පි විසින් කලින් ආරම්භ කර, පසුව මැතිවරණය නිසා අතරමග නතර කළ දේශපාලන පන්ති නැවත ආරම්භ කිරීමට අදහස් කරන්නෙමු. එහිදී දේශපාලන සගයන්ව මූලික කාණ්ඩ තුනකට පහත පරිදි වර්ගීකරණය කරනු ලැබේ.
 (1). පක්ෂය විසින් රට පුරා කිරීමට අදහස් කරන දෘෂ්ටිවාදී අරගලයට සක්‍රීය ලෙස දායක වීමට රුචිකරන පුද්ගලයන්.
 (2). පක්ෂය විසින් ආරම්භ කිරීමට; විධිමත් කිරීමට නියමිත අධ්‍යාපනික වැඩසටහන පක්ෂයේ විවිධ මට්ටමේ ක්‍රියාකාරීන්ට උගැන්වීමට රුචි කරන, ගුරුවරුන් වීමට කැමති අය.
 (3). පක්ෂයේ මතය මහජනයා අතරට ගෙනයාමට රුචි කරන හිතවතුන්.
Malcolm-x-
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන ක්‍රියාවලියට සහභාගි වීමට රුචි කරන අයට පහත සදහන් මාර්ග සළකුණු වැදගත් වනු ඇත.
1). අපගේ පක්ෂය මිනිසුන්ට යහපත් අනාගතයක් යෝජනා කරන්නේ නැත. අපට අනුව ‘අනාගතය‘ යනුම මායාවකි. අපගේ අරමුණ ‘‘ අපගේ – අරමුණ ‘‘ වර්ථමානයේ ජය ගන්නා ක්‍රමවේදයකි. අනාගත සුබ සිහින අවශ්‍ය අය අප සමග එකතු නොවන්න! අපගේ ව්‍යාපෘතිය සංවර්ධන මාදිළියක් නොවේ.
2). ඉතා පැහැදිළිවම අපගේ පක්ෂය සමාජවාදය කරා යන්නක් නොවේ. අපට අනුව ආර්ථික තලයේත් මතවාදී තලයේත් සමාජවාදය යනු ධනවාදයට කියන තවත් නමකි. ඉහත කරුණට අදාළව තවත් දෙයක් අවධාරණය කිරීමට අවශ්‍යය. එය වටහා දීමට අවශ්‍ය උපමාන ලබා දෙන අතර ප්‍රධාන උපමානය මෙසේය. ලංකාවේ වාමාංශික දේශපාලනයට වි.කො.ස විසින් මතු කරන ප්‍රති – ස්ටැලින්වාදී කතිකාවට වෙනස්ව වෙනත් විචාරයක් ‘ සමාජවාදය‘ සම්බන්ධයෙන් නැත. අපට අනුව ලංකාවේ දී ජයග්‍රාහී නොවුණත්, ‘ සමාජවාදය ‘ රාජ්‍ය බලය ලබා ගත් තැන් නැගෙනහිර යුරෝපය, රුසියාව, උතුරු කොරියාව, කියුබාව සහ සමහර ලතින් රටවල්, ආදී වශයෙන් ඇත. ඒ ගැන මිනිස් සංහතිය ලද ඓතිහාසික අත්දැකීම් ගැන ලාංකිකයන්ට අත්දැකීම් නැත. බොහෝ දෙනා තවමත් ‘ සමාජවාදය ‘ නම් වචනය යොදා මිනිසුන් බියවැද්දවීමට උත්සහ කරන මුත් අපට ඊට මුහුණදීමට හැක.අප යෝජනා කරන්නේ කොමියුනිස්ට් සාමූහිකයක් මිස ‘‘ සමාජවාදය ‘‘ ( රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය ) නොවේ. මේ නිසා සමාජවාදයට අප හතුරු යැයි යමෙකු කියයි නම් ඊට ද අපි බිය නැත. අප යෝජනා කරන්නේ ‘ සමාජවාදයට ‘ වඩා උසස් සමාජ – ක්‍රමයකි.  
3). මධ්‍යම පන්තිය පිළිබද ගැටලුව – ලංකාවේ වාමාංශික සංවිධාන රටාව තුළ විටින් විට ඇගේ හැප්පෙන ප්‍රශ්නයක් වන්නේ ‘ මධ්‍යම – පන්තිය ‘ පිළිබද ගැටලුවයි. බොහෝ විට වාමාංශිකයන් එකිනෙකාට චෝදනා කරන විට මෙම මධ්‍යම – පන්තික පොල්ලෙන් දමා ගසයි. බොහෝ දෙනා මේ ඊනියා මධ්‍යම – පන්තික ලේබලය අලවා ගැනීමට බිය වෙයි. අප නම් මේ චෝදනා වලට බිය නැත. අප සංවිධානය මධ්‍යම – පන්තිකය. එය අධ්‍යාපනය ලබා දෙන්නේ නිර්ධනයන්ට සහ පීඩිතයන්ටය. තමන් මධ්‍යම පන්තික නැතැයි තප්පුලන ඊනියා පීඩිත මහත්වරුන් ලා පාටට සුදුපාට ස්ත්‍රීන් දුටු විට කකුල් වෙවුලා යයි. එහෙමත් නැත්නම් මධ්‍යම – පන්තිකයන් හමු වූ විට ඇඹරෙයි. ලංකාවේ රනිල් වික්‍රමසිංහ ඇතුලු කිසිම මධ්‍යම – පන්තිකයෙක් ඉදිරිපිට අප සැළෙන්නේ නැත. ඒ අය සමග අපගේ කැමැත්තෙන් ඡායාරූප ගන්නේ නැත. එහි අනිත් පැත්තද සැළකිය යුතුය. අප ඡායාරූප ගන්නවාට විරුද්ධ නැති නිසා කැමරා දුටු විට හැංගී එය විප්ලවවාදී චර්යාවක් යැයි කියන්නේ ද නැත. ලෙනින් මධ්‍යම පන්තිකයෙක් බව බොහෝ දෙනාට අමතක වන අතර ඔහු ලංකාවේ දී සමාජය මෙහෙයවූවා නම් ඔහුව සැළකෙනු ඇත්තේ ප්‍රතිසංස්කරණවාදියකු ලෙසය. කෙනෙක් මධ්‍යම – පන්තිකයෙකු වන්නේ ඒ කෙනා තම පන්තියට අදාළව කරන දේ වලින් නොව නොකරන දේ වලිනි.
4). පක්ෂයට හෝ විප්ලවවාදියාට අනුව ‘ සමාජය ‘ යන්න නිර්වචනය විය යුතු නැත. පක්ෂය සහ විප්ලවවාදියා දරණ වෑයම මගින් සමාජය වෙනස් නොවේ නම් එහි ‘ වරද ‘ ඇත්තේ සමාජය තුළ නොව ‘ පක්ෂය ‘ හෝ ‘ විප්ලවවාදියා ‘ තුළය. මෙම සන්දර්භය තුළ වම/දකුණ යන භේදය හොද/නරක මගින් ආදේශ වීම නරක නැත. මෙම වෙනසින් විද්‍යාමාන වන්නේ අරගලය සැබෑවෙන් ව්‍යාජයට මාරු කිරීම නොව අරගලයේදී මිනිසුන්ගේ ක්‍රියාවන් මැන බලන්නේ ‘ දැනුමෙන් ‘ නොව ‘ සදාචාරයෙන් ‘ බවයි. කෙනෙකු විප්ලවවාදියෙකු දැයි මැන බැලෙන්නේ ඒ කෙනා වමේ ද ? දකුණේ ද යන්නෙන් නොව අදාළ තැනැත්තා නිකන් ජීවිතයක් ගත කරනවා ද ? නැතහොත් Mission එකක සිටිනවා ද යන්නෙනි. එබැවින් යම් කෙනෙකුට ඇගිල්ල දික්කොට එයා බුර්ෂුවා යැයි කීමෙන් දේශපාලන අර්ථයෙන් ජනිත වන්නේ නැත.  
5). අනාගතයේ දී පක්ෂය තුළ සිටින අයට පක්ෂ නායකත්වයේ ‘ දේශපාලන අදහස් ‘ යළි අර්ථකථනය කිරීමට ඉඩ නොදේ. ඊට අකමැති අය අපේ පක්ෂයට බැදෙන්න එන්න එපා. පසුව අවලාද නොකියා, වෙනත් පක්ෂයකට බැදෙන්න. පක්ෂ නායකයා මාස්ටර් කෙනෙකු වන අතර ඔහු විසින් ඔබ කළ යුත්තේ කුමක්ද ? නොකළ යුත්තේ කුමක්ද ? යන්න කියා නොදෙයි. ඔහු දන්නේ ඔහු කරන දෙය පමණි. වරක් ස්ටීව් ජොබ්ගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේය. ‘ ඔබේ පාරිභෝගිකයා කොයි වගේ කෙනෙක්ද ? සමීක්ෂණයක් එහෙම කරලා නැද්ද ? ‘‘ එවිට ජොබ් කදිම උත්තරයක් දුන්නේය. ‘‘ අපේ පාරිභෝගිකයන්ට ඕන මොනවද කියලා අපි නෙවී ඒ අයවත් දන්නෙ නැහැ. අපි දෙන්නේ අපිට ඕන බඩු. ‘‘ දේශපාලන නායකයා යනු ඔබගේ ආශාව කුමක්ද කියා කියාදෙන මුණිවරයෙක් නොවේ. ඔහු කරන්නේ ඔහුට අවශ්‍ය දෙයයි. ඔහු යක්ෂයෙකි. ඔබේ ආශාව කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය අය හමු විය යුත්තේ මහින්ද රාජපක්ෂ වැනි නායකයන්වය.

