම්කරුවාටයි. // මේකට මමත් එකඟයි

  2. යම් නිශ්චිත ආචාර ධාර්මික සිරවිමකදී ‘අවසාන විනිශ්චය’ එන්නේ මිනිසුන්ගෙන් නේද කියන එක තමයි මම චිත්‍රපටිය හරහා මතු කරන්න හැදුවේ. මිනිසුන් විවේචනය කරන්න ඕනි ඔවුන් වැරදි නම් පමණයි සහ ඔවුන් ඉල්ලන්නේ විනෝදය නම් පමණයි කියන එක තමයි මගේ ස්ථාවරය. ජාතිවාදය අනෙකාගේ විනෝදය ඉල්ලා සිටින බැවින් එතැනදී අපි විවේචක විය යුතුයි (අපිට මරන්න අයිතිය දියව්! කියන එක). නමුත් මිනිස්සු පවත්නා රජයේ අක්‍රියභාවය සහ එකතැන පල්වීමට වගේම කුළල් කා ගැනීමට විරුද්ධ වෙනවා නම් එය රැඩිකල් දෙයක්. එතැනදී අපි මිනිසුන් සංවිධානය කල යුතුයි. Darkest Hour (2017) තුල වෙන්නේ උමතු රාක්ෂයෙකුට එරෙහිව මිනිස්සු එකතු වෙන එක සහ චර්චිල්ගේ සැකය දුරු කරන එක. එතැනදී සාමය වෙනුවෙන් කතාකරන කොන්ත්‍රාත්කරුවන්ට වඩා මිනිසුන් ඉදිරියෙන් නේද? මම හිතන්නේ මම කියන දෙය පැහැදිළි ඇති කියල ..
    සූරා කෑම කියන එකටත් අපි එරෙහි වෙන්න ඕනි.

    • මගේ කතාව එදත් ප්‍රතික්‍ෂෙප වුණා

      විශ්වවිද්‍යාලයක දර්ශන අංශාධිපතියකු මා ගැන කණගාටුවන බව එක්තරා වෙබ් අඩවියක සඳහන් කර ඇති බව මගේ මිතුරකු කිව්වා. මා බැසිලිකාවේ වෙබ් අඩවි කියවන්නේ නැහැ. මෙරට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අතිවිශාල බහුතරයකට නිරවුල් ව කල්පනා කිරීමට තර්ක කිරීමට නොහැකි බවට මට අවුරුදු පනහකට වැඩි අත්දකීමක් තියෙනවා. මේ කියන ආචාර්යවරයාත් එබන්දෙක්. බැසිලිකාවේ කොළඹ විශ්විද්‍යාලයේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ගැන මා දන්නවා. ඔවුන් ශිෂ්‍ය අවධියේ සිට ම දන්නවා. ඔවුන් නිකම් වචන පමණක් කියවනවා. ලියනවා. තර්ක කරන්න බැරි අය තර්කානුකූල අන්තයන් ගැන කියනවා. ඔවුන් සිටි තැන් ගිය තැන් දැන් ඉන්න තැන්, ඒ තැන් මාරු කළ හැටි මට කියන්න පුළුවන්. බැසිලිකාවේ අනෙක් එක් කථිකාර්යවරයකුට සිංහල තේරෙන්නේ නැති බවත් මා දන්නවා.

