අපගේ සටහන : මෙය මේ සම්බන්ධයෙන් අප දරණ දේශපාලන අදහස නොවේ.අපට ඇත්තේ වෙනම අදහසකි.අප මේ දෙස බලන්නේ දයලෙක්තිකවය. රාජ්‍යය,බදු,නිදහස් සොඛ්‍යය සහ අධ්‍යාපනය අනිත් අතට කම්කරුවන් සහ පීඩිතයින්,මධ්‍යම පාංතිකයින් සමබන්ධව අප දරණ අදහස දෘෂ්ටිවාදය ඉක්මවා යන්නකි.
අප මේ සම්බන්ධයෙන් දරණ අදහස පසුවට බලාපොරොත්තු වන්න.

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල – 1

මේ මාතෘකාව පිළිබඳව මැදිහත් නොවී සිටීමට සිතා  සිටියත් දිනෙන් දින ශ්‍රී ලංකාවේ මතුවන අරගල හා සාකච්ඡා සංවාද තුල එය ඉතාමත් අපහසු බව දැනේ.   මුහුණු පොතේ (facebook) පලවූ පින්තුර දෙකකින් තවදුරත් මෞන වෘත්තය රැකීම නොකළ හැක්කක් බව මට පසක් විය. මින් එකක් වුයේ කෙලින්ම සයිටම් ආයතනයේ පැත්ත ගන්නා  අපේ බ්ලොග් මිත්‍ර මාතලන් පළ කල පින්තුරයකි. ඔහුගේ බ්ලොගයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂාපාතීව ලිපි කිහිපයක්ද පලවිය.  ඔහුගේ මේ පින්තුරයට බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි.
මේ තර්කයට මටද එකඟ විය හැකිය.  ගණිතයෙන් අපොස උසස්  පෙළ සමත් වන සිසුන්ට මොරටුව, පේරාදෙණිය ය ආදී විශ්ව විද්‍යාල වලට අමතරව තවත් විශ්ව විද්‍යාල ගණනාවක් තිබේ. එසේම විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි නම් වෙනත් තාක්ෂණික පාඨමාලා ද තිබේ. එසේත් නොමැති නම් SLIIT වැනි  ආයතන තිබේ. ගණකාධිකාරී විභාගයකට වුවද උගත හැකිය.  මේ සමහර ආයතන වලට  මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත යුතු වුවත් ඒවාට විරුද්ධව ශිෂ්‍ය උද්ඝෝෂණ ඇති වන්නේ නැත.
 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ කිහිපයක්ම තිබේ. වෛද්‍ය විද්‍යා උපාධියට ලකුණු මදි නම්, දන්ත වෛද්‍ය විද්‍යාව, සත්ව වෛද්‍ය විද්‍යාව (veterinary science) , කෘෂිකර්ම  විද්‍යාව ද (agronomy )විශ්ව විද්‍යාල වල උගත හැකිය.  එසේත් නොමැති නම් ඖෂධ වේදී පාඨමාලාව හැදෑරිය හැකිය.

 
කිසියම් ශිෂයෙකුට මේ අවස්ථා තිබියදීත් වෛද්‍යවරයෙකු වීමටම ආශාවන් ඇති විය හැකිය. එකළ  මගේ මිතුරෙකු තෙවරක්ම අපොස උසස්  පෙළ කළේය. පළමු වර දන්ත වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය ලකුණු තිබුණි. දෙවන හා තෙවන වර විශ්ව විද්‍යාලයට යා හැකිව තිබුණු මුත් වෛද්‍ය පීඨයට  යාමට නොහැකි විනි. බයෝ සයන්ස් කල ඔහු ජපානයේ ආචාර්ය උපාධිය කළේය.
 
එවැන්නෙකුට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල  තිබුණි නම් තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව තිබුණි. ඔහු සාමාන්‍ය  මැද පන්තියේ පවුලක සිසුවකු මිස ධනතියෙකුගේ දරුවෙකු නොවිය.
 
එකල බොහෝ දෙනා පිටරටවල අධ්‍යාපනය  සඳහා ගිය බව මම දනිමි. අප වැනි අයට  රජයේ ශිෂ්‍යත්ව ලැබුණු අතර තවත් අය  මුදල් ගෙවා ඉගෙනීමට ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට ගියහ. එසේ ඇමෙරිකාවේ උසස් විශ්ව විද්‍යාලවල  උගත් ඇතැමුන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විද්‍යාල ඇරඹීමට විරුද්ධ  වෙති. “අපි ඇමෙරිකාවේ ගිහින් සල්ලි දීල ඉගෙන ගත්තට මුන්ට එහෙම ඉඩ දෙන්න පුලුවන්ද” යන තර්කය එතන ඇති යයි සිතමි.
 
