නලීන් ද සිල්වා ගේ ‘ප්‍රවාද’ හරහා මොලය කොළොප්පන් වන ප්‍රවාදයක් 80 දශකයේ සිට අද දක්වා සංවාදයට බදුන් වී ඇත. නලීන් ගේ ප්‍රවාදයට අනුව යතාර්ථයෙන් පිටත මනස යනුවෙන් දෙයක් නැත. තව අකාරකයට අනුව කිවහොත් මනසින් තොර බාහිර ලෝකයක් නැත (There is no ‘Mind’ outside reality).

ඉහත අදහසට අද දක්වා විවිධ විවේචන එල්ල වී ඇතත් එයට සංයුක්ත උත්තරයක් යෝජනා වී නැත.

නලීන් යථාර්ථය මනෝවිද්‍යාකරණය කරනු ලැබේ. එවිට අන් සියලුඅයද යථාර්ථය මනෝවිද්‍යාකරණය කරයි. පුද්ගලයාව මනෝවිද්‍යාකරණය කිරීම මෙම කාසියේ අනෙක් පැත්තයි. පුද්ගල මනස පර්යේෂණ වස්තුවක් කොට ඒ පිළිබද හැදෑරීම හරහා මනෝවිද්‍යාකරණය වෙයි. යථාර්ථය හෝ පුද්ගලයාව මනෝවිද්‍යාවක් තුලට ගාල් කල හැකිද ? රන්ජන් රාමනායකගේ විවිධ ප්‍රවෘත්ති සාකච්ජා වලදී රාමුවේ දකුණු පසින් මහාචාර්ය කාලෝ සිටගෙන සිටින බව පෙනෙයි. ඔහුට මනෝවිද්‍යාවක් තිබේ නම් ඔහු එතැන සිටගෙන සිටීමට ඉඩක් නැත. (ඔහුගේ අන්තර්ගතය මනෝවිද්‍යාව නම් ). දැන් අපට නලීන් ද සිල්වාගේ ගැටලුව විසදිය හැක. ඒ සදහා අපට මනෝවිද්‍යාවෙන් මනෝවිශ්ලේෂණය කරා ගමන් කිරීමට සිදුවෙයි.

මනස පවතින්නේ යථාර්ථය ඇතුලත මුත් ලැකාන්ගේ විග්‍රහයට අනුව ‘ආත්මය’ පවතින්නේ යථාර්ථයට පිටතිනි. එනම් යථාර්ථය පිහිටන තැන ආත්මය පිහිටන්නේ නැත. ‘ආත්මය’ [subject]පිහිටන්නේ යථාර්තයට පිටතින්ය. මනස පිහිටන්නේ යථාර්ථය ඇතුලතින්ය. එම නිසා මනස යනු නිදහස් ප්‍රපංචයක් නොවේ. නමුත් ‘ආත්මය’ පිහිටන්නේ යථාර්ථයෙන් පිටත නිසා එමගින් සංඥා වන්නේ නිදහසයි. මින් අදහස් වන්නේ නිදහස ප්‍රකාශමාන වන්නේ මනසින් පිටතදී බවයි. මනසට එරෙහිව ‘ආත්මය’ නිදහස්  යැයි ගම්‍ය වන්නේ ඇයි ?