      පහුගිය පෙබරවාරි මැතිවරණයෙන් පොහොට්ටුව අනෙක් පක්‍ෂ සමග සංසන්දනය කරන විට වැඩි ප්‍රතිශතයක් දිනාගෙන තියෙන බව ඇත්ත. එහෙත් පොහොට්ටුවට ලැබුණේ 45%කට අඩු ඡන්ද ප්‍රමාණයක්. එයට මහරගම වැනි ප්‍රදේශවල ස්වාධීන කණ්ඩායම්වලට ලැබුණු ඡන්ද එකතු කළත් 46% ඉක්මවන්නේ නැහැ. එය 2015 ජනාධිපතිවරණයේ මහින්ද ලැබූ ඡන්ද ප්‍රතිශතය වූ 48ට අඩුයි. පෙබරවාරි ඡන්දයේදීත් මිනිසුන් ඡන්දය දුන්නේ මහින්දට මිස අපේක්‍ෂකයන්ට නොවෙයි. පෙබරවාරිය ඊනියා ජනමත විචාරණයක් ලෙස සලකන ලෙස ජී එල් පීරිස් වැන්නන් කියා හිටියා. ඔහුත් හිටපු මහාචාර්යවරයෙක්! ජනමත විචාරණයක් දිනන්න නම් 50% ක් හා එක් ඡන්දයක් අවශ්‍යයයි. පෙබරවාරි මැතිවරණය ජනමත විචාරණයක් ලෙස ගත්තා නම් එය පරාජයක්.

      අර අංශාධිපති කිව්වේ ජනවාරි අටවැනි දා ආණ්ඩුවට දුන් ජනවරම පෙබරවාරි දහවැනි දා අහෝසි වූ බවයි. ඒ තමයි ඔහුගෙ කතාව මට තේරෙණ විධියට. මා පැහැදිලිව සඳහන් කර ඇති ආණ්ඩුව යනු රනිල් හා මෛත්‍රිපාල නම් ඔවුන්ට 46%ක ඡන්දයක් ඇති බව. එය පොහොට්ටුව ලබාගත් ප්‍රතිශතයට වැඩියි. මෛත්‍රිපාලට ජනවාරි අටවැනි දා දෙමළ ජනතා සංධානයේ ජ වි පෙරමුණේ මුස්ලිම් කොංග්‍රසයේ ඡන්දත් ලැබුණා. ඒ පක්‍ෂවලට පෙබරවාරියේ ලැබුණු ඡන්දත් එකතු කළහොත් එවිට ලැබෙන ඊනියා කියවීම කුමක් ද? මා නම් මේ කියවීම කියන බොරු සංකල්පය යොදා ගන්නේ නැහැ. එහෙත් එකී අංශාධිපති හා තවත් අය ඒ වචනය යොදා ගන්නවා. පෙබරවාරියේ දී පොහොට්ටුව දිනා ඇත්තේ ඒ ආකාරයටයි! එය ජයක් ලෙස සැලකීම ම අපරාධයක්. අංශාධිපතිලා ජනතාව චූන් කරනවා.

      එය මගේ කතාව බව ඇත්ත. අංශාධිපතිටත්කතාවක් තියෙනවා. ඒ අර ජනවරම වෙනස් වීම පිළිබඳ චූන් කතාව. පෙබරවාරියෙදි ඔය කියන ජනවරමක් අහෝසි වුණෙ නැහැ. ආණ්ඩුව යනු රනිල් මෛත්‍රිපාල ලෙස ගතහොත් ආණ්ඩුව තහවුරු වෙලා. මට මගේ කතාව අංශාධිපතිට ඒත්තු ගැන්වීමට වුවමනාවක් නැහැ. ඔහු එකල කේ එන් ජයතිලකගේ ඊනියා චතුස්කොටිකය වෙනුවෙන් පෙනී සිටියා. ජයතිලකලා නූතනත්වයට යට වූ අය. අංශාධිපති පශ්චාත්නූතනත්වයටත් යට වී හිටියා. මා කතන්දර කියන්නේ අනෙක් අයට ඒ පිළිගැන්වීමට නො වෙයි. මට මගේ කතා කිසිවක් ජනතාවට පිළිගන්වන්නට බැහැ. පුද්ගලයන් කියවන්නේ මගේ කතාව නොවෙයි. ඔවුන්ට තේරෙන “මගේ කතාවක්”. එය ඔවුන්ගේ කතාවක් මිස මගේ කතාවක් නො වෙයි. ඔවුන් මගේ කතාව කියවන්නේවත් නැහැ. ඔවුන් කියවන්නේ ඔවුන්ගේ කතාවක්. ඒ ගැන මා කණගාටු වන්නේ නැහැ. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. අනෙක් අය ලියන්නේ සම්මන්ත්‍රණ පවත්වන්නේ මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමක් සඳහා ද? හුදී ජන පහන් සංවේගය සඳහා ද?