අපේම සහෝදර සිසුන්ට අවශ්‍ය නම් මුදල් ගෙවා ඉගෙන ගැනීමට ඉඩ දීමට අපට නොහැකි ඇයි? මෙය කුහක කමක් නොවේද?  ඔවුන්ද අපොස උසස් පෙළ සමත්ය. සමහරුන්ගේ දෙමාපියන්ට මුදල් තිබේ. සමහරු ණය රැගෙන හෝ ඉඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය දෙති. ජර්මනියේ හා ස්වීඩනයේ නිදහස් අධ්‍යාපනය තිබෙන අතර පෞද්ගලිකව අධ්‍යාපනය ලැබීම සඳහාද ඉඩ තිබේ.
 
දෙවැනි පින්තුරය කවියක් ද සහිතවම පළ කර ඇත්තේ  ඇත්තේ මගේ තවත් හිතවතකු වන පෙරේරා හිල්මි  සුපුන් සහෝදරයාය. වාමාංශික අදහස් ඇති ඔහු ඉතාලියේ වෙසෙන්නෙකි. ඔහුගේ කවි බොහොමයක් වෙබ් අඩි වල පළවේ.
මේ ඔහුගේ කවියයි.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය
අද රෑ නිදි වරන්නේ
හෙට උදේ අවදිවෙන
ඔබේ දරුවන්ගේ
අධ්‍යාපනයේ නිදහසත් 
නිදහස් අධ්‍යාපනයත්
රැකගැනීම වෙනුවෙනි
හිල්මි සුපුන්
13072016
පින්තුරයේ දැක්වෙන්නේ පසුගියදා පිටකොටුවේ සයිටම් එකට විරුද්ධව හා නිදහස් අධ්‍යාපනය රැක  ගැනීමට අරගලයක  ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. ඔවුන් සියල්ලෝම පාහේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල නිදහස් අධ්‍යාපනය ප්‍රතිඵල ලබන්නන්ය.
 
දොළොස්වන ශ්‍රේණිය  දක්වා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ මා ප්‍රථම උපාධිය ලැබුවේ සෝවියට් දේශයේ විශ්ව විද්‍යාලයකිනි.  එනම් සෝවියට් රජය අපගේ ඉගෙනුම සඳහා  වියදම් කලේ සෝවියට් වැසියන් ගේ බදු මුදල්ය. සෝවියට් දේශය තම වැසියන් සියල්ලන්ටම නිදහස් අධ්‍යාපනය දුන් රටකි. මේ පින්තුරයට ද මම බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි. ඒ මා නිදහස් අධ්‍යාපනයෙන් පල ලබා ගත්  අයෙකු බැවිනි.
 
 මා උගත් විශ්ව විද්‍යාලය රුසියානු රජයට අයත් වුවත් දැන් ඕනෑම අයෙකුට මුදල් ගෙවා එහි උගත හැකිය. එනම් ශිෂ්‍යත්ව වලින් පැමිණ නොමිලයේ ඉගෙනුම ලබන රුසියානු සිසුන්ට අමතරව ඉතිරි අයට හා විදේශික සිසුන්ට  මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකිය. මෙසේ වුයේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු අවම වශයෙන් ගුරු වැටුප ගෙවීමට පවා විශ්ව විද්‍යාල වලට මුදල් හිඟවූ හෙයිනි. රටේ ආර්ථිකයද  බිඳ වැටී තිබුණි.
 
ජනාධිපති පුටින් විසින්  රට ගොඩ නගන විට විශ්ව විද්‍යාල වලට මුදල් අයකර සිසුන් ඇතුලත් කර ගත හැකි ලෙස නීති වෙනස් කළේය.
 
බ්‍රිතාන්‍යයේ රජයේ  විශ්ව විද්‍යාල වලට විදේශික සිසුන්ට පැමිණ මුදල් ගෙවා උගත හැකිව තිබුණි. දේශීය සිසුන්ට ඉතාම අවම මුදලකට ඉගෙනීමේ හැකියාව තිබුණි.
 
හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශ්ව විද්‍යාල වලට නොමිලේ අධ්‍යාපනය දීමට නොහැකි යයි පවසා වසරකට පවුම් 3000 දක්වා ගාස්තු වැඩි කළේය. කැමරන් ගේ රජය එය පවුම් 9000 දක්වා වැඩි කළේ ය. බැංකු ණය ලැබෙන මුත් සිසුවෙකුගේ  වසර හතරක සාමාන්‍ය උපාධිය අවසන් වන විට පවුම් 36000 ක ණයකාරයෙකු වී හමාරය.
 
 මේ නිසා මම එයට එරෙහිව කටයුතු කරන සංවිධාන වලට හා ජෙරෙමි  කෝබින් නමැති කම්කරු  පක්ෂයේ  නායකයා ට සහයෝගය දෙමි. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසු කම් ලැබුවන්ට නැවත වරක් නිදහස් අධ්‍යාපනය දීමට යෝජනා කරයි. නමුත් බ්‍රිතාන්‍යයේ කිසිදු පුද්ගලික අධ්‍යාපන ආයතනයක් වසා  දැමෙන්නේ  නැත. මුදල් ගෙවා ඉගෙනීමට අවශ්‍ය අයට ඒ පහසුකම නැති කරන්නේ නැත.
 
බ්‍රිතාන්‍යය වැනි රටක අධ්‍යාපනය නොමිලයේ ලබා දිය හැකිය. අප සියලු දෙනාම අපේ බදු නොවැරදීම ගෙවන හෙයිනි. නිදහස් සෞඛ්‍ය  සේවාවට යන්නේ අප ගෙවන බදු මුදල් වලින් කොටසක්ය. ඇතැම් අති විශාල බහු ජාතික සමාගම් බදු ගෙවීම අඩු කිරීමට නොයෙක් උපක්‍රම යොදන  නමුත් බොහෝ සුළු වෙළඳම් හා මධ්‍යම ප්‍රමණයේ ව්‍යවසායකයන් නිවැරදි ලෙස බදු ගෙවති.
 
එසේම ජර්මනියේ හා ස්වීඩනයේ තත්වයද මෙසේමය. ඒ රටවල ජනතාව  තම ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවති. එම රටවල  නිදහස් අධ්‍යාපනයට, නගර ගොඩ නැගීමට, සඛ්‍ය සේවයට යෙදවෙන්නේ එම බදු මුදල්ය.
 
ඉහත වැකි ලියන ඉතාලියේ වෙසෙන හිල්මි සහෝදරයාගේ යහළුවන් ගේ දරුවන් සමහරක් එංගලන්තය වැනි රටවල ගෙවා උගෙනීම  ලබන බව ඔහු දන්නවා ඇති යයි මම සිතමි. එයට මගේ විරුද්ධත්වයක් නොමැත. නමුත් තමුන්ගේ ළමුන්ට එය අනුමත කරනවා නම් ලංකාවේ ළමයෙකුට එසේ අධ්‍යාපන ලැබීමේ  අයිතියක් නැත්ද යන ප්‍රශ්නයට ඔහු ගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. මා  දන්නා වාමාංශිකයන් බොහොමයකගේ දරුවන් එසේ මුදල් ගෙවා ඉගෙනීම ලබති.
 
ලංකාවේ සිටින්නේ බදු ගෙවන ජනතාවක් නොවේ. ඉතා ටිකක් බදු ගෙවන රජයේ සේවකයන් හා ව්‍යාපාර කිහිපයක බදු මුදලින් සහනාධාර ලබන ජනතාවකි. කන්නට මුදල් ලැබෙන්නේ ණයටය. කන්න හා ජිවත් වෙන්න මෙන්ම අති විශාල දේශපාලන නළුවන් රැසක් නඩත්තු කරන්නේ ණයෙනි. ණය  වාරික ගෙවන්නේ පිටරටවල වැඩ කරන අය එවන මුදලින්, තේ අපනයනයෙන්   (තේ නෙලන කම්කරුවන් ගෙන්), නිමි ඇඳුම අපනයනයෙන්   හා අනිකුත් සුළු අපනයන ද්‍රව්‍ය වලිනි. යුරෝපා සංගමයට  නැවත මාළු අපනයනය කිරීම පටන් ගෙන තිබේ.. (තහනම් ව තිබුණි) වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට යන්න.
 