ඔබ ඉහත උපමානයන් හොදින් කියවා තීරණයක් ගන්න. අප සමග එකතු වී පසුව අපරාදෙ මගේ ජීවිතය විනාශ වූවා වැනි ළමයින්ගේ කථා නොකියන්න. හොදින් හිතන්න ! අපේ පක්ෂය මධ්‍යම – පන්තික පක්ෂයකි. එය පීඩිත පන්තියේ පක්ෂයක් නොවේ. අප වැඩ කරන්නේ පීඩිත පන්තිය වෙනුවෙනි. පක්ෂය තුළ ඇතිවන ශ්‍රම විභජනය තුළ එක කට්ටියක් හිතන්නන් වන අතර අනෙක් අය වැඩ කරන අය බවට පත් වෙයි. පක්ෂය තුළ ඔබ කැමති භූමිකාව තෝරන්නේ ඔබගේ ‘ දැනුම ‘ නොව අවිඥාණය බව වටහා ගන්න. නමක් හදා ගැනීමට, අනන්‍යතා අර්බුද විසදා ගැනීමට එන අය පක්ෂයේ හිතවතුන් වන්න. ස්ත්‍රියගේ ආශාවේ ප්‍රෙහේළිකාව සොයන අය මනෝවිශ්ලේෂණ සායන වලට යනවා මිස අප වෙතට නොඑන්න. ව්‍යාපාර කිරීම සදහා පක්ෂය වෙත නොඑන්න. චිත්‍රපට විචාරකයන්, මාධ්‍යවේදීන් කථිකාචාර්යවරුන් වීමට අවශ්‍ය අය පක්ෂයේ හිතවතුන් වන්න.
පහත සදහන් Email ලිපිනයට ඔබගේ දුරකථන අංකය සමග බොරු නමක් එවන්න. වෙනත් කිසිදු විස්තරයක් ලියා නො එවන්න. පක්ෂයේ සහෝදරයන් ඔබට කථා කිරීමෙන් පසු දිනයන් සහ වේලාවන් යොදාගත හැක. අප මේ මොහොතේ ජීවත් වන්නේ විප්ලවවාදී මොහොතක නොවේ. ඹනවාදය යනු දේශීය ආර්ථිකයක් ද නොවේ. එය ගෝලීය එකකි. අරගලයේ පරාමිතීන් තීරණය විය යුත්තේ ගෝලීය සන්දර්භයක් තුළය. 2009 අරගලයෙන් උගත යුතු පාඩම එයයි. ජාතිය, ප්‍රාග්ධනය, රාජ්‍යය, යන ඒකක තුන සංකළනයෙන් ධනවාදය සංවිධානය වී ඇත. මින් එකකට පමණක් අවධානය යොමු කිරීමෙන් ද ඵලක් නැත. 
Missing you

