බොහෝ දෙනෙක් අපගේ දේශපාලන ව්‍යාපාරය ගැන කථා කරන විට අමතක කරන එක් වැදගත් සාධකයක් ඇත.බොහෝ දේශපාලන පක්ෂ,සංවිධාන, පර්ශද,වෘත්තීය සමිති,කාන්තා සංවිධාන කතා කරන්නේ ඔවුන්ගෙන් පිටත ප්‍රශ්න ගැනය.තමන් තුළම ඇති අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්, ආතතීන් , පැල්මවල් ගැන නිහඬය. දේශපාලනය ගැන හේගලියානු කියවීමකට යන්නේ නම් ගැටලුව ඇත්තේ අප තුළ ය. බාහිර ලෝකය, මගේ ලෝකය, අපේ ලෝකය යන මේවා සියල්ල අප තුළම වූ අභ්‍යන්තරික මර උගුලෙන් ගැලවෙන්නට තනාගත් පලායෑම් වාදයන් ය. මින් අදහස් කරන්නේ, බාහිර යථාර්ථය සංකල්පීයතාවයට සම්පූර්ණයෙන් අවශෝෂණය කරගත හැකිය යන්න නොවේ.

මිචෙල් ෆුකෝගේ විධික්‍රමය ගැන ජයදේව උයන්ගොඩ විසින් ලියන ලද සටහන් මෙතැනදී කියවීම වැදගත්ය.

         “ෆූකෝගෙ විධික්‍රමය පිළිබඳ ගැටලුව කුමක්ද? එයට ෆූකෝම මෙලෙස පිළිතුරක් ගොඩනඟයි.

              ‘පසුගිය දශක දෙකක් තුළ මා ලියූ කෘතින්ගේ අරමුණ වූයේ, රාජ්‍යත්වයට පසුව උදා වූ බලය (Power) නම් ප්‍රපංචය විග්‍රහ කිරීමවත්, එවැනි විග්‍රහයක් සඳහා පදනම් සකස් කිරීමවත් නොවේ. ඇත්තටම මගේ අරමුණ වූයේ, අපගේ සංස්කෘතීන් තුළ මනුෂ්‍යයන් ආත්මගත කරන විවිධ ක්‍රියාදාමයන්ගේ ඉතිහාසයක් ලිවීමයි. මෙය ඉතිහාසයේ විධික්‍රමය මෙන්ම දර්ශනවාදය පිළිබඳ ප්‍රශ්නයක්ද වෙයි’. ෆූකෝ ඉහතින් අදහස් කළේ කුමක්ද?  මනුෂ්‍යයන් ඉතිහාසයේ ක්‍රියාවලීන් තුළ දක්නට ලැබෙන්නේ, ඉතිහාසය සකස් කරන්නන් මෙන්ම ඉතිහාසයේ ක්‍රියාවලීන්ට පාත්‍රවන්නන් ද (Subjects) හැටියටය.එසේ නමුත්, ඉතිහාසය තුළ තවත් ක්‍රියාදාමයක් ද සිදුවේ. එනම්, සිතීමට ක්‍රියා කිරීමට හැකි මිනිසුන්ව වස්තූන් බවට ඌනනය කිරීමේ ක්‍රියාවලිය යි”.

              වෙනත් දේශපාලන ව්‍යාපාර වලට වඩා අපගේ දේශපාලන ව්‍යාපාරය තුළ වැඩ කර ඉන් ඉවත් වූ අයට ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් ඇත. වෙනත් වාමාංශික ව්‍යාපාරවලින් ඉවත් වී යන අය ඉතා ඉක්මනින් රැකියාවක් සොයා ගෙන පසුව කුටුම්භ සංරක්ෂණයට එකතු වෙයි.