ඉතින් මෙවැනි රටකට නිදහස් අධ්‍යාපනය සඳහා  මුදල් වියදම් කිරීමට මුදල් නැත. එසේ වුවද රජය විශ්ව විද්‍යාල අටක් පමණ නඩත්තු කරයි. විශ්ව විද්‍යාලයට යා නොහැකිව අතරමන් වෙන සිසුන්ගෙන් සුළු කොටසක් සයිටම් එකේ උගනිති. . කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේද කොටසක් මුදල් ගෙවා උගනිති. ඔවුන්ට විරුද්ධව උද්ඝෝෂණ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවේ. සයිටම් එකට  පමණක් විරුද්ධ වන්නේ ප්‍රමිතිය නිසා නම් ප්‍රමිතිය ගැන කතා කරන්න. එසේනම් එයට නිදහස් අධ්‍යාපනය අදාල නැත. නිදහස් අධ්‍යාපනය අවසන් කරන්නට කවුරුත් සැරසෙන්නේ නැත. එවැන්නක් මහින්ද රජය කිරීමට සරසි සිටියේ නැත. එදා අධ්‍යාපනයට 6% ඉල්ලා  පෙළපාලි ගිය සිසුන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මිය ගියහ. එය හදිසි අනතුරක් නොවේ යයිද කියති.   මේ  රජය නිදහස් අධ්‍යාපනය එහෙම පිටින්ම පෞද්ගලික අංශයට දෙන කතාවක් ද  නැත.   එසේනම් මේ හිල්මි සහෝදරයා කියන “ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් රැකගැනීම වෙනුවෙනි ” යන අදහස මතභේදයට තුඩු දෙන එකකි.
 
මේ දේශපාලන ක්‍රමයේ දුර්වලකම් බොහෝ තිබේ. දේශපාලකයන් ගේ වරප්‍රසාද හා පඩි නඩි අඩු කර ඒවා අධ්‍යාපනයට යොදවන්නැයි කියා අරගල කළ හැකිය. එසේ නැතිනම් සිසුනට  කල හැකි අනිත් දෙය නම් සමජවාදී සමාජයක් හා රටක් සඳහා සටන් කිරීමය.  නමුත් ශිෂ්‍ය සටන් ව්‍යාපාරයකට පමණක් එවැන්නක් සාක්ෂාත් කල නොහැකි බව අප අත්දැකීමෙන් දන්නෙමු. එවැනි අරගල දෙකකින් එකක් කැරැල්ලට  ජනතා සහයෝගයක් නොතිබූ නිසා   නිසා අවසන් වූ අතර අනෙක  දේශපාලන ත්‍රස්තවාදයකට පෙරලි දරුණු ලෙස මුදා හළ රාජ්‍ය භිෂණයකින් කෙළවර විය.
 
කෙසේ හෝ වේවා එසේ රජයක් පිහිටෙව්වා යයි සිතමු.  එසේ  පිහිටුවන රජයකට කියුබාවේ මෙන් නිදහස් අධ්‍යාපනය දිය හැකිය. කියුබාවේ නිදහස් සෞඛ්‍ය සේවය ලෝකයේ ප්‍රසංශාවට පාත්‍ර වුනු එකකි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෙදවරු, හෙදියන් වූ කියුබානුවන් ආරෝග්‍යශාලා වල තමන්ගේ සේවා මුරය අවසන් වූ පසු සංචාරකයන්ට මාර්ගෝපදේශකයන් හෝ ටැක්සි රියදුරන් ලෙස වැඩ කරමින් අමතර මුදලක් උපයති. ඒ ලැබෙන පඩිය ප්‍රමාණවත් නොවන නිසාය. කියුබාවේ අනිකුත් ජනතාවට ජිවත් වීමට එතරම් මුදල් නැත. රජයෙන් සලාකයට දෙන  දේ කා ජිවත් වෙති. නිදහස් අධ්‍යාපනය  වෙනුවෙන් ඔවුන් බදු ගෙවන්නේ තමන්ට වඩා  හොඳින් ජිවත් වීමට තිබෙන හැකියාව උකස් කරමිනි. නමුත් කියුබාවේ ඒ තත්වය දැන් වෙනස් වෙමින් යයි. එසේ වෙනස් වන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය විසින් රාජ්‍ය ධනවාදය මූලික කොටගත්  ආර්ථික ක්‍රමය  තව දුරත් පවත්වා ගෙන යා නොහැකි බව වටහාගෙන සිටින නිසාය.
 