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. //අපට අනුව ලංකාවේ දී ජයග්‍රාහී නොවුණත්, ‘ සමාජවාදය ‘ රාජ්‍ය බලය ලබා ගත් තැන් නැගෙනහිර යුරෝපය, රුසියාව, උතුරු කොරියාව, කියුබාව සහ සමහර ලතින් රටවල්, ආදී වශයෙන් ඇත. ඒ ගැන මිනිස් සංහතිය ලද ඓතිහාසික අත්දැකීම් ගැන ලාංකිකයන්ට අත්දැකීම් නැත. බොහෝ දෙනා තවමත් ‘ සමාජවාදය ‘ නම් වචනය යොදා මිනිසුන් බියවැද්දවීමට උත්සහ කරන මුත් අපට ඊට මුහුණදීමට හැක.අප යෝජනා කරන්නේ කොමියුනිස්ට් සාමූහිකයක් මිස ‘‘ සමාජවාදය ‘‘ ( රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය ) නොවේ. මේ නිසා සමාජවාදයට අප හතුරු යැයි යමෙකු කියයි නම් ඊට ද අපි බිය නැත. අප යෝජනා කරන්නේ ‘ සමාජවාදයට ‘ වඩා උසස් සමාජ – ක්‍රමයකි. //
    එකඟයි.
    //3). මධ්‍යම පන්තිය පිළිබද ගැටලුව – අප සංවිධානය මධ්‍යම – පන්තිකය. ලෙනින් මධ්‍යම පන්තිකයෙක් බව බොහෝ දෙනාට අමතක වන අතර ඔහු ලංකාවේ දී සමාජය මෙහෙයවූවා නම් ඔහුව සැළකෙනු ඇත්තේ ප්‍රතිසංස්කරණවාදියකු ලෙසය. // නිර්භය කීමක්.

