සකර්බර්ග් විසින් ආත්ම රාගය පදනම් කොටගෙන ප්‍රාග්ධනය රැස් කිරීමට යොදවාගෙන ඇති Facebook මානසික රෝහලේ උද්ඝෝෂකයෙකු වන ‘ජනා චාමීන්’ විසින් පසුගිය දිනෙක ‘වූඩි ඇලන්’ නම් ඇමරිකානු සිනමාකරුවාගේ පුද්ගලික ජීවිතය පාදක කොටගෙන අපූරු උපන්‍යාස කිහිපයක් ගොඩනඟා ඇත. ‘ජනා චාමීන්ට’ අනුව අප ජීවත් වන්නේ, යුක්තිය සහ සාධාරණය ඉටු වන ලෝකයක නම් වූඩි ඇලන් සිටිය යුත්තේ සිරගෙදරකය.

woody and Lolita

                     ලංකාවේ වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් අතරත් ධනවාදයේ සංරක්ෂයන් සහ ජාතිවාදීන් අතරත් ඇති පොදු විශ්වාසය වන්නේ, ෆ්‍රොයිඩ් විසින් පහදන ‘අවිඥාණය’ (Unconscious) ඇත්තේ කොහේ හෝ සැඟ වී ගිය ගැඹුරක බව ය. ළිං පතුළක, වැව් තාවුල්ලක, මැණික් ගඟේ ඉවුරක, ස්ත්‍රී මාංශලය වැනි තැන්වල අවිඥාණය සැඟ වී ඇතැයි ඔවුන් විශ්වාස කරති. ඉහත සෑම අවස්ථාවක්ම ඔප්පු කිරීම සඳහා එක බැගින් ලංකාවේ චිත්‍රපට නිපදවා ඇත.

                       ෆ්‍රොයිඩියානු අවිඥාණය කැණීම් කටයුතු කොට ගැඹුරක් සෑදිය යුතු තැනක නැත. එය ඇත්තේ, මතුපිට තලයේ ය. අවිඥාණය ඇත්තේ, සමාජ වියමනේ මතුපිට පෘෂ්ඨයේම බව වටහා ගන්නට අපට එඩිතර බවක් අවශ්‍ය ය. බොහෝ විට, ලිබරල් න්‍යායන් සමාජ සමස්තය දෙකට පළා එකක් පුද්ගලික ලෙසත් අනෙක පොදු අවකාශය ලෙසත් නම් කරනු ලැබේ. නමුත් මනෝ විශ්ලේෂණයට අනුව මෙම බෙදුම්කඩනය කරන්නේ, ආත්මය යි. [subject] එවිට, ‘පුද්ගලික අවකාශය’ සහ ‘පොදු අවකාශය’ අතර බෙදුම් රේඛාව දිය වී යන අතර එය අවසන් මොහොතේ දී දෘෂ්ටිවාදය විසින් තීන්දු කරයි. එවිට, මෙම ‘බෙදුම’ ප්‍රොබ්ලමැතිකයක් වෙයි. එනම්, උත්තරයක් නැති ප්‍රශ්න ජාලාවක් නිපදවයි. කිසියම් ආත්මයක් තමන්ගේ ඉතාම පුද්ගලික හෝ රහසිගත යැයි සලකා බලන දේවල් පවා ඔහු/ ඇය උපුටා ගන්නේ, ඊට බාහිරින් ඇති සමාජය සහ සංස්කෘතියෙනි. ජනා චාමීන් සහෝදරයා ඉතාම අශ්ලීල යැයි සලකා බලන වූඩි ඇලන්ගේ පශ්චාත්-ඊඩිපසියානු පවුල් ලිංගික අශික්ෂිතයන් වනාහි ඇමරිකානු ජනප්‍රිය සංස්කෘතියෙන් සහ පරිභෝජන සමාජයෙන් උපුටා ගන්නා කරුණු සාධක බව අප හොඳින් මතක තබාගත යුතු ය. මේ අදහස තරමක් ජීරණය කර ගැනීමට දුෂ්කරය. එනම්, අවිඥාණය සකස් වන්නේ භාෂාවක හැඩයෙන් බව වටහා ගැනීමයි.

