ද දින “ඩේලි මිරර්” පුවත්පතේ මුල්පිටුව කියවන්නියගේ ඇස ගැටෙන ප‍්‍රමුඛ පුවතක් වන්නේ සත් හැවිරිදි දියණියක් දූෂණය වීම පිළිබද සිදුවීමකි. ඊට ප‍්‍රථමව උතුරේ විද්‍යාගේ සමූහ දූෂණය පිළිබදව විශාල උද්යෝගයක් ඇති කිරීමට මාධ්‍ය පියවර ගත්තේය. ඉදිරියේ දී ද උතුරේ සිදුවන මෙවැනි සිද්ධීන් මාධ්‍ය ඔස්සේ උත්කෘෂ්ඨයට නංවනු ඇතැයි පෙනේ. මෙසේ වීමට නියමිත වන්නේ ඇයි ?
මේ වන විටත් සමාජයේ පසුගාමී කොටස්වල ස්ත‍්‍රී දූෂණ (ස්ත‍්‍රියගේ කැමැත්ත නොවැදගත් ලෙස සළකා සිදුවන සන්සර්ගයන්) කොතැකුත් සිදුවේ ද? මේවා නාගරිකයාගේ එදිනෙදා ප‍්‍රවෘත්ති බවට , දැන් මාධ්‍ය ප‍්‍රාග්ධනය විසින් අළෙවි කිරීම ආරම්භ කරනු ලැබ ඇත. නැතහොත් නාගරික පිරිමියාගේ අශ්ලීල මනලොල පිනවන ප‍්‍රවෘත්ති බවට මෙම හුදෙකළා සිදුවීම් මාධ්‍ය තුළ නැවතත් ප‍්‍රති-නිශ්පාදනය කරමින් සිටියි. ඈත ගමක කෙල්ලෙක් මහ දවාලේ බස් ස්ටෑන්ඩ් එකකදී කොල්ලෙකුට ගසන කනේ පහරක් පවා මාධ්‍ය තුළ ප‍්‍රතිනිශ්පාදනය වන්නේ , ඒවා දැකීමට ආශා කරන නාගරික පිරිමියාගේ මනලොල පුරවාලමිණි. නැතහොත් ඔවුන් මාධ්‍ය තුළ රැුදෙන්නේත් , ඒ අතර මාධ්‍ය සිය දැන්වීම් හරහා ප‍්‍රාග්ධනය එකතු කරන්නෙත්, එකම අවස්ථාවකමය.

x sex-

නාගරික පිරිමින් ග‍්‍රාමීය ගැහැනුන් ඉදිරියේ පචවීමට ආශා කරති .ඊට බියක් නොදක්වති. නමුත් මාධ්‍යම පාන්තික ගැහැනුන් ඉදිරියේ වැදගත් මහත්වරුන් ලෙස හැසිරෙති.

නාගරික පිරිමින් ග‍්‍රාමීය හා පසුගාමී සමාජ කොටස්වල “අමු-naive- ගැහැණිය” ෆැන්ටසීයකරණය කරන්නේ එයින් සිය වල් සිත සපුරා ගත හැකි බැවිණි. එසේම ඉන් සිය මධ්‍යම පාන්තික දිවියට අත්වන හානියක් හෝ බලපෑමක් නැති බව ඔවුන්ට සහතිකය. පසුගාමී ග‍්‍රාමීය ගැහැණිය නාගරිකයාගේ මෙම හැසිරීම ගැන සැක සංකාවක් ඇතිකර නොගන්නේ එය “බැද්දේගම” චිත‍්‍රපටයේ සිළිදුට පරිදි…….ගැහැණිය කැළේට ඇදගෙන යන්නට ගැමි පිරිමියාට අවශ්‍ය වන්නේ සිය ලිංගික අවශ්‍යතාවය වෙනුවෙනි. නාගරිකයාට සිය සැපපහසු ඇදවල් වලින් (ඇතැම් විට ලක්ෂ ගණන් වටින) බැස ග‍්‍රාමීය ගැහැණුන් සමග සතා සිවුපාවුන් සිටන ස්වභාවිකත්වයක් තුළ – animal planet live stream- රමණයේ යෙදීමට අවශ්‍ය වන්නේ ඇයි? නැතහොත් එවැනි සිදුවීම් තමා එදිනෙදා කියවන පුවත්පත් තුළ- Daily Mirror ; Champika – මුල් පිටුවට අවශ්‍ය වන්නේ ඇයි ? ඔවුන් ඒ සදහා ඉහළ මිලක් ගෙවන්නට කැමති ඇයි? තමාගේ සම්බන්ධයක් නැතැයි පෙනෙන පරිදි තම අශ්ලීල ආශාවන් සපුරා ගැනීමට නාගරිකයා මිලක් ගෙවන්නට සූදානම්ය. ඒ ඔහුගේ අවිඥාණික ආශාවයි. මාධ්‍ය ප‍්‍රාග්ධනය සිය ඊළග ප‍්‍රාග්ධන පිම්ම පැනීමට සූදානම්ය.

නාගරික පිරිමියාට අවශ්‍ය රාත‍්‍රියේ සිය ලැප්ටොප් එක හරහා බ්ලොග් අඩවිවල සැරිසරමින් නිදිවරමින් අත්විදින, සතපවන සිය ආශාව මහ උදේ මාධ්‍ය තුළ අත්විදින්නටය. නැතහොත් පසුගාමී අමු ද‍්‍රවිඩ ගැහැණියගේ “රස” පුවත්පත් තුළ විදින්නටය. ඒ අනුව මාධ්‍ය ප‍්‍රාග්ධනය මෙම ආශාව සපුරුවාලීමේ අරමුණින් සිය අඩුපාඩු උතුරටද විහිදුවාලමින් පවතී. ඉදිරියේදී මීට වඩා අමු නිවුස් මහ දවල් නාගරික පුවත්පත් කියවන්නාට හමුවනු ඇත. ඔවුන් බලන්නේ නිවුස් මිස සිය අශ්ලීල ආශාව නොවන බැව් කිසිවකු ඔවුන්ට නොකියනු ඇත. එසේ කිව්වද ඔවුන් එයට එකග නොවනු ඇත. මාධ්‍ය තුළ සිදුවීමක් පරණ වීමට යන වේගය තීරණය කරනු ඇත්තේ මාධ්‍ය ප‍්‍රාග්ධනයේ සීමාවන් විසිනි.

ඔබේ අදහස කියන්න...