අප විසින් ප්‍රසිද්ද කරන ලද ” නිම්න දහසක් පසුකර ” යන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගේ අතීත මං සලකුණු ඔස්සේ පෙළගස්වනලද වීඩියෝව එය Youtube ඔස්සේ අන්තර්ජාලයට මුදාහළ පස්වන විනාඩියේදී DeranaTV යන මාධ්‍ය සදාචාරය ලොවට වැදීමට තටමන තක්කඩින්ගේ Youtube channel මගින් අප වීඩියෝව copyright පදනම මත report  කර ඇත.

අපගේ වීඩියෝව හෝ කිසිම ප්‍රකාශයකට අප දෙරණින් copy කරනවා යනුවෙන් කිසිවෙක් කියන්නේ නම් එය අනිවාර්යෙන් ගැලපෙන්නේ ඔවුන්ගේම අාටක නාටක ගොන් ජෝක් වලටය . දෙරණ උදේ සිට රෑ වනතුරු කරන කොපි කිරීම ලිවීමට හිතනවිටත් බඩ දගලයි. Rating ලබා ගැනීම ඊටත් අන්තය.
නමුත් අපට කිව යුත්තේ දිලිත් ජයවීර වැනි මහත්වරුන්ගේ ඉන ලඟට පත්වී ඇති කලිසම ඔහු යටතේ වැඩකරන මෙවැනි බාල තක්කඩින් නිසා බොත්තමක්වත් නොගලවා කලිසම ලගදීම කොල්ලුපිටිය හන්දියේදී ගැලවෙන බවයි.
මෙය අපගේ අවවාදයයි.

මෙමගින් අපහසුතාවයට පත් සහෝදරත්වයට අපගේ කණගාටුව පල කරන අතර අප එය ඉතා ඉක්මනින් යථාතත්වයට පත් කළෙමු.
එය සිදු වූ තප්පරයේම අපව දැනුවත් කල ලොව පුරා විසිරි සිටින සියලු සහෝදර සහෝදරියන්ට අපගේ ස්තුතිය !

ඔබේ අදහස කියන්න...