Lolita

                       සමකාලීන පශ්චාත්-පුද්ගල සබඳතා ලෝකය තුළ ඉතා ප්‍රවේගකාරී ජවයකින් යුතුව ‘ලිංගික-වෙනස’ දිය වී යමින් පවතියි. අද ජීවත්වන වයස 18ක කොල්ලෙකුට සහ කෙල්ලෙකුට (පන්ති භේදය නොසලකා) ලිංග භේදය වටහා ගැනීමට නො හැකිය. ඒ නිසාම, ඔවුන්ට සිහින දැකීමට නො හැකිය. තත්‍යසමාන – virtual- අන්තර්ජාලය ඔවුන්ගේ ආත්මීය ප්‍රබන්ධයේ ගෙල සිර කර ඇත. ළමයින්ට ආශා කරන වැඩිහිටියන් සහ ළමයින් ආශා කරන වැඩිහිටියන් සමකාලීන ලුබ්ධි ජීවිතයට ඇතුල් වන්නේ මේ නිසා ය. දැන් ඒකමතික මනෝ විද්‍යාවක් සහිත පුද්ගලයෙකු නැත. ඒ වෙනුවට සිටින්නේ, ළමයින් බවට පත් වූ මැදිවියේ මිනිසුන් සහ මැදිවියේ මිනිසුන් බවට පත් වූ ළමයින් ය. දැන් ලංකාවේ බොහෝ මැදපාන්තික නිවෙස්වල අම්මලාට අනුව, ලොලීටා බවට පත් වූ දුවලාව ‘හම්බර්ට්’ – main character of Lolita Novel- බවට පත් වූ පියවරුන්ගෙන් බේරා ගැනීමට සිදු වී ඇත. මේ තත්ත්වය සාහිත්‍ය සුසමාදර්ශයක් නොවේ. ‘ලිංගික වෙනස’ නිල් සිනමාව අහෝසි කළ විට, ආත්මය ගසන කැරැල්ල මතුවන්නේ ව්‍යාභිචාරී තහංචිය අවලංගු කිරීමෙනි. ෆොසිල ඉන්ධන අවසන් වනවාට වඩා වේගයෙන් ලිංගිකත්වයේ අවසන් ඝනීභූත වීම් දිය වෙන්නට පටන් ගෙන ඇත. වූඩි ඇලන්ගේ පවුලට සිදු වී ඇත්තේ මෙම අකරතැබ්බය යි. ව්‍යාභිචාරය ඔවුන්ට තහංචියක් නොව උල්ලංඝණය සඳහා පවතින විනෝදයකි.[super-ego enjoyment] ලිංගිකත්වයෙන් තොරව ‘ලිංගික රසය’ ලැබූ විට ලිංගිකය ද [sex] අතුරුදහන් වෙයි.

                           ඉහත ඓතිහාසික තත්වයන්ගේ සුසමාදර්ශී විතැන් වීම නිසා ලිංගික සදාචාරය ඉක්මවීම විප්ලවීය ක්‍රියාවක් නොව පවතින ක්‍රමයට අලුත් වටයකින් එකතු වීමකි. මංගල සමරවීර විසින් චින්තන ධර්මදාසට දෙන සම්මුඛ සාකච්ඡාවේ දී තමන් සමලිංගික බව විවෘතව කීම තුළ අලුත් ප්‍රවේශයක් නොමැති ය. මන්ද, අද අප ජීවත් වන්නේ පශ්චාත්-තහංචි සමාජයක නිසා ය. මංගල සමරවීරට වඩා ‘භූමි නරේන්ද්‍රන්’ ගැන ජාතිවාදීන් පවා උනන්දුය. මන්ද, දැන් ලිංගික වෙනස ස්වභාවිකත්වයෙන් පූර්ණ ලෙස කතිකාවට මාරු වී ඇතැයි බහුතරය දන්නා නිසා ය.

