සර 2010 ට පසු උදා වූ මහින්ද රාජපක්ෂ රෙජීමය ශ්‍රී ලංකාවට උරුම කළේ දේශපාලන ඊෂ්වර විසංතතියකි.
සියලු දෙනා උමතුවෙන් !
අලියා දිනවන්න ගිය අය අත දිනවීමට වලි කති.
අත දිනවීමට ගිය අය අලියා දිනවීමට වලි කති.
මේ දිනවීම් වල අවසානයේ දී පිස්සන් කොටුවල නතර වීමට නියමිත කවුරුන්දැයි අපි නොදනිමු. ඒ නිසා ,
‘ නැවත දේශපාලනය සවිඥාණික කිරීමට අවසර !
අපි කොළඹ කේන්ද්‍ර කරගෙන මෙවර මැතිවරණයට තරග කරන්නෙමු. මෙම පුවත ඇසූ විට හිනායන අයට බඩ අල්ලාගෙන හිනාවිය හැකිය. නමුත් ඒ සිනහව ඉස්මොළයේ යවා නොගන්න.
අපි වසර 20 ක් නිහඩව දේශපාලන කටයුතු වල නිරතව සිටියෙමු.
දේශපාලන සංවිධානයක් ලෙස සමාජය වෙනස් කිරීමට අපි නිෂ්පාදනය කළ දැනුම් පද්ධති සහ අදහස් ගසා කෑ සමහර අය මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් බවට පත් විය. තවත් සමහරක් දෙනා විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් විය. තවත් අය ඉංග්‍රීසි කථාකරන ගැහැණුන්ව කසාද බැද රමණයේ යෙදෙන විට පවා ඉංහ්‍රීසියෙන් කථා කරමින් සිටියි.
අපගේ දේශපාලනය තුළ මේ දක්වා අප කිසිවකුගෙන් උදව්වක් ඉල්ලා නැත. එහෙත් මේ මොහොත යනු ඔබගේ උදව් අපට අවශ්‍යය කාලයකි. අපගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට අප අතේ සත පහක්වත් නැත. ඒ නිසා ගොන් පාට් සහිත කොමෙන්ට් අප වෙත එවන්න එපා !
* මුලින්ම ඔබ අවධාරණය කරගත යුත්තේ මෙම මැතිවරණයට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ඉදිරිපත් වන්නේ දිනන්නට නොව අපගේ අදහස් ජාතික තලය තුළ ප්‍රචාරණය කිරීම සදහා බවය.
අප වෙත උපකාර කළ හැකි ආකාරයන් කිහිපයක් තිබේ.
1. අප ඡන්දය ඉල්ලන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙන නිසා එම දිස්ත්‍රීක්කයේ ඡන්ද කොට්ඨාස වල කුඩා රැස්වීම් සංවිධානය කළ හැකි අය.
2. කොළඹ දිස්ත්‍රීක්කයේ එක් එක් ආසන වල අප පක්ෂයේ කාර්යාල පවත්වා ගෙන යෑමට කැමති අය.
3. අපගේ දේශපාලන මතවාදයන් සහ ප්‍රතිපත්තීන්ට කැමති සහෝදර සහෝදරියන්ට සමාජ ජාල වල එකී අදහස් ප්‍රචාරය කළ හැකි අය.
4. අපගේ ප්‍රචාරක ව්‍යාපෘතියට ආධාර ලබා දීමට කැමති අය.
පහත දුරකථන අංක [email] වලට ඉදිරි දින කිහිපය තුළ සවස 6 න් පසු කථා කර ඔබට අප සමග සම්බන්ධ විය හැකිය.

a2zmovement@gmail.com

 

Telephone – 071 6957572

ලංකාව එකතු වෙලා වෙනස් කරමු !

ඔබේ අදහස කියන්න...