“දීප්ති නොදන්නා මනෝ විශ්ලේශණය වන්නේ එවැනි ක්ෂුද්‍ර චරිත වල බලපෑම සංවිධානගත ව්‍යාපරයක පැවැත්ම සඳහා ඉතා අවම බවයි. අන්තර් ජාලයේ සැරිසරන්නේ නම් දීප්ති සහ අනෙකුත් ක්ෂුද්‍ර චරිත වල “මහා වාමාංශික සංවාදයේ“ ජුගුප්සාජනක බව මේ දිනවල හොඳින් දැක බලාගත හැක.”

ඉහත අදහස ඉදිරිපත් කර ඇත්තේ එන එන හැටියට ඇණගන්න සහ නාගන්න දේවල් බ්ලොග් ගතකරන (අවිඥාණිකව අපිව කොපි කරන්නට දතකන)  මහාවංශ මහාචාර්යවරයෙක් විසිනි. මේ මහා වංශ මහාචාර්යවරයා නොදන්න දේ කුමක් ද? ඇත්තටම ඔහු නොදන්නේ අවිඥාණය යනු කුමක් ද යන්නයි. ඔහු ගේ ඉහත අදහස තුළ ඇති අවිඥාණය කුමක් ද යන්න වටහා ගැනීමට අපි වෙනත් උදාහරණයකින් උත්සහ කර බලමු.

පසුගිය දිනෙක ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම පක්ෂයේ ජේෂ්ඨ නායකයෙකු ද වන බිමල් රත්නායක එක්තරා පුවත් පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව මුලුමනින්ම මෙතෙක් ජ.වි.පෙ කතිකා න්‍යායට වඩා වෙනස්ව අප විසින් ගොඩ නගන ලද කතිකා න්‍යායට වඩාත් සමීප එකක් විය. මෙය හුදු අහම්බයක් යැයි සළකන්නට පුලුවන් ද? එම සාකච්ඡාව මෙයෙවන ස්ත්‍රිය ( මෙහිදී අපි ස්ත්‍රිය යනුවෙන් කියන්නේ පළතුරු වලට මිස ගස්ලඹු, පේර, අඹ, අන්නාසි, කෙසෙල් වලට නෙවි. ඒ කියන්නේ පළතුරු කන්න බැහැ. ඒත් ගස්ලඹු, පේර, අඹ, අන්නාසි, කෙසෙල් අපිට කන්න පුලුවන් ) මුලින්ම මෙහෙම ප්‍රශ්ණයක් අහනව.

දක්ෂ කථිකයෙක් ජනප්‍රිය මන්ත්‍රිවරයෙක් වුනු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ආතල් ගන්නවා ඇත්තේ කොහොමද?  

මේ ප්‍රශ්නය සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනය තුළ හිරවී සිටි බිමල් වගේ කෙනෙකුට නව තත්ත්වයක්. දැන් මේ ප්‍රශ්ණයට උත්තර දෙන්න නම් ඔහු මෙතෙක් දන්න කතිකා න්‍යාය හරියන් නෑ. ඒ නිසා බිමල් මන්ත්‍රීතුමාට මේ ස්ත්‍රිය ගැන කල්පනා කරන්න සිද්ධ වෙනව.

දැන් බිමල් මන්ත්‍රීතුමාට අනුව තමන් ඉදිරියේ මේ ඉන්න ස්ත්‍රිය කියන්නේ බොහෝ ඇසුපිරු තැන් ඇති විචාර භාවිතාවක් ඇති කාන්තාවක්. එත් ඇත්තටම මේ ස්ත්‍රිය කියන්නේ දීප්ති ගේ කතිකාව අනුකරණය කරන කෙනෙක්. ඇත්ටම බිමල් නොදන්නව වුනාට අපි නම් දන්නව මේ වගේ ස්ත්‍රීන් කියන්නේ දීප්තිගේ කතිකාව අනුකරණය කරන අය මිසක් අනුගමනය කරන අය නෙවි කියල. ඒ නිසා බිමල්ට අපෙ කතිකා න්‍යායට ඇතුලු නොවී මේ ප්‍රශ්ණයට උත්තර දෙන්න බැහැ. ඒ නිසා ඔහු මෙහෙම උත්තරයක් දෙනව.