                           ජනා චාමීන්ගේ කතිකාවට අනුව වූඩී ඇලන් යනු, යථාර්ථයට මඟ පෙන්වන සැබෑ විමර්ශකයෙක් නොවේ. ජනාට අනුව වූඩි ඇලන්ගේ ප්‍රතිරූපය සංකේත ලෝකයේ හතරවන තලයට අයිති ‘භාගීය ප්‍රතිරූපයකි’ (Fractal Image). භාගීය ප්‍රතිරූපයක් බෙදෙන්නේ ඒ තුළම ය. ඒ නිසා, එය වෛරස් ආසාදනයකට සමකය. ඔහුගේ ප්‍රතිරූපය ඊට යටින් ඇති කිසිවකට මඟ නොපෙන්වයි. වෛරසයක් මෙන් එය තමා තුළම බෙදී බෙදී යයි. එමගින්, සැබෑ පුද්ගලයෙකු නිරූපණය නොවේ. ජනා සිතන්නේ, ඇලන්ගේ ප්‍රතිරූපයට යටින් අපිරිමිතව විනෝදවන කිසියම් කෙනෙකු ඇත කියා ය. මෙය දෘෂ්ඨියකි. ඇලන් තමා තුළම භාගීයකරණය වනවා මිස කිසිදු භාහිරත්වයක් නො නිපදවයි. පශ්චාත්-නූතන ධනවාදය විසින් නිපදවන ප්‍රතිරූප – images- අන්‍යභක්ෂක නොව ස්වභක්ෂක ය. ඔවුන් ස්වපීඩක වන අතර විනාශ කරන්නේ තමාව ය.

                             වූඩි ඇලන් ප්‍රපංචය හරහා ජනා චාමීන් යෝජනා කරන්නේ, යහපත් චර්යාවක් සහිත අවංක මිනිසෙකු පිළිබඳ ෆැන්ටසියකි. මෙය දෘෂ්ටිවාදයකි. නරක සමාජයක් තුළ හොඳ මිනිසුන් නිෂ්පාදනය කර ඔවුන් ලවා විප්ලවීයව සමාජය වෙනස් කිරීමේ අවධිය (උදා:- X ව්‍යාපාරය) අවසන් වී ඇත. දැන් අපට සිතිය හැක්කේ, ‘අලුත් සමාජයක්’ ගැන පමණි. ජනා චාමීන් දකින මේ නපුරු සිහිනය මිය යමින් පවතින ධනවාදී සමාජයේ අවසන් රූපකයයි. එනම්, පවුල තුළම ලිංගික තෘප්තිය සෙවීමයි. ජනා චාමීන් සමග විවාද කරන සිංහල වාමාංශිකයන්ගේ බහුතර දෙනාගේ ලිංගික ජීවිතය වූඩි ඇලන්ට වඩා වෙනස් නැත. නමුත් ඔවුන් කතා කරන දේවල්වල අන්තර්ගතය කුමක්ද? සමාජ විප්ලවය යි.

                        21 වැනි සියවසේ සමාජ විප්ලවයට මඟ පාදන්නේ, වූඩි ඇලන්ලා මිස මක්සිම් ගෝර්කිලා නොවේ. ඒ නිසා, සිරගෙවල්වලට ඔවුන් නොයවා ඔවුන් සමඟ ජීවත් වීමට අප පුරුදු විය යුතුය.

Deepthi

++++++++++++++++++++++++++++++++++++++++++++

Click below.

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ජනා චාමීන්ගේ සම්පූර්ණ ලිපිය පහත පළ වෙයි. 

Lolita and Two Heroes.

මිනිසෙකුට තම ජීවිතය තුල එක වරක් පමණක් ලැබිය හැකි සම්මානයක් වු  Golden Globes Life Time Achievement සම්මානය වර්ෂ 2014 දි Woody Allen ලබාගත් නිසා ඔහුට ගරැ කිරිමක් වශයෙන් ඔබ වාඩිගෙන  සිටින පුටුවෙන් නැගිට මේ ලිපිය කියවන ලෙස මම ඔබට ආ‌යාචනය කරමි. 

