ගාමිණී විජේතුංග මහතා පළමුවෙන්ම මා හඳුනා ගත්තේ කොළඹ කොටුවේ එවකට පැවැති ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ‘දෙසතිය’ කාර්යාලයේදීය. ඒ 80 දශකය මුල සිනමාවට භක්තිමත් තරුණයකු ලෙසය. ඒ යුගයේ ‘දෙසතිය’ යනු දෘශ්ය සංස්කෘතිය හොඳම ආකාරයට නිරූපණය කළ සඟරාවයි. එකල බොහෝ ජනමාධ්යවේදීන්ට ‘දෙසතිය’ට ලියන්නට වුවමනාවක් තිබුණේය. කලාව සහ මාධ්ය ක්ෂේත්රයේ එවකට පරමාදර්ශයක් වූ ඔහු සමඟ සමීපව ආශ්රය කරන්නට මට හැකි වූයේ ඊට දශකයකට පසුවය. ඒ වනවිට අපි දෙදෙනාගේම දෛවය විසඳී තිබුණේ වෙන විදිහකටය.
90 දශකය මැද වන විට සිනමාකරුවකු වීමේ සිහිනය මා විසින් අතහැර තිබුණු අතර ගාමිණී ද තම ජනමාධ්ය ජීවිතය අතහැර දැන්වීම් කලාවට සහ විචාර කලාවට අවතීර්ණ වී සිටියේය. 90 දශකය මැද වන විට ලංකාවේ වාමාංශික චින්තනයේ ඌන සංවර්ධනය ගැන මට අලූත් මතකයක් පැවති අතර ඒ සඳහා අනුග්රාහකයෙක් අවශ්ය විය. මා ලියන දේවල් එවකට පළ වූයේ ‘හිරු’, ‘යුක්තිය’,‘ප්රවාද’ වැනි සීමිත පාඨක පිරිසකට ගමන් කරන ප්රකාශන හරහාය. ඊට අමතරව එකල මා කළ දේශපාලන පන්ති කොළඹ විශ්වවිද්යාලයේ පන්ති කාමරයකට හිර වී තිබුණේය. අනෙක් අතට පැරණි වාමාංශික චින්තනයෙන් සහ භාවිතාවෙන් කැඞී වෙන් වී අලූතින් ගොඩනගන X දේශපාලන ව්යාපාරය සඳහා අලූත් අවකාශයක් අවශ්ය විය. මේ සඳහා දිරි දුන් සිවිල් සමාජයේ පිරිස ඉතා සීමිත විය. අනෙක් අතට පැවති ජනමාධ්යවල හැඩය සහ පෙනුමේ සිට අන්තර්ගතය දක්වා ගතානුගතික විය.
ගාමිණී විජේතුංග සහ මා අතර සිනමාව අරබයා ඇති වූ නව කතිකාව නිසා මගේ චින්තනය සමාජ ගත කරන්නට අවශ්ය සමාජ අවකාශයක් ඔහු ද ගවේෂණය කරන්නට විය. 96 වර්ෂයේ දිනක රැුහැන් දුරකතනයකින් මට ඇමැතුමක් දුන් ඔහු අමුත්තකු හමු වීම සඳහා හෙට කිරුළපන බෝ ගහ අසලට එන ලෙස දැනුම් දුන්නේය. පසුදා ඔහු කී පරිදි එම අමුත්තා හමු වීමට එතැනට ගිය අතර ගාමිණී සහ එම අමුත්තා සමඟ සාකච්ඡුාවක් ඒ අසල තිබූ හෝටලයක දිගට ඇදී ගියේය. එවකට තැපැල් සහ විදුලි සංද්ශ ඇමැතිවරයාට අනුබද්ධ ‘මාතොට’ සඟරාවේ කතෘ මණ්ඩල සාමාජිකයෙක් ලෙස බැඳෙන්නට ඉන්පසු මම තීරණය කළෙමි. එතෙක් පැවති මළ කෑ වාමාංශික චින්තනය සහ භාවිතාව වෙනස් කරමින් ‘පශ්චාත් – නූතනවාදය’ නම් ගර්හිත නාමය මඟින් රට පුරා මගේ අදහස් ප්රචාරය වූයේ ‘මාතොට’ සඟරාව මඟින්ය. හොඳට හෝ නරකට අද දක්වා මගේ චින්තනය සමාජගත වී ඇත. ගාමමමිණී විජේතුංග නම් මිනිසා නොමැති වූයේ නම් අද වන විට මගේ සමාජ ජීවිතය මීට වඩා බොහෝ දුප්පත් වීමට නියමිතව තිබුණි. ‘මාතොට’ නොමැති වූයේ නම් පසුව මට මුණ ගැසුණු බොහෝ මිනිසුන් හමු නොවන්නට ඉඩ නොතිබුණි.
