[dropcap color=”black”]ක[/dropcap]ට වරදකරුවූ ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලුස්කෝනිට ඉතාලියේ මිලාන් නුවර අධිකරණයකින් වසර හතක සිර දඩුවම් නියම කර ඇත.

නඩු විභාගයෙන් පසු රැස්වු ජූරි සභාව පැය 07 ක සාකච්චාවකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. වසර දෙකකට අධික කාලයක් පුරාවට මෙම නඩු විභාගය පැවතිණ. එවකට බාල වයස්කාරියකව සිටි Karima el Mahroug හෙවත් Ruby යන අනවර්තන නාමයෙන් හදුන්වන සුරුපිණිය ඇසුරු කිරිම ඔහුට එල්ලවූ බරපතලම චෝදනාව විය.

එම සිර දඩුවමට අමතරව ඔහුට තවදුරටත් ඉතාලි රජයේ තනතුරු හෙබවීම ද අධිකරණය තහනම් කර තිබේ.

මෙම සත් වසරක සිර දරෑුවමට එරෙහිව බෙර්ලුස්කෝනි මේ වනවිට අභියාචන පෙත්සමක් ගොනු කර ඇති අතර, එම අභියාචන පෙත්සම විභාගය අවසන්වනතුරු ඔහු බන්ධනාගාර ගත නොකෙරෙන බවද පැවසේ.

මිලාන් අධිකරණය විසින් ඉතාලියේ හිටපු අගමැතිවරයාට එරෙහිව අදාළ දඩුවම නියම කිරීමෙන් පසුව බෙර්ලුස්කෝනි කියා සිටියේ තමා මුළුමනින්ම අහිංසක පුද්ගලයකු බවත්, තමාට දේශපාලන හේතු මත අදාළ චෝදනා ගොනුවී ඇති බවත් ය.

මෙම නඩු විභාගයේ දී වයස අවුරුදු 76 වන වියේ පසුවන බෙර්ලුස්කෝනි සම්බන්ධයෙන් ඉතාලි වැසියන්ට මෙන්ම ඉතාලි අධිකරණයටත් ඇති වූ ගැටලුවක් වූයේ ඔහු පිරිමියෙක් ද යන්නය. නැතිනම් ඔහුට පිරිමියෙකු සේ ක්‍රියා කරන්න පුලුවන්ද යන්නය. මෙහිදි ඔහුගේ නීතිඥවරුන් පවසා ඇත්තේ අවශ්‍ය නම් ඔහු පිරිමියෙකු බව ඔප්පු කළ හැකි බවයි. නමුත් එය අවශ්‍ය නොවන බව අධිකරණය පවසා ඇත.  බෙර්ලුස්කෝර්නි විසින් Heart Breaker වශයෙන් හදුන්වන නැතිනම් හද වසගකර ගන්නට හැකියාව ඇති රූබි වරක් ඉතාලියේ පොලීසියක් විසින් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේ බෙර්ලුස්කෝර්නි විසින් අදාල පොලිස් නිළධාරීන්ට පවසා ඇත්තේ රූබි යනු ඊජිප්තුවේ ජනාධිපති හොස්නි මුබාරක් ගේ මිනිබිරියක්  වන බැවින් මෙය තනාපති විනිර්මුක්තිය පිළිබද රාජත්‍රාන්ත්‍රික ගැටලුවක් වන නිසා වහාම ඇය නිදහස් කරන ලෙසය. නැතිනම් එය රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් ඉතා අයහපත් අකාරයෙන් බලපානු ඇති බවයි.

ඇත්තටම රූබි කියන්නේ කවුද? රූබි ඇත්තටම සංක්‍රාන්ති ලිංගිකයෙකි. ඇය මොරොක්වේ දී උපදින්නේ පිරිමියෙකු වශයෙන් වන අතර පසුව ඉතාලියට ඇය පැමිණෙන ගැහැණියක බවට රූපාන්තරනය වෙයි. ඉතාලායේ ජාතික ලිංගික අනන්‍යතාවය  අනුව ඇයට ඉහල ඉල්ලුමක් ලබා ගැනීමට හැකි වෙයි.

ඉතාලියේ බහුතරයක් අය වර්ගවාදී ජාතිවාදීන්ය. ඔවුන් කළු ජාතිකයන්ට ඉතා පහත් අකාරයෙන් සලකයි. ඒ තරම ඔවුන්ගේ වැඩිම ඉල්ලුමක් ඇත්තේද කළු ජාතික ගැහැනුන්ටමය.  ඔවුන් සවිඥාණිකව කළු ශරීරයට වෛර බදිමින් අවිඥාණිකව කළු ශරීරයට ආශා කරයි.

ඒ අනුව රූබි නිසා ඉතාලියේ බෙර්ලුස්කෝර්නිට සිදුවූ අබැද්දිය ගැන සිතා ඔබේ ඔලුව අවුල් වුණා යැයි අපි සිතන්නේ නැත. ලංකාවේ වෙන දේවල් දිහා බලපුවහම මේවා මොන කතා දැයි ගොඩක් අය සිතන්නට පුළුවන.

 

ඔබේ අදහස කියන්න...