පසුගිය වසර පනහක කාලයක් පුරා  ලාංකේය පුවත්පත් කලාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල ජේෂ්ඨ මාධ්‍යෙව්දී සිරි රණසිංහ මහතා පුවත් කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයනු වස් ඒ සම්බන්ධයෙන් මේ සටහන තබන්නට අපි කල්පනා කලා. ඔහු කල මෙහෙවර හා සමපාත කල හැකි ලංකාවේ අනෙක් එකම චරිතය වන්නේ රාවය කර්තෘ ජේෂ්ඨ මාධ්‍යෙව්දී වික්ටර් අයිවන් මහතාය.

මොවුන් ගේ යුග මෙහෙවර බොහෝ සෙයින් සමපාත වන්නේ එක මග ගමන් ගන්නා නමුත් කිසිදාක හමු වන්නට බැරි රේලී පීලි දෙකකටය. සිරි රණසිංහ මහතා වසර පනහක් තුළ ලංකාදීප පුවත් පත් වෙනුවෙන් කල මෙහෙවර  සහ රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා කල මෙ‍හෙවර නිසා ලංකාකේය පුවත් පත් කලා කෙත ට වූ මෙහෛවර සුවිශේෂීය. ඉදින් එවන් අභිමනාවත් යුග පුරුෂයන් ගේ දීර්ග කාලින ගමන් මග යලි සිංහාවලෝකනය කරන මෙවන් මොහොතක ආදරණීය සටහනක් තබා අපට ඊට ගරු බුහුමන් දැක්විය යුතුය.

ඉහත අප විසින් සටහන් කලේ අද කාලේ මෙවන් දේ ගැන බොහෝ පුවත්පත් විචාර ලියන අයගේ අතින් ලියවෙන්න නියමිත වාක්‍ය කිහිපයකි. මෙහි ඇති සුවිශේෂිතාවය වන්නේ මේවා ලියන අය මෙන්ම කියවන අය පමණක් නොව මේ ගරුබුහුමන් ලබන අය පවා දන්නවා මේ කරන විචාර ඇත්තක් නොව බොරුවක් කියලා. හැබැයි හැමෝම ආශා කරන්නේ එය ඇත්තක් ලෙස අනෙකාට ඒතුත්තු ගැන්වීමටයි. ඒ වගේම හැමෝම විශ්වාස කරන්නේ මේ කතාව විශ්වාස කරන අහිංසක හොද නිහතමානී කෙනෙක් ඉන්නවා ඇතියි කියලයි. ඒ නිසා තමයි ගොඩක් පුවත්පත් කාලාවේදීන් අතින් මෙහෙම වාක්‍ය ලියවෙන්නේ. මහාගාන්ධර්වයා, සාහිත්‍යශූරීන්,කාලාභූෂණ,පුවත්පත්කාවේ බිහිදොර, සිනමා සක්විති. ඒ වුනාට ඇත්තටම මේ අය ගැන මේ පුවත්පත් කලාවීදීන් කියන කතා වල තියෙන්නේ එයා බඩු කීයක් ගැහුවද? සල්ලි හොරකම් කලාද? කේලම් කියලා කී දෙනෙක් ගේ රස්සාව නැති කලාද වගේ කතා. මේ තිරයෙන් පිටුපස කතා ගැන  (ජිජැක් කියන ආකාරයට ටොයිලට් වල තුළ දගලන කුණු ගද ගහන පණුවෝ) ගොඩක් අය ආසා ඕපාදූප විහිදට කතා කරන්නයි. ඒ නිසා තමයි ගොසිප් වලට මේ කාලේ ලොකු ඉල්ලුමක් තියෙන්නේ.