එදා ගාමිණී සමඟ මා හමු වූ අමුත්තා රුවන් ෆර්ඩිනැන්ඩස්ය.

 

පශ්චාත් – නූතනවාදය
 ලංකාවේ දී පශ්චාත් – නූතනවාදය ලෙස අත්විඳින අත්දැකීම ඔබට හමු වූයේ 90 දශකයේ මුලදීය. බොහෝ දෙනෙක් එය වටහා ගත්තේ අනඓතිහාසික ප්රපංචයක් ලෙසිනි. නැතහොත් අහසින් කඩා වැටුණු සංකල්පයක් ලෙසිනි. නමුත් පශ්චාත් නූතන තත්ත්වයක් බිහි වූයේ ධනවාදී ආර්ථිකයේ සිදු වූ ව්යුහාත්මක විපර්යාසයක් නිසාය. මෙම විපර්යාසය අපට උපරි – ව්යුහය තුළ සම්මුඛ වූයේ පදනම/ උපරි – ව්යුහය සංවාදය ලෙසිනි. මෙය අපට දේශපාලන තලයක දී ප්රකාශ වූයේ මාක්ස්වාදී ප්රොබ්ලමැතිකයක් වශයෙනි. ප්රොබ්ලමැතියක් යනු වර නැගෙන ප්රශ්නයකට නිසි පිළිතුරක් නැති විට ඒ සඳහා පිළිතුරු විශාල ගණනක් නිර්මාණය වීමයි.
පසුගිය දශක හතරක පමණ කාලයක සිට ප්රාග්ධනය සංකේන්ද්රණය වන මාදිලිය ගෝලීය වශයෙන් එක තැනකින් තව තැනකට විස්ථාපනය විය. මෙමඟින් අප ඉහත කී මාක්ස්වාදී සුසමාදර්ශී විතැන් වීම සලකුණු විය. මහේක්ෂ ආර්ථික දෘෂ්ටිකෝණයකින් කල්පනා කරන විට ඕනෑම නිෂ්පාදන මාදිලියක් තමන්ට ආවේණික විරුද්ධ පැත්තක් නිර්මාණය කරනවා. 50 – 70 දශකය දක්වා පැමිණියේ ප්රාග්ධනයේ අනුහස් සහිත දැවැන්ත සමාගම් සාම්ප්රදායික ධුරාවලිගත නිලබල රටාවක් හරහා කර්මාන්තශාලාවල ශ්රමිකයන් පාලනය කිරීමයි. මේ සඳහා දේශපාලන ශබ්දකෝෂයේ ඇති වචනය වන්නේ ෆෝඞ්වාදී ආර්ථික මොඩලයයි. 70 දශකය තුළ කර්මාන්තශාලා කේන්ද්ර කරගත් මෙම නිෂ්පාදන විධික්රමයේ සුජාතභාවය ප්රාග්ධනයේ ලාභ රේට්ටුව අඩු වීම මත අතාර්කික විය. එහි දී මෙම ‘සමාජ ප්රශ්නය’ ජයගත් උතෝපියාවක් පරිකල්පනය කිරීම අත්යවශ්ය විය. මෙම උතෝපියාව ෆ්රෙඞ්රික් ජෙම්සන් වැනි න්යායවේදීන් හඳුන්වන්නේ පශ්චාත් – නූතනවාදය ලෙසිනි.
ජෙම්සන්ට අනුව ධනවාදය තම උපරි – ව්යුහය ලෙස 19 වන සියවසේ දී ‘යථාර්ථවාදය’ නිපදවූ අතර එය 20 වන සියවසේ උපරි – ව්යුහය ලෙස නිර්මාණය කරනු ලැබුවේ ‘නූතනවාදයයි’. මෙතැන දී නූතනවාදය යනුවෙන් අදහස් වන්නේ [මෙමඟින් ගම්ය වන්නේ විලාසිතා සිට නූතන කලාව දක්වා සියල්ලයි] වඩ වඩා ලෞකික වන සමාජ සබඳතා ක්ෂේත්රයක් තුළ පූජනීය සහ අබිරහස් සාරයන් ස්ථාපිත කිරීමට දරන වෑයමයි. මේ නිසාම නූතනත්වය යනු දෛනික ජීවිතය ඍජු ලෙස නියෝජනය කිරීමට දරන වෑයමකි. නමුත් නූතනත්ව ව්යාපෘතිය තුළ දිගටම පදනම/ උපරි – ව්යුහය යන සහසම්බන්ධ ප්රතිපක්ෂය රැුකුණේය.