උදාහරණයක් ගමු. චුලානන්ද සමරනායක යනු ප්‍රගතිශීලී බුද්ධිමතෙකි. ඔහු සමාජ වැඩ කරයි. ඔහුට උදවු කරන්නන් අතර වෛද්‍ය අයෙන්ද්‍රිකා ද වෙයි. අයෙන්ද්‍රිකා ඍජු ලෙස සමාජ වැඩ නොකරන අතර ඇය රජයේ රෝහලක මෙන්ම පෞද්ගලික රෝහලකද සේවය කරයි. එමගින් සැලකිය යුතු මුදලක් මාසිකව උපයයි. ඉන් කුඩා කොටසක් ඇය සමාජ වැඩ සදහා දන් දෙයි. අයෙන්ද්‍රිකා මනෝවිද්‍යාත්මක සත්වයෙක් නම් තාර්කික ව්‍යුහයට අනුව එකිනෙකට පරස්පර වැඩ දෙකක් කරන්නේ නැත. ඇය එක පැත්තකින් පවතින ක්‍රමයට තදින් බැදී ගැටගැසී ඇත. අනෙක් පැත්තෙන් මේ පවතින ක්‍රමයට එරෙහිව දෛයිනිකව වැඩ කරන උඩුගං බලා යන බුද්ධිමතෙකුට උදවු කරයි. මනෝවිද්‍යාවට අනුව මනස සංගතය. මනස ඇත්තේ යථාර්ථය තුලය. නමුත් මෙම වැඩ දෙකම කරමින් අයෙන්ද්‍රිකා ජීවත් වෙයි. ලැකාන් ආත්මය කියා කියන්නේ  මෙම වැඩ දෙක අතර පවතින හිස්තැනටය. එතැන අයෙන්ද්‍රිකා නම් සිතන දෙය ඇත. එක පැත්තකින් ඇය මෙම සමාජයට කඹූරන අතර අනෙක් පැත්තෙන් ඇය මේ සමාජයට සාප කරයි. මේ පරස්පරය වේදනාවක් ( පරස්පර වැඩ දෙකක් සමාජයට හොරෙන් කරන නිසා ) නිසා ඇය වේදනාවෙන් සතුටු වෙයි. ඇගේ රෝග ලක්ෂණය එයයි. ලැකාන් ‘ආත්මය’ (Subject)  කියා කියන්නේ වැඩ කරන කෙනාට  මිස මනෝවිද්‍යාත්මක සත්වයෙකුට නොවේ. මෙම ආත්මය භාෂාව මත පරායත්ත වුවත් එය භාෂාවෙන් නිදහස්ය.

අප අයෙන්ද්‍රිකා සම්බන්ධයෙන් මනෝවිශ්ලේෂණ න්‍යාය භාවිතා කරන්නේ නම් ඇගේ පැවතුම් දෙක (එක පැත්තකින් පවතින  ක්‍රමයට තල්ලුව දීම / අනෙක් පැත්තෙන් පවතින ක්‍රමයට විරෝධය දැක්වීම – හේගල් මෙවන් මිනිසුන්ට කියන්නේ සුන්දර මිනිසුන් කියාය. ඔවුන් මේ ක්‍රමය මත පෝෂණය වෙමින් ක්‍රමයට වීරෝධාකල්ප දක්වයි) අරබයා ගොඩනැගෙන මනෝවිද්‍යාවන් දෙකම ඇගේ අහම (ego) මිස අවිඥානය නොවේ. මනෝවිද්‍යාවේ අධ්‍යයනය ක්ෂේත්‍රය අහම වුවත් මනෝවිශ්ලේෂණ ක්ෂේත්‍රය අධ්‍යනය කරන්නේ මිනිසාගේ අවිඥානයයි. මෙම අවිඥානය ඇත්තේ සමාජ සංකේත යතාර්ථය තුල නොව කල්පිත් බාහිර තැනකය. අප වෙනුවෙන් හදන, අප වෙනුවෙන් දේශපාලනය කරන, අප වෙනුවෙන් ලිංගික ජවනිකා රගන, අප වෙනුවෙන් සිත්තැවුල් , අසහනයන් සහ අවිනිශ්චිතතා කලමනාකරණය කරන මිනිසුන් අපට බාහිරින් අපට මානසිකව අවශ්‍යය. අපගේ අවිඥානය මේ නිසා බහිෂ්කරණය වන්නක් සහ බාහිරින් සංකේතනය වන්නකි. එය අපගේ රහසිගත ගැබුරු තැනක සැගවී නැත. අපට බාහිරින්-outside- සංගත වීරයන් , දේශපාලකයන් අවශ්‍ය වී ඇත්තේ මේ නිසාය. දෘෂ්ටිවාදයක් අපට අවශ්‍ය වන්නේ මේ නිසාය.

මනෝවිශ්ලේෂණයේ ඉහත න්‍යායික සංකල්ප ක්‍රියා වන අකාරය ඔබට වැටහී ඇත්නම් ‘මනෝවිද්‍යාව’ යනු නුතන ගෝලීය ධනවාදය තුල පුර්ණ විකසිත දෘෂ්ටිවාදයක් බව වැටහී යා යුතුය.

වෛද්‍ය රුවන් ජයතුංග විසින් දශකයක පමණ කාලයක සිට විග්‍රහ කරමින් සිටින සංස්කෘතික ප්‍රපංචයන්ට අදාලව දෘෂ්ටිවාදයක් ගොඩනැගී ඇති බව සැබෑය. පළමුවෙන් කිව යුත්තේ මනෝවිද්‍යාවට මානසික රෝග සුවකළ නොහැකි බවයි. ඒ වෙනුවට එයට කල හැක්කේ රෝගියා මෝහනය කිරීම හෝ රසායනික හෝ විද්‍යුත් ප්‍රතිකාර ලබා දීම පමණි.