ස්වීඩනයේ හෝ ජර්මනියේ ජනතාව දිළින්දන් නොකර මෙම නිදහස් අධ්‍යාපන අයිතිය ලබා දී තිබේ.
 
 ශිෂ්‍ය අරගලයකින් පමණක් සමාජවාදී ආණ්ඩුවක් පිහිටවිය නොහැකිය. ඒ සඳහා අනිකුත් වැඩකරනජනතාව ගේ උදව් අවශ්‍යය. නමුත් අවම වශයෙන් ගාමන්ට් වල වැඩ කරන සේවකයන්  පවා තම සුළු බදු මුදලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වියදම් කිරීමට කැමති නැත. රටේ අනිකුත් ජන කොටස් වල මතයද එසේමය.
 
ලංකාවේ මිනුසුන් එවැන්නකට කැමති කර ගන්නට ඔබට ඇති හැකියාව ගැන මගේ විශ්වාසයක් දැනට නැත.
 
සයිටම් එකේ ඉගෙන ගන්නේ ඇමැති දු පුතුන් නම් ඔවුන් එතනට ගීයේ අදාල අපොස උසස් පෙළ ප්‍රතිඵල නොමැතිව නම් එයට විරෝධය පල කරමු. නමුත් අනිකුත් සිසුන්ට ඇති ඉගෙනීමේ අයිතියට ගරු කරමු.
 
(නිදහස් අධ්‍යාපනය සඳහා අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ගෙන යන අරගලය ගැන මගේ මතය ඉදිරියේදී වෙනස් කරන බව  වාමාංශික පක්ෂයකට සහය දෙන මගේ ඉතා සුහද මිත්‍රයෙකුට පැවසුවෙමි. මේ ලිපිය එහි ප්‍රතිඵලයකි.මේ ලිපිය මෙතනින් අවසන් වන්නේ නැත. මේ ලිපි පෙළ මා ලියන්නේ තවත් අත්දැකීම් කිහිපයක් අදාළ කරගෙනය. ඒවා ඉදිරි ලිපිවල පළවනු ඇත)
Ajith Dharmakeerthi
888888888888888888888888888888888888888888888888888888888888888888888888888888

මම කොයි වගේද ?