කර්මාන්තශාලා මත පදනම් වූ නිෂ්පාදන කි්රයාවලිය බිඳ වැටුනේ කාර්මික ප්රාග්ධනයට තවදුරටත් ධනවාදය විප්ලවවාදීව වර්ධනය කිරීමට නොහැකි වූ නිසාය. ඒ වෙනුවට අසූව දශකය තුළ නව – ගෝලීය – සමාජ – ක්රමයක් බිහි විය. එහි මූලික ව්යුහාත්මක පෙරළිය වූයේ ප්රාග්ධන සංකේන්ද්රණය ‘නිෂ්පාදනයෙන්’ (Production) ‘වටිනාකම තහවුරු කරගැනීම’ : (Realization Of Value) දක්වා විතැන් වෙයි.
මින් අදහස් වන්නේ කුමක්ද?
පාරිභෝගික භාණ්ඩයක් නිෂ්පාදනය කරන තැන දී එයට හිමි ලාභය අවශෝෂණය කරගත නොහැකි අතර එය අවශෝෂණය වන්නේ බෙදාහැරීම සහ භාණ්ඩය මිලට ගන්නා තැනදීය. ධනවාදය ගෝලීය සමාජ ක්රමයක් හැටියට සංවිධානය වනවා යනු භාණ්ඩය නිෂ්පාදනය වන තැනදීට වඩා එය විකුණන ස්ථානයක දී ලාභ ලැබීමයි. එවිට ධනවාදී සමාජ ක්රමය සමස්තයක් ලෙස ලාභය වැඩි කිරීමට යොමු වෙයි. ‘වටිනාකම’ සමාජ වටිනාකම්, සමාජ සාරධර්ම හරහා [උදා- සකසුරුවම, අවංකකම, විනීත බව, ඉවසීම] උරා ගැනීම ඇරඹීම නිසා නව සමාජ වටිනාකම් විශ්වයක් නිර්මාණය වෙයි. මෙවැනි විශ්වයක් මඟින් නිරූපණය වන්නේ පශ්චාත් නූතන වටිනාකම්ය.
පශ්චාත් – නූතන යුගයක දී ධනවාදී ක්රමය තම ලාභය එකතු කරගැනීම සඳහා කර්මාන්තශාලාවෙන් ඉවත් වී නාගරික අවකාශ කරා විතැන් වෙයි. එක පැත්තකින් ගෝලීය ආර්ථිකය කළ පසු – ජාතික සමාගම් විසින් පසු ජාතික ශ්රමයට වැඩිපුර ගෙවීමට එකඟ වෙයි. නමුත් නාගරික අවකාශයන් හරහා ATM, අවන්හල්, විනෝද ක්රීඩා, විදුලි බිල්පත්, නිවාස ණය සහ නිවාස කුලිය, පුළුල් අර්ථයෙන් ශ්රමයට ප්රතිනිෂ්පාදනය වීමට ගෙවිය යුතු මිල ඉහළ නංවා ඉන් ලාභ එකතු කිරීම – ප්රාග්ධනය අතිවිශාල ලාභ ප්රසාරණයක් බිහි කරයි. ප්රාග්ධනයේ මෙම විකරණය නිසාම විශාල සේවා ආර්ථිකයක් – භෞතික නොවන දේ නිපදවන ශ්රමය නිර්මාණය වී ඇත. එපමණක් නොව මේ යුගයේ දී විශාල ශ්රම බළකායන් නිපදවන්නේ UPS, DHL, Walmart, Mc Donalds, Kentucky, Starbucks ආදී සේවා සපයන සමාගම්ය. මෙම සේවකයන් බොහෝ විට අවකාශයේ ද්රවශීලතාව ආත්ම කොටගත් ශ්රමයකි. මේ යුගයේ දී මෝටර් රථ නිපදවීම තරම්ම හැම් බර්ගර් නිපදවීම ද වැදගත්ය. ‘වටිනාකම නිපදවීම’ (ප්රාග්ධනය I කෘතිය) වෙනුවට සමාජ සබඳතාවල ගාමක හැකියාව විසර්ජනය කරන්නේ වටිනාකම් සමාජය මඟින් තහවුරු කරගැනීමට යාමේදීය. අප මේ ජීවත් වන යුගයේ පන්ති අරගලය පවතින්නේ වටිනාකම නිපදවන තැන නොව වටිනාකම තහවුරු කරන තැනදීය. i – Phone නිපදවන්නේ චීනයේ දී වුවත් එහි වටිනාකම සමාජය මඟින් තහවුරු වන්නේ එක්සත් ජනපදයේය.