      අද සමාජයේ පොහොට්ටු හිතවාදීන් පිළිගන්නේ අංශාධිපතිගේ කතාව හා සම්බන්ධ කතා. ඔවුන්ට මගේ කතාව විහිළුවක් වෙලා. මෛත්‍රිපාලට ශක්තීිය ලබා දීම එයටත් වඩා විහිළුවක් ලෙස මහින්දවාදීන් සිතනවා වෙන්න පුළුවන්. ජනවරම අවසන් කිරීම සම්බන්ධ කතාවලින් චූන් වන පොහොට්ටුවාදීන්ට එ සිහිනයේ ම ඉන්න පුළුවන්. ඔවුන් අවදි වන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ.

      මගේ කතාව අනුව රනිල් අද අද ම ඉවත් කරන්න ඕන. රනිල් ඉවත් කරන්න 2019 වන තුරු බලන් ඉන්න අය, ජනාධිපතිවරණය තරඟ කරන්න බලන් ඉන්න අය, 2019 ජනාධිපතිවරණයක් නොලැබුණෙත් කරන්නේ කුමක් ද? රනිල් නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරය අහෝසි කරාවි. එය කරන ක්‍රම රාශියක් තියෙනවා. මා ඒ එකින් එක කියන්නේ නැහැ. එයට පළමු මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙන ඒමේත් ඉඩකඩ තියෙනවා. මෛත්‍රිපාල ඒ සියල්ලට කලින් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි.

      මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තිය නැහැ. ඔහු තවමත් ක්‍රීියා කරන්නේ චන්ද්‍රිකා කියන විධියටයි. ඇයට ඇති ජනප්‍රියතාව අත්තනගල්ලේ දී මෛත්‍රිපාලටත් දැනගන්න ලැබෙන්න ඇති. මෛත්‍රිපාල දැනගත යුතු කරුණ නම් අද ඔහුට චන්ද්‍රිකාට වඩා රටේ ඡන්ද තියෙන බව. එහෙත් බය හා දුර්වලකම උත්පත්තියෙන් ම ගෙනැවිත් ඇති මෛත්‍රිපාලට තනිව ම චන්ද්‍රිකාගෙන් කැඩෙන්න බැහැ. චන්ද්‍රිකා පිටුපස විදේශීය බලවේග ඉන්නවා.

      අද රටේ ජනප්‍රිය ම පුද්ගලයා මහින්ද. ඊළඟට ගෝඨාභය. ඊළඟට අනුරවත් සම්බන්ධන්වත් බැසිල්වත් නොව මෛත්‍රිපාල. මුහුණු පොතේ පඬියන්ට එය විහිළුවක් වන්න පුළුවන්. මහින්දටත් මෛත්‍රිපාලටත් එක් කළ විට 50%ට වැඩි ඡන්දයක් තියෙනවා. ඒ ජාතිකත්වයේ ඡන්ද. අප එය අමතක කරන්නේ ඇයි? මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතුයි යන්න මුහුණු පොතට විහිළුවක්. ඔවුන්ගේ කසිකබල් හපුටු බසින් ජෝකයක්. ඒ චචනය ඉංගිරිසි වචන සිංහලට ගැනීමේ රීතියටත් පටහැණියි. ඔවුන්ගෙ සීයලා කෝච් කෝච්චි කළා. ගේට් ගේට්ටු කළා.