දොස්තරලාගේ PMC විරෝධය…… 2

 (කොන්)දොස්තරලාගේ PMC විරෝධය…...ලෝකයේ බොහෝ දියුණු රටවල වැඩිපුර ඇත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය. ඒවාත් වසා දැමිය යුතුද? පාර බ්ලොක් කරගෙන කචල් දාන්නේ මේකට ප්‍රමිතියක් නැති නිසානොවේ. .එසේනම් කෑගසිය යුත්තේ ප්‍රමිතියක් ඇතිකරනු කියාය. තමන් ඉගෙනගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, ලැබ්වල කෙමිකල් නැත, උපකරණ යල්පැනගොස් කැඩීබිඳී ගොසින්ය. කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. ළමයින්ගේ හොස්ටල් ගවගාල් වැනිය. ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද . මේ කෑගහන දොස්තරලාගේ දරුවෝ…. බංගලිදේශයේ,ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ,පිලිපීනයේ,රුසියාවේ,ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන්කරන්නට දඟලන ඒකත් මේ වගේමය. ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ හොද්ද බොරවෙන බව දන්නා නිසාය . නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩදෙන්නේ නැත. මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ. බංගලිදේශේ වෛද්‍ය විද්‍යාලයේ සහතිකය වෛද්‍ය සභාව ඉහලින්ම පිළිගනියි. මේකේ කොලිටිය නොම්මර එකය.  බංගලිදේශේ ඉගෙනගත්ත ඕනෑම (අවංක ) දොස්තර ළමයෙකුගෙන් මේකේ විභාගවල…ලෙචාලාගේ…කොලිටිය ගැන අසා දැනගත හැකිය.
                                                              රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන්ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑගසන්නේ වෙන මොකවත් නිසා නොවේ… දොස්තරලා වැඩිවී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය. හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් කරන….ලයිට්කණුවට එකගානේ ඇති ලේ/ මූත්තරා….මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ? ගෙඩියක් පලා බෙහෙත්දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය . මේවාට අනුබද්ධ රජයේ MLT ලාම වැඩකරන ලේ මූත්තරා චෙක් කරන ලැබ් වලද වැදගත් උපකරණයකට ඇත්තේ මයික්‍රස්කෝප් එක පමණකි. කිසිම ප්‍රමිතියක් නැත. දෙගොල්ලෝ එකතුවී ගානට පොල් කඩා ගනිති !
                  වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති. මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම….තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන)  විකුනා, රෝහලෙන් පැනගොස්…තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම්  රන්කිරීම. මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය. ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා…ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි. මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේලියන මොහොත අල්ලා ගෙදරයවා නැත. ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි…පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත…මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත….ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය. දොස්තර කුමන වරදක් කලත් තමන්ගේඑකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි. බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි. ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ? ෆුල් ටයිම් කඩමු පොල් !. ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය. ගම්බද  රෝහල්වල PP සඳහා එකිනෙකා මරාගැනිල්ලද උග්‍ර තත්වයට පැමිණ තිබේ. එකෙක් අනිකාගේ වතුර ටැංකියට වස දමයි (තනමල්විල රෝහල ), නැත්නම් වෙඩිතබා මරයි (බොරකන්ද රෝහල ). විනය අතින්ද දැන් කාලේ දොස්තරලා අන්තිම ඉහලය…කෙල්ලෝ දූෂණය කර නමවෙනි තට්ටුවෙන් බිමට දමයි (රාගම රෝහල ), වැසිකිලියේ කැමරා හයි කරයි (අනුරාධපුර රෝහල) හිපොක්‍රටිස් පරාදය…බහුතරයක් දොස්තරලා PP පටන්ගන්නේ වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ සිටියදීමය.
                                             දත් දොස්තරලා…හීන්නූල් කාරයෝය…එක්කෝ චෙයාර්එක කැඩිලාය…එක්කෝ ලයිට්නැත…නැත්නම් වතුරනැත…ෆිලින් මැටීරියල් නැත…එහෙමත් නැත්නම් උදව්කරන  සුලුසේවකයා නිවාඩුය. දත්ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත. ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම්ගසමින්/ෆේස්බුකියේ කැරකෙමින් සිට දවල් 11වනවිට පැනගනියි. ඩයරිය චෙක් කලොත් උදේ 8සිටසවස4 දක්වා වැඩකර තිබේ. කරන ඔන්කෝල් එකක් නැතත් ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ. පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි. මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය. දත් දොස්තරලා වැඩකරන්නේ උදයවරුව පමණකි….පුළුවන් නම් ඕනෑම රජයේ රෝහලක දන්ත ශල්‍යාගාරයකට හවසට ගොස් දතක් ගලවාගන්න…පුළුවන් උනොත් මගෙන්…අනර්ඝ තත්වයේ  බොරු දත්සැට් එකක් තෑගි ! කඩාපනින හමුදාව චෙක් කලොත් පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ. පුද්ගලික දත්කඩයේ ජෙනරේටර්, වතුර,ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර්එකක් තිබේ…හෝගාලා වැඩය. දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති. දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩිවැඩිවීම් දත්දොස්තරලාටත් ඉබේම ලැබේ. ෆුල් ආතල්ය.                       දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි. එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා) හවසට අනික් දෙදෙනාගෙන් එක්අයෙක් කවර් කරයි. තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත. වෙනදා එක දොස්තරකෙනෙක් පමණක්සිටිMOH ඔෆිස් වල පවා දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති. වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණගැසෙන්නේ පඩි දිනයට පමණකි. හවස 3:30 වනවිට සුළු සේවකයෝත් ඔෆිස් එක වසා දමා ගෙදර දුවති. සියළු දෙනාම ෆීල්ඩ් එකේය.සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස්එකක්මෙන් දොස්තරලාගෙන් පුරවාතිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.