ඉහත ව්යුහාත්මක විපර්යාසය ගැන අපට පැහැදිලි අවබෝධයක් ඇත්නම් (ඉතිහාසය නම් සන්දර්භය ඇතුළත) මේ වන විට වැඩි ශ්රමිකයන් පිරිසක් (නිර්ධන පන්තිය) පවතින්නේ ‘නිෂ්පාදන’ අඩවිය තුළ නොව ‘පරිභෝජන’ අඩවිය තුළය. මෙම පරිභෝජන අඩවිය තුළ ලාභය මුල් කරගෙන ඇති වන වියුක්ත සමාජ – සබඳතා ජාලය :Facebook බඳු සමාජ ජාලා) විසින් නූතනවාදී මිනිස් සබඳතාවල පූජනීයත්වය කෙලසමින් සිටියි.
දැනට අප දන්නා පරිදි නූතන ගෝලීය ධනවාදී සමාජ – ක්රමය ‘නිෂ්පාදනය’ සහ ‘හුවමාරුව – පරිභෝජනය’ විසම්බන්ධ කරයි. මේ නිසා මෙතෙක් කල් පුරුදු පුහුණු වී සිටි චින්තනයක් අභියෝගයකට ලක් වෙයි. එනම් නිෂ්පාදනය තුළ සමාජ ජීවිතයේ සත්යය ලෙසත්, හුවමාරුව සහ පරිභෝජනය තුළ ඇත්තේ රැුවටිල්ල ලෙසත් ගත් ආස්ථානයයි. මෙම ආස්ථානයට අනුව මේ සමාජ ක්රමය සමතික්රමණය කරන දේශපාලන ව්යාපාර ගොඩනැගෙන්නේ නැත්තේ කම්කරුවාගේ විඥානය පරිභෝජන සමාජයේ විවිධ වසඟකාරීත්වයන් විසින් මුළා කරන නිසාය. වෙනත් තලයක මෙය ප්රකාශ වන්නේ සංස්කෘතික හෙජමොනියක දෘෂ්ටිවාදාත්මක බලය ලෙසිනි. සංස්කෘතික විචාරය හෝ සංස්කෘතික හැරවුම ලෙස සලකා බැලෙන්නේ මෙම මොහොතයි.
ගාමිණී විජේතුංග පශ්චාත් – නූතනවාදී කලා කෘති පිළිබඳව සංවේදීතාවක් දැක්වීම ගැන කෙටි සටහනක් මෙතැනට එකතු කළ හැකියි. නූතනවාදය තුළ කලාකරුවා [අලූත් දෙයක් තනනු! – Facebook] උත්සාහ කළේ ආත්මීයව අව්යාජ වීමටත් තම කලා කෘතිය පොදුවේ පිළිගත් සමාජ සම්මතයන්ට යටත් කිරීමටත්ය. සාරාංශගත කර කිවහොත් නූතනවාදී කලාකරුවාම තම කෘතිය පාරිභෝගික භාණ්ඩයක් ලෙස නො සැලකුවේය. නමුත් අප පශ්චාත් – නූතන අවධියට එන විට පදනම/ උපරි ව්යුහය භේදය ඉක්මවා විසම්බන්ධතා තර්කයක් ඇති නිසා කලා කෘතිය යන්න ද පාරිභෝගික වස්තුවක් ලෙස සැලකිය යුතුය. මේ හේතුව නිසා පශ්චාත් – නූතන කලා කෘතියක දී ජනප්රිය සංස්කෘතිය සමඟ සම්භාව්ය සංස්කෘතිය මිශ්ර වෙයි. මුහු වීම නිසා අප ඉතිහාසයේ මීට පෙර දැක නැති කලා කෘති විශේෂයක් බිහි විය. ගාමිණී උත්ප්රාසයෙන් යුතුව වැලඳ ගත්තේ ඉතිහාසයේ මේ මොහොතයි.

ඔබේ අදහස කියන්න...