             නමුත් අපගේ ව්‍යාපාරයෙන් ඉවතට යන අයට අපව සදහටම අමතක කිරීමට නොහැකිය. ජවිපෙ වැනි පක්ෂවල වසර දාහතක් පමණ වැඩ කළ කැලුම් අමරසිංහ වැනි නායකයෙක් (වෙරළබඩ නායකයා) පැමිණිලි කරන්නේ, වේදිකාවක යකඩ බටයක් සහ තමන් අතර වෙනසක් වසර දාහතක් තුළදී නොදුටු බවයි. පක්ෂය ඔහුව සිතන පතන මිනිසකු ලෙස නොව ගහක් ගලක් මෙන් වස්තුවක් කොට සලකා ඇත. නමුත් අපගේ සංවිධානයෙන් පිටට යන කෙනෙකු අධියථාර්ථවාදී චින්තකයෙකු බවට පත්වීම ප්‍රකට ලක්ෂණයකි. පිරිමි චින්තනය තුළ බාහිරින් පෙඳයෙකු ලෙස පෙනෙන අපගේ සාමාජිකයෙක් එක්වරම බටහිර සංස්කෘතියේ සංකේතයක් බවට පත් වූ ස්ත්‍රියක් සමඟ වහා විවාහ වෙයි. ඒ අපගේ භාෂාව ඔහු පාවිච්චි කළ නිසාය. අනතුරුව, ලැකානියානු මනෝවිශ්ලේෂණය අනුදත් න්‍යායික ග්‍රන්ථ දෙකක් සිංහලට පරිවර්තනය කරයි. නිවසේ කණ්ණාඩියක් නැති නිසා ජීවිත කාලයටම තල දර්පණයකින් තම ප්‍රතිබිම්බය නොදුටු ප්‍රියාන් විජේබණ්ඩාර, සන්නස්ගල, සංඝදාසගේ චූටි කලිසම වැනි ආත්ම වංචනිකයන් සංවිධානය කරන රැස්වීමකට එතුමා සහභාගී වී හරවත් දේශනයක් කරයි. දැන් මේ පුද්ගලයා හරවත් බලවත් චින්තකයෙකි. පොරකි. නමුත් බටහිර සංස්කෘතියට අනුව ශික්ෂණය වූ ස්ත්‍රියක් සමග යෝනි සංසර්ගයේ පමණක් යෙදීම අවදානමක් බව ඔහු නොදනී. ඒ සඳහා, මෑ මල ලෙව කෑමද අවශ්‍ය බව මෙම බලවත්, විද්වත් ලැකානියානු විශ්ලේෂකයාට            වැටහෙන්නේ නැත. කලක් ගතවන විට, තමා සමඟ විවාහ වූ බටහිර ස්ත්‍රිය (සිංහල බෞද්ධ ස්ත්‍රිය ද බටහිර චින්තනයේ ඵලයකි) අහේතුකව චින්තකයා හැර යයි.

එවිටම, මේ දක්වා පොරක් වූ චින්තකයා පතුලටම කඩා වැටෙන අතර මහියංගනය ප්‍රදේශයෙන් සතුටින් දෙවන විවාහයක් කරගෙන, ඇයගේ නිවසේ බින්න බැස බඩඉරිඟු වගාවක් පටන් ගනී. පසුව, තමන්ට කෙල වුණු තැන ගැන ඇති අවිද්‍යාව නිසා සංවිධානය සමඟ අමතර තරහක් ඇති කර ගනියි. දීප්ති ගැන අද්භූතජනක කතා අනුරාධපුරය , හම්බන්තොට , ත්‍රිකුණාමලය , මන්නාරම වැනි ප්‍රදේශවල අන්දමන්ද වූ තරුණ ජනයාට දේශනා කරයි.                                