මුලින්ම Woody Allen ගේ A Midsummer Night’s Sex Comedy චිත්‍රපටය දෙසට හැරෙමු. ලෝ‌කයේ කිසිම රටකටත් වඩා චිත්‍රපට නරඹන්නන් ලංකාවේ සිටින බව ලක්වැසියන්ගේ කතාබහෙන් පෙනියන නිසා ඔබ මෙම චිත්‍රපටය නරඹා ඇ‌තැයි මම බො‌රැවට මාව රවට්ටා ගනිමි. චිත්‍රපට නරඹන මිනිසුන් ප්‍රමාණයටත් වඩා චිත්‍රපට විචාරකයන් ප්‍රමාණයක් ලංකාවේ සිටින නිසා විත්‍රපයට විචාරය බල්ලටම බාරකරමි. විචාර වලින් මගහැරෙන කො‌ටසක් මෙහි තබමි.

හරි දැන් අපි A Midsummer Night’s Sex Comedy චිත්‍රපටය අධ්‍යක්ෂණය කල කාලවකවානුවේදි Woody Allen ගේ තිරය පිටුපස ජිවිතය දෙස බලමු.1976 වර්ෂයේදි Woody ට හමුවෙනවා Christina Engelhardt කියන ලාබාල තරැණිය New York නගරයේ Dalton සුපරි පාසැල ලගදි. ඇ‌ය කියනව මම තාම පාසැල් යනවා මට තාම අවුරැදු 16 යි. Woody ට එතකො‌ට වයස 41 යි. ඒ‌ත් Woody වැඩේ දිල Christina Engelhardt ව තමන්ගෙ ඇ‌ද මත සහකාරිය කරගන්නවා. 1977 දි  Woody ට හම්බවෙනවා Mia Farrow  නම් දික්කසාද වු ගැහැණියව. Mia Farrow ඒ‌ වනවිට දකුණූ කො‌රියාව රටෙන් Yi Previn නම් කුඩා ගැහැණු ලමයෙකු දරැකමට හදාවඩාගන්න බාරගන්නවා. Woody කියනව මම ලමයට තාත්තා වෙන්නම් කියල. දැන් Woody ගේ ඇ‌දේ එක පැත්තක ලාබාල තරැණිය Christina Engelhardt ඇ‌දේ අනික් පැත්තේ දික්කසාද වු ගැහැණියක් වු Mia Farrow. මට මතකයි මම ලංකාවේ සිටිද්දි කියවපු Vanityfair සගරාවකට Christina Engelhardt සම්මුඛ සාකච්චාවක් දිල තිබ්බා . Christina Engelhardt එතන මෙහෙම කියනවා – ” Woody මම ඇ‌දේ ඉද්දි  Farrow වත් එක්කගෙන එනව කාමරයට. Woody අපි දෙන්නත් එක්කම එකම ඇ‌දේ එයා ලිංගික ක්‍රියාවන් කලා. “

A Midsummer Night’s Sex Comedy  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දි Woody ගෙ තිරය පිටුපස සැබැ ජිවිතයත් වෙනම comedy එකක්. තම සැබැ ජිවිතයේ comedy ගතිය චිත්‍රපටය තුලින් සමනය ( generalize )  කරගන්න Woody උත්සාහ කරනවා. ඒ‌ක හරියට ගැහැණු කෙරෙහි තද ලිංගික ආ‌ශාවකින් පිඩා විදින සිරිලංකාවේ දෙඩුම්ශිල්පින්  ජාතිකචින්තනය ධනවාදය කො‌මියුනස්ට්වාදය වගේ මාතෘකා කාටහරි පෙනෙන්න දො‌ඩවල cum words මෝ‌චනය කරගෙන  සමනයවෙන්න හදනව වගේ. මාගේ මේ අදහසට ඔබ එකගවෙන්න බැරිද? 

