ඉන්දික ගුණවර්ධන X කණ්ඩායමේ අධ්‍යන පන්ති වලට නව සහශ‍්‍රකයේ මුල දී (2000) සහභාගි වූවෙකි. සමකාලීන දේශපාලන ඛණ්ඩාංක වලට අදාළ වන ආත්මීය කාරණා ගැන නොදත් ඔහු 2004 ට පසු X දේශපාලනයෙන් ඉවත් විය. පසුගිය දිනක ඔහු කවියක ආකෘතියෙන් සන්නස්ගල සහ ජැක්සන් ඇන්තනී සසදා තිබුණි. X දේශපාලනය විවිධ බහුබූත අර්ථකථන වලින් තොරව ගෙන ඉන්දිකගේ උදාහරණය -කවිය- අර්ථකථනය කරමු.

90 දශකය යනු ලංකාවේ දෙබිඩ්ඩන්ගේ අවසාන දශකයයි. ක‍්‍රමයට තමන් සම්පූර්ණයෙන් එකග යැයි කියන්නට තරම් එකග මිනිසුන් එකළ විරළය.ජැක්සන් වනාහි දෙබිඩ්ඩෙකි. ඔහු එක පැත්තකින් සම්භාව්‍යය සිංහල සංස්කෘතියේ සාරය නිරූපණය කළ අතර පුද්ගලික රහස් ජීවිතය තුළ ධනේෂ්වර ආර්ථික සාරය අවශෝෂණය කළේය. එබැවින් ජැක්සන් දෘෂ්‍යමාණය තුළ දෙබිඩ්ඩෙකි. නමුත් සන්නස්ගල යනු දෙබිඩ්ඩෙකු නොවේ. ඔහු උභය ජීවියෙකි. උභය ජීවියා යනු ප‍්‍රතිවිරෝධයක් නොව විරුද්ධාභාෂයකි.  දෙබිඩ්ඩා නූතනවාදියෙකි. උභය ජීවියා “පශ්චාත් – නූතනය”.

සන්නස්ගලට සිංහල විචාරක සංස්කෘතික ලෝකයත් , ඉන් එපිට තැනක පවතින ධනේෂ්වර ප‍්‍රාග්ධනය ගැනත් , එම ලෝක දෙක අතර පවතින පරතරයත් ගැන අවබෝධයක් ඇත.  මේ නිසා ඔහුට මේ ලෝක දෙකෙන් එකක්වත් තුළ අපුලක් නැත. මේ ලෝක දෙකම සමග ඔහුට ඇත්තේ පරතරයකි. සමාජ ක‍්‍රමයකට පළමුව අවශ්‍ය ඊට විරුද්ධ මිනිසුන්ය. ඊට පසුව එයට අවශ්‍ය සමාජ ක‍්‍රමයට උභයාවේගයක් ඇති මිනිසුන්ය.  අවසානයේදී සමාජ ක‍්‍රමය තමන්ට අවශ්‍ය මිනිසුන් නිපදවයි.

මේ උදාහරණ සදහා අපට හෙගලියානු කාලාණුරූපයක් මෙලෙස එකතු කළ හැක.

(1) ජැක්සන් ඇන්තනී – දෙබිඩ්ඩා -” ක‍්‍රමවාදියා” සහ “ක‍්‍රමවිරෝධියා” – එකමුතුව සහ පරස්පරව පැවතීම  (90 දශකය)

(2) සන්නස්ගල – උභය ජීවියා – ලෝක දෙකක ජීවත් වීමට ප‍්‍රායෝගිකව පුහුණු වූ ජීවියා (2000 දශකය)

(3) අනාගත Y නම් පුද්ගලයා – ක‍්‍රමයේ දෘෂ්ටිවාදය විසින් අමතනු ලැබූ විට ක‍්‍රමයේ ආශාවට සමපාත වීම. ඉන්පසු ක‍්‍රමයට උභය ජීවියකු පවා අනවශ්‍ය වන අතර ක‍්‍රමයේ ප‍්‍රමිතියට තුල්‍ය වී මිනිසකු බිහි වෙයි.

පහත පළ වන්නේ ඉන්දික ගුණවර්ධන විසින් පල කරන ලද කවියයි..
සුරතල් නංගියේ අපෙ සන්නා
යහපාලනයක ‍ගුණ පෙන්නා
මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
සන්න ට මම වැන්දා

 

අය්යා කීවා මට හරි නෑ
ජැක්සන් සන්නට වැඩිය අගෙයි
නිතරම රජා ට අන්දපු හින්දා
ජැකියට මම වැන්දා

 

නංගී ඒ හිතුවොත් වැරදියි
එතකොට නංගිට පව් සිදුවෙයි
රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
සන්නා දුක් වින්දා

 

ජැක්සන් මරු ටොපි දුන්නේය
දුන්නම අය්යත් ගිල්ලේය
රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
බැන්නෙත් අද අය්යයි

 

ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
ජැක්සන් කොච්චර උඩ පැන්නත්
සන්නා ජැකාට වැඩිය හොදයි මට
නංගියේ ඔබ බැන්නත්

 

වරාය බලන්න එදා ගොහින්
මිනිස්සු වට වී හිටිය නිසා
මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
ජැක්සන් නොවෙද අපේ

 

නංගිගේ ජැකියා සට කපටයි
අපේ සන්නා නම් සුදුයි කොටයි
එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
සුදු පාටින් ඉහළයි

 

අය්යේ සුදු නම් ලස්සනද
කුඩු දුමියත් හරි සුදු නේද
එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
ලස්සන කුඩු දුමියයි

 

අපි දැන් මෙය බේරාගනිමු
මැදමුලනේ ගෙන් වත් අහමු
සන්නද ජැකියද හොද කියලා
එතකොට මැදමුලනෙ කියයි

 

ඔව් ඔව් මම ඒකට කැමති
මැද මුලනේ මේවා දනිති
යමු යමු අය්යේ යමු යමු අය්යේ
මැදමුලනේ ළගටා

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ජීවන මේ ගමන සංසාරේ
    යැවේ නම් අන්ධකාරේ
    නොලැබ ආ ලෝකේ
    යා හැක් දෝ සොයා මාර්ගේ

    ඔබ යයි නම් තනිව අන්ධකාරේ
    ඔබට ආලෝකේ ගෙනෙමි තිර සාරේ
    දිවි ඇති තෙක් මෙ සංසාරේ

    පේ‍්‍රම ප‍්‍රදීපේ මහදේ දැල් වුණ මේ
    දීප්ති විහිදේ විහිදේ
    මා ය ඒ විහිදෙන ආලෝකේ
    ඔබ ය පේ‍්‍රම ප‍්‍රදීපේ

    හද සෝකෙන් බර වූ නෙක වාරේ
    එයයි අනුප‍්‍රාණේ ඔබේ පේ‍්‍රම ලෝකේ
    නැත ඉන් මා මුළා වෙන්නේ

    පේ‍්‍රම පහන අපි දල්වාලමූ අද
    ජීවන අඳුර නසන්ටා
    ජීවනේ රස වෙයි තිර පේ‍්‍රමේ
    සුන්දර හදකින් පානා

    ඒ වාගේ පහන ආලෝකේ
    වූයේ සංයෝගේ සදා සංසාරේ
    එය නොම වෙයි එකාකාරේ

    සැඩ සුළං (1954)

Comments are closed.