සිරි රණසිංහ මහහා විසින් වසර පනහක් තුල ලංකාවේ මාධ්‍ය කලාවේ නිරත වෙමින් අපට පසක් කල යථාර්ථය කුමක්ද? ඔහු නිහඩ.කළබල නොවන පැසුණු බුද්ධියකින් යුත් පරිණත මාධ්‍යෙව්දියෙක් යැයි බොහෝ අය කියන්නට පුළුවන. ඔහු වසර පනහක කලායක් පුරා සිය පුවත්පත ඔස්සේ ලංකාවේ සදාචාරය,සංස්කෘතිය,ආචාර ධර්ම රැක ගන්නට කතා කලේය. කිසිවකින් කළබල නොවන ඔහු තම පුවත් පත හැරදා වෙනත් ආයතන වලට ගොස් යලි තම ආයතනයට පැමිණි අයට පවා කරුණාවෙන් සලකන දයාබර පියෙකු මෙන් විය. මොහු නමුත් පුවත් පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඉතා දැඩි තීරණ ගන්නා අයෙකු වන අතර තමන් ගේ අභිමතය පුවත් පතෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් ඒකාධිපති ආකාරයෙන් භාවිතා කලේය.

රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා මේ කාසියේ අනෙක් පැත්තය. ඔහු අනිත් අය පුවත් පතෙහි කුමක් ලීවත් ඊට මැදිහත් නොවීය. ඔහුට තැමති දේ ඔහු අඛණ්ඩව ලියාගෙන ලියාගෙන ගියේය. ඔහුට අවශ්‍ය ලියන දේ කියවනවාද නැද්ද යන්න නොව ඔහු කැමති දේ ලියන්නට ඉඩ තිබෙනවා නම් ඔහුට මොකා මොනවා ලීවත් කමක් නැත. ඒ නිසා රාවය තුල නැතිකෙනෙක් නැත. ඒ අනුව මේ දෙදෙනාගෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කවුද යන්න සිතිය හැකිද?

අවසානයේ සිරි රණසිංහ විසින් වසර පනහක් තුළ කවා පොවා ඇති දැඩ් කල තුෂාර ගුණරත්න වැනි විපරීතයන් මව්බිම නම් පත්තර පිටු තුල අරුණි මල්ලවාරච්චී වැනි අනන්‍යතා අර්බුදයෙන් පෙලෙන ගැහැනුන් ලවා ලහිරු පෙරේරා වැනි සංගීත බිස්නස්කාරයන් යොදා නන්දා මාලනී වැනි අයට අපහාස උපහාස කරන තත්ත්වයක් නිර්මාණය විය. (නන්දා මාලනි ගේ සංගීතය ගැන අපගේ අදහස හා මෙය පටලවා ගන්න එපා) මේ යුගයේ සදාචාරය,ආගම,ආචාර් ධර්ම යන සියල්ල විනාශ වන්නේ ඒවා කඩා දමන අය අතින් නොව ඒවා වඩ වඩාත් රැක ගන්නට උත්සහ කරන අය අතින් යැයි කියන්නේ මේ නිසාය.

සිරි රණසිංහ නම් මාධ්‍යෙවිදියා අවසානයේ අපට පසක් කළ යථාර්ථය වන්නේ වසර 50ක් යනු ඉතා කෙටි කාලයක් යන වග නොවේද? ලංකාවේ ගොඩක් අය වෘත්තයක ගමන් ගන්න බව අප කියන්නේ මේ නිසයි. මේ නිසා ගොඩක් අයට නැවත නැවත එකම දෙය මුණ ගැසීමත් ඉන් භීතියට පත් වීමත් යලි එකම දෙය මුණ ගැසීමත් නැවත භීතියට පත් වීමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මේ නිසා අවසානයේ මේ භීතය හාස්‍යයක් බවට පත්ව කෙලවර වෙයි. මේ නිසා තමය් අපි මේ වසර 50 ක පමණක කලාය ඉතා කෙටි කාලයක් යැයි කියන්නේ.

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. අයිවන් දැන් චාටර් වෙන්නත් වයස නැති හන්දා හොදයි. අයිවන්ව සුධර්මන්ගෙ ළගින්වත් තියන්න බෑ..

  2. මම හිතන්නෙ නම් ලහිරු පෙර්රා මේ කාලේ ටිකක් ජනප්‍රියත්වය අඩු තත්වෙක ඉන්න නිසා මොකක් හරි කියලා ආතල් එක්ක දීලා අාෙයත් හිට් වෙන්න හැදුවා වගේ..

  3. අමිලගේ කතාව ඇත්ත . ලහිරු ඒ වගේ ගොන් කතාවක් කියන්න ඇත්තේ ඒක තමයි. වික්ටෝර් අයිවන් බලාගෙන ගියාම හොඳයිනේ.

Comments are closed.