  2. සිංහලයො කියන්නෙ අපූරු ජනතාවක්. මුන් ටිකක් නෙමෙයි හොදටම වෙනස්. පුකේ යගදාවක් ඇරියත් සනීපයි කියල හිනාවෙනව. රනිල්ගේ ගුදමාර්ග සංවර්ධන හොරාපොලිස්වලට පසුව නැවත මහින්දගේ චූපුකේ සංවර්ධනය හමුවෙනු ඇත. එතෙක් වමේ මැට්ටන්ට පකේ චූන් පංති හුකුං කළ හැක.

  3. සමාජවාදය යනු ධනවාදයමද?

    සමාජවාදය ,කොමියුනිස්ට්වාදය සදහා වූ අරගලයේ රෝග ලක්‍ෂණයද?

    මුලින්ම අප විමසිය යුත්තේ සමාජවාදය යනුවෙන් සංක‍්‍රමණ අවස්තාවක් කොමියුනිස්ට් දේශපාලනයට අවශ්‍ය වූයේ ඇයිද යන්නය. ලංකාවේ වාමාෂිකයින් කියා ගන්නා බොහෝ දෙනා කොමියුනිස්ට් දේශපාලනය සඳහා වත්මන් තත්වය සුදුසු නොවන බවත් සමාජ/ ආර්ථික දේශපාලන තත්වය මුහුකුරා ගොස් නැති බවටත් ,නැති නම් ලාංකීය සමාජය පසුගාමී බවටත්,ප‍්‍රජාතන්ත‍්‍රවාදය ,මාධ්‍ය ,නිදහස ,මානව හිමිකම් දිනාගැනීම වෙනුවෙන්ද හා ජාතිවාදයට ආගම්වාදයට එරෙහිව ඒ වෙනුවෙන් අරගලයක්ද කොමියුනිස්ට් අරගලයට මෙපිටින් ඇති බවටත් විශ්වාස කරති. මෙහි දෘෂ්‍යමානය වන්නේ රනිල් වික‍්‍රමසිංහට බොහෝ වාමාෂිකයින්ගේ අවිඥානක කැමැත්තය. මහින්ද රාජපක්‍ෂ පසුගාමී,ආගම්වාදී,ජාතිවාදී වන විට රනිල් වික‍්‍රමසිංහ ඉදිරිගාමී ,ආගමික/ජාතික අනන්‍යතා පිළිගන්නා ආදී ලෙසය.