‛‛අනෙකාගේ ආතල් නොකඩා ආතල් ගැනීම තමයි මම කරන්නේ. සමහර වෙලාවට ගොඩක් ආතල් අපිට හදලා දෙන්නේ වෙළඳ පොළෙන්. තවත් කෙනෙක් තමන්ගේ විනෝදය සඳහා මල් වවද්දී සමහරු අල්ලපු ගෙදර කෙනා මල් වවලා තියෙන නිසා මල් වවනවා. මම හිතන්නේ නියම ආතල් එක තියෙන්නේ මිනිස්සු කැමැත්තෙන් කරන දේට.’’

‛‛අද නෑකම් පවා අලෙවි වෙනවා. සතා ඇඟ ඇතුළේ ඉන්න අවුල මත තමයි හැමදේම සිද්ධ වෙන්නේ. අපි ෆන් කියලා පෙන්නුවට සිස්ටම් එක අතුලේ තියෙන්නේ අමු වදයක්. නරුමත්වය මත හදපු කර්මයක්නේ තියෙන්නේ ‛දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා’. ගොඩක් මිනිස්සු ගන්නේ මනුෂ්‍ය ආතල් නෙමෙයි.. තිරිසන් ආතල්..’’

‛‛එංගල්ස් කියන පරිදි මාක්ස්වාදයේ අවසන් අදහස තමයි තෘප්තිමත් මිනිසෙක් නිර්මාණය කරන එක. ඔහු එක තැනක කියනවා උදේ දොස්තර කෙනෙක් විදියට සේවය කරලා දවල් ඇපල් වත්තේ වැඩ කරලා හවස ෆුට්බෝල් ප්ලේ කරලා රාත්‍රියේ දඩයමට යනවා කියල. මෙය තමයි නියමම ආතල් ගැනීම.’’

ඇත්තටම මේ අවස්ථාවේ දී බිමල් මන්ත්‍රීතුමාට මේ ස්ත්‍රිය ගැන දැන්නේනේ “නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුනා වගේ හැගීමක් “ ඒ වුනත් බිමල් ගේ අවඥාණය කුමක් ද? අපි අවිඥාණය කියලා සරලවම කියන්නේ අපි දැනටමත් දන්න දෙයක් දන්නෑ වගේ හිතල වැඩ කිරීම. ඒ අනුව බිමල් හොදටම දන්නව මේ වගේ ස්ත්‍රින් තුළ සාරයක් නැහැ කියල. ඒ වුනත් ඔහුට අවිඥාණිකව දැන්නේ ඇත්තටම ඇය තුළ යමක් ඇති බවයි. ඒ නිසා ඇයට විධිමත් ඇය කැමති ආකරයේ භාෂාවකින් උත්තර දෙන්න ඔහු පෙළබෙනව.

නංගියෙකුට බිමල් වගේ අත්දැකීම් බහුල වාමාංශිකයෙකුව තමන්නට අවශ්‍ය ආකාරයට භුමණය කරන්න පුලුවන් වෙන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ තමන්ට අවශ්‍ය ආකාරයට තමනගේ ව්‍යපෘතිය සදහා පාව්ච්චි කරපු එක ගැන අපි තව දුරටත් පුදුම විය යුතු ද?

සටහන:- බොහෝ වම්මුන් මේ දිනවල බලාගෙන සිටින්නේ තමන්ට ගෙදර කිරීමට ඇති වැඩ ටික කර ගැනීමට කවදා හෝ දවසක විජේ ඩයස් නැමති බාල දක්ෂයා තමන් ගේ නිවසට පැමිණේවි කියාය. එවිට විජේ ඩයස් නම් බාල දක්ෂයාට රුපියල් දහයක් දී තමන් ගේ වත්ත සුද්ද කර ගන්නට ලංකාවේ වාමාංශිකයන්ට පුලවන්.

1266863_520958994646012_1787308138_o 1268006_520959151312663_1149226130_o 1278066_520959074646004_1431354761_o 1397855_520958874646024_157725376_o

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඉස්සරවෙලාම ගිහින් මේ නංගි එක්ක ඉන්ටකෝස් එකක් කරල ඊට පස්සෙ එයා එක්ක පුක හේදීම ගැන දීර්ඝ සංවාදයක් කළා නම් මාර ආතල් එකක් ගන්න තිබුණ.

Comments are closed.