                                                         චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය. හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ…. රෑ අටවෙන තුරුත් පැමිණ නැත. රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑගහන ලෙඩ්ඩු…රෝගී මූණූ, හපුටු කරගෙන මනා ඉවසීමෙන්… සීරුවෙන්… ප්ලාස්ටික් පුටු රත් කරමින් බලාසිතිති. ඔන්න…. චැනල් සෙන්ටර් කීපෙකට ගොස් සල්ලි පොට්ටනිය කාර්එකේතැබූ එතුමාණෝ…. නලාව කරකවමින්…පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි…. වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න….ලවුස්පීකරේ කෑගසයි… ලෙඩ්ඩු දොරගාව පොරකති. සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න…හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට…ඉක්මනට…සුදු කොටගවුම් ගැටිස්සී මොරදෙයි. පුදුම හදිසියකි. මොකද අමාරුව…වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න…තව 68දෙනෙක් ඉන්නවා…විනාඩි පහයි ගේම ඉවරයි පුදුම රෝගී පරීක්ෂාවකි…සයිටම් වගේ නොවේ…කොලිටිම රෝගී පරීක්ෂාවකි….කොම්පියුටරයක් වගේය …හරි…හරි…මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න…දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.) Proper history taking, inspection, palpation, percussion, and auscultation…Hutchison’s Clinical Methods…පොතේ වගේමය…differential diagnosis? side effects of drugs? එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න…මේව බොනව හරිද… නාන්නද සර්..හොඳට නාන්න…ඊළඟ එන්න…මොනවද සෑර්කන්න හොඳ…ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි….මාමයිට් බොන්න…ඊළඟ එන්න.
මේ කරන සෙල්ලම…තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්…අවම වශයෙන්   අවරුදු දහයකට හිරේ ගොස්….ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය.
                              සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්) දොස්තරට 1000යි. දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා)  දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත් වාර්ෂික ආදායම 50X 1000 X 330 = 16500000 + (වාර්ෂික වැටුප් )1800000 = 18300000 (ලක්ෂ 183යි, ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්‍රණ හැර )…නෑ…කොහෙත්ම පාඩු නෑ! .            
                            දැන් කියන්නට යන්නේ රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි. ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ. මේකේ සාමාජිකයෝ දොස්තරලාය. නියමෙටම  හොද්ද බොර කරගෙන….කොළඹ ස්විමින්පූල් සහිත  ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි. කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන…කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත. කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි. පාට වෙනස් වෙයි…(මේ බෙහෙත් ගබඩාකර ඇත්තේ වායුසමනය කර නොමැති සාමාන්‍ය ගබඩා වලය.) එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සියගණනක් වසරකට නිකුත් කිරීමයි. මේවනවිට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම කඳසුරිඳු පිහිටයි). මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න.
                                            මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත් බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත. මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති, පෙන්ෂන්යනතුරුම මහජන මුදල් ගසාකමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත)…. දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය. විසඳුම එයයි. මෙසේ කළහොත් දොස්තරලා මාසහයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත.
                                                            PMC එකෙන් පිටවන බාලකොලිටියේ දොස්තරලා රජයේ සේවයට බඳවා ගැනීමට මාත් තදින්ම විරුද්ධයි. ඔවුන්ට පුද්ගලික රෝහල් වල රස්සා කිරීමට බලකල යුතුය. රජයේ කොලිටි දොස්තරලා පුද්ගලික රෝහල් වලින් වහාම ඉවත්විය යුතුය. එවිට…හවස 4 වනවිට දොස්තර  තාත්තාගේ මුහුණ දැකගැනීමට ළමයින්ට ඉඩ ලැබෙනු ඇත. නැත්නම් තාත්තා ගෙදර එන්නේ රෑ 12ටය. මෙසේ කලවිට සල්ලිකාර ධනපතියෝ PMC එකෙන් පිටවන මේ බාල කොලිටියේ දොස්තරලාගෙන් බෙහෙත් අරගෙන මිය පරලොව යනු ඇත…ඉතිං අපට පාන් ද ? මේ ධනපතියෝ භංගවූ පසු…අපේ රට ශීග්‍රයෙන් සමාජවාදය කරා යනු ඇත…බොරු නම් කොමියුනිස්ට් ධර්මයේ පියා වන…අපේ ප#ය මහත්තයා ගෙන් අහන්න !    

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ලන්කාවෙන් යුරෝපයට ගිය කාටහරි ඇත්තටම යුරෝපියානුවෙක් වීමට අවශ්ය නම් පලමුවෙන්ම කලයුත්තේ සින්හල පත්තරවලට බයිලා ලිවීම නතර කිරීමයි.

  2. බයිලා අහන්න විතරද කැමති? බයිලා කියවන්න කැමති අයත් ඇතිනේ. යුරෝපියනුවන්ට සිංහල පුලුවන්නම් ලිව්වම මොකද හිටං

Comments are closed.