ලාංකික වම ප්‍රචණ්ඩ අමානුෂික බව වෙත පහසුවෙන් ඇදී යන අතර එම ප්‍රචණ්ඩ බව හරහා සමාජයට දිනා දුන් දෙයක්ද නැත.  සංකේතිය කිසිවක් ඔවුන්ට සමාජයට ශේෂ කල නොහැකි විය. විශේෂයෙන් විජේවීර විසින් පටන් ගත තරුණ නිර්ධන පන්ති බල මුළු ගැන්වීම අවසන් වුයේ වර්ගවාදයකිනි. අනන්‍යතා දේශපාලනයකිනි… රැඩිකල් බව නිස්සාර ජාතිවාදයක් බවට පත්කිරිමෙනි….විජේවීර ගේ අවතාරය විජේවිරටත් හොරෙන් (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මෙන්) නැවත සැරිසැරීමට පටන් ගෙන ඇත. වධකාගාර හරහා නැවතත් ඉතිහාසය පුනර්වාචි වීම ආරම්භ වී ඇත. තවත් එවන් වමක් ඇතිකිරීම වෙනුවෙන් අපගේ අදහස් සෘජුව හෝ වක්‍රව සේවය කරන්නේ නම් එවිට එම අදහස් දැක්වීම පවා පලක් නොවේ. එවිට කලයුතු වඩාත් රැඩිකල් දෙය වන්නේ නිශ්ශබ්ද වීමයි! 

අවසන් වශයෙන් කිව යුත්තේ මේ මොහොතේ ‘කළ යුත්තේ කුමක්ද’ යන ප්‍රශ්නයට කිසිවකුට පිළිතුරු නැති බවයි. 

බොහෝ දුර ඇවිද ගොස් ඔබ නැවතුන විට නැවතත් ඔබ ආරම්භ කළ තැනටම පැමිණ ඇත්නම්…’

(මහත්මා ගාන්ධි) 

 

……………………………………………………………………………………………

සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුන පේරාදෙණි නවක සිසුන්ට වධ දීලා…

ලංකා ඊ නිව්ස් විසින් පළකර ඇති  ප්‍රවුර්තිය මගින් ජිජැක් සඳහන් කරන ‘නව මෘගකරණය’ (new brutalization) නම් පසු ධනවාදී තත්වය පිළිබද අදහසක් ලබාදේ. පොදු අවකාශය අර්බුදයට යවමින් ඩිජිටල් අවකාශය තුළ අපට නිතර පෙනෙන මෙම ‘නව වහල්භාවය’ (new servitude) තුළ පීඩා කිරීම (torture) සහ වේදනාවට (pain) භාජනය වීම මානසික තත්වයක් ලෙස ලොව පුරා මුලධාර්මික දේශපාලනය තුළ ඉස්මතුව ඇත.  මෙය ශිෂ්‍ය දේශපාලනය නොවේ. මේ අප අත්දුටු 1988-89 කෙමෙර්රූජ් පාලනය මෘග ලෙස නැවත ඉස්මතු වීමකි. මේ ‘නව මෘගකරණීය සමාජානුයෝජනය’ (brutal socialization) සඳහා අන්තරය යනුවෙන් හඳුන්වන ශිෂ්‍ය පිරිස සෘජුවම මැදිහත් වන අතර අන්තරය පාලනය වන්නේ පෙරටුගාමී සමාජවාදීන් ගේ අනුදැනුම ඇතිවය. විශ්ව විද්‍යාල වල ගුරුවරුන් බහුතරය මේ තත්වය ගැන ඉන්නේ දැඩි කලකිරීමෙන් වන අතර ඉහත තත්වය නිසා අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන් බිඳවැටී ඇත. ජිජැක් සඳහන් කරන ‘අවම මතුපිට සදාචාරය’ (appearance) හෝ මෙම සිසුන් ආරක්ෂා කරන්නේ නැත.  කණගාටුවට කරුණ නම් පෙරටුගාමීන් සහ අන්තරය එකතුව නිර්මාණය කරන දේශපාලන වේදිකාවල ට යම් ප්‍රබුද්ධ පසුබිමක් ඇති දේශපාලන සංවිධාන වල නියෝජිතයින් සහභාගී වීමයි. එම සහභාගී වීම මගින් ඔවුන්ගේ අරගලය නෛතිකරණය කිරීමයි.  ජ. වී. පෙ. විසින් ‘ද්‍රෝහීන්’ ලෙස අතීතයේ (1988-89) කළ නම්කිරීමට අප මේ වර්තමානයේ බියවන්නේ ඇයි? ප්‍රබුද්ධ බව තුළ ද්‍රෝහීන් වුවත් ඇති වරද කුමක්ද? අප දෙස අතීතය බලා සිටින්නේ නැත!  

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සම්පුර්ණ ඇත්තකි. ඉතාම කණගාටුදායක ලෙස. චන්දන සිරිමල්වත්තට එය බුකියේදී හෙලා දැමීමට අපහසු වීම කණගාටුවට කාරණයකි.

Comments are closed.