90 දශකය මැද දී, අප සංවිධානය මුලින්ම ‘ව්‍යුහවාදය’ඉගැන්වීම පටන්ගත් කාලයේ ගිරිඋල්ල ප්‍රදේශයේ ජීවත් වූ පාසල් ගණිත ගුරුවරයෙක් සහ සටන් කලා ශිල්පියෙකු වූ අරුණ මාස්ටර් කොළඹට පැමිණ අපගේ පන්ති වලට සහභාගී විය. ඉන්පසු, ඉරිදා දිනයේ දී කුරුණෑගල නගරයේ පැවැති සටන් කලා පන්තියකදී ඔහු ව්‍යුහවාදය ඉගැන්වීම ආරම්භ කළේය. කොළඹ දී ඔහුට අප උගන්වන ව්‍යුහවාදයට ඔහු ඉරිදා වන විට චීන දර්ශනය ද එකතු කළේය. එවිට, ඉගෙනගත් අය ‍ව්‍යුහවාදය සමඟ චීන ගුප්ත ශාස්ත්‍රයන් පටලවා ගත්තේය. ඓතිහාසික වශයෙන්, තමන්ගේ පරමාත්මයabsolute spirit -තවමත් හේන් ගොවියෙකුගේ ආත්මීයත්වය තුළ සිරකරගත් කුරුණෑගලවරුන් ව්‍යුහවාදය වටහා ගත්තේ, ස්ත්‍රියගේ ප්‍රහේලිකාවක් වූ ආශාවේ දොර අරින යතුරක් ලෙසිනි. කුරුණෑගල ප්‍රදේශයේ දී ස්ත්‍රී ප්‍රශ්න වැලක් බිහිවිය. ප්‍රධාන දෙය (ව්‍යුහවාදය) යටපත්වී අතිරේකය (ස්ත්‍රියක් සතුටු කිරීම පිළිබඳ ඉන්දීය යෝග ශාස්ත්‍රය වැනි විෂයන්- ශුක්‍රාණු පහ නොකර පැය හයක් මන්දගාමීව සංසර්ගයේ යෙදෙන විධික්‍රමය) උත්කර්ෂවත් විය. භාෂාව පිළිබඳ භෞතික විග්‍රහයක් කුරුණෑගලට යනවිට චීන ගුප්ත කලාවක් සමඟ මිශ්‍ර වී අවුලක් ජනනය කොට මිහිතලය කතරක් කළේය. වගා කළ බිම පුරන් විය. දැන් මේ දිනවල, තිස්ස සර් යනුවෙන් පුද්ගලයෙක් අනුරාධපුරේ මනෝවිශ්ලේෂණ පන්ති ආරම්භ කොට ඇත. අනුරාධපුර පුත්තලම් පාරේ යන කෙනෙකුට දෙපසින් පෙනෙන්නේ හරක් තුන්සීයක් පමණ දක්කන තනි මිනිසෙකි. ඒ තනි මිනිසා තිස්ස සර්ය. තවත් සර්ලා ගම්බිම් කරා ගමන් කරති. භූමිය පුරන් කරති.                               

දේශපාලනය හෝ න්‍යායික අදහස් සමකාලීන යුගයේ දී (විශේෂයෙන් මුහුණුපොත් යුගයේදී) සන්නිවේදන රාමුවෙන් පිට පැන ඇත.මින් අදහස් වන්නේ කුමක්ද?

අවිඥානය -enjoyment- අපට අලුතින් කිසිවක් ඉගෙන ගැනීමට ඉඩ නොදෙයි.

සමකාලීන ගෝලීය වෙළඳපොළ යථාර්ථය සහ ධනවාදී නූතනත්වය තුළ න්‍යායික සංකල්ප තවත් මිනිස්සුන්ට බාධාවකින් තොරව සම්ප්‍රේෂණය කිරීමට නොහැකිය. මේ හේතුව නිසා, ධනවාදයේ පර්යන්තයේ ජීවත් වන ජනයාට විප්ලවීය ඥානය රැගෙන යාමට නොහැකිය. සන්නිවේදනයේ සරලම අදහස වන්නේ, යවන්නෙකු විසින් යම් පණිවිඩයක් එය ග්‍රහණය කරන්නෙකු වෙත යැවීමයි. කොළඹදී අපගේ සංවිධානයෙන් ඉගෙන ගන්නා ‘ව්‍යුහවාදය’ කුරුණෑගලට යන්නෙ චීන සටන් කලාවක් නම් අතිරික්තයක් ද-enjoyment- සහිතවයි. ව්‍යුහවාදයට අනුව, A නම් පුද්ගලයෙකු කියන දෙයක් B නම් පුද්ගලයා වටහා ගන්නේ වෙනත් සන්දර්භයක් තුළයි. ඒ නිසා,ව්‍යුහවාදය සන්නිවේදනය කිරීමට නොහැකිය.එය කියවිය යුතුය. එවිට ව්‍යුහවාදය නම් දැනුම නිෂ්පාදනය වේ. මේ හේතුව නිසා, මේ වන විට ව්‍යුහවාදය පිළිබඳ පොතක් අප නිෂ්පාදනය කර ඇත. ඉදිරියේදී, එම පොත ඔබට කියවීමට හැකිය. මන්දයත්, එය ලියු කතුවරුන්ගෙන් එම පොත නිදහස් නිසාය. අපගේ සංවිධානය 90 දශකයේ දී, විවිධ ප්‍රදේශවලට ගුරුවරුන් යැවූ බව සැබෑය. එමගින්, දැනුම නිෂ්පාදනය වීම වෙනුවට දැනුමේ අතිරික්තය, එනම් දැනුමෙන් විනෝද වීම සිදුවිය. එය නව බල සබඳතා ව්‍යුහයක් නිර්මාණය කරන ලදී.දැන් අප කරන්නේ, එම ‘පොත’ ඔබ කරා එවීමයි. දැනටමත්, ගම්වලට ගොස් සිටින ගුරුවරුන්ට මෙම අලුත් පොත අභියෝගයක් වනු ඇත. තිස්ස සර්ලාට, අශෝක සර්ලාට, මහින්ද සර්ලාට බොරුකීම නැවැත්වීමට කාලයක් එනු ඇත.