ප්‍රභාකරන් සහ රෝහණ විජේවීර සම්බන්ධයෙන් මනෝවිද්‍යාව පැත්තේ සිට කරන නිරීක්ෂණ අපගේ පර්යාවලෝකනයට අනුව දෘෂ්ඨිවාදයක් (Ideology) මිස සත්‍ය හෝ විද්‍යාව නොවේ.

තත්වය වෙනස් කිරීමට ඊතලයේ දිශාව වෙනස් කල යුතුය.

බොහෝ දෙනා සිතන්නේ කුඩා කල ආපත්තිදායක ළමා කාලයක් ගතකල  ස්ටාලින් විසින් ඔක්තෝම්බර් විප්ලවය විපරීත හෝ අගතියේ තැනට විස්ථාපනය කල බවයි. නමුත් එහි සත්‍ය වන්නේ එහි කණපිට පැත්තයි. ඔක්තෝම්බර් විප්ලවය ජයග්‍රාහී වූ මොහොතේ සිටම ඊට අවශ්‍ය වුයේ ස්ටාලින් වැනි ආත්මමුලිකතත්වයක් ඇති  මිනිසෙක්ය. නායකත්වයට වඩාත් සුදුසු කවුද යන්න තීරණය වන්නේ සමාජ අවිඥානයේ බලරටා විසින් මිස පුද්ගල මනෝවිද්‍යාවෙන් නොවේ. උදා-2004 සිදුවීමට පසු නිර්මාල් රන්ජිත් ලංකාවේ කොලබ කේන්ද්‍රීය දේශපාලන කතිකාව තුල අධිනිශ්චය වන්නේ ඔහුට ඉතා දුක්බර ළමා කාලයක් තිබුන නිසා නොවේ. ලංකාවේ දේශපාලන අවිඥානයට එවන්නෙකු අවශ්‍ය කල අතර එහි බලරටා වෙනස් වූ විගස ඔහුගේ සංස්ථිතියද අහෝසි වෙයි.

මිනිසාට තම අවිඥානය හමු වන්නේ ඔහුට/ ඇයට බාහිරින් පවතින සමාජ සංකේතීය කතිකාවෙනි. එය මිනිසාගේ ළමා කාලය හෝ ඊඩිපස් සංකීර්ණය හරහා ව්‍යුහගත වීම තවදුරටත් සිදුනොවේ. දැන් අප හොදින්ම දන්නා පරිදි අවිඥාණික ආත්මය පිහිටන්නේ උපරි-ව්‍යුහය තුල නොවේ.භාෂාව උපරි- ව්‍යුහයක් නොවේ. අවිඥානය පැත්තෙන් ගත් විට එය අධෝව්‍යුහයක් වන අතර එය භෞතිකය.

ලංකාවේ මනෝවෛද්‍යවරුන් යනු අන්ධයන්ය. ඔවුන් යතුර හොයන්නේ ආලෝකය ඇති තැන පමණි. වෛද්‍ය රුවන් ජයතුංග ඇතුළුව අනෙක් අය මේ ගැන අලුත් තර්ක තනන්නේ නම් ඒ සදහා සහභාගී වියහැක.  

Deepthi

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මට දැනගන්න පුලුවන්ද, ආත්මය යනු ඩෙකාට්ස්යනු කොජිටොවද ඒ අනුව මනස යනු රෙස්-කොජිටන්ස් ද කියලා, එතෙකොට ඊනියා සිංහල බවුද්ද මහාචර්ය නලින් සිල්වා වරක් ඩෙකාට්ස් සම්බන්දයෙන් නොසටුටෙන් යුතුව ඔහුගේ අදහස් දැක්විම මට දැන් පැහැදිලියි , Thank you deepthi for your great help in my self awareness.

    • Thinking thing = Subject = Cogito ergo sum is a Latin philosophical proposition by René Descartes usually translated into English as “I think, therefore I am”.= unconscious subject.

  2. හරි එහෙමනම් හෙගල්ට අනුව ආත්මය පිහිටන්නේ කුමන ස්ථානයකද ?(is it Absolute sprit or knowledeg?)සංයුක්ත පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙමි .

Comments are closed.