      අද මෛත්‍රිපාල චන්ද්‍රිකගේ ග්‍රහණයෙන් ගලවා ගන්න ඕන. චන්ද්‍රිකා පිටුපස බටහිර ඉන්දීය විදේශීය බලවේග ඉන්නවා. 1994 දී අප ඒ බව කී විටත් එය විහිළුවක් වුණා. ඇගේ වෛරය නිසා ගෙනෙන පැකේජය ගැන අප කලින් ම කිව්වා. මා ඇයට විරුද්ධව කළුතර ඡන්දයටත් ඉදිරිපත් වුණා. මා අද නොව එදත් ප්‍රතික්‍ෂෙප කෙරුණා. මට දිස්ත්‍රික්කයෙන් ම මනාප පන්දාහක් පමණ ලැබුණෙ. අර අංශාධිපති නම් ප්‍රතික්‍ෂෙප වුණෙ නැහැ. ඔවුන් හිිටියෙ චන්ද්‍රිකා එක්ක. මහින්දත් හිටියෙ අපට විරුද්ධ ව. පසුව අපට පැකේජය ප්‍රතික්‍ෂෙප කරන්න ලොකු සටනක් කරන්න සිදු වුණා. මහින්දවත් අංශාධිපතිවත් අපට එක් වුණෙ නැහැ.

      අද මෛත්‍රිපාලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නෙ කවු ද? ඒ ශක්තිය ලබා දිය හැක්කේ කාට ද? අද රටේ ප්‍රධාන බලවේගය බවට පත් වී ඇති ජාතිකත්වය එකතු කරන්නේ කෙසේ ද? අනිද්දා විශාල ජනගංගාවක් නුගේගොඩට ඇදේවි. ගංගා ඉන්දීය සංකල්පයක්. ඉන්දීය ආධිපත්‍යයෙන් මිදී එය ඔයක් බවට පත් කර ගන්නෙ කෙසේ ද? මුහුණු පොතට එයත් විහිළුවක් ද? ඔවුන් කියන්න බැරි නැහැ ඔය ගඟට වඩා පොඩියි කියලා.
      Nalin De Silva

  3. නලින්ගේ සංඛ්‍යාත්මක එකතු කිරීම සහ තර්කණය හරි. පොහොට්ටුවට වඩා රනිල් මෛත්‍රී එකට ගත්තම එන සංඛ්‍යාවත් හරි. ඒ වගේම එයා කියන මෛත්‍රී මහින්ද එකතු වුණොත් එන අනුමාණය ගැන තරමක් සැක සහිතයි . නමුත් එයද විය හැකියි. ඔහු කතා කරන්නේ ජාතියක යහපත් සාරය (බොහෝවිට මෛත්‍රී – නමුත් සම්පුර්ණයෙන්ම නොවේ) ගැනනම් එතැන ගැටළුවක් නැති වුනත් අන්තවාදී අනේකත්වය මත පදනම් වන ජාතිවාදය නම් (යුද්ධය කාලේ ජවිපෙ, හෙළ උරුමය, ගලගොඩඅත්තේ හෝ රාවනා බලය), අනෙකාගේ විනෝද අර්තර්ගතය නම්, එතැනදී එකඟ වෙන්න බැහැ කොහෙත්ම. මේ ඊයේ පෙරේදා නුවර ලියලුවේ දෙවෙනි එක (මොනවා වුණත් මේ ආණ්ඩුව ඒක නතර කළා. මුහුණු පොත වහල හරි මොනවා කරලා හරි. ඉතාම හොද දෙයක් ඒක). නමුත් මේ දෙක අතර වෙනස (healthy content and obscene content) නලින් දන්නේ නැතුව ඇති.
    ජාතිය කියන්නෙම වැදගත් දේශපාලන ප්‍රපංචයක් අධිරාජ්‍යවාදයට එරෙහිව පරිස්සමින් පාවිච්චි කළ හැකි.
    නමුත් මම විශ්වීයබව (universality) විශ්වාස කරන කෙනෙක්.

  4. this is not a reply i also agree present situation about citizen, Jvp should understand why they have rejected. they try to meet the people their own face

Comments are closed.