                              මෙම සර්ලා විසින් ගමට ගෙනයන පණිවිඩයේ දෝෂය ඇත්තේ කොතැනද? ඔවුහු ”සමාජ පසමිතුරුභාවය” ධනාත්මක සංකල්පීයකරණයකට ලක් කරයි. මෙය, පැහැදිලිවම පන්ති පසමිතුරුභාවය සතු සද්භාවාත්මක ගුණය-Ontological level- භව ප්‍රවර්ගයක්; ontic – බවට පත් කිරීමකි. මේ සඳහා, සංයුක්ත උදාහරණයකට යමු.

වරක්, අප සංවිධානයේ පංතියක් අවසන් වූ විට, (2008 වැනි යුගයක) තේ හදන සාමාජිකයෙකු දීප්තිට සාදන ලද කිරි කහට කෝප්පයේ ඉතුරු කිරි කහට ප්‍රමාණය පන්තියේ සිටි බටහිර වෛද්‍යවරයෙකුට කෝප්පයකට දමා ලබාදේ. මින් කිපෙන මහින්ද සර් එම සාමාජිකයාට බැන වදී. “උඹ මොකද ඌට කිරි තේ දෙන්නේ? ඌ දොස්තර කෙනෙක් නිසාද? ඌ බුද්ධිමතෙක් නිසාද? යකෝ මෙහෙ බුද්ධිමතුන් නැහැ. මින් පස්සේ කිරි කහට දෙන්නෙ දීප්තිට විතරයි” යැයි ආඩපාලි කියන්නට ගත්තේය.  බටහිර වෛද්‍යවරයාගේ බලය පිහිටන්නේ සායනික අවකාශයක (රෝහලක හෝ ප්‍රතිකාර කරන තැනක) මිස පක්ෂ කාර්යාලයක් තුළ නොවේ. වෛද්‍යවරයාට නෛසර්ගිකව වගේ ආරෝපණය වන බලය ඔහු/ ඇය වෙත එන්නේ පන්ති අරගලය නම් මුඛ්‍ය පසමිතුරුභාවයෙනි. එය ධනාත්මක විරෝධයක් බවට පරිවර්තනය කිරීම එක්තරා වර්ගවාදයකි.[The stuff of politics is more and more directly the mode of joisaaance, the distribution and regulation of jouissance] මහින්ද සර් තම පවුලෙන් ආ කුල පීඩන ”පුර්ව ඉතිහාසය”අදහසේ අයිතිය හෙරත් සර් සතුය – නම් ආත්මීය මර උගුල බාහිරට ප්‍රක්ෂේපණය කොට වෛද්‍යවරයා නම් ධනාත්මක සතුරෙකු එහි හේතුව ලෙස ආඛ්‍යානය කරයි.මෙය වාමාංශික දේශපාලනය පවුලේ කතාවක් බවට සමාවයවිකකරණය කිරීමකි.

Party Team

ඔබේ අදහස කියන්න...