    අපට අනුව වාමාෂිකයින් සිතන්නේ සමාජවාදය තුල කලයුතු කර්තව්‍යන් වන්නේ ධනවාදය අසමත් වූ ධනවාදය තුල ඉටු විය යුතු ප‍්‍රථිසංස්කරණයක් ඉටු කිරීම බවය. ඒ වා ඉටු කල පසු ප‍්‍රධාන කොට සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂය හා චීන කොමියුනිස්ටි පක්‍ෂ වලට අභිමුඛ වූයේ කුමක්ද? ධනවාදයමය. මෙම රටවල් දෙකේම වාමාෂික න්‍යායවේදීන්ගේ පොදු සාධකයක් වූයේ රුසියාව හා සෝවියට් සංගමයට අයත් වූ බොහෝ රටවල් හා චීනය පසුගාමී රටවල් බවය. ඒ අනුව කොමියුනිස්ට්වාදී අරගලයට පෙර ආර්ථිකය,සමාජීය,සංස්කෘතික,කලාත්මක දියුනුවක් ඒ රටවල් වල ඇති කල යුතුය. නව ආර්ථික සැලසුම් (නෙප් ,ස්ටාලීනියානු පස් අවුරුදු සැලසුම්)සංස්කෘතික විප්ලව හා පෙරටුගාමී කලාවක් බිහිකිරිම,සමාජවාදී අධ්‍යාපනය ආදිය බිහිවූයේ ඒ වෙනුවෙනි. මේවායේ ආකෘතිය වූයේ නලින්ගේ භාෂාවෙන් කිව හොත් ද්විකෝටිකයය. පසුගාමි ආර්ථිකය වෙනුවට ආර්ථික වර්ධනය,පසුගාමී කලාවන්ට හා සංස්කෘතියට එරෙහිව පෙරටුගාමී කලාවක් හා සංස්කෘතියක් ආදී ලෙසය.

    මෙම කතාන්දරය අපි වෙනස් අයුරකින් විමසා බලමු ධනවාදය ඇතූළු ඕනෑම ආධිපත්‍යක් සහිත සමාජයක ආකෘතිය වනනේ ( ඕනෑම පන්ති සමාජයක)සංකල්පකරණයක්ය. (මෙතුවක් දාර්ශනිකයින් කලේ ලෝකය අර්ථ කථනය කිරිමය.)මිනිසුන්ගේ සැබෑ ජිවිතය හා මෙම සංකල්පකරණයන් අතර ඇත්තේ නොපෑහීමකි. එම නිසා එම නොපෑහීම සමහන් කිරීමට තවත් සංකල්පකරණයන් ඉදිරිපත්වීම නැමති ගැටළු විසඳීම වමේ කටයුත්ත වුවද ඒ වෙනුවට සමාජවාදය නැමති සංකල්පකරණයම යලි යලි ඉදිරිපත් කිරීම තුල ඒය ධනවාදයෙන් වෙනස් වන්නේ නැත.

    එම නිසා මේ මොහොතේ අවබෝධ කර ගත යුත්තේ කවුරු හෝ සමාජවාදී අරගලයක් යෝජනා කරයිද එය පසු පසු සැඟවි ඇත්තේ ධනවාදයට ඇති අවිඥානක ආශාවය. ඒ සමාජවාදය යනු ධනවාදයම බව ලෝක අත්දැකීම් විසින් අපට උගන්වා ඇති බැවිනි.

    ලෝකය අර්තකතනය කිරීමට එරෙහිව වෙනස් කිරිම එනම් ධනවාදයට විරුද්ධව කොමියුනිස්ට් සටන් පාඨ ගෙන ඒමට කිසිවෙකු හෝ එඩිතරවේද ඔවුන්ට අනාගත ලෝකයේ අරගලය හිමිය.

    ආදරයේ ඇතැයි අප සිතන සාරය ආරක්‍ෂා කිරීමට අකල් මරණ, මහා ඛේදවාචක ,නපුරු කුඩම්මලා අවශ්‍ය පරිදිම අපට සමාජවාදය අවශ්‍ය වනනේ ධනවාදයේ සාරයක් ඇති බව අපටම ඒත්තුගන්නවා ගැනීමට හා ධනවාදය සදාකාලික කිරිමටද?

Comments are closed.