1979 දි Woody අධ්‍යක්ෂණය කරනවා Manhuttan චිත්‍රපටය. චිත්‍රපටයේ කතාව සරලයි. ඒ‌කත් comedy එකක්. අවුරැදු 42 ක රැපවාහිනි තිර රචකයෙක් New York නගරයේ සුපිරි Dalton පාසැලේ අවුරැදු 17 ක සිසුවියක් සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්විමයි එම චිත්‍රපටයේ කතාව. Woody ම චිත්‍රපටයේ රගපානවා අවුරැදු 42 ක රැපවාහිනි රචකයා විදිහට. 

Woody ගේ සැබැජිවිතයේ සෙල්ලම්  ඔහු විසින් අධ්‍යක්ෂණය Hannah and Her Sisters  කල චිත්‍රපටයෙත් නිරැපණය වෙනවා. ඇ‌යි එතකො‌ට The Purple Rose of Cairo චිත්‍රපටය ??? Woodyගෙ සහ Mia Farrow සැබැජිවිතයෙ කරන මේ සෙල්ලම් ඔවුන් දෙදෙනා විසින් කරන චිත්‍රපට 10 ක විතර අපට පෙනෙන්නට තියෙනවා. සැබැ ජිවිතයේ සෙල්ලම දිගටම යනවා. එනිසා ඔහු අතින් තව තව චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනවා. 

මේ අතරතුර Mia Farrow තවත් අතබාල වසය අවුරැදු 2ක කුඩා ගැහැණු ලමයෙකුව හදාවඩාගන්න බාරගන්නවා. ඒ‌ ලමයට  Dylan Farrow කියල නමක්  Mia Farrow  විසින් දෙනවා. Woody ඒ‌ ලමයටත් තාත්තා වෙනවා. 1987 දි Woody ට සහ Mia Farrow ට දාව පිරිමි දරැවෙකු ලැබෙනවා. පසුකාලෙක මම ඉතාලියේ ඉද්දි කියවු Vanityfair සගරාවකට දුන් සම්මුක සාකච්චානකදි Mia Farrow විසින් කියල තිබ්බා ඒ‌ පිරිමි දරැවාගේ තාත්තා Frank Sinatra වෙන්න ඔනා කියල. සෙල්ලම දිගටම යනවා. ඒ‌ ඒ‌ විදිහට චිත්‍රපටත් ගැහෙනවා. 

අප බලන චිත්‍රපට අපගේ සැබැ ජිවිත තුල ප්‍රතිනිෂ්පාදනය විමේ අවකාශයක් පවතිනවා. එය අවධානමක්. දෙඩුම්ශිල්පින් දො‌ඩවන ගො‌ං මරිමෝ‌ඩ අන්ධකයිප්පු කතා අසාඉදල මො‌ලේ කචල් වෙලා ඔබ ගැහැණුන් ඉදිරියේ තවතවත් පිචං විමට තියෙන අවධානමත් මෙපරිදිමයි. චිත්‍රපට සෙල්ලම යන අතරතුර Woodyගෙ ගෙදර මෙහෙකාරිය දකිනවා හදාගන්න ගත්ත කුඩා Dylan Farrow ගැහැණු ලමයව Woody අනවශ්‍යය විදිහට අතපතගානවා. ගෙදර මෙහෙකාරිය විසින්  Mia Farrow ව මේගැන දැනුවත් කරනවා. ඒ‌ වෙද්දි Woody විසින් Lolita චිත්‍රපටය මේ පවුල තුල Woody රගදක්වනවා. 

තමන්ට වසය අවුරැදු 7 ක් වෙද්දි Dylan Farrow ගැහැණු ලමයා තම මව වු Mia Farrow ට කියනවා Woody තමන්ව ලිංගික කටයුකු වලට පාවිච්චිකරන බව. Mia Farrow එතනදි Lolita චිත්‍රපටයේ Lolita ගෙ අම්මා Charlotte Haze වෙනව. එයා හදාගත් දුවව අපයෝ‌ජනය කරන්න ඉඩහරිනවා. 

මේ බාලඅපචාරය ගැන Woody ට නඩු වැටිල තියෙද්දි තමයි ඔහුට 

Golden Globes සම්මානය පිරිනමන්නේ. නලුවො‌ නිලියො‌ සේරම ආ‌සන වලින් නැගිටල Woody වෙනුවෙන් ආ‌චාරය පුදකරනවා. Dylan Farrow ගෙදර තනියම අඩනව. ඔහො‌ම තමයි කලාවේ හැටි. ඒ‌ කලාවේ තියෙන සෙල්ලම් Left politics ඇ‌තුලෙ දාන්න එක බල්ලෙකුටවත් ඉඩ දෙන්න බැහැ. දැනටමත් සැහෙන සැහෙන සෙල්ලම් ටිකක් කුපාඩි ටික වාම දේශපාලනය අතුලෙ දාල කියල මම දන්නවා. 

නිවසේ ඉහලමාලයේ සො‌ල්දරේක ගබඩා කාමරයකට දිනපතාම අවුරැදු ගාණනක් Woody තමන්ව කැදවාගෙන ගො‌ස් තමන්ට  කල ලිංගික අපයෝ‌ජන ගැන Dylan Farrow වර්ෂ 2018 දි ප්‍රසිද්ධ මාධ්‍යට හෙලිකලා  –  ” මට අවුරැදු 7 යි වසය. තාත්තා මාව සො‌ල්දරේට එක්කගෙන යනවා. මම ගවුමක් ඇ‌දගෙන ඉන්නවා. ඉට පස්සෙ මම ගවුම නැතුව නිරැවතින් පඩිපෙල බහිනවා ” 

තිරයේ ඔබ නැරඹු Woody Allenගේ චිත්‍රපට ඔබ  සිහියට නගාගන්න. මා ඔබට පවසන්නේ තිරය පිටුපස කතාවයි. Woody ගේ චිත්‍රපට තුල Woody ගේ සැබැජිවිතයේ imprint එක ඔබට පෙනෙන්නේ නැතිද? සපත්තු අඩියේ ගැවුනු යම් ජරාවක් සේ real එකේ ගද අප පසු පසු හබා එනවා. එය 100 % ක් සැගවිය නො‌හැක. real එක 100% ක් එලියට දැමියද නො‌හැක. මේ real ගැන Lacan ගේ අදහසයි.  

NEW YORK, NY – SEPTEMBER 11: Woody Allen, Timothe Chalamet and Selena Gomez seen on location for Woody Allen’s untitled movie on September 11, 2017 in New York City. (Photo by James Devaney/GC Images)

ලමා අපචාර ගැන Woody Allen ට ප්‍රසිද්ධ නඩුවක් යන අතරතුර ගෙදර තිබිල Mia Farrow ට අසුවෙනවා හදාගන්න ගත්ත කො‌රියානු ගැහැණු ලමයගෙ නිරැවත් ඡායාරැප. ඒ‌ ඡායාරැප අරගෙන තියෙන්නෙ Woody Allen විසින්මයි. සාහිත්‍යධාරින් කලාශුරින් කලාවෙන් ආ‌න්නදයට කරමින් Woody Allen තමා හදාවඩාගත් Yi Previn දියණිව කසාද බදිනවා. මේ post එකේ ඡායාරැපයේ තිබෙන්නෙ Woody සමග Yi Previn කුඩාකල ගත් ඡායාරැපයක්. දැන් එතකො‌ට Woody ගේ ලිංගික සහකාරියු වු Mia Farrow එකපාරටම Woody ගේ නැන්දම්මා බවට පත්වෙනවා. ඔබ සිටගෙන නේද මේ ලිපිය කියවන්නේ? ඔලුව කැරකෙනවද? තව ටිකක් ඔහො‌මම ඉන්න. තව ටිකයි.

ඔබ හිතනවා ඇ‌ති ඇ‌යි මම මේ එකඑකාගේ කුණු කන්දල් අවුස්සන්නෙ කියල. උංගෙ විතරක් නෙවේ අපේ සිරිලංකාවේ වාම දේශපාලනය කියන මිනිස් නිම්නයේ මො‌කක්ද උනේ?  දෙඩුම්ශිල්පි අවලම්මු මො‌කක්ද කරමින් ඉන්නෙ?  දෙඩුම්ශිල්පින් විසින් වාම දේශපාලනය යනු හෙලිනො‌වු කුපාඩින්ගේ පාරාදිසයක් බවට පත්කරගෙන තිබේ. කිසිවෙකු ප්‍රශ්ණ නො‌කර ඉන්නේ හරියටම Woody ගැන ප්‍රශ්ණ නො‌කල ලමා චිත්‍රපට හදන Disney අධ්‍යක්ෂකලා සේය. Woody ඔහුගේ සැබැ ජිවිතය තුල වෙනත් මිනිසුන්ගේ ජිවිත comedy එකක් කරගන්නා ආ‌කාරය ඔහුගේ චිත්‍රපට තුල ඔහු ඔබට පෙනෙන්නට නැතිද? සිරිලංකා වාම දේශපාලනයට ආ‌ව ගැහැණුන්ව පාදඩ පිරිමි comedy බවට පත්කල ආ‌කාරය ගැන අද වන විට මම දන්නේ නම් ඔබ නො‌දන්නේ කෙසේද? එම ගැහැණුන්ද Woody ව සගවාගෙන සිටි ගැහැණුන්සේ මේ හැදැරිම් පිරිමින්ව සගවාගෙන සිටිම ගැන මට ඉරිසියවක් නැත. Woody Allen ගේ තරම කලාලො‌ව සැවො‌ම දනිති. නමුත් ඒ‌ ගැන කතා නො‌කරති.  හේතුව ඒ‌වා බලරටා ජාලවල් නිසාය. දෙඩුම්ශිල්පින්ගේ  තක්කඩිදකම්ද  සැවො‌ම දනිති. නමුත් එකිනෙකා පිටවල් කසාගනිමින් එකිනෙකාගේ පාදඩකම් ආ‌රක්ෂාකර ගනිති. 

මේවා බල රටාය. බලරටා යනු වාම දේශපාලනය ගැන කතාකරන මගේ මාතෘකාවයි. බලරටා පවතින්නෙ ජාල විදිහටයි. පහත දැක්වෙන ආ‌කාරයට දෙඩුම්ශිල්පින්ගේද බලරටා ජාලයන් හදුනාගැනිමට ඔබ සමත්විය යුතුය- 

Woody Allen අවුරැදු 41 දි වැඩේ දිපු New York නගරයේ අවුරැදු 16 ක Dalton පාසැලේ සිසුවිය Christina Engelhardt ගැන මේ ලිපියේ මුලම මම සදහන් කලෙමි. දින කිපයකට පෙර මම  ” කුඩා සාන්ත ජේම්ස් දුපතේ හො‌ල්මන ” කියා ලිපියක් Facebook පිස්සන් කො‌ටුවේ පලකලෙමි. එහි ලමාඅපචාර මෙහෙයවු Ghislaine Maxwell නම් කාන්තාවගේ ගේ සහකරැවු බෙල්ලෙ වැලදාගෙන මියගිය Jeffrey Epstein ගේ පුද්ගලික ලේකම් වශයෙන් රැකියාව කරමින් හැමතිස්සෙම Epsteinගේ ඔඩො‌ක්කුවේ සිටියේ  Christina  Engelhardt ය. Epsteinගේ රහස්‍යය පාරිභෝ‌ගිකයින්ගේ ලැයිස්තුවේ Woody ගේ නම තිබුනි. කිසිම ගුරැ පුහුණුවක් හෝ‌ උපාධියක් නැති Epstein ඉගැන්නුවේ Woody ගේ Manhattan චිත්‍රපටය තුල පෙන්වන Dalton නම් පාසැලේය.

ඔලුව කැරකෙනවනම් ඔබ දැන් ඉදගන්න.

ඔබේ